Ads 468x60px

.

මහේෂි ගැන, මේනකාගෙන් රසිකයන්ට වැදගත් පණිවුඩයක් මෙන්න...

මහේෂිගේ ජීවිතේ ඔක්කොම මං දන්නවා...

ඒත් මං ඒවා කවදාවත් එළි කරන්නේ නැහැ...

මේනකා මධුවන්ති සහ මහේෂි මධුශංකා යනු නවක නිළියන් දෙදෙනෙකි. මේ දෙදෙනා මෙගා ටෙලි නාට්‍ය තුළින් නිළියන් වූ දෙදෙනෙකි. මේ වනවිට මහේෂි සහ මේනකා අතර උණුසුම් තත්වයක් ඇතිව තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එහි පසුබිමේ වේශ නිරූපණ ශිල්පියෙක්ද සිටිනවා .

පොදුවේ ගත්කළ ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ නළු නිළියන් අතර ඇතිවන ගැටළු පුදුමාකාර සහගතය. වර්තමානයේ එකිනො අතර ඇතිව තිබෙන්නේ වෘත්තීය සහෝදරත්වය සමගියට ගෞරවයට වඩා එකිනෙකාට විවිධ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීම්ය. 


උඩ බලාගෙන කෙළ ගසනවිට නැවතත් තමන් කරා ඒ සියල්ල පැමිණෙන බව මේ කිසිවකුත් දෙපාරක් සිතන්නේ නැත. මේ නවක තරුණ තරුණියන්ට අවශ්‍යවන්නේ හුදු ජනප‍්‍රියත්වය සහ මුදල් පමණි.

මේ නිසා මෙගා ටෙලි නාට්‍ය කෙරුවාව තුළ ඇතිව තිබෙන ඛේදවාචකය සුළුපටු නැත. මේනකා ගේ මෙම සාකච්ජාවෙහි ප‍්‍රකාශ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ගේ ජීවිතය පිළිබඳ කරණ වෙනම ආකාරයේ හෙළි දරව්වකි. මේනකා තුරුම්පු වසා ක‍්‍රීඩාව අරඹා ඇත.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගරා වැටීම​...

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටමින් පහලට වැටීම පිලිබඳව ඉතා හොඳ විග්‍රහයක් එච්. එම්. නවරත්න බණ්‌ඩා මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඉදිරිපත් කරයි. 

මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත​. පහත වගුව දෙස බලන්න. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටම අනුව 2125 දර්ශකයටත් පහල ගොසිනි.  

අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති.

ආචාර්ය දොඩන්ගොඩ රේවත පිස්සූන් වහන්සේගේ කිස් දානය (වීඩියෝ)

ආචාර්ය දොඩන්ගොඩ රේවත නමැති චීවරධාරියා අපූරු වන්දනාමාන ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. 

එනම් සිපාචාර කර වන්දනා මාන කිරීමයි. මෙහි දැක්වෙන වීඩියෝ පටයේ දැක්වෙන්නේ එලෙස කාන්තාවක් සිපාචාර කර වන්දනා කිරීමේ අවස්ථාවකි. 

මේ ආචාරියා බුදුන් උපන් සමස්ථ ඉන්දියාවේම සංඝ නායක යැයි කියා ගන්නා අතර මහා බෝධි සංගමයේ මහ ලේකම් ලෙසද කටයුතු කරයි.

ඉන්දියාවේ ‘සිහින කම්හල්’ පුරයේදී යොවුන් මාධ්‍ය වේදිනිය සමූහ දූෂණයට ලක්වුණේ මෙහෙමයි...

මතකය මාස කිහිපයක් 
ආපස්සට...

සමස්ත ඉන්දියාව පමණක් නොව සමස්ත ලෝකයේම අවධානය නතු කරගත් සිදු වීමක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) ඉන්දියාවේ මුම්බායි වෙතින් වාර්තා වුණා. 

ඒ විසි දෙහැවිරිදි මාධ්‍යවේදී ඡායාරූප ශිල්පිනියක පස් දෙනකුගේ කල්ලියක විසින් අමානුෂික ලෙස දූෂණයට ලක්වීමයි. මේ සිදුවීමත් සමග සමස්ත ලෝකයාගේම මතකය මාස කිහිපයක් ආපස්සට ගෙන ගියා. 

ඒ පසුගිය වසරේ දෙසැම්බරයේ සිය පෙම්වතා සමග බසයක ගමන් කරමින් සිටි භෞතචිකිත්සක සිසුවියක දූෂණය කොට ඝාතනය කිරීමේ සිදුවීමයි. එයද කල්ලියක් විසින් සිදුකරනු ලැබූවකි.

මුම්බායි යනු ඉන්දියාවේ ප්‍රධානතම නගරයකි. සිනමා කර්මාන්තය කේන්ද්‍ර වී ඇති බැවින් එය ලෝකය පුරාම ‘සිහින කර්මාන්ත ශාලා’ ඇති නගරයක් ලෙස අතිශය ප්‍රසිද්ධත්වයක් උසුලයි.