Ads 468x60px

.

රතුපස්වල හේලීස් බහු ජාතික සමාගමට ගිය මර්වින් හූ හඬ මැද පලා යයි...

හිමි නමට අසාධ්‍යයි...

රතුපස්වල ළිං වතුරට ඇසිඩ් එකතු වීමට වග කිව යුතු බවට ජනතාව චෝදනා නගන හේලීස් බහු ජාතික සමාගමට අයත් වෙනිගෝස් නම් අත්වැසුම් නිශ්පාදන කම්හල වසා දමනාවා යැයි පවසමින් එම ස්ථානයට පැමිණි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාට එය සිදුකිරීමට නොහැකිවීම මත ජනතාවගේ හූ හඬ මධ්‍යයේ පලා යන්නට සිදුවී තිබෙනවා.

කම්හල වසා දැමීමට කටයුතු කරන්නේ යැයි පවසමින් රාජ්‍ය මාධ්‍ය පමණක් රැගෙන කම්හල තුළට ගිය ඇමතිවරයා තිත්ත කුණුහරපයෙන් උද්ඝෝෂකයන්ටත් උපවාසයේ නිරතව සිටින හිමි නමටත් බැන වැදී ඇති අ
ර පසුව එළියට විත් උද්ඝෝෂකයන්ට පවසා ඇත්තේ කම්හල තුළ ඇති කන්ටේනර් 3ක් වරාය‍ වෙත ගෙනයාමට අවශ්‍ය බැවින් එයට ඉඩ දෙන ලෙසයි.

පෙම්වතියත් එක්ක ෂොපින් කරද්දී මාලකට පහර දුන්නේ කවුද...?

උඹද මාලක කියන්නේ.... 

ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න...

වරෙන් යන්න.... 

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබෙනවා. කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වා මහතාගේ මුහුණට හානී සිදුවී ඇති බවත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම පහර දීම නිසා මාලක සිල්වාගේ හිසට තුවාල කිහිපයක් සිදුව ඇතැයිද සඳහන්. කොළඹ නගර ශාලාව ආසන්න ඔඩෙල් රෙදිපිලි වෙළඳ සැලේ රථ ගාලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පැවසෙනවා. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් විසින් මෙම පහර
දීම සිදු කර ඇති බවද දැනගන්නට ලැබී තිබෙනවා.  

මේ අතර ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට පිහියෙන් ඇන, පහරදුන්නේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් දැයි සැකයක් මතුවී

ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?

ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන  සිටියේය. 

ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? 

කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.