Ads 468x60px

.

මලී ටෙලියේ මලී, මලී දෙකේ නැතිවූ හේතුව...

මලී දෙකේ මලී නැතිවීම ප්‍රේක්ෂකයන් අතර තරමක් කතාවට නැගුණ නිමිත්තකි. දෙරණ නාලිකාවේ විකාශය වූ මලී ටෙලියේ පළමු කොටස අවසන් වූයේ මලී නාට්‍යයේ මලී රට යාමෙනි.

ඇය රට ගියේ තමන්ගේ මවට පුංචි දියණිය භාර කරය. මේ අත්තම්මා හා මිනිපිරී අතර තියෙන සම්බන්ධතාවය කේන්ද්‍ර කරගෙන “මලී” දෙවන කොටස අත්තම්මා ලෙස දැන් දෙරණෙන් විකාශය වේ. 'මලී' පළමු කොටසේ මලී ලෙස රගපෑවේ සමාධි අරුණචායා.

තිස්සමහාරාමෙයන් කේෂත්‍රයට ආ සමාධි මලී ටෙලියට ඈදෙද්දී ඇගේ වයස අවුරුදු 20 කි. පාසල් කීපයකම අධ්‍යාපනය ලබා ඇති සමාධි ඒ අතරින් රත්නපුර සුමන බාලිකාව, දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සහ අන්තිමට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලද තංගල්ල බාලිකා විද්‍යාලයේ වැඩි කාලයක් ගත කර තිබේ.

ගෙදරට සුදුනෝනාත්, රටට මලීත් වූ සමාධිව අත්තම්මා ටෙලියට නොගැනීමට කෙලින්ම නොවුණද වක්‍රව චෝදනා එල්ලවූයේ සුනන්ද සිල්වාටය. සුනන්ද යනු මලී ලියූ මෙන්ම අත්තමමාද ලියූ පිටපත් රවකයාය.