Ads 468x60px

.

අලුත් අත්තනායක මොඩලයක්...

දැන් 'අලුත් අත්තනායක මොඩලයක්' අපට හඳුනාගන්නට ලැබී ඇත.ඒ'මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙකි!' කියමින් දොරමඩ ලාවේදී සහ ස්වර්ණවාහිනී බණ වැඩ සටහන්වලදී ඇඳි සිල් රෙද්ද යට ඇති පිහිය පෙන්වන අත්තනායක මොඩලයයි. මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙක් නිසා අත්තනායක ලාට 'පාට්' වචන සමාජ ගත කරන්නට හෝ එසේ පාට් දමන චණ්ඩි මොඩල්වලට තෙල් ගසා දෙන්නට ඇති හැකියාව ඉහළය.

පිළිගත හැකි බවින්ද වැඩිය. පාට් දමන්නට වැඩබිමට චණ්ඩි බස්සන්නේ චණ්ඩි රජා බැවින් 'බුදු හාමුදුරුවෝද චණ්ඩියෙක්මය' කියා අත්තනායක ඇවිත් හෙට දොරමඩලාවේ දී ලයාන්විතව කියා යන්නට ද බැරි නැත.

මියගිය උලපනේ අත්තනායකගෙන් පසු අත්තනායක මොඩල් කාරය ප්‍රසිද්ධව තිබිය දී කරළියේ මුගලන් චණ්ඩි හාමුදුරුවෝ ගැන කියා සිටි අලුත් අත්තනායක මොඩලය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. ඒ සිංහල පිළිබඳවය. වැඩිමනත්ම සිංහල සාහිත්‍යය ගැනය‍.

තේ වත්තේ ලංකෝනිස්...

ලෝකය තේ වත්තක් කියා සිතන්න. එම තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ගේ සිට ලැයිමේ ඉන්නා කම්කරුවා දක්වා විවිධ ධූරාවලි තිබේ.

ලෝකය නැමැති තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල්‍ය​. ලංකාව ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවෙකි.

මේ ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවාගේ ගෙදර හැම දිනකම කචල් ගෝරි තිබේ. මේ නිසා වත්තේ ඉන්න අනෙක් නිලධාරීන් බීගෙන කුනුහරප කියාගෙන ගෙදර තියන දුප්පත් හැලි වලන් ටික පවා පොලවේ ගහගෙන ගෑනිට ලමයින්ට පහර දෙන
ලංකෝනිස් නම් වතු කම්කරුවාට කැමති නැත.

බී ගත්තාම මුගේ කිසිම හැදියාවක්, සන්ස්කෘතියක් විනයක් නැත. ලමයා ඉස්සරහ උනත් රෙද්ද කඩාගෙන කුනුහරප කියයි. හැබයි කොච්චර  කසිප්පු කටේ  ගාගෙන හිටියත් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් දැක්කම සරම පහලට දමා සෑර් කියා ඔලුව දකුනු උරහිස පැත්තට නවයි. 

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයන දේශප්‍රේමීන් කියවිය යුතු ලිපියක්...

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයමින් අතීත සභ්‍යත්වය ගැන උජාරුවෙන්  කථා කරන දේශ ප්‍රේමීන්ගේ ගරීරාන්ග හිරි වැටී යන ලිපියක් ලංකාදිප පුවත් පතේ පලවී තිබේ.

මෙම ලිපිය 1915 - 1920 අතර කාලයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ ”ගිරිල්ල” මිශ්‍ර පාඨශාලාවේ උපගුරු පත්වීමක් ලැබ සේවය කල ඞී,බී.අතුකෝරාල මහතා විසින් පවසන ලද විස්තර අනුව ලියන ලද්දකි.

මෙය රොබට් නොක්ස් ගේ කාලයේ නොව  1915 - 1920 අතර කාලයේ  ලන්කාවේ ගැමි ප්‍රදේශයක විස්තර අතුකෝරාල මහතා මෙසේ පවසයි (උපුටා ගැනීම ලංකාදීප පුවත් පත 2013 අගෝස්තු 23)  

"මගේ වයස හරියටම අවුරුදු 20 යි. සීනියර් විභාගය සමත් වෙලා හිටියේ. ඒ කාලේ සීනියර් විභාගය පාස් කළා නම් ගුරු තනතුරකට ඉල්ලන්න පුළුවන්. 


එහෙම ඉල්ලීමක් කරපු මට කෑගල්ල කච්චේරියේ සුදු ඒජන්ත මහත්මයාගෙන් ලියුම් කරදාසියක් ආවා උපගුරු තනතුරකට තෝරාගත් බව දන්වලා. පළමු පත්වීම ලැබුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ”ගිරිල්ල මිශ‍්‍ර පාඨශාලාව කියල තැනකට. 

අතකොටා ගේ ඉඳුල් කෑ දැරණියගල හිටපු ඕ.අයි.සී ඇතුළු ‍පොලිසියේ 14කට විනය පියවර

අතකොටා ගේ ඉඳුල් කමින් දැරණියගල නූරි පාතාලය සම්බන්ධව කිසිදු වගවිභාග යක් නොකොට අපරාධ යට ගැසූ දැරණියගල හිටපු ඕඅයිසී පොලිස් ස්ථානාධිපති නිමල් ගුණතිලක ඇතුළු පොලිසියේ 14කට විනය පියවර ගැනීම​ට පොලිස්පති එන්.කේ. ඉලංග කෝන් මහතා පියවර ගෙන තිබෙන අප වෙත වාර්තා වෙනවා.