Ads 468x60px

.

සැප්තැම්බර් 17 කතරගම දෙවියො පේන්න එනවා කියලා කියන කතාව ඇත්තක්ද?

කතරගම පුදබිමේ බැතිමතුන්ගෙන් අඩුවක් නෑ... ඒ හැම කෙනෙක්ම එන්නේ දෙවියන් ගැන තියෙන අපමණ භක්තියකින්.... ඒ දෙවියෝ, තමන් හමුවට එන යහපත් බැතිමතාට කවදාවත් පිටුපාන්නේ නෑ...

මේ මෑතක ඉඳලා රටේ හැම තැනම කතාබහක් ඇතිවෙලා තියෙනවා කතරගම දෙවින් දාහත්වැනිදා දෘශ්‍යමාන වෙනවා කියලා.... 

ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර්වේදියකු වන මංජුල පීරිස් මහතා පැවැසූ අනාවැකියක් විදියට සැලකෙන මේ ප්‍රාතිහාර්යය දෙනෙතින් දකින්න යන්න දැන් වෙද්දි ලංකාව වටේම බැතිමත් පිරිස් දින වෙන් කරගෙන.

එහෙම දේවල් වෙන්න පුළුවන්ද.මේ ගැන හරියටම දන්නේ කතරගම දේවාලේ ප්‍රධාන කපු මහත්තයා. ඒ ගැන සොමිපාල රත්නායක මහත්තයා මව්බිම පුවත් පත සමඟ කළ කතාබහක් පහතින්.


ඉතින් රත්නායක මහත්තයා දෙවියෝ එහෙම මැඩම කරනවද?

 
මං හිතන්නේ එයා මීට ඉස්සරත් දවස් ගාණක් එහෙම කිව්වා... ඔය කියපු දවසක අපේ ඥාති කට්ටියක් මහනුවර ඉඳලා ආවා... ආවේ දෙවි හාමුදුරුවෝ දකින්න... පහන් එහෙම පත්තු කරගෙන බලාගෙන.

‍ෆේස් බුක් එකේ චේතනා රණසිංහව හිතවතියක් හැටියට එකතු කරගන්න බැරි හේතුව...

යොවුන් ගායිකා චේතනා රණසිංහත් නිතර නිතර Facebook පරිහරණය කරනව කියලා අපට ආරංචි වුණා. 

ඉතින් අපිත් ගියා Facebook පැත්තේ රවුමක් චේතනා ගැන සොයා බලන්න. ඔන්න අපිට දැන ගන්නට ලැබුණු හැටියදැන් චේතනාට Facebook හිතවතුන් පිරිස පන්දාහ ඉක්මවලාලු. 

ඒ නිසා දැන් ඇයව හිතවතියක් හැටියට එකතු කරගන්න යන අයට එය  කරන්න බෑලු. ඒ Facebook හිතවතුන්ගේ සීමාව ඉක්මවා ඇති නිසාලු.


චේතනා බිපොෂ් විදුහල් රඟහ‍ලේ පැවැත්වූ ඇගේ ප්‍රසංගය DVD මගින් එළිදක්වන්නත් මේ දිනවල කටයුතු කරගෙන යන බවත් ආරංචියි. 

ක්‍රිකට් ක්‍රීඩකයින් සල්ලි දුන් පමණින් ඕනෑම දෙයක් වෙනුවෙන් පෙනීසිට කිච නොවිය යුතු බව නම්..

කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් ආයෝජන සඳහා ජනතාව උනන්දු කරන වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමේදී වඩාත් වගකීම් සහගත වීම සහ අදාළ සමාගම් පිළිබඳව හොඳින් සොයා බලා එවැනි දැන්වීම සඳහා පෙනී සිටීම ඉතාමත් වැදගත් කාරණාවකි.

හයේ හතරේ පහරවල් ගසන විට ක්‍රීඩා පිටියට පැමිණ තමන් වෙනුවෙන් හුරේ දමන සාමාන්‍ය මහජනතාව අමාරුවේ නොදැමීම මෙවැනි ක්‍රීඩකයින්ගේ වගකීමකි. 


ලෝකයේ ක්‍රිකට් පිස්සන් සිටින රටවල් අතර ලංකාවද පෙරමුණේ සිටින අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ව පෙන්වා ඕනෑම දෙයක් විකුණා ගැනීමේ හැකියාව මෙවැනි රටවල තිබේ.

මෙම ලිපියෙන් මතු කරන්නට වෙහෙසෙන කාරණාව කුමක්ද..? 


තේක්ක ඇතුළු වන වගා සිදුකරන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ස් සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොමිසම පවසා තිබෙන්නේ මෙම සමාගමේ අයිතියෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මහජනතාව සතුවන බවයි.