Ads 468x60px

.

විදුහල්පතිලාගෙන් අම්මලා බේරා ගන්නට නම්...!


දරුවාගේ මව එක්වරක් 
සිප වැලඳගෙනලු...

"එක වසරට දරුවා දාන්න ගිහින් විදුහල්පති ඇඳන් සිටි තුවායත් පිටින් මාට්ටු වුනේ මෙහෙමයි" යන නමින් කොට්ටාව ආනන්ද විදුහලේ 2014 පළමු වැනි වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නට තැත්කළ විදුහල්පති වරයෙක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

දැන් එතුමා අමාරුවේ වැටී ඇත. සිටින්නේ අත්අඩංගුවේය. පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම පිළිබඳ සිද්ධිය ඊට මුල් වී ඇත. 

දරුවාගේ පියා අල්ලසක් හැටියට රුපියල් තිස් දහසක මුදලක් දෙන්නට කැමැත්ත පළකර සිටියේය. එහෙත් විදුහල්පති තුමාගේ සිත ගොස් ඇත්තේ වෙනත් අල්ලසක් කෙරෙහිය. 

එනම්, දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීම ය. අන්තිමේ වැඩේ මාට්ටු වී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති තුමන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ විදුහල්පතිතුමාගේ වයස අවුරුදු පනස් හතක් යැයි කියති. අවු: 57 ක් යනු තළතුනා මිනිසෙකි. ඔහු තරුණයෙක් නො වේ. ඔහුට දරුවන් සිටිත්දැ’යි අපි නොදනිමු. ඔහුට බිරියක් සිටිත්දැ’යි අපි නො දනිමු. 

මගේ ෆේස්බුක් එකේ අසභ්‍ය කොමන්ට් එක දැම්මේ ජැකාගේ පුතෙක් නෙමෙයි - සසන්ති

මම පාඩමකුත් 
ඉගෙන ගත්තා...

ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි ගේ පුතෙකු යැයි කියන අයකු විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිනුමක් මගින් ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියකව සිටි සසන්ති ජයසේකරගේ ඡායාරූපයකට අසභ්‍ය චර්චනයක් (Comment) දැමීම හේතුවෙන් ඇය උරණව සිටින පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

එසේ තමාගේ ඡායාරූපයකට අසභ්‍ය චර්චනයක් (comment) යෙදුවේ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු නොවන බවත් ඔහුව සැක කිරීම වැරදීමක් නිසා සිදුවූ බවත් සසන්ති සිය ෆේස්බුක් ගිනුමට ඡායාරූපයක් මුදාහරිමින් පවසා තිබෙනවා.

එම ඡායාරූපය හා විස්තරය පහතින්

මර්වින්ලා පෙන්නුවේ ලාංකිකයාගේ සෑබෑ නිරුවත නොවේද.?

ශ්‍රී ලාංකිකයා යනු උසස් සංස්කෘතියකට උරුම නොකියන්නෙකු බව සාධක සහිතව ලංකාව පාලනය කරන දේශ පාලන නඩය විසින් පෙන්වා දී තිබේ. 

මේ අසංස්කෘතික පාලකයන් පත් කලේ සංස්කෘතියක් නොමැති ජනතාව නිසා පාලකයන්ට දොස් කියා පලක් නැත. 

යකාගේ හැටියට විමානේ කීවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැල පෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ මහත්මියට ඇමති මර්වින් සිල්වා කාම යෝජනාවක් කලේය​. 


එම කථාවට ගැලරිය විසින් හුරේ දමා මර්වින් සිල්වා වීරයෙක් කලද ශ්‍රී ලංකාව නම් පසුගාමී ගෝත්‍රික සමාජය ස්ත්‍රීන් විෂයෙහි කටයුතු කරන නින්දිත ආකාරය මර්වින් සිල්වා විසින් ලොවටම ප්‍රදර්ශනය කරන ලදි.