Ads 468x60px

.

දරුවා පාසලට දැමීමට මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු විදුහල්පතිට සිරකරුවන් වදදුන්නේ මෙහෙමයි

පසුගියදා දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහා තරුණ මවකගෙන් ලිංගික අල්ල සක්‌ ගැනීමට තැත් කරද්දී අල්ලස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කොට්‌ටාවේ විදුහල්පතිට කොළඹ බන්ධනාගාර රැඳවියන්ගේ විවිධ හිංසාවලට ලක්‌වීමට සිදුවුනු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම විදුහල්පති රිමාන්ඩ් සිරකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ දිනයේ ඔහුට ලබා දුන් ප්‍රථම පිළිගැනීම වී තිබෙන්නේ ලොකු මිරිස් ගුලියක් ඔහුගේ ලිඟුවේ ඇතිල්ලීම බවයි. 

එය සාහසික ක්‍රියාවක් වුවත් සිරගෙවල්වල රිමාන්ඩ් බන්ධනාගාරවල සිදුවන තවත් සිද්ධීන් විමසා බලන විට අධ්‍යාපන බලධාරියාට ලබා දී ඇත්තේ සුළු පිළිගැනීමක් බවයි රිමාන්ඩ් බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

බෙල්ලන්විල විමලරතන මුදල් විශෝදනය කරලා.

ආදායම් බදු වංචාවක්...

රහස් පොලිසිය විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පතු කරුවන් පිළිබඳව කරන ලද පරීක්ෂණයකට අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් මෙම මුල්‍ය ආයතනයේ රුපියල් මිලියන 200 කට අසන්න මුදලක් තැන්පත් කොට ඇති බවට සොයාගෙන ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් මේ සා මුදල් තොගයක් පුද්ගලික මුල්‍ය තැන්පතු ආයතනයක තමන්ගේ නමින් තැන්පත් කිරීම ආදායම් බදු වංචාවක් මෙන්ම ලංකාවේ මුදල් නීති රීති බරපතල ලෙස බිඳ දැමීමකි. 

කිලෝ මීටරයකට රු: 2 යි ‘නිසාන් ලීෆ්’ විදුලි කාරය දැන් ලංකාවේ (වීඩියෝ)

චාජ් කල පසු, කිලෝ මීටර් 160 ක දුරක්...

චාජ් කර ගැනීමට වැය වන්නේ රුපියල් 350 යි...

චාජ් කරන්න යන්නේ 
විනාඩි 15 යි...  

ලොව වැඩිම අලෙවියක් ඇති, ඉන්ධන පිරිමසින, විදුලි බලයෙන් පණගැන්වෙන, දුම් පිටනොකරන පරිසර හිතකාමී, අංක එකේ පවුලේ මෝටර් රථය ලෙස සැලකෙන ‘නිසාන් ලීෆ්’ තව නොබෝ දිනකින් මෙරටට ද පැමිණීමට නියමිතය.

නිසාන් ලීෆ් මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය, එය නිවසේදීම චාජ් (ආරෝපණය) කර ගැනීමට හැකිවීමය. මෝටර් රථයේ බැටරිය සම්පූර්ණයෙන් චාජ් කර ගැනීමට ගත වන්නේ විනාඩි 15 ක් පමණය. ‘නිසාන් ලීෆ්’, අශ්ව බල 107 කින් යුක්තය. ඊට සවි කර ඇත්තේ ලිතියම් අයන් බැටරියකි.

බැටරිය වරක් චාජ් කර ගැනීමට වැය වන්නේ රුපියල් 350 ක් වන අතර ඞීසල් සහ පෙට‍්‍රල් වැනි ඉන්ධන හා සසඳා බැලීමේදී එය ඉතා සහනදායීය. කිලෝ මීටරයක් සඳහා වැය වන්නේ රුපියල් 2 ක් වැනි සුළු මුදලකි. බැටරිය සම්පූර්ණ චාජ් කර ගතවිට, කිලෝ මීටර් 160 ක දුරක් ධාවනය කිරීමට ද හැකියාව ලැබේ.

රාවණා බලය මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් අන්දයි.

ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර් ගේ සූදු සංකීර්ණ හෝටල් ව්‍යාපෘතිය ගැන අවධානය වෙනතකට යොමු කොට මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් ඇන්දීම සඳහා "සීතා මං ආවා" චිත්‍රපටයට එරෙහිව රාවණ බලය යුධ ප‍්‍රකාශ  කොට තිබේ.

බුදුන් වෙනුවට රාවනා අදහන තලිබාන් නිකායේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී  පැවැත් වූ ස්ථානයට කඩා වැදී කොට තිබේ.


රාම – රාවණා – සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය පවසයි. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත් කියා සිටී.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාවණා බලයේ මහලේකම් ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස  ඕස්ට්‍රේලියානු කැසිනෝ රජා වන ජේම්ස් පැකර්ද ගැන මුනිවත රකිමින් කිසිදු පුරා විද්‍යත්මක සාධක නැති ඉන්දියානු සුරංගනා කතා වල එන රාම සීතා රාවණා ගැන මෙසේ කියයි.