Ads 468x60px

.

යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගන්නනට කියමින් දැරිය දූෂණය කල කට්ටඩියා


කියපු දේ කරපිය. 
නැත්නම් බෙල්ල 
කපල මරණව..

යකැදුරන් විසින් සෙත් ශාන්ති කරන මුවාවෙන් දූෂණය කරන ලද දැරිවියන් මියගිය අවස්ථා ගැන විටින් විට අප ඔබ වෙත වාර්තා කළා. 

ඇඟේ සිටින යක්ෂයන් එලවා දමන්නට යැයි පවසමින් කාන්තාවන් සමග දේවාල තුළදී යහන්ගත වූ යකැදුරෝද කොතෙකුත් සිටින බැව් අප හෙළි කොට සිටියා. එවන් යකැදුරන් පොලීසියට කොටු වූ බොහොමයක් අවස්ථාද අප කරුණු ඉදිරිපත් කලා.

මඟුල් ගෙදරක යනවා යැයි සැමියාට ගජ බින්නක් ඇදබා සිය දියණිය සෙත් ශාන්තියකට රැගෙන ගිය ඇගේ මව පවා නොදැනුවත්ව යකැදුරා විසින් සිය දියණියව බිලිගත් තවත් පුවතක් ඌරගස්මංහන්දිය නම් ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තරුණ කාන්තාවක වූ ඇය පදිංචිව සිටියේ ඌරගස්මංහන්දිය දික්හේන නම් ගම්මානයේ බවයි. ඒ එකොළොස් හැවිරිදි දියණියද සමගය. සැමියා විදෙස් ගතව සිටියේ මැදපෙරදිග රටක රැකියාව කරමිනි. 

ඒ කාලය තුළ ඇයත් ඇගේ මවත් යම් මානසික රෝගයකට ගොදුරුව සිටි බව පැවසිණි. ගුරුකම් කරන යකැදුරන් ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ට මළ පෙරේත දිෂ්ටියක් වැසී ඇති බවය. ඒ ඉඳහිට මේ දෙදෙනා යම් ආරූඪයකින් දොඩවන්නට වූ බැවිනි.

කෙල්ලෙකුට 'පට්ට කෑල්ල පට්ට බඩුව' කියලා කිව්ව කොල්ලො තුන් දෙනාට වෙච්චි දේ...

කාර්යාලයේ වේලාව නිම වූ සොනාලි ලැසි ගමනින් ඇදී ආවාය. සුළඟට මුසුවුණු අකීකරු කෙහෙරැල් හිතුවක්කාර කමට නළල මත වැටෙද්දී ඇය අතින් අල්ලා එම කෙහෙරැල් පසෙකට දැම්මාය. 

එහෙත් අකීකරු කෙහෙරැල් ඇගේ මුහුණට ගෙන ආවේ අපූරු සුන්දරත්වයකි. ඇඟටම හිර වුණු කෙටි ස්කර්ටය හා බ්ලව්සය ඇගේ නාරි රූපකායේ ලාලිත්‍යය තව තවත් ඔප්නැංවීය. 

අවු කණ්ණාඩිය දෑස් මතින් ඉවත් කළ සොනාලි ඈත පෙනෙන රථ ගාල වෙත නෙත් යොමු කළේ තමාගේ පෙම්වතා වූ නවීන් පැමිණ ඇත්දැයි බැලීමටය. අතෙහි පැලැඳි ඔරලෝසු මුහුණත දෙස බැලූ සොනාලි පය ඉක්මන් කළේ තවත් වැඩමුළුවක් සඳහා යෑමට වේලාව ළංවී ඇති බැවිනි. 

කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකාරවරියක් වශයෙන් සේවය කළ සොනාලි පාර පැනීමට කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය අසලට පැමිණියාය. 

රථ ගාලේ සිට තමා එන තෙක් බලා සිටි නවීන්ව දුර සිට හඳුනාගත් සොනාලි රෝස පැහැ දෙතොල් විදහා ඔහු වෙත සිනාවක් පෑවාය. පියවරක් ඉදිරියට තැබූ ඇය එන විටම තිගැස්සුණේ අසලින් ඇසුණ විසිල් හඬක් නිසාවෙනි.

පිටුපස හැරී බැලූ සොනාලිට දැනගත හැකි වූයේ පල්ලියේ තාප්පයට පිටදී සිට ගෙන සිටි තරුණයන් තිදෙනකි. ඔවුන් දෙස බලා ඉවත බලාගත් සොනාලි පාරේ වාහන මාරුවෙන තෙක් බලා සිටියාය. 


"ආ... නංගි Good Afternoon " එවර නම් ඒ හඬ ඇසුණේ ඇගේ දෙසවන් අසලින් බව සොනාලි වටහා ගත්තාය. ඔවුන්ගේ විහිළුව ඒ තරම් ගණන් නොගත් සොනාලි එය නෑසුණාසේ සිටියාය.

අමල් පෙරේරාගේ ශිරෝෂි අතුරුදහන් වූයේ ඇයි..?

ශිරෝෂි රොමේෂිකා සිරස ඩාන්ස්ටාර් තුළින් ඉස්මතුව පසුව සිරස මගින් නිෂ්පාදනය කළ 'ඩාන්ස්ටාර්' සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවා සිනමාවෙන් සහ රංගන ක්‍ෂෙත‍්‍රයෙන් තාවකාලිකව සමුගෙන මේ වනවිට ටෙලි නාට්‍ය වලට සිය දායකත්වය සපයන යොවුන් රංගන ශිල්පිණියකි.

ශිරෝෂි ක්‍ෂෙත‍්‍රයට පිවිස ටික කලකින් අතුරු දහන්වූවා සේ විය. ඇය සති අන්ත පුවත් පතකට ප‍්‍රකාශ කර ඇත්තේ ඇයගේ ජීවිතයේ පෞද්ගලික හේතු මත මෙලෙස අඩු වශයෙන් නිර්මාණවළට දායක වූ බව මෙන්ම ඇයට හොඳ නිර්මාණවලට දායක වීමේ ඇති කැමැත්ත නිසා මේ වනවිට හොඳ නිර්මාණ තෝරාගෙන බේරාගෙන රගපාන බවයි.


ඇය සිනමාවට පිවිසි කළ වාණිජ සිනමාවේ පෙම්වතියට හොඳ පෙණුමක් ඇති නිළියක් ලෙස බොහෝ අයගේ අවධානයට පාත‍්‍රවිය. එහෙත් ශීරෝෂි සිය ගමන කෙටි කරගත්තේ සිනමාවෙන් ඈත්වෙමිනි.

ඇත්තෙන්ම මෙවැනි ආකර්ශණයක් ඇති තරුණියන්ට සරිලන සිනමා නිර්මාණ මෙරට නිෂ්පාදනය නොවීම නිසා මේ අයගේ දායකත්වය සිනමාවට නෙලැබී යයි. 


මෙවැනි තරුණියන්ට සිය දක්‍ෂතා පෙන්වීමට අවස්ථාවත් නොලැබී යයි. ශිරෝෂි ටෙලි නාට්‍ය වලට පිවිසෙන්නේ මෙවන් සිනමා අර්භූදයන් නිසාය. එහෙත් ඇය ටෙලි නාට්‍ය තුළද ආවාට ගියාට දැක ගත නොහැක.

පාසලෙන් ගොඩනගන වහල් මානසිකත්වය

මේ සටහන තිබුනේ ලංකාදීප පුවත්පතේ එක් විදුහල්පති වරයෙකු පිලිබඳවය. 

....එවකට රාහුල විදුහලේ උගත් සිසු දරුවෝ ඔහු විදුහලට පැමිණි බක්කි කරත්තයේ ගෙජ්ජි හඬ ද බක්කිය දක්කන කරත්ත කරුවා ගේ ‘චක් මක්‘ හඬ පමණක් නොව ගොනා ගේ කුර හඬ පවා මැනෙවින් හඳුනා ගත්හ.

ඒ කුමාරගේ විදුහල්පති තුමාට දැක්වූ භය සම්ප්‍රයුක්ත ගෞරවය නිසාය. විදුහලේ පැරනි තාප්පයට ඉදිරියෙන් පිහිටි දැන් ක්‍රීඩා පිටිය විජේතුංග, විජේසිංහ සහ වනිගසේකර යන මන්දිර ඉදිකර ඇති භූමිය එදා විශාල පොල් රුප්පාවකි. 

වේලාසනින් විදුහලට පැමිණ එහි ක්‍රීඩා කරන දුවන පනින දරුවෝ විදුහල්පති තුමන් ගේ බක්කිය එන හඬ ඇසෙත් ම ඒ සියල්ල නවතා පන්ති කාමර වලට දුවති. පන්තිවල විහළු තහළු කරමින් සිටි සිසු දරුවෝ නිහඬ වෙති. කාගේත් නෙත් විදුහල් ගේට්ටුව දෙසට යොමුවේ. 

ඒ කුමාරගේ විදුහල්පති තුමා පාසලට පිවිසෙන වේලාවයි. ගේට්ටුව ළඟ දී බක්කියෙන් බසින විදුහල්පතිතුමා රටාවකට කුඩය බිම ඔබමින් කාර්‍යාලය දෙසට පිය නගයි. මුළු විදුහල් පරිසරය නිහඬ ය. මීයට පිමබා වැනි ය.....