Ads 468x60px

.

මාලඹේ ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිනොකලෑයි වෛද්‍ය සභාවෙන් කාලෝ ෆොන්සේකා එලියට...

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාට එම තනතුරෙන් ඉවත් වන්නැයි ඉහළ දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඔහුව එම තනතුරෙන් ඉවත් කර දේශපාලන බලවතාට හිතවත් පුද්ගලයෙක් එම තනතුරට පත්කර ගැනීමට වෑයම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩි දුරටත් අවධාරණය කරනවා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා අනුමැතිය ලබාදීමට සභාපතිවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුව මෙම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

අලුත් පෙම්වතාට අක්ශාගේ පෙර වැරදි කිව්වැයි හංසි පෙරේරාට හොඳටම ගහපු හැටි මෙන්න..


උඹ මගේ 
බෝයි ෆ්‍රෙන්ඩ්ටද 
කතා කරන්නේ..
කියලා ගැහුවා...

දුවන්න හැදුවත් 
දුවන්න දුන්නේ 
නැහැ...

ඊයේ ගංගොඩවිල අධිකරණයේ පැවති නඩු විභාගයට පැමිණි නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල් පිනියක වන මේනකා මධුවන්තිත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරා ට පසුගියදා නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යාගාරය තුලදී ඇයට පහර දීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.
 
මේ නඩුවේ විත්තිකාරියන් වූයේ ටෙලි නාට්‍ය නිළියන් වන මේනකා මධුවන්ති, අක්ෂා සුදාරි සහ ඇගේ මව වන මෙහොමඩ් රොෂානායි. ටෙලි නාට්‍ය නිළියක් වන උඩහමුල්ලේ පදිංචි හංසි සිතාරා මිරිහාන පොලිස් අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉකුත් 10 වැනිදා නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යා ගාරයකට ගොස් ඇඳුමක් තෝරාගෙන එහි කණ්ණාඩිය අසලට ගොස් එම ඇඳුම සුදුසුද යන්න පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ තමාට ලැබුණු

කටුනායක අධිවේගී මාර්ගයට දහස් ගණනින් මහ ජනයා ආ හැටි මෙන්න (පින්තුර)


පළමු පැය 12 දී 
25,000 කට වඩා
ඇවිත්...

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මහ ජනතාවට නොමිලේ නැරඹීම සඳහා ඊයේ (22 වැනිදා) සිට 24 වැනිදා දක්‌වා ඉඩ සලසා ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවතත් සමඟම ඊයේ ප්‍රථම පැය දොළහ තුළ විශාල පිරිසක් ඒ ආශ්‍රිතව පැවැත් වූ සංස්කෘතික අංගයන් සහ ජන ක්‍රීඩාවලට සහභාගිවීම සඳහාද මාර්ගය නැරඹීම සඳහාද එක්වී සිටි බව අපට වාර්තා වුණා.

අධිවේගී මාර්ගය නැරඹීමට පැමිණි මහ පිරිස් සිත්සේ එහි ගමන් කරමින් මාර්ගය දෙපස සිරි නරඹනු අයුරු
අධිවේගීය නිරීක්ෂණය කිරීමට ගිය අපටද දක්නට ලැබුනා.

ඊයේ පෙරවරුවේ පෑලියගොඩ සිට කටුනායක දක්වා ද ජා ඇළ  සිට කටුනායක දක්වා ද අධිවේගී හරහා දිවීමේ මැරතන් තරග, ඇවිදීමේ තරග සහ පාපැදි තරගද පැවැති අතර පස්වරුවේ සරුංගල් තරගද පැවැත්වුණා.