Ads 468x60px

.

වාස්‌ මරණවා යෑයි කියූ නිසා ඔහු මොරිසන්ගේ අත කඩපූ හැටි මෙන්න...

මම පළමු 
පන්දුවම 
දැම්ම 

ඔහුගෙ අතේ 
වදින්න

ඔහු ඉතාමත් 
වේදනාවෙන් 
ක්‍රීඩාගාරයට 
ගියා

ඔහුගේ වමත ශ්‍රී ලංකාවේ අංක එකේ වේග පන්දු යවන්නාගේ වමත බවට පත්විය. ටෙස්‌ට්‌ තරග 111 කදී කඩුලු 355 ක්‌ද ලකුණු 3089 ක්‌ ලබා ඇති මොහු එක්‌දින තරග 322 කදී කඩුලු 400 ක්‌ බිඳ දමා ලකුණු 2025 ක්‌ ලබා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 

ඒ ඔහුගේ ක්‍රිකට්‌ ඉතිහාසයයි. මේ සුපිරි තුන්ඉරියව් හපනා චමින්ද වාස්‌ය.

දවසක්‌ හරි අපූරු සිදුවීමක්‌ වුණා නවසීලන්තය සමග තරගයකදී. ඒ නවසීලන්තයේ ඩැනී මොරිසන් සමග. ඒ වෙලාවෙ මම පන්දුවට පහර දෙමින් සිටියේ. පන්දු යෑව්වේ මොරිසන්. ඔහු මට බවුන්සර් පන්දු දෙකක්‌ එක ලඟ දැම්මා. 

ඊට පස්‌සෙ මම ඔහුගෙ මූණ බලාගෙන ඉන්න කොට ඔහු ලඟට ඇවිල්ල කිව්වා මම උඹව අද මරණවා කියලා. පස්‌සෙ මම හිනා වෙලා නිකන් හිටියා. ඊට පස්‌සෙ ආයිත් ඇවිල්ල කිව්ව ඊළඟ බෝලෙ උඹගෙ ඔළුවට දාල අනිවාර්යෙන්ම මරණවා කියලා.