Ads 468x60px

.

සංවේදී ඔබට හැකිනම් පුංචි කවීෂාට ජීවිතය දෙන්න

පුංචි කවීෂාගේ දැන් වයස අවුරුදු හතයි. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යා ලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉතා දක්‍ෂ ලෙස ඇය අධ්‍යා පන කටයුතු කරගෙන ගියා. 

ඒත් ඇයට දෙවැනි ශ්‍රේණිය ට එන්න බැරි වුණා. ඒ බියකරු, අවාසනාවන්ත සිද්ධියක්‌ නිසා.

පුංචි කවීෂාගේ තාත්තා රැකියාව කළේ ගරාජයක. ඒක එයාගෙම ගෙදර මිදුලේ තමයි තියෙන්නේ. තමන්ගෙම පුංචි ව්‍යාපාරයක්‌ හැටියට තාත්තා ගරාජය කරගෙන ගියා. දවසට වාහන දෙක තුනක්‌ නෙවෙයි. ඊට වැඩිය හදපු දවසුත් තිබුණා. 


ඒ ලැබෙන මුදලින් තමයි ගෙදර හැමෝම ජීවත් වුණේ. කවීෂා පුංචි වුණාට අවුරුදු 22 ක අක්‌කෙකුයි අවුරුදු 21 ක අයියෙකුයි කවීෂාට ඉන්නවා. තාත්තාගෙයි අම්මාගෙයි මහන්සියෙන් අක්‌කා විශ්වවිද්‍යාලයට ගියා. අයියත් ඉගෙන ගන්නවා.

මේ හැමෝගෙම ආදරය පුංචි කවීෂාට අඩුවක්‌ නැතුව ලැබුණා. පුංචි කවීෂාගේ වැඩේම අම්මාගේ සාරි ඇඳගෙන, පොත් මිටියකුයි, කුඩේකුයි අරගෙන එයාගේ ඉස්‌කෝලේ ගුරුතුමිය වගේ හැම තිස්‌සෙම රඟපාන එකයි. 


එදත් (2011 නොවැම්බර් 20 දා) පුංචි කවීෂා තරුදි අම්මාගේ සිල්ක්‌ සාරියක්‌ ඇඳගෙන ගේ පුරාම ඇවිද ඇවිද සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම දුරකථනය නාද වුණා. 

සන්ඩෙ ලීඩර් මාධ්‍යවේදිනි මන්දනාව පැහැරගන්න ගිහින් පොලිස් වෙඩි කයි...(ඡායාරූප,වීඩියෝ)

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනි සන්ඩෙ ලීඩර් මාධ්‍ය වේදිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ඇතුළු වූ බව කියන සැක කටයුතු පිරිසක් සමග ඇති කර ගත් ගැටුමේදී පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

මිලාගිරිය ඩික්මන් පාරේ පිහිටි අංක 9 නිවසට අද අලුයම 2.00ට පමණ මෙම පිරිස පැමිණ ඇති බව පොලීසිය පවසනවා

මෙම පිරිස නිවසට ඇතුළු වූ බව නිවැසියන් විසින් එම අවස්ථාවේදී 119 දුරකථන අංකයට දැනුම්දී තිබෙනවා. එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ ස්ථානය වටලා තිබෙනවා.‍

වැටලීමේදී මෙම පිරිස පොලීසිය සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර එහිදී පොලීසියේ නිලධාරියෙකුට එම සංවිධානාත්මක කණ්ඩායමේ සිටි අයෙකු පිහි ඇනුමක් ද කර ඇතැයි සඳහන්.

බාප්පාගේ සිත්තැවුල සිඟිත්තියගේ යෝනියෙන් පිටකරලා...

දෙපා හා කලවා තලා පෙලා සිගරට් කොටවලින් පුළුස්සලා.

සිඟිත්තිය අපයෝජනයට ලක්කර ටොකු ඇන මැරූ පාපතරයෙක්

දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශකර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස් ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක් ඊටත් වඩා කුරිරු අන්දමින් බහ තෝරන්නටත් පෙරම මෙලොවින් තුරන් කර තිබු පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාර වලින් දෙකන් පමණක් නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන් වලින් ඉගෙන ගත යුතු අමතක නොවන පාඩම්ද එවාට පාදක වී තිබෙනවා. 

අප වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

හල්දුම්මුල්‍ලේ එම්. ජයචිත්‍රාගේ පළමු විවාහය දෙදරා ගියද ඇයට එයින් දියණියන් දෙදෙනෙකු ඉතිරි වී සිටියේය. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු පහකි. 

බාල දියණිය අනුෂා සඳුනිට වයස මාස හයක් පිරී තිබියදී අගහිඟකම් ජයචිත්‍රාට වැඩි වන්නට විය. එහිදී ඇය දියණියන් දෙදෙනා මවගේ රැකවරණයේ තබා වරකා‍පොළ ප්‍රදේයේ නිවසක වැඩට ගියාය. වරකා‍පොළ නිවසේ ඇය සමග තවත් පිරිමි සේවකයෙකුද සිටියේය.