Ads 468x60px

.

ගෑණු නාන හැටි බැලු ජනපති සම්බන්ධිකරණ ගායකයෙක්...

වීඩියෝත් කරලා...

ජාතික මෝස්තර මධ්‍යස්ථාන යේ සභාපති, මාෂල් ජනතා කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට කරුනු අනාවරණය වෙනවා

ඊයේ(16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු අණාවරණය වී තිබෙනවා.

ප්‍රදේශයේ සාමය කඩකිරීමේ චෝදනාව මත බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයකට මෙන්ම මාෂල් ජනතා සහ ඔහුගේ බිරිද ට එරෙහිව තලංගම පොලීසිය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුනා. 

එහිදී විත්තිකාර පළමු පාර්ශවය වන පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයක් සහ මාෂල් ජනතාගේ පවුල අතර කලක පටන් පවතින ආරවුලක් නිසා මෙලෙස ප්‍රදේශයේ සාමය කඩවන බවට තලංගම පොලීසිය කරුණු ගොනුකර තිබුනා.

තාරුණ්‍යට ලණු...

ලාංකික තරුණයා තරම් ලණු කෑ කෙනෙකු මිහි පිට නොසිටි බව නම් සහතිකය. 

බොහෝ කාලයක් පුරා ශ්‍රී ලාංකික තාරුණ්‍යට නොයෙකුත් ලණු රාජ්‍ය මෙන්ම විපක්ෂ වැඩ සටහන් මගින් නොඅඩුව ලැබිණි. නිදහසින් පසු මුල්ම විශාල ලණුව ලැබෙන්නේ ආණ්ඩුවෙනි. එය භාෂාව මුල් කරගත් ලණුවකි. 

දෙවන ලෝක යුද්දයෙන් පසු ආසියාවේ බොහෝ රටවල් තම ආර්ථිකය සහ සමාජය අනාගතයට මුහුණ දීම පිණිස සුදානම් කළහ. ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව, වැනි රටවල් නූතන තාක්ෂණය, රැකියා ප්‍රවර්ධනය, නිවස හා සුව සේවා පහසුකම් වැඩි දියුණු කිරීම ඉලක්ක කොට රට මෙහෙයවුහ.