Ads 468x60px

.

වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා පුරාණ හෙළ රජවරුන් සිහිපත් කර පූජාවක්...

වසවිසෙන් තොර ගොවිතැනක් වෙනුවෙන්, පුරාණයේ ශ්‍රී ලංකාවේ විසූ හෙළ රජවරුන් සිහිපත් කර පවත්වන ලද දුර්ලභ ගණයේ රාවන පූජාවක් පසුගියදා ගල්ගමුව, මහසෙන් පුරාණ පබ්බත විහාරයේදී පැවැත්විණි.

පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම මත, හෙළ දීපයේ අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ මහා රාවන රජතුමා ප්‍රමුඛ, මහසෙන්, දුටුගැමුණු ආදී හෙළ රජ පෙළපතේ රජවරුන් ගේ මතකයන් නැවත සිහිපත් කිරීමත්, ‍හෙළබිම ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට පින්දීමත්, මේ වනවිට රට තුළ මහත් ව්‍යසනයක් ඇතිකරමින් තිබෙන වස විස සහිත බෝග වගාව තුරන්වී, නැවතත් පුරාණ රජවරුන් දැයට උරුම කළ හෙළ ගොවිතැනට පුනර්ජීවය ලැබීමටත් යන කරුණු මුල්කර ගනිමින් මෙම පූජාව පැවැත්විණි. 

මාධ්‍ය වලින් පුම්බපු කබ්බ ටේලර්ගේ ගොංපාර්ට්

අපේ රටේ කලා කරුවන් යයි පිරිසක් සිටි. මේ අතරින් තමන් විසින්ම තමන් මහා කලාකරුවකු යයි පොර ටෝක් දෙන කබ්බන්ද සිටි. 

මෙසේ නන් දොඩවන්නේ මාධ්‍ය මගින් පුම්බනු ලැබු කබ්බන්ය. කබ්බො ෆෝම් වෙලා වගේ යැයි කතා හැදිලා තියෙන්නේ මේ වගේ කබ්බන් නිසාය.

අපි කියන මේ පුද්ගලය නළු නිළියන් කිහිප දෙනෙකුට රෙදි මහල අන්දන එක බඩ රස්සාව කරගත් ප්‍රසිද්ධ ටේලර්ය. ඔහුට අනුව (ඔහු සිතාගෙන ඉන්නේ) රටේ සිටින අංක එකේ ඇඳුම් මොස්තර නිර්මාන ශිල්පියා ඔහු බවය. එයින් අපිට කම් නැත. ඒ ඔහුගේ ආසාවය.


පසුගිය 25 වන දින මාතර අභිමංසල හී සංගීතමය වැඩසටනක් පැවැත්වීම සඳහා මාලනී ෆොන්සෙකා ඇතුලුව කලා කරුවන් ‍රැසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව තිබුනා. ටේලර්ද මේ සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පලකර තිබුනා.

එදින උදැසන කලාකරුවන් මාතර රැගෙන යාම සඳහා ශ්‍රි ලංකා යුද හමුදාවට අයත් විශාල සුඛෝප භෝගී බස් රථය ටේලර්ව එකතු කර ගැනීම සඳහා ඔහු පදිංචිව සිටින නිවස පිහිටි දෙහිවල වෛද්‍ය පාර අසලට ගිය නමුත් බස් රථය එම ප‍ටු පාරට ඇතුලු කිරීමට නොහැකිව ගාලු පාරේ නවත්වන්නට සිදු වුණා.

සුරාජ්ට කරදරකාරී SMS එවූ පුද්ගලයා මෙන්න


මම ඔහුට සමාව 
දුන්නා...

සුරාජ් මාපා අපේ ජනප්‍රිය නළු පරපුරේ ඉදිරියෙන් සිටින නළුවෙක්. පසුගිය කා‍ලේ සුරාජ් ගැන ප්‍රබල කතා බහක් ඇතිවුණා.

නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ඔහුට විවිධ තර්ජන එල්ල කිරීමත්, අසභ්‍ය කෙටි දුරකථන පණිවුඩ මගින් ඔහුව අපහසුතාවයට පත් කිරීමත් නිසා සුරාජ් නීතියේ පිහිට පැතූ බව තමයි ඒ ආරංචිය වුණේ. 

අදාළ ක්‍රියාවට සම්බන්ධ බවට සැක කරන තැනැත්තකු මේ වන විට නීතියේ රැහැනට හසු වෙලා. ඒ ගැන අහන්න අපි සුරාජ්ට කතාකළා. 

පෞද්ගලික ජීවිතේ දී පහුගිය කා‍ලේ සුරාජ්ට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවුණා නේද?


සිදුවීම් කිහිපයක් වුණා. ඒ අතර මට තදින්ම දැනුන සිදුවීම මගේ පියා අසනීප වීම. තාත්තා ගොඩක් අසනීප වුණා. දැන් මම අම්මවයි තාත්තවයි කොළඹට එකතු කරගෙන ඇවිත් ඉන්නේ.

දුරකථනයෙන් දැඩි අපහසුතාවයන්ට පත් කළ සිදුවීමකටත් 

ඔබ මුහුණ දුන්නා.

ඔව්, මගේ ගෙදරට දුරකතනයෙන්  කතා කරලා මං ගැන නොයෙක් දේවල් කියා තිබුණා. මගෙ දුරකතනයටත් එවැනි ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ ආවා. කලා ලොවේ අයටත් මා ගැන නොයෙක් දේවල් කියලා එස්.එම්.එස්. පණිවුඩ යවලා තිබුණා. මුලදි මේ තත්ත්වය ඉවසාගෙන හිටියත් බැරිම තැන මම ‍පොලීසියට පැමිණිලි කලා.

පින්තූරයක කතාව

ඉහට ගැසූ දුප්පත්කම නූගත් භාවය එදා වේල නැති ගෙවල්, අර්බුධකාරි ගෙවල් (පියා කසිප්පු ගහන, මව මැදපෙරදිග) නිසා අද කාලයේ බොහෝ දෙනා ලමයි මහණ කරවති. 

මේ ලමයින් පන්සල් වල අනාරක්‍ෂිතය​. ඔවුන්ගේ ලමාකාලය අහිමිකොට තිබේ. බොහෝ දෙනෙකු වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික​ අතවර වලටද ලක් වෙති. 

මේ නිසා වැඩිහිටි දිවියට එලඹෙන මේ මානසික අතින් අස්ථාවර මහණුන් තමන් තුල පැසවන වෛරය සමජයේ කවර හෝ ස්ථරයකට, පුද්ගලයෙකුට යොමු කරවති. අන්තවාදය වෙත ඇදී යති. මේ පින්තූරය දෙස බලන්න.