Ads 468x60px

.

අපේ රටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ තරම මෙන්න (ඡායාරූප)


මෙහෙම සංචාරකයෝ 
ලක්ෂ දාසයක් 
ආවත් ඇත්ද?

මේ වසරේ (2013) අගෝස්තු මාසයේ විදෙස් සංචාරකයින්ගේ පැමිනීම පසුගිය වසරේ (2012) අගෝස්තු මාසයට සාපේක්ෂව 26.1%ක වර්ධනයක් බව ආණ්ඩුවේ වාර්තා සඳහන් කරනවා.

එම වාර්තාවලට අනුව පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සඛ්‍යාව 100,224කි. ඒ අනුව වසරේ පළමු මාස 08 තුළ දී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව හත්ලක්ෂ එකොලොස් දහස් හාරසිය හතළිස් හයකි (711,446).

කෙසේ නමුත් පහත ඡායාරූප දෙස බැලීමේදී මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ තරම පැහැදිලි වේ.

මෝස්තර ප‍්‍රදර්ශනයේ උඩුකය නිරුවත් කළ අලුත්ම Fashion Show එක මෙන්න

පැරීසියේ පවත්වන ලද නීනා රිචී මෝස්තර ප‍්‍රදර්ශනයේදි එම වේදිකාව ට කඩා වැදුනු කාන්තාවන් පිරිසක් විසින් මෝස්තර නිරූපනයට විරුද්ධව උඩුකය නිරුවතින් උද්ඝෝෂණයේ යෙදුනා.

යුක්රේනයේ කාන්තාවක් විසින් ගොඩ නගන ලද මෙම කණ්ඩායමට යුරෝපයේ වෙනත් රටවල කාන්තාවන් පිරිසක්ද එක්වී තිබෙනවා.

ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨය වී ඇත්තේ කාන්තා විමුක්තියයි.

ඒ අනුව කාන්තාවන් උඩුකය නිරාවරනය කොට උඩුකයේ ලියන ලද සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයේ යෙදීම මෑතක සිට යුරෝපයේ සුලබ වශයෙන් දකින්නට
තිබෙනවා.

උඩුකය නිරාවරනය වූ එම කාන්තාවන්ගේ පින්තුර පහතින්.

සංවර්ධන වැඩපිළිවෙළේ ආශ්චර්ය සම්පුර්ණ වෙන්න නම් ගණිකා වෘත්තිය නීති ගත කරන්න...


මන්ත්‍රි 
ධුෂාන්ත
මාලගොඩ 
ඉල්ලයි...

සංචාරක කර්මාන්ත‍ය ආශ්‍රිත ආදායම් ඉහළ නැංවීම සඳහා ගණිකා වෘත්තිය මෙරට නීති ගත කරන්නැයි කොළඔ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රි ධුෂාන්ත මාලගොඩ මහතා ඉල්ලීමක් කර තිබෙන බව අපට වාර්තා වෙනවා.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත් වෙමින් තිබෙන බවත් ඊට දායකත්වය ලබා දීම සඳහා කොළඔ නගරයට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතු බවත් කී ඒ මහතා සංචාරක කර්මාන්තයේ මරමස්ථානය වන කොළඔ නගරය පුංචි සිංගප්පූරුවක් බවට පත් කළ යුතු බව තව දුරටත් සඳහන් කලා.

මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති සියදිවි හානි කර ගත්තාද, මරා වැසිකිළිය තුළට දැමුවාද..?


විශ්‍රාම යන එක ගැන 
කලකිරීමෙන් 
ඉඳලා ...

මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ වැසිකිළිය තුළ ගෙල කපා ගෙන සිය දිවි හානි කර ගෙන සිටියදී මීගමුව පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) පෙරවරුවේ සොයා ගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.


මෙසේ මරුමුවට පත්ව ඇත්තේ 59 හැවිරිදි මිහිඳුකුලසූරිය මැනුවෙල් මැක්‌ස්‌වෙල් ඩොනල් ප්‍රනාන්දු මහතායි. 

තිදරු පියකු වූ ඒ මහතා ලබන මාසයේ 06 වැනිදා විදුහල්පති ධුරයෙන් විශ්‍රාම යැමට නියමිතව සිටියා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

ඊයේ පෙරවරු 6.00 ට පමණ විදුහල්පතිවරයා ශාන්ත මරියා විදුහලට පැමිණ
තිබෙනවා. පාසලේ සඳුදා රැස්‌වීම සූදානම් කර ඇති ආචාර්ය මණ්‌ඩලය විදුහල්පතිවරයා කැඳවාගෙන ඒමට කාර්යාලයට ගොස්‌ තිබෙනවා.