Ads 468x60px

.

"මිස් කෝල් " කළේ යැයි මේජර් සිවිල් ආරක්ෂක භටයාට පහර දෙයි

ජංගම දුරකතනයකින් මග හැරුණු ඇමතුමක් දුන් සිද්ධියකට සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිගුරක්ගොඩ සිවිල් ආරක්ෂක බලකා මුලස්ථාන යේ අණදෙන නිලධාරි යුධ හමුදා මේජර් එච්.ඒ වසන්ත කුමාර සැකපිට අත් අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. මෙසේ අත් අඩංගුවටගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සිවිල් ආරක්ෂක භටයාගේ ජංගමදුරකථනයෙන් "මිස් කෝල් "කළේ යැයි කියන සිද්ධියකට සැකකාර මේජර්වරයා සිවිල් ආරක්ෂක භටයාට පහර දී ඇති අතර පහරකෑමට ලක් වු සිවිල් ආරක්ෂක භටයා (24දින)

යළිත් බැද්දේගමට

ලෙනාර්ඩ් වූල්ෆ්  විසින් බැද්දේගම නවකතාව ලියන්නේ 1904 - 1911 අතර කාලයේ නූගත්කම, දරිද්‍රතාවය, සමාජ අසාධාර නය, මිත්‍යා අන්ධකාරය විසින් සැහැසි ලෙස වෙලා ගත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් ඇසුරෙනි.

බැද්දේගම නව කතාවේ ප්‍රධාන චරිතය වන සිලිඳුව ආරච්චි මෙන්ම ප්‍රනාන්දු යන කූට වෙලෙන්දා විසින් ද සූරාකනු ලබයි. ඔහුව ආධ්‍යාත්මික වශයෙන් සූරාකන්නේ ගමේ ගුරුකම් කරන වෙදා විසිනි. නූගත්කමත් මෝහ අන්ධකාරයත් නිසා සිලිඳු වෙදා විසින් තමාට යකෙකු මගින් වින කල බවට දැඩි ලෙස විස්වාස කිරීම නිසා ගිලන් වෙයි.

අවසාන යේදී සිලිඳු සහ ඔහුගේ දරු පවුල ගමත් සමග විනාශය කරා ඇදී යයි. ලෙනාර්ඩ් වූල්ෆ් විසින් බැද්දේගම නවකතාව ලියන සමයේ ලංකාවේ පැතිරී ගිය මහා මාර්ග, විදුලිය, ගුවන් විදුලිය​, රූපාවාහිනිය​,

ත්‍රී රෝද රථයෙන් කැලෑවකට ගෙන ගොස් පාසල් සිසුවිය දූෂණය කල බාබර්ට වැඩ වරදියි...


අයෙක් කැලෑවේ 
පාසල් දැරිවියක් 
දැක පොලිසියට 
කියයි..

වයස අවුරුදු 11 වන බාල වයස්කාර පාසල් සිසුවියක් පසුගිය බදාදා (26) කැලෑවකට පැහැරගෙන ගොස් අමානු ෂික අන්දමට දූෂණය කළ බව කියන 21 හැවිරිදි කරණවෑමියෙකු පිලිබඳ පුවතක් නවගත්තේගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපට දැන ගන්නට ලැබුණේ අතවරයට පත්ව ඇති දැරිවිය නවගත්තේගම ප්‍රදේශයේ පාසලක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇති බවයි. ඇය පදිංචිව සිට ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේයි. 

පාසල් යන අතර තුර දැරිය හා කරණවෑමියා අතර ප්‍රේම සම්බන්ධතාවය ක් හට ගෙන තිබෙනවා. දැරිවිය නිවසේ සිට පාසල දක්වා යමින් සිටින විට කරණවෑමියා තමන්ට අයත් ත්‍රී රෝද රථයෙන් පැමිණ දැරිවියවද එහි නංවාගෙන නවගත්තේ ගම ප්‍රදේශයේ කැලෑවකට ගොස් එහිදී ඇයව

පින්තූරයක කතාව

හොරොව්පතාන මොරකෑව සුව උදාන  ගම්මානයේ ඒ රංජනී කුමාරී නම් පාසල් සිසුවියට භූත දෝශයක් වැළඳී ඇති බව කියා ගුරුකම් කරන්නෙකු විසින්  යකා එළවා දැමීම පිණිස​  යකඩ බටයක් රත් පැහැවන තුරු රත් කර ඇයගේ යටි පතුල් පුළුස්සා ඇත.  

විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ අන්ධ කාරය සමග බව මේ පුවත සනාත කරයි. අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වල ජීවත් වන නොදියුණු නූගත් වනචාරී ගෝත්‍රිකයන් සහ ගම් වල ජීවත් වන අපගේ ග්‍රාමීය ජනතාව අතර වැඩි වෙනසක් නොමැත​.

මීට හේතුව කුමක්ද.? අපගේ ප්‍රධාන පුවත් පත් වන සිළුමිණ, ලක්බිම​, දිවයින , මව්බිම වැනි පුවත් පත් අරගෙන බලන්න​. මේ පුවත් පත් වල

දුරකථනයෙන් කතා කර නිවසට ගෙන්වා නාඳුනන පුද්ගලයන්ට බිරිඳ බිල්ලට දී සැමියා බලා ඉඳලා

පුවත්පත්වල පළවන ජංගම දුරකථන අංකවලට කතා කොට නාඳුනන පුද්ගලයන් නිවසට ගෙන්වා එම පුද්ගලයන් සමග බිරිඳ අඹු සැමියන් ලෙස හැසිරෙන අයුරු බලා සිටින සැමියකු පිලිබඳ පුවතක් ගම්පහින් අප වෙත වාර්තා වෙනවා.

දෙදරු මවක්‌ වන බිරිඳ එම පුරුෂයන් සමග හැසිරීමට අකමැති වුවහොත් බටයකින් පහර දෙන බවත් එසේ පහර කෑමට ලක්‌වූ බිරිඳ තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවස
නවා

නාඳුනන පුද්ගලයන්ගේ විකෘති ආශාවන් සංසිඳවීමට නොහැකි වූ එම දෙදරු මව පොලිසියට කළ පැමිණිල්ල මත සැමියාව අත්අඩංගුවට ගෙන

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියගේ භූමිකාව


වෙනූෂා ගැන 
අනිත් අයත් 
එක්ක ඕපාදූප 
කියලා

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා ෆේස්බුක් සිදුවීම මුල්කොට ගෙන තමන්ට අසභ්‍ය ලෙස බැන වැදීමෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් එම විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැක පිට එහි විදුහල්පති ඩබ්ලිව්. එම්. සමන් ඉඳ්‍රරත්න ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය මගින් අතඩංගුවට ගනු ලැබීය​. 

වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විදුහල්පති වරයා මෙන්ම කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියද වග කිව යුතු බව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිවී තිබේ.   

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරිය ක්‍රියා කොට තිබෙන්නේ උපදේශිකාවකට මෙන්ම ගුරුවරියකටද නොගැලපෙන අයුරිනි. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ

වෙනුෂාගේ සහ දිනූෂිකාගේ Face Book කතාව

පසුගිය සති දෙක අවසන් වනවිට එකපිට එක අසන්නට ලැබුණු, බොහෝ දෙනකුගේ හද කම්පා කළ සියදිවි හානි කර ගැනීම් දෙකකි. 

ඒ මරණ දෙකටම හේතුවී තිබුණේ ෆේස්‌බුක්‌ ( Face Book ) නැතිනම් මුහුණු පොතය. මුහුණු පොත සම්බන්ධයෙන් අසන්නට ලැබෙන කතා සියල්ල ඉතා රසවත් යෑයි බොහෝ දෙනෙක්‌ සිතුවද, තත්ත්වය උඩු යටිකුරු කිරීමට තරම් නොහොබිනා කතා බහ ඒ තුළ සැඟව තිබේ. 

එය අපේ රටට පමණක්‌ පොදු වූවක්‌ නොවේ. එහෙත් අපේ රටේ සිදුවෙමින් පවතිනා දේ ගැන යම් ඉඟියක්‌ පළ කිරීමට ආසන්නතම කතා දෙකක්‌ ලෙස "වෙනුෂා" ගේ හා "දිනූෂා" (දිනූෂිකා) ගේ ඛේදවාචකයන්

ප්‍රංශයේ දුවිල් ආසියානු සිනමා උළෙලට ලංකාවෙන් මාලනී...

ආසියානු සිනමාව ඇගයීමට ලක් කෙරෙන යුරෝපයේ ප්‍රමුඛතම සිනමා උළෙලක් වන ප්‍රංශයේ "දුවිල් " සිනමා උළෙල මාර්තු 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා පැවැත්වේ. 

16 වෙනි වරට මෙවර පැවැත්වෙන සිනමා උළෙල සදහා ඇරයුම් ලැබූ විශේෂිත ආරාධිතයන් අතර සම්මානනීය නිලි මාලනී ෆොන්සේකාද වෙයි.

වෙනුෂාගේ දිවි නසාගැනීමට සම්බන්ධ විදුහල්පතිට එරෙහිව සිසුහු දුන් සාක්ෂි මෙන්න...


චිත්‍රපටයක් නැරඹීමටත් ගියාලු..

හමුදා පාලනයකට සමාන දැඩි පාලනයක් විදුහල තුළ පවත්වාගෙන ගිය බව කියන කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ආරක්ෂා කර ගන්නට විවිධ පාර්ශ්ව උත්සාහ ගත්තත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහුට එරෙහිව දැනටමත් තම පය පෙරට තබා හමාරය. 

ඒ පසුගියදා ෆේස්බුක් සිද්ධියක් සම්බන්ධයෙන් සිය දිවි නසාගත් වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගනිමිනි.

කුරුණෑගල ‍පොලීසියට මතෛක් කලක් කරන්නට බැරි වුණු එම කටයුත්ත ජාතික ළමා  ආරක්ෂක අධිකාරිය මගින් ඉටු කරනුයේ රටේ පවතින නීති රාමුව මත පිහිටා මිස කැලෑ නීතියකින් නොවේ.

විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නේ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 අ වගන්ති ප්‍රකාරවය. 

ඊට අනුව ළමයෙකු මානසිකව කෲරත්වයට පත්කිරීම වරදකි. 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේද මානසික හිංසනය අපරාධ නීතියට ඇතුළත් කර ඇති වරදකි. මෙම වරදට යම් අයෙකු වරද කරුවෙකු වූ විට

ෆේස්බුක් තෙවැනි මරණය ‍පොල්පිතිගම සිසුවියක් පෙම්වතා සමග චැට් කරන්න එපා යැයි කීවාටලු

ෆේස්බුක් සිද්ධියක් නිසා සිය දිවි නසාගත් තෙවන මරණයද ඊයේ (23) කුරුණෑගල ‍පොල්පිතිගම බෝගොල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

මරණයට පත්ව ඇත්තේ ‍පොල්පිතිගම ජාතික පාස‍ලේ අධ්‍යාපනය ලබමින් සිටි දහසය හැවිරිදි ගනේෂිකා රණතුංග නම් ශිෂ්‍යාවකි. 

ඇය පසුගිය දෙසැම්බරයේ පැවැති අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසේ රැඳී සිට ඇත. පසුගිය 22දා සවස ඇයගේ පෙම්වතා සමග සිය ජංගම දුරකථනයේ ෆේස්බුක් වෙබ්

ෆේස්‌ බුක්‌ අවහිර කිරීමට යයි?

ෆේස්‌ බුක්‌ සහ අන්තර් ජාලය වැරදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් සිදුවන හානිකර තත්ත්වයන්ගෙන් ශ්‍රී ලාංකික දරු පරපුර රැකගැනීම උදෙසා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවසීය.

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම සඳහා මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්‌ කර ඇති බවත්, ඒවා තහනම් කරන බවට එම කොමිෂන් සභාව දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා කීවේය.

පසුගිය දිනවල ෆේස්‌ බුක්‌ භවිතයෙන් දරුවන් දිවි නසාගැනීමේ සිද්ධිය හා ඊට පෙර සිදු වූ එවැනි තවත් සිදුවීම් විමර්ශනය කරමින් ෆේස්‌ බුක්‌

'ෆේස්‌බුක්‌' මිතුරෙක්‌ද? මරුවෙක්‌ද?

පළමු කතාව

වෙනුෂා, ඉගෙනුම ලැබුවේ කුරුණෑගල ජනප්‍රිය පාසලකය. 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි වෙනුෂා ද වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් සේම ෆේස්‌බුක්‌ සමාජ ජාලය සමග ගනුදෙනු කළ සිසුවියකි. 


ඇය කොතරම් දුරට ෆේස්‌ස්‌ බුක්‌ පරිහරණය කළා දැයි වාර්තා වන්නේ නැති නමුදු ඇයට ලැප්ටොප් පරිගණකයක්‌ ගෙන දීම සම්බන්ධයෙන් ඇයගේ මව පියාට දොෂාරෝපණය කළ බවක්‌ පුවත්පත් වාර්තාවල සඳහන්ව තිබිණි. 

කෙසේ හෝ වෙනුෂාගේ සිය දිවි නසා ගැනීමට හේතුව වී තිබුණේ, ඇය උගත් පාසලේ විදුහල්පතිවරයා අපහාසාත්මක ලෙස ඇයට බැණ වැදීම නිසා බව කියෑවිණි. ඊට හේතුව වී තිබුණේ ෆේස්‌ස්‌බුක්‌ වෙබ් අඩවියේ

ෆේස් බුක් Fake එකක් හොයා ගන්න හැටි

FBFackeෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්
ලෙස හැඳින්විය හැකිය.

එම නිසා හොර ෆෙස්බුක් ගිණුමක් පහසුවෙන් හඳුනා ගන්නා ක්‍රමයක් පිළිබඳව ඉන්ටර්නෙට් විශේෂඥ විකී
වික්‍රමරත්න මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

ගර්ල් කෙනෙක්ගේ ෆේක් එකවුන්ට් එකක් අඳුනගන්න ලේසි ම විදිය තමයි එයාගේ පින්තූරේ. උපරිම කොලිටි එකක් තියෙනවා නම් ඒක අනිවර්යෙන් ම ෆේක් ෆෝටෝ එකක්.

ෆේක් එකවුන්ට් එකක්. පිරිමි ළමයින්ගේ පාසලේ නම ගමේ නම හෝ වරද්දලා දාලා තියෙනවා හුඟක්. ඒකෙන් අපිට චෙක් කරන්න පුළුවන් ඇත්තම බෝයි කෙනෙක්‍ ද නැත්නම් එයා වෙන නමකින් ඉන්න

'ෆේස්‌ බුක්‌ විදුහල්පති' කුරුණෑගල කලාප කාර්යාලයට

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ අධ්‍යාපනය ලද වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර සිසුවිය ෆේස්‌ බුක්‌ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගැනීම ගැන චෝදනා ලැබ සිටින එම විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා මෙම සිදුවීමට අදාළ පරීක්‍ෂණ නිමවනතෙක්‌ ඊයේ (21 දා) සිට කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයට අනුයුක්‌ත කරන ලදී.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති අධ්‍යාපන විෂය භාර ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් බී. බී. එම්. සිරිසේන මහතා විසින් ඊයේ (21 දා) ලිච්චවී ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කීවේය.

ඊයේ (21 දින) සිට ක්‍රියාත්මක විදුහල්පතිවරයාගේ අනුයුක්‌තිය දින නියමයක්‌ නොමැතිව පරීක්‍ෂණ නිමවනතුරු ක්‍රියාත්මක වන බව ද

Face Book තහනමට ආණ්ඩුව සැරසේ

ෆේස්බුක් (facebook) සමාජ වෙබ් අඩවිය භාවිතය තුළින් විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්, මේ තත්ත්වය යටපත් කිරීමට ක්‍රියාදාමක් අවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය. 

ඊයේ (20දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කතා කරන්නේ ෆේස්බුක් සමාජ ජාලා පිහි‍ටුවීමට කළින් මේ රටේ අපරාධ සිදු නොවු ලෙස කල්පනා කර හැකිවුවත් අද මේ රටේ සිදුවන අපරාධ පිළිබඳ සලකා බැලිමේදී

අපි කවදාවත් හිතුවේ නෑ දුව මේ වගේ දෙයක්‌ කර ගනීවි කියලා - අම්මා වැළපෙමින් කියයි


ෆේස්‌ බුක්‌ 
පෙම් හබයට 
දිවි පිදූ දිනුෂිකා

"අපි කවදාවත් හිතුවේ නෑ දුව මේ වගේ දෙයක්‌ කර ගනීවි කියලා. හැමතිස්‌සේම හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කළාට ඒලෙවල් විභාගෙට ඉගෙන ගන්න බොහෝම ආශාවෙන් හිටියේ" යෑයි තම පින්තූරය වෙනුවට වෙනත් තරුණියකගේ පින්තූරයක්‌ ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේ පළ කිරීමෙන් පසුව ඒ බව හෙළිවීම

රූමත් තරුණියකගේ රූපයට වශීවූ බැංකු නිලධාරියා ගේ ෆේස්‌ බුක්‌ "සෙල්ලම" නිවසේ බාල්කයේ

ෆේස්‌ බුක්‌ (මුහුණු පොත) සමාජ ජාල වෙබ් අඩවියේ සිය ගොනුවේ තමාගේ සැබෑ ඡායාරූපය වෙනුවට වෙනත් රූමත් තරුණියකගේ ඡායාරූප ඇතුළත් කර ඇතිවූ ප්‍රේම සබඳතාවයකින් පසු එම "සෙල්ලම" සිය පෙම්වතාට හෙළිවීමෙන් සිත් තැවුලට පත් ඇල්පිටිය, පිටිගල, මන්නාගොඩ ප්‍රදේශයේ පදිංචි දිනුෂිකා කන්නංගර නමැති 19 හැවිරිදි තරුණියක්‌ සිය නිවසේ බාල්කයේ එල්ලී දිවි හානි කරගෙන ඇත.

තමා වෙත ලැබුණු රූමත් තරුණියගේ රූපයට වශීවූ බැංකු නිලධාරියා පසුගිය දිනෙක ගාල්ලේ පිටිගල පදිංචි මෙම තරුණියගේ නිවෙස සොයාගෙන පැමිණ ඇත.

ගෙඩි 64 ක් හා කුරුල්ලන් 200ක අන්නාසි ගෙඩිය

ආණමඩුව, පහළ දිවුල්වැව ටී.බී. අබේසිංහ මහතාගේ නිවස අස හට ගෙන ඇති මේ අන්නාසි ගෙඩිය ගෙඩිවලින් 64 ක් හා කුරුල්ලන් 200 කට වැඩි ප්‍රමාණයක් හට ගෙන ඇත.

පරමාකන්ද රජමහ විහාරයට පිටුපසින් තරමක වනාන්තරයක් තුළ පිහිටි පහළ දවුල්වැව ගම්මානය නිවාස 8 කට වැඩිය පිහිටා නොමැත. ඒ නමුත් දිනකට විශාල පිරිසක් මේ අන්නාසි ගෙඩිය නැරඹීමට පැමිණෙයි.

පින්තූරයක කතාව

ගව ඝාතන විරෝධී නමුත් මිනිසුන් ඝාතන විරෝධී නොවන සිවුරු කාරයන් පිරිසක් විසින් අන්තවාදයට තල්ලු කරන ලද නොමේරූ තරුණ යන් පිරිසක් විසින් මිනිසෙකුට තිරිසන් ලෙස ප්‍රසිද්ධියේ පහර දුන්හ.

දැන් යුද්ධය නැති නිසා හමුදාවට පැනීමට නොහැකිව, රැකියාවක් සොයා ගැනීමට හෝ ඉතාලි පැනිමටද නොහැකිව චාටර් වන මේ
යෞවනය අන්තවාදී සිවුරුකාරයන්ට ළමා මහණුන් මෙන් භාවිතා කල

ෆේස් බුක් නිසා තවත් තරුණියක් සියදිවි නසා ගනී.


සාරියකින් 
ගෙළ 
වැළලාගෙන

ෆේස් බුක් පේ‍්‍රම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් අද වාර්තා වුණා. 

ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂා තිලක්ෂි නැමති තරුණියයි අද උදෑසන සාරියකින් ගෙළ වැළලාගෙන සිය නිවසේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ. 

ඒ, ඇගේ මව රැකියාව සඳහා ගොස් සිටියදියි. සහෝදරියන් දෙදෙනෙක් මෙම තරුණියට සිටින අතර ඔවුන්ද ඇය සියදිවි හානි කරගන්නා

ෆේස් බුක් අවුලක් නිසා දිවි නසාගත් වෙනුෂාගේ චරිතය ඝාතනය කිරීමේ මෙහෙයුමක්?


ඇගේ කන්‍යාභාවය 
ගැන වෛද්‍ය වාර්තාවක්

ෆේස් බුක් පිටුවක පළවී තිබුණේ යැයි කියනු ලබන ඡායාරූපයක් මුල්කරගෙන කුරුණෑ ගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වුණු බව පැවසෙන සිසුවියක සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් මතෛක් කෙරෙන සියලු පරීක්ෂණ සිදුවන්නේ විදුහල්පතිවරයා ආරක්ෂාකර ගැනීම මුල්කරගෙනද යන සැක සංකාද මේ වනවිට ඇතැම් පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වෙමින් තිබේ.

වෙනුෂා ඉමන්දි බණ්ඩාර නම් වූ ඒ සිසුවිය ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමට පෙර තමන්ට ඒ තීරණය ගැනීමට හේතු භූත වූ කාරණා පැහැදිලිව සටහන් කර තිබියදීත් විදුහල්පතිවරයා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අධ්‍යාපන බලධාරීන්ට මෙන්ම ‍පොලීසියටද ඉඩක් මතෛක් නොලැබි ඇත්තේ විදුහල්පතිවරයා ආරක්ෂාකර ගැනීමට කිසියම් මෙහෙයුමක් දියත්ව ඇති බැවින් යයිද අදහස් මතුවෙමින් තිබේ.


එකී ලිපියට අනුව වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවිය සියදිවි හානිකර ගැනීමට බලපානුයේ විදුහල්පතිවරයා ඇයට පාසල තුළදී ප්‍රසිද්ධියේම,

ශ්‍රී ලංකාව සහ මානව අයිතිවාසිකම්

මෙම විසිවෙනි සියවසේ අවසාන කාර්තුවේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම කතාබහ ට ලක්වී තිබෙන්නේ “මානව අයිතිවාසිකම්” යන වචන දෙකයි. 

එබඳු කතා බහකට බදුන් වන්නේ ශ්‍රි ලංකාවේ ඒ උතුම් අයිතිවාසිකම් සුරැකෙන නිසා නොව උපතේ සිට මියැදීම දක්වා වූ සකල විධ මානව අයිතිවාසිකමක්ම අප රට තුළ සහ මුලින්ම විනාස වී යාම නිසායි.

මානව හිතවාදය පිලිබඳ විශිෂ්ට ඉගැන්වීම් ඇති බුදු සමයට මුවා වී වර්තමාන පාලකයෝ රට වාසිය සතු සියලුම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් එකින් එක වළලා දැමු අයුරු 1988 නොවැම්බර් 11 දින ගුවන් විදුලියෙන්  කළ රජයේ නිවෙදනයකින්ම තහවුරු කරයි. 


එනම් ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා වූ ලොව පිළිගත් කිසිම ආකාරයක උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යාම මරණ දඩුවම් ලැබීමට තරම් වූ වරදක් කොට සැලකීමයි. 

ළමා ඝාතක ඩබ්.එම්.සමන් ඉඳ්‍රරත්න අත්ඩංගුවට

සමහර සර්ලා ප්‍රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා.මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහ අහ O/L කවදාවත් කරන්න බෑ.

අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට ‘‘වේසි’’ කියලා කතා කරන එක නවත්තන්න. 

පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසල  

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරිය යටතේ පිහිටි ළමා හා කාන්තා කාර්‍යාංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්ඩංගුවට ගන්නා ලදී.


එම විදුහලේ අධ්‍යාපනය ලැබූ පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළකර තිබී යැයි කියන ඡායාරූප කීපයක් සම්බන්ධයෙන් ‍ෙදාස් පැවරීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිසුවිය

සම්බාහන මධ්‍යස්‌ථාන හා ගණිකා ව්‍යාපාරය

සම්බාහන මධ්‍යස්‌ථාන වල සේවය කරන කතුන් බොහෝමයක්‌ විවාහක ය. ඉතාම සුළු පිරිසක්‌ අවිවාහක තරුණියන් සිටී. මොවුන් බොහෝම යක්‌ කොළඹින් පිට පළාත්වලින් පැමිණි කාන්තාවන්ය. පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, හලාවත, කළුතර, රත්නපුරය, අම්පාර වැනි ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක්‌ මෙහි රැකියාව කරති. කොළඹ පිළිගත හැකි ආයතනවල රැකියාවල නිරත වන බව දෙමාපියන්ට පවසා ඔවුහු මේ ව්‍යාපාරයෙහි යෙදෙති.

ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයේ තවත් ප්‍රවණතාවයකි සම්බාහන මධ්‍යස්‌ථාන තුළ සිදුකෙරෙන ගණිකා ව්‍යාපාරය. අද ලංකාවේ SPA නමින් හැඳින්වෙන්නේ එම "මසා- සෙන්ටර්" ය. ඒවා විවිධ ලේබල්

මොනවද මොකටද මේ වල්ලපට්‌ටා

මෑත අතීතයේදී ආන්දෝලනාත් මකව කතා බහට ලක්‌වූ වල්ලපට්‌ටා ශාකය පිළිබදව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්‌ පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශ මඟින් 2014.02.03 වන දින සංවිධානය කර තිබුණි. 

මෙම වැඩමුළුවේ මූලික අරමුණ වූවේ නිසි අවබෝධයකින් තොරව වල්ලපට්‌ටා ශාකය සොයා මිනිසා විසින් සිදු කරන වන සංහාරය නැවැත්වීම සදහා එම ශාකය පිළිබද නිසි අවබෝධයක්‌ ජනමාධ්‍ය හරහා ජනතාව වෙත ලබාදීම, මෙම ශාකය පිළිබඳව පවතින නීතිමය රාමුව, දැනට ශාකය පිළිබඳව සිදුකර ඇති

හරක් ගාලක ශෝකාන්තය

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාව යක් නොමැත​.

අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැද ගතුන් යන්නේ නැත​. උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​. 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත්  අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති. හිඟන්නාට කෙලින්නේ තවත්  හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. 

අන්තරය ,  මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන්ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණයන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති. 

සිසුවියගේ මරණයට දෙමාපියෝ වග කියන්න ඕණෑ - දයාසිරි කියයි.

“ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. 

විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ.

තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ

සදාචාරය?

සදාචාරය පුද්ගලිකය, එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලික ම ගුණාංගය වන්නේ අන් අයගේ සදා චාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි. 

අන් අයගේ සදාචාරාත්මක භාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන් නන් සියල්ලම පාහේ වදවෙන්නේ ඔවුන්ගේ සදාචාරත්මක භාවය ගැන නොවේ. 

තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ හැදියාව ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට

පැරිසියේ ආදරණිය සැන්දෑව...

සතුට, සාමය එකමුතුව සමග ආදරය නමින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් වැඩ සටහනක්  පැරිසියේදී පැවැත්වෙනවා. 

පෙබරවාරි 15 වෙනිදා පැවැත්වීමට නියමිත මෙම වැඩ සටහන “රෝමන්තික්  සැන්දෑව” ලෙස නම් කර ඇති බව වැඩසටහන සංවිධායකයන් වන පැරිසියේ මීගමු සංවිධානය පවසනවා. “රෝමන්තික් සැන්දෑව” ගැන එහි ප්‍රධාන සංවිධායක ලක්මාල් මදුරාවල සමග කල කෙටි කතා බහක්.

“පැරිසියේ ශ්‍රී ලංකික ප්‍රජාව විදිහට පළමු වතාවට තමයි මෙවර ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ. පහුගිය මාස කිහිපයක් පුරාම මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්, නත්තල් වැඩසටහන් වලින් වෙහෙසට පත්වෙලා හිටියත් මේ වැඩසටහනට අත ගැසුවේ විශේෂ හේතුවකුත් ඇතුවයි. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අළුත්ම ගොදුර


මෙන්න විවෘත 
අභියෝගයක්‌

නවක වධය නිසා තවත් සිසුවෙක් මිය ගොස් තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ වී.කේ නිශාන්ත පේරාදෙනියේ අළුත්ම ගොදුර වීම කොතරම් කුරිරුද ? 

මෙම සිසුවා සරසවියට පැමිණි දිනයේ සිටම ඔහු විවිධාකාර නවක වධ වලට ලක් වීමට සිදු විය​.  ඔහු සමග නේවාසිකාගාරයේ සගයාද ඔහුද ලිංගික නවක වධ වලට ලක් වූ අතර සගයා ඊට එරෙහිව අධිකරණයට ගියේය​.  

එම නඩුව පසුගිය දෙසැම්බර් මස අවසන් වූ අතර ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අයට අත් හිටවූ සිර දඬුවම් නියම කෙරිණි.  

අයියනායක කෝවිලටත් දෙවියන්ගේම පිහිටයි...

දුටුගැමුණු රජු විසින් දුටුගැමුණු එළාර යුද්ධය නිමකොට එන ගමනේදී සුකී ජනතාවට වැඳුම් පිදුම් කිරීම පිණිස ඉදිකළා යැයි ජනප්‍රවාදයේ කියවෙන හොරොව්‍පොතාන ශ්‍රී අයියනායක කෝවිල විනාශ වෙමින් පවතී.

දුටුගැමුණු සමයට අයත්යැයි සැලකෙන මෙම කෝවිල නිදන් හොරුන්ගෙන් විනාශ වෙමින් තිබෙන බවත් එහි අඩුපාඩු රැසක් පවතින බවත් ප්‍රදේශවාසීන් හා කෝවි‍ලේ ප්‍රධාන පූජකවරයා පෙන්වා දෙති.  

ගලින් සාදන ලද ගණදෙවි පිළිමය, බහිරව පිළිම, ශිවලිංගය හා ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන ගව ප්‍රතිමාව ඇතුළු පුරා

පිරිමි ශරීරය වෙනස්‌කර කාන්තා අඟ පසඟ සාදා ගණිකාවක්‌ වීමට සිහින මැවූ මිනිසා

මිනිසකු වී ඉපදීමට මහා කුසල් සමුදායක්‌ අවශ්‍ය වන බව බුද්ධ දේශනාවේ සදහන්වේ. එහෙත් පිරිමියකු වී ඉපදීමටද ඊට වඩා විශාල කුසල් ප්‍රමාණයක්‌ අවශ්‍යය. එවන් පිරිමියකුව ඉපිද ගැහැනියක්‌ වීමට සිතතොත් එය පුදුම දනවන සුළුය. එහෙත් මේ කලියුග කාලය යෑයි සිතෙන්නේ මෙවැනි පුවත් ඇසීමෙනි. 

පිරිමියකු වී ඉපිද නවීන වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ගැහැනියක වී ඉන් එහාට ගණිකාවක්‌ වීමට සිහින මැවූ මිනිසකු තම පහස ලැබීමට ආ මිනිසුන් දෙදෙනකු මරා මිනීමරුවකු වූයේ යෑයි කීවොත් ඔබ පිළිගනීද එහෙත් එය සත්‍යයකි. මේ කතාව එළිදරව් වන්නේ හෝමාගම පොලිසිය මිනීමරුවකු සොයාගිය මෙහෙයුමක අවසානයෙනි.

පසුගිය 8 වැනිදා උදැසන 7 ට හෝමාගම පොලිසියට පැමිණි පුද්ගලයකු කීවේ හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ආයතනයකට අයත් නාන කාමරයක්‌ තුළ එම ආයතනයේ මුරකරු මරා දමා ඇති බවය.

වෙනෝෂා ඉමන්දිගේ මරණය දඩමිමා කරගෙන ෆේස්බුක් තහනම් කිරීමට පොටක් පාදා ගනියි.?


ප‍ටු දේශපාලනික 
හේතු මුල පාදයි

ෆේස්බුක් සමාජ ජාල අඩවි යේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන් ධයෙන් විදුහල්පති වරයෙකු විසින් දොස් පැවරී මෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගෙල වැළලා ගෙන මියගිය සිසුවියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමිය වෙත යා යුතුව තිබූ ඇය ඉගෙනුම ලැබූ සර් ජොන් කොතලාවල විදුහල ඉදිරිපිට මාර්ගයේ ගමන් නොකරන ලෙසද පාසලේ කිසිම සිසුවෙක්ට නිල ඇඳුමින් මෙම අවමගුලට සහභාගී නොවන ලෙසද තහනම් නියෝගයක් අධිකරණය මඟින් ලබා ගැනිමට විදුහල්පති පර්ශ්වය කටයුතු කර ඇති බවයි. 

තරුණ තරුණියන් බස්රථ වලට ගොඩවී අශෝබන ලෙස හැසිරීමට පුරුදු වෙලා...


පෙම් රැඟුම් මඬින්න 
පැති වීදුරු ආවරණ 
ගලවා දමයි 

තිස්සමහාරාම බස් නැවතුමේ නවතා ඇති බස් රථ තුළ තරුණ තරුණියන්ගේ අශෝභන ලෙස හැසිරීම් නිසා මගිහු දැඩි අසීරු තාවට පත්ව සිටින බව අප වෙත වාර්තා වෙනවා. මෙම තත්ත්වය සන්ධ්‍යා කාලයේ දී බහුල වශයෙන් සිදුවන බව නිරීක්ෂණය කිරීමට හැකි බවත් අපට වාර්තා වුණා.

සවස 6 ත් 7 ත් අතර තිස්සමහාරාම නගරයෙන් ග්‍රාමීය ප්‍රදේශ කරා ගමන් කරන පෞද්ගලික බස්රථ දිගු වේලාවක් බස් නැවතුමේ නතර කර තිබෙන අතර පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වී ආපසු නිවෙස් කරා යාමට පැමිණෙන තරුණ තරුණියන් අදාල බස්රථ වලට

පාසල් සිසුවිය නේවාසිකාගාරය තුළදී දුෂණය කළ පාසල් සිසුවා...

පාසල් සිසුවියක්ව පාසල් නේවාසිකාගාරයක් තුළදී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18ක් වන පාසල් සිසුවෙකුවය.

අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර ඉගෙණුම ලබමින් සිටී. සැකකාර ශිෂ්‍යාද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත. 


දෙදෙනා අතර මීට සති කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත. පසුගිය 01 වැනිදා පුද්ගලික උපකාරක පන්තියකට යාම සදහා

මෙවර ෆේස්බුක් මාරයාට ගොදුරු වු පාසල් සිසුවිය කියූ කතාව...

ෆේස්බුක් හේතුකොටගෙන ඇතිවන සිත් තැවුල් සහ ආරවුල් මුල්කරගෙන ලෝකයේ කොතරම්  සිය දිවි හානිකර ගැනීම් සිදුවුවත් මෙරටින් පළමු සිය දිවි හානිකර ගැනීම වාර්තා වන්නේ ඉකුත් වසරේ නොවැම්බරයේදීය.

ෆේස්බුක් හේතුවෙන් දැන් දෙවැනි මරණයද මෙරටින් වාර්තා වී හමාරය. මෙවර ෆේස්බුක් මාරයාට ගොදුරුවන්නේ පාසල් සිසුවියකි. 


මෙවර අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලැබිමට සූදානමින් සිටි ඇය කුරුණෑගල පිහිටි ප්‍රධාන මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි යුවතියකි.

සිසුන් පන්දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන එම පාස‍ලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වන ඇය ෆේස්බුක් මාරයාට ගොදුරුවන්නේ ඇය ෆේස්බුක් මගින් අනිසි සම්බන්ධයක් පැවැත්වීම හෝ නරක ක්‍රියාවක

අලගල්ල කඳු මුදුනේදී දුටු ශ්‍රී ලාංකික ගෝත්‍රිකයන් ගේ හැසිරීම

ශිෂ්ටත්වයේ අරුණලු කිසිදා නොදුටු වනචාරී ශ්‍රී ලාංකික ගෝත්‍රිකයන් පසුගිය නිදහස් දිනයේ අලගල්ල කඳු මුදුනේදී හැසිරුනු අයුරු මෙම ලියුම්කරුවා විස්තර කරයි. (වාර්තා කරන්නේ නුවන් ගන්කන්ද විසිනි)

හැම පෙබරවාරි 04 වැනිදාකම අලගල්ල කඳු මුදුනට නිදහස පෙනෙනවාලු!  සිරිපාද ලාංඡනය මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්ක අතර පිහිටි අලගල්ල කඳුවැටිය අවට ගම්වල නිදහස් දිනය සමරන අපූරු සිරිතක් තිබේ. ඒ නිදහස් දිනයේදී අලගල්ල කන්ද තරණය කිරීමයි. ඔවුන් අලගල්ල මුදුනේදී නිදහස සමරන ආකාරය දැකීමට ඉකුත් පෙබරවාරි 04 දින අපිදු එය තරණය කළෙමු. 

ඉකුත් පෙබරවාරි 04 වැනි දින අපි අලුයම් කාලයේ කෑගල්ල නගරය පසු කරන විට නගරය ජනතාවගෙන් පිරී තිබුණි. ඊට හේතුව ජාතික නිදහස්

සේමිණීගේ සොඳුරු නිවහන

දක්ෂතාවයත් කැප වීමත් සුන්දරත්වයත් එක්තැන් වූ අප කලා ලොවේ අතළොස්සක් වූ නිළියන් අතරට ඇගේ නාමය ද එක් වන්නේ නිතැතිනි. 

ඈ සේමිණී ඉද්දමල් ගොඩයි. සේමිණී ගේ සොඳුරු නිවහනේ සුන්දරත්වයේ තොර තුරු ඔබ වෙත ගෙන එන්නට අපි කල්පනා ලා. රාජගිරිය මාදින්නාගොඩ පිහිටි සේමිණීගේ සොඳුරු නිවහනට අපි ගොඩවැදුණේ ඒ නිසයි. සේමිණී ඇගේ නිවහනේ සුන්දරත්වය ගැන අප සමඟ කතාකළේ මේ විදිහට.

“මීට වසර හතරකට පමණ පෙරාතුවයි ධම්මිකත් මමත් මේ නිවහන මිලදී ගත්තේ. ඒ වන විට නිවෙසේ අඩක් වැඩ නිම කරලා තිබුණේ. ධම්මිකත් මමත් අපි දෙදෙනාට අවශ්‍ය විදිහට මේ නිවහනේ බොහෝ වෙනස්කම් සිදු කළා.”

මහල් හතරකින් යුත් මේ අලංකාර නිවහනේ බිම් මහල වෙන් වන්නේ උද්‍යානය, ආලින්දය, විසිත්ත කාමරය හා ෆැන්ට්‍රිය සහිත ක්‍රමානුකූලව සකසන ලද කෑම කාමරය

යුරෝපා ගී සැදැව (පින්තූර)

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය මෙහෙයවූ යුරෝපා ගී සැදැව පසුගියදා පැරිසියේදී පැවැත්විණි.

ප්‍රංශය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, එංගලන්තය නියෝජනය කරමින් යොවුන් ගායක ගායිකාවන් රැසක්

කැලණිය ගෝනවල ලැඟුම්හලකදී සුරූපී කත අබිරහස්‌ ලෙස මියගිහින්

ගෝනවල ගල්ඒදණ්‌ඩ ප්‍රදේශයේ ලැගුම් හලක සේවය කළ සුරූපි කාන්තාවක්‌ එම අවන්හලේ කාමරයක්‌ තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ තිබෙන පුවතක් කැලණිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ මියගොස්‌ ඇත්තේ කොළඹ සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තුවාන් ෆාතිමා නමැති 19 හැවිරිදි මුස්‌ලිම් කාන්තාවකි.

මෙම සුරූපිනිය එම අවන්හලේ විදුලි පංකාවක තිර ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන සිට ඇති අතර නිවසෙහි ස්‌ථාන කිහිපයකම ලේ පැල්ලම් හා

විදුහල්පති ෆේස්‌බුක්‌ ගැන ප්‍රශ්න කළ පසු ශිෂ්‍යාව බෙල්ලේ වැල දාගෙන

කුරුණෑගල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක ශිෂ්‍යාවක්‌ ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියට සිය ඡායාරූප කිහිපයක්‌ ඇතුළත් කර තිබීමේ සිද්ධියක්‌ පිළිබඳව විදුහල්පතිවරයා කළ ප්‍රශ්න කිරීමක්‌ මුල්කරගෙන සිත් තැවුලට පත්වූ එම දැරිය නිවසට පැමිණ ගෙලවැලලාගෙන මියගොස්‌ තිබෙනවා.

වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර නමැති දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌ මෙසේ දිවිනසාගෙන
තිබෙනවා. මේ පිළිබඳව විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ ජීවිතයට හානි කරගන්නට තරම්

කොන්ක්‍රීට්‌ බිත්තිය විනිවිද බෝධි අංකුරයක්‌

වඳුරඹ පහල ලේල්වල විවේකාරාම විහාර ස්‌ථානයේ බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගෙන පිහිටි මල් ආසනයේ කොන්ක්‍රීට්‌ බිත්තිය විනිවිද බෝධීන් වහන්සේගේ අංකුරයක්‌ වැඩෙමින් පවතී.

එම බෝධි අංකුරය මල් ආසනයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේගේ ශීර්ෂයට සෙවන සදමින් වැඩෙන අන්දම කැමරාවේ මෙසේ සටහන් විය.

දේවාලයේ පිහිට පතා ආ තරුණියට වහ වැටී කපුවා බිරිඳ සහ දරුවන් පන්නලා

දඹුල්ල ප්‍රදේශයේ කපුවෙක්‌ තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇඳිවත පිටින් නිවෙසින් පන්නා දමා අනියම් බිරිඳක්‌ නිවෙසට කැන්දා ගෙන විත් තිබෙනවා.

නිවෙසින් පන්නා දැමූ බිරිඳ සහ දරුවන් දෙදෙනා කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව නිරාහාරව

ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ගොන් කතා...

උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැමිණියහොත් ගසා පන්නන බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී ප්‍රකාශ කල බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි. මෙම  බසයට එන සිසුන්ගෙන් පැයකට රුපියල් 300ක් අය කර ඇති බවත් ඔහු කියයි.

මෙවැනි අපචාරී කටයුතු වලට එරෙහිව ක්‍රියා කිරීමට පොලිසියක් තිබේ.  එම නිසා රටක පවත්නා නීතිය අනුව මේ අපචාර වලට එරෙහිව කටයුතු කරනවා මිස කැමති කෙනෙකුට පහර දීමට ඇමතිවරුන් හෝ උන් ගේ පාන් වාටි කන එවුන්ට ඉඩ දීම යනු ජනතාවම ඉල්ලාගෙන කෑමකි.

සිරිසේනලා හා රංජිනීලා...

ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන කොලඹ හතේ ඉපිද කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍යවරියක වී පොලොන්නරුවේ හද්දා පිටිසර මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට ගියාය. මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවේ ඉපිදී අසීරුවෙන් ජීවිතය ගැටගහගෙන ගමේ ඉස්කෝලේ ඉගන ගෙන ග්‍රාම නිලධාරියෙකු වී පසුව දේශපාලනය හරහා කොලඹ ආවේය​. 

රංජනී ගුණවර්ධන අද දෙහි අත්තකණ්‌ඩිය කජුවත්ත ප්‍රදේශයේ මහවැලි සංවර්ධන මණ්‌ඩලයට අයත් අතහැර දමන ලද ගබඩාවක ජීවත් වෙන්නීය. රංජිනී දුප්පත්ය. හම්බ කරගත් දෙයක් නැත. 

ශිෂ්‍යත්ව විභාගය ගැන සැමියා සමඟ බහින් බස්‌ වී මව දස හැවිරිදි දියණිය සමග ළිඳට පනී...

අනුරාධපුර, ශ්‍රාවස්‌තිපුර, ශාන්ති වී මෝල පාරේ පාළුවට ගිය නිවසක ගෙවත්තේ ළිඳක්‌ තුළ දස හැවිරිදි දියණියක් සහ ඇගේ මව එම ළිඳට පැන දිවි හානිකර ගෙන පුවතක් පොතානේගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මියගිය දියණිය අනුරාධපුර පොතානේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඇය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

ඉකුත් 31 වැනිදා සවස ළිඳට පැන දිවි හානි කරගත් දියණියගේ සහ මවගේ මළ සිරුරු පෙරේදා (01 දා) උදේ අසල්වාසියකු විසින් සොයා ගත් අතර අනතුරුව ඔවුන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබුණා.