Ads 468x60px

.

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට නිරුවතින් වැසිකිළි තුළ බඩගාන ලෙස රැග් එක දීලා


ගඟක් අයිනේ නිරුවතින් 
බිම පෙරළලා...

නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන්නට නියමිත පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාර වලදීද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු අපට වාර්තා වෙනවා

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට අසභ්‍ය වචන වලින් අමතමින් වැසිකිළි තුළ බඩ ගාන ලෙස තර්ජනය කරමින් නවක සිසු සිසුවියන් දරුණු ලෙස නවක වදය ලබා දෙන බවයි.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...

ඇඟිලිවලින් දෙහි කපන හැටි...

පිටි අල්ලෙන් මිනී ඔළුවක් මවන හැටි...


නටන තෙලට අත දමන හැටි...


ගිරයක් හෝ පිහියක් නොමැතිව සුරතේ ඇඟිලි දෙකකින් දෙහි කැපීම, කපන ලද දෙහි ගෙඩි තුළින් රුධිරය වෑස්සීම, උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අල්‍ලේ මිනී ඔළුවක රුවක් මතු කිරීම, සුරය බල පෙන්වීම ආදිය මහා බලගතු හාස්කම් බව අප කාගේත් පිළිගැනීමය. 

කලින් මුඛ පරම්පරාගත කතා ලෙසින් ආ බලසම්පන්න යකැදුරන්ට කළ හැකියැයි අප විශ්වාස කළ මෙබඳු හාස්කම් සියැසින් දැක බලා ගැනීමේ හැකියාවද දැන් අපට ලැබි තිබේ. ඒ වර්තමාන රූපවාහිනී නාලිකාවන්ට පින් සිදුවන්නටය. 

ඒවායේ පෙනී සිටින මහා බලසම්පන්න යකැදුරන් හා මන්ත්‍රකරුවන් වශයෙන් පෙනී සිටින පිරිස්  රූපවාහිනී වැඩසටහන් මගින් තමන්ගේ එම හාස්කම් සජීවී ලෙස පවා ඉදිරිපත් කරන අතර ඒවා දකින ප්‍රේක්ෂකයෝ විස්මයෙන් භ්‍රාන්තව යති. 

ඒ සමගම එම වැඩසටහන් අවසානයේ එම රූපවාහිනී චැනල් මගින්ම එම ගුප්ත විද්‍යා ධරයන්ගේ ජංගම දුරකථන අංක පවා ඉදිරි පත් කරනුයේ රූපවාහිනී නරඹන්නවුන්ට ඔවුන්ගේ එම ගුප්ත සේවාවන් ලබා ගැනීමේ සෘජු අවකාශය හිමි කර දෙමිනි. 

ඉන්පසුව එම යකැදුරන් තමන්ට දුරකථන ඇමතුම් ලබා දෙන්නන්ගේ ගුප්ත අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිති. එමෙන්ම ඒ සම්බන්ධ අතිශය අමිහිරි අතුරු කතා රැසක්ද තිබේ. 

කැනඩාවේ - ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියා අක්‍රමිකතාවක..

කැනඩාවේ ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියෙකු ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තවරයෙකු සමග එක්වී ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී ඇති බවට වාර්තා වේ.

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන වසන්ත අබේසිරි නැමැති දේපළ වෙලදාම් ඒජන්තවරයා විසින් ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියෙකු සමග එක් වී ද්විත්වපුරවැසි භාවය ලබා දීමට පොරොන්දුවී විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ගෙන් ලබාගෙන තිබේ.


මොවුන්ගේ වංචාවට වැඩිපුරම ලක් වී තිබෙන්නේ ලංකාවේ දේපොල හිමි කැනඩාවේ සරණාගත භාවය ලැබූ ද්‍රවිඩ ජාතිකයන්ය​. 

මෙම වංචාවේ මහ මොළකරු වන වසන්ත අබේසිරි නැමැත්තා මීට පෙර චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර සේවය කල කැනඩාවේ ප්‍රකට බැංකුවක් වන බෑංක් ඔෆ් මොන්ටි‍්‍රයල් (BMO) මගින් සේවයන් පහ කල පුද්ගලයෙකු බවටද වාර්තාවේ.