Ads 468x60px

.

ජැකාගේ පුතෙක් සසන්තිගේ ෆේස්බුක් එකේ අසභ්‍ය කොමන්ට් එකක් දාලාලු !

ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතෙකු යැයි කියන අයකු විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිනුමක් මගින් ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියකව සිටි සසන්ති ජයසේකරගේ ඡායාරූපයකට අසභ්‍ය චර්චනයක් (Comment) දැමීම හේතුවෙන් ඇය උරණව සිටින බව අප වෙත වාර්තා වෙනවා. මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ භානුක ඇන්තනි යන නමින් මෙම චර්චනය (Comment) සසන්තිගේ ඡායාරූපයට යොදා තිබෙන බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් කිපුණු සසන්ති ඔහුට මෙවැනි චර්චනයකින්ම (Comment) " ජැක්සන් ඇන්තනිගේ පුතු මේ බානුක ඇන්තනි, තාත්තා ජැක්සන් ඇන්තනි වගේම අඥාන මොඩයෙක්. 
ඔහුගේ තාත්තා හිතාඉන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රජු බවයි. ජීවිතයෙන් පරාජිතයෙක්. ඔබ සුදු සම ඇත්තන්ට මනාප නැත්නම් ඔබ එක්සත් රාජධානියේ සිදු කරන්නේ අහවල්.... එකක්ද ? 

‘මෙගාබයිට්’ රූපවාහිනි කණ්ඩායම ජනප්‍රිය නළු මිහිරි සිරිතිලක පැහැර ගෙන දසවද දීලා (වීඩියෝ)

වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනි යේ සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක කණ්ඩායමක් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත කොට තිබෙනවා. 

තමන්ට සිදුකළ ශාරීරික හා මානසික පීඩා සම්බන්ධයෙන් මිහිරි සිරිතිලක මහතා විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන අතර පොලිසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කොට තිබෙනවා. සිද්ධියට සම්බන්ධ යැයි කියන මෙම කණ්ඩායමට 5 වැනිදා කොච්චි කඩේ පොලිසිය හමුවෙහි පෙනී සිටි ලෙස පොලිසිය නියෝග කර තිබෙනවා

මොවුන් මිහිරි සිරිතිලක මහතාට මේ ආකාරයට හිංසා පමුණුවමින් එම දර්ශන රූපගත කර ඇත්තේ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් විසුරුවා හරිනු ලබන ‘මෙගාබයිට්’නැමැති වැඩ සටහන වෙනුවෙනි.

මිහිර සිරිතිලක මහතා කතා කරමින් ඔහු මුහුණ දුන් බිහිසුණු සිද්ධිය විස්තර කළේ මේ ආකාරයෙනි.

එදා සැප්තැම්බර් 01 වනිදා. ජනප්‍රිය ගායකයකු වන ඔවින් රාජපක්ෂගේ ගීතයකට ලියැවුණු තිරනාටකයට අදාළ දර්ශන රූපගත කරන්නට මාව කොච්චිකඩේ ප්‍ර‍දේශයේ පිහිටි ‍හෝටලයකට රැගෙන ගියා. 

කේන්දර සුමනේ ඉන්ධන වංචාවක...

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක වරයෙකු වන සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් ඉන්ධන දීමනා  වංචනිකව ලබා ගෙන ඇති බවට වාර්තා වේ.

කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ බැංකු විභාග කිසිවක් සමත් නොමැති හුදු කේන්දර බැලීමත් සෙත් සාන්ති කිරීමත් නිසා පන්දමට පත් වූ බත් බැලයෙකු වන මොහුට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් කේ.වී 0385 අංක දරණ නවීන හයි හුන්ඩායි මොටර් රථයක්ද  පරිහරනය සඳහා ලබා දී තිබේ. මෙම රථය සඳහා මාසිකව රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ව්‍යාජ ඉන්ධන බිල්පත් ඉදිරිපත් කරමින් සුමනදාස තිලක් අබේගුනවර්ධන විසින් ලබාගෙන ඇත.