Ads 468x60px

.

මිස්කෝල් එකෙන් අනියම් පෙම්සුව වින්ද හැටි වීඩියෝ කරපු එකා මිල්ල ගහක එල්ලිලා මැරිලා...


වනචාරීන් බඳු වූ තරුණයන් පිරිසක්‌ තිදරු මවක බලහත් කාරයෙන් රැගෙන ගොස්‌ සිය පහත්පෙළේ කාමුක ආශාවන් සන්තර්ප‍නය කර ගැනීමෙන් නොනැවතුණු මේ නරුමයන් තිදරු මවට අතවර කරන ආකාරය සිය ජංගම දුරකථන මගින් වීඩියෝ කර තිබූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඒ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ නරුමයන් රැළ මොරවක නම් ගම්මානයේ කැලයකදී මෙම මහා අපරාධය සිදු කර ඇති අතර ඒ අපරාධයට එක්‌වූ වනචාරීන්ට නායකත්වය දී ඇත්තේ උසස්‌ පෙළ පංතියක ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් බවයි. අනෙක්‌ පස්‌ දෙනාද ලාබාල තරුණයන්ය.

මේ අවලස්‌සන කතාන්තරයේ කතා නායිකාව 39 හැවිරිදි වන අතර දරුවන් තිදෙනකුගේ මවක වූවාය. ඇගේ සැමියා ඇයහැර ගියේ මීට වසර ගණනකට උඩදීය. ඒ දෙදෙනා අතර පැවැති පවුල් ආරවුල් නිසාය.

සැමියා වෙන්ව ගියපසු ඇය සිය දරුවන් තිදෙනා ලොකු මහත් කිරීමේ භාරදූර කාර්යයට අතගැසුවාය. 


දරු තිදෙනාට කිසිම අඩුපාඩුවක්‌ නොකිරීමට ඇය හැමවිටම උත්සාහ කලාය. දරුවන් පාසලේ බෝඩිමේ නතර කළ ඇය කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගියේ ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමේ අරමුණෙන්ය.

සතියක්‌ තිස්‌සේ වෙහෙස වී රැකියාව කරන
ඇය දරුවන් බලන්නට අකුරැස්‌සට යන්නේ සති අන්තයේදීය. කොග්ගල සිට අකුරැස්‌ස බලා බස්‌ රථයෙන් යැමට ඇය පුරුදුව සිටියාය.

මනබඳිනා රූපකායකට හිමිකම් නොකීවත්
ඇය ප්‍රියමනාප කාන්තාවක වූවාය. දකිනා ඕනෑම කෙනකු සමඟ සුහදශීලීව සිනාසීමට ඇය දෙවරක්‌ සිතා බැලුවේ නැත. මහේෂ් නමැති ලාබාල තරුණයා ඇයව මුණ ගැසෙන්නේ අකුරැස්‌ස බස්‌ රථයේදීය. ඒ මීට මාස තුන හතරකට උඩදීය.

ස්ත්‍රීකගේ අඟපසඟ ප්‍රදර්ශනය කිරීම ස්ත්‍රී දූෂණයක් වෙන්නේ කොහොමද. ගයේෂා පැහැදිලි කරයි


දූෂණය වෙනවා නම් 
හැම නිරූපිකාවක්ව 
දූෂණය වෙන්න ඕනෑ...

මෝස්තර නිරූපණ ශිල්පය කියන්නේ වෘත්තියක්. එයින් සිදුවන්නේ යම් විලාසිතාවක් ශරීරයට පෙනෙන්නේ මොන ආකාරයටද කියලා ප්‍රදර්ශනයට කිරීම. 

එය තවදුරටත් පැහැදිලි කරනවා නම් ඒ විලාසිතාවෙන් ශරීරය ලස්සනට පෙනෙනවාද, කැතට පෙනෙනවාද, අඟපසඟ පිහිටන්නේ මොන ආකාරයටද කියලා එකී විලාසිතාව පෙනෙන විදිහ ප්‍රදර්ශනය කිරීමයි. 

මෝස්තර නිරූපණ ශිල්පයෙන් සිද්ධ වෙන්නේ. කාන්තාවන්ගේ සිරුර ප්‍රදර්ශනය හේතුවෙන් කාන්තා දූෂණ සිද්ධ වෙනවා නම් හැම මෝස්තර නිරූපිකාවක්ව දූෂණය වෙන්න ඕනෑ. ඒත් තවම එහෙම සිද්ධියක් අපේ රටේ සිදුවී නෑ. නිළියන් මේ ඛේදවාචකයට මුහුණ දී නැහැ.

අනික අද සමාජයේ ස්ත්‍රී දූෂණ ගැන සලකා බලපුවාම තොටිල්‍ලේ සිටින බිළිඳියන් දූෂණය කරනවා. වයෝවෘද්ධ කාන්තාවන්ව දූෂණය කරනවා. එහෙම නම් අපි කොහොමද කියන්නේ කාන්තාවන්ගේ විලාසිතා ස්ත්‍රී දූෂණයට හේතු වෙනවා කියලා. 

පිටකොටුවේ බෝධියේ අපි නොදන්න ඇත්ත කතාව


මේ බෝධියේ පුදුම හාස්‌කම් තියෙන ස්‌ථානයක්‌...

ප්‍රේමදාස මහත්තයා ආවා... එතුමා රටේ ජනාධිපති වුණා

මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවා.. එතුමාත් රටේ ජනාධිපති වුණා..

පිටකොටුව ශ්‍රී ලංගම බස්‌ නැවතුම්පල අසල පිහිටි බෝධීන් වහන්සේ වසර 191 ක්‌ පැරැණි ඉතිහාසයක්‌ ඇති ස්‌ථානයක්‌

හාස්‌කම් ඇතැයි පැවසෙන මෙම බෝධීන් වහන්සේට වන්දනාමාන කර ගිය කෙනකු දියුණුවේ හිනි පෙත්තටම ළඟා වන බවද පැවසෙනවා. වර්තමානයේ මෙම පිටකොටුව ඓතිහාසික බෝධීන් වහන්සේ රැකබලා ගන්නේ පිටකොටුව එක්‌සත් බෝධිරාජ සමිතිය මගිනුයි.

මෙම සමිතිය බෝධීන් වහන්සේ රැකබලා ගන්නවාට අමතරව විශාල සමාජ සද්කාර්යයන් රැසක්‌ද ඉටු කරනු ලබනවා. එම සමිතියේ වත්මන් ලේකම් ඡේ. පී. සමරසිංහ මහතා සිය හඬ අවදි කරමින් මෙසේ පැවසුවා.