Ads 468x60px

.

හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් හින්දා ගින්දරෙන් පුච්චලා..

ශරීරයට උණු වතුරත් වක්කරලා...

බගවන්තලාව චැම්පියන් වත්තේ තරුණ සුන්දර මවක් සිය අවුරුදු එකහමාරක සිඟිති දියණිය රෙදිවලින් ඔතාගෙන පළාතේ රෝහල වෙත ගොස් තිබෙනවා. 

දැරිය අධික උණ රෝගයෙන් පෙළුණු අතර පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඇයගේ ශරීරය තුළ බරපතළ තුවාල ඇති බවයි.

මව‍ගේ දැඩි අකමැත්ත මත දරුවා පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරුන් හෙළි කරගෙන ඇත්තේ ඇයට මාරාන්තික තුවාල ඇති බව
යි. මේ දරුවාට පහර දී‍ උණුවතුරෙන් හා ගින්දරෙන් ඇය පුළුස්සා ඇත්තේ මවගේ හොර සැමියායි.

හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් වී ඇති බැවින් මෙබඳු අපරාධයක් කර ඇති බව හෙළිදරව් වෙනවා. සිඟිති දියණියගේ තත්ත්වය බරපතළ
යි. හොර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ පහරදීමකින් දරුවාගේ දතක්ද ගැලවී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

මානසික ව්‍යාකුලතාවට පත් සෙබලා ජේතවන ස්ථූපයේ මුදුනට නගී.

මානසික ව්‍යාකුලතාවයට පත් වූ යුද හමුදා කෝප්‍රල් වරයෙකු වූ ඩබ්ලිව් එම් වීරසිංහ පසුගිය 17 වැනිදා අඩි 408 උසැති ජේතවන ස්ථූපයේ මුදුනට නැග තිබේ. රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේතවන ස්ථූපයට ගොඩ වූ බව ඔහු විසින් පසුව ප්‍රකාශ කොට ඇත.  

මොහුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හමුදා සාමාජිකයා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කරන ලදී. එසේම මහේස්ත්‍රාත්වරිය විසින්  යුද හමුදා කෝප්‍රල්වරයා මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.