Ads 468x60px

.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත්, මහරගමදී සිසුවියක් පැහැර ගත් කතාවේ ඇත්ත මෙන්න...

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ සහ​ අනෝමා වැලිවිට ගේ පුතා වන එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කොට තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

හෙත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා පවසන්නේ පාසල් සිසුවිය පැහැර ගැනීමට තමාගේ පුතු ඇතුළු පිරිස උත්සාහ කළ බවට පැතිර යන කතාව සත්‍යයෙන් තොර වූවක් බවයි. ඔහු අප වෙත සම්බන්ධ වෙමින් කියා සිටියේ මේ සිද්ධියට මීට වඩා දිගු ඉතිහාසයක් ඇති බවයි. 

ඒ අනුව මෙසේ පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන සිසුවියගේ පියා වැලි මහින්ද නැමැති මැරයෙකුගේ දියණියක් බවද ඔහු හෙලි කළේ වැලි මහින්දගේ දියණිය හා හාදකමක් පවත්වනු ලබන සිසුවා රොහාන් වැලිවිට මහතාගේ නැගණියගේ පුත්‍රයාගේ මිත්‍රයෙක් බව පවසමින්

වැලිවිට මහතාගේ නැගණියගේ පුත්‍රයා මේ වන සිටින්නේ හෝමාගම රෝහලේ 4වැනි වාට්ටුවේ බව රොහාන් මහතා අප සමග පැවසුවා. ඔහු එසේ රෝහල් ගත කිරීමට හේතුවී ඇත්තේ වැලිමහින්ද විසින් ඔහුට නිවසට පැමිණෙන්න යැයි පවසා ඔහු නිවසට පැමිණි පසු දෑත් බැද පහරදීම නිසාය.

සුපිරි ජාතීන් අතර රූ රැජින තේරීමේ තරඟය සඳහා ගයේෂා පෙරේරා බෙලරුසියාවට යයි...

දැනට ලෝකයේ පවත්වන රූ රැජින තරඟාවලි අතරින් පැවැත් වෙන තෙවන විශාලතම රූ රැජින තරඟාවලිය වන World Beauty Association (W.B.A) සංවිධානය කරන Miss Supranational තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන නිරූපන, රංගන, නිවේදක, ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා සහභාගී වීමට බෙල රුසියාවට පිටත්වි තිබෙනවා.

පස්වෙනි වතාවට පැවැත්වීමට සූදානම් කර ඇති මෙම රූ රැජින තරඟය සඳහා රටවල් 94ක් සහභාගී වීමට නියමිතය. ගයේෂා පෙරේරා මේ වන විට ජාත්‍යන්තර රූ රුජින තරඟාවලි සඳහා ලංකාව නියෝජනය කරමින් වැඩිම සම්මානයට පාත්‍රවුනු  රූ රැජිනද වේ.


ගයේෂා අද වන විට ලෝක සංචාරක රූ රැජින තරඟාවලියේ (චීනයේ) දක්ෂතම රූ රැජින ලෙසත්, ආසියා ෆැසිපික් රූ රැජින තරඟාවලියේ (කොරියා) හොඳම පෞරුෂයට හා හොඳම ජාතික ඇඳුම සඳහා ද, සම්මානයට පාත්‍රවිය. මෙයට අමතරව ජාත්‍යන්තර ලෝක රූ රැජින තරඟාවලිය සඳහා ද සහභාගී විය.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත් මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කරලා...

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ සහ​ අනෝමා වැලිවිට ගේ පුතා වන එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කොට තිබේ.

උ/පෙ විභාගය නිම වී නිවස බලා බස් රථය කින් ගමන් කරන අතරතුර මහරගම ගුරු විද්‍යාලය අසලදී එම සිසුවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබෙන අතර බස් රථයේ සිටි මගීන් විසින් ඇය බේරාගෙන ඇත. 

ටෝනි බ්‍රැක්ස්ටන්ගෙ ගායනය අතරතුර ඇඳුම ගැලවෙයි...(Video)

‘අන් බ්‍රෙක් මයි හාර්ට්“ ගීතයෙන් ලොවක් නැලවූ ටෝනි බ්‍රැක්ස්ටන් හට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා. 

ඒ ඇය නිව් ජර්සිහි ප්‍රසිද්ධ වේදිකාවක් මත සජීවී ගායනයක යෙදෙන අතර ඇය හැඳ සිටි කුඩා සාය ගැලවී යාමයි. 

මෙම සිදුවීමෙන් ඇගේ පසු පස ප්‍රදේශය සම්පූර්ණයෙන් නිරාවරණය වුණා. නමුත් මේ බව ඇය දැන ගෙන සිටියේ නැහැ. ගායනය අතරතුර නර්ථනයකද යෙදුන ඇය වේදිකාවේ කැර කෙමින් ඉදරිපත් කිරීම සිදුකිරීම නිසා නරඹන්නන් සියලු දෙනාට මේ සිදුවීම හොඳින් දර්ශනය වුණා.

ලංකාවේ සිදුවන වාහන අනතුරු සමග බැඳී තිබෙන සංස්කෘතික දරිද්‍රතාවය...

ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස් කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි අනතුරු බවයි. 

වාහන එළවීමට තාක්‍ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්‍ෂනය සමග බැඳුනු විනය ඉවසීම, හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ.

මේ සංස්කෘතික දරිද්‍රතාවය නිසා වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති. පහත දක්වා තිබෙන වාහන අනතුරු සම්බන්ද වර්ථා දෙක ලංකාවේ සිදුවන වාහන අනතුරු සමග බැඳී තිබෙන සංස්කෘතික දරිද්‍රතාවය හොඳින් පෙන්වයි.