Ads 468x60px

.

වෙබ් අඩවි හරහා සිදුවන ලිංගික උත්තේජක ජාවාරම...

හෝටලයක සිටියදී හදිසියේ රෝගාතුර වූ ප්‍රකට දේශපාලනඥයෙක් මීට කලකට ඉහතදී මියගියේය.

ඔහුගේ මරණය පිළිබඳ වෛද්‍ය නිගමනය වූයේ එය සිදු වී ඇත්තේ ස්වාභාවික හේතුවකින් බවය. 

දිවි ගමනේ සැඳෑ සමය පසු කරමින් හුන් එම දේශපාලනඥයා මියගියේ ස්වාභාවික හේතුවකින් වුවත් ඔහුගේ රුධිර පීඩනය එකවරම වැඩි වූයේ ඇයි දැයි කරළියට ආවේ නැත. 

එනමුත් එකල පැතිරී ගිය කතාව වූයේ ඔහුගේ රුධිර පීඩනය එකවර වැඩිවූයේ ඔහු ලිංගික උත්තේජන ඖෂධයක් භාවිතා කිරීම නිසා බවය. දේශපාලනඥයාගේ පෙර රෝගී තත්ත්වය මෙන්ම වයස හේතුවෙන්

අනර්කලී 18 වැනියා නදීෂා 9 වැනියා...


බලය යළි සන්ධානයට

දකුණු පළාත් සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් හා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදුණු රංගන ශිල්පිනියන් වන අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලි පරාජයට පත්වී තිබෙනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මාතර දිස්‌ත්‍රික්‌කයට තරග කළ අනර්කලී ආකර්ෂා මෙනෙවිය ඡන්ද 8842 ක්‌ද, එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මාතර දිස්‌ත්‍රික්‌කයට තරග කළ නදීෂා හේමමාලි මෙනෙවිය ඡන්ද 11,006 ක්‌ ද ලබාගෙන
තිබෙනවා.

ඒ අනුව අනර්කලී ආකර්ෂා 18 වැනි ස්‌ථානය ද නදීශා හේමමාලි 09 වැනි ස්‌ථානය ද හිමිකර ගෙන ඇතැයි ද වාර්තා වනවා. ඒ අනුව බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට විශිෂ්ට ජයක්‌ හිමි වි තිබෙනවා.

පළාත් දෙකෙහි මැතිවරණ ආසන 57 න් 51 ක්‌ ජයග්‍රහණය කිරීමට සන්ධානයට හැකිවුණා. එක්‌සත් ජාතික පක්‍ෂය සිය බලකොටුව වූ කොළඹ මහ නගර

සිහි නැති වූ විට මා හට ලිංගික අතවර කළේ කවුද කියා දන්නේ නැහැ - රුසියානු තරුණිය කියයි

"තංගල් "ද නේචර්" හෝටල යේ ආපනශාලාවට මගේ පෙම්වතා සමග ගමන් කළ අයුරු, අපේ අනාගත සිහින ගැන ඔහු සමග කතා කළ අයුරු, ජීවිතේ තියෙනතුරා අමතක වන්නේ නෑ..." 

යෑයි එම හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය ඊයේ (27 වැනිදා) කොළඹ මහාධිකරණ යේදී කඳුළු පිරි දැසින් කියා සිටියා.

2012 දෙසැම්බර් 25 හෝ ඊට ආසන්න දිනයක තංගල්ල මැඩිල්ල පාරේ පිහිටි "ද නේචර්" නමැති හෝටලයේ කළමනාකාර රයන් අකලංක නමැත්තාට පහරදී තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එදින එම හෝටලයේ පැවැති නත්තල් සාදයකට පැමිණ සිටි කුරාම් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහර දී බෝතල් කටුවලින් කපා මරා දැමීම සහ

සාක්‌කි දෙන අතර සිය පෙම්වතා සිහිපත්ව රුසියානු පෙම්වතිය උසාවියේ හඬා වැටේ...

පෙම්වතා සහ මා අතර විශාල ප්‍රේමණීය බැඳීමක්‌ තිබුණා. ඒත් එදා රෑ මා ඔහුව දුටුවේ මගේ ජීවිත කාලයේ අන්තිම වතාවට යෑයි කියමින් තංගල්ල 'ද නේචර්" හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය සාක්‌කි කූඩුවේ සිට හඬමින් පැවසුවා.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා මේ අවස්‌ථාවේදී සාක්‌කිකාරියගෙන් හරස්‌ ප්‍රශ්න අසමින් සිටියා

සාක්‌කිකාරිය හඬන්නට වූයෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම ජනාධිපති නීතිඥවරයා මඳකට නතර කළේය. ඉන්පසු ඇය ලේන්සුවක්‌ ගෙන කඳුළු පිස දැමුවාය. ඉන් පසු

මට සිහිය එන විට ඇඟ පුරාම ‍ලේ යට ඇඳුම නෑ කියා දැනගත් විට ඇඬුණා - වික්ටෝරියා


ලිංගාශ්‍රිත ප්‍රදේශයේ 
දැඩි වේදනාවක් 
දැනුණා

 තංගල්ල ‘ද නේචර්’ හෝටලයේ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමා ඔහුගේ රුසියන් ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩේ‍ රා්නාට පහරදී සමූහ දූෂණයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිට සියලුම සැකකරුවන් වහාම යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (26)  නියෝග කළා.

මෙම නඩු විභාගය ඊයේ උදේ 10.00 සිට සවස 3.00 දක්වා දවස පුරාම පැවැත් වූ අතර මියගිය කුරාම් ෂේක්ගේ රුසියන් ජාතික පෙම්වතිය වික්ටෝරියා සාක්ෂියට කැඳවා තිබුනා. රුසියන් භාෂාවෙන් සාක්ෂි දුන් ඇයගේ සාක්ෂි සිංහලට පරිවර්තනය කරන ලද්දේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘ රංජන දේවමිත්ත සේනාසිංහ මහතා විසිනුයි.


‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා විසින් මෙහෙවන ලද පැමිණිල්‍ලේ සාක්ෂියට ඇය පැය ගණනාවක් එක දිගටම සාක්ෂි දුන්නා.


වර්ෂ 2011 දෙසැම්බර් 24 දින රාත්‍රියේදී ද නේචර් හෝටලයේ පැවැති නත්තල් සාදය අතරතුරදී පිහිනුම් තටාකයෙන් ගොඩට ඒමට නොදී

තරුණයකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ ‍පොලිස් නිලධාරිනියගේ කතාව

තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ ‍පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් ‍පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ ‍පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම්ය. 

මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පති බල ප්‍රදේශයෙනි. 

නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි. එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම ‍පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම හෝ පාඨක යන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු. 

මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ‍පොලිස් දෙපාර්ත මේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛිෙදනීය සිදුවීම් පෙලකි.

ඇය සේවය කරනුයේ යම් ‍පොලිස් කොට්ඨාසයක කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික ‍ලේකම්වරියක ලෙසිනි. එම පොලිස් කොට්ඨාසයේ වසර ගණනාවක්ම ඇය සේවය කරන්නීය. ඒ කාලය තුළ වරින්වර පත්ව ආ ‍පොලිස් අධිකාරීවරුන් හතර පස් දෙනකු

යානයට මොකද වුණේ? ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උපදේශක කපිතාන් එල්මෝ ජයවර්ධන කියයි

අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය කිසිසේත්ම පැහැර ගැනීමකට ලක්‌වීමට (හයිජැක්‌ කිරීමකට) ඉඩක්‌ නැති බව ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවකු වන කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා පවසයි.

තම ජීවිතයෙන් සෑහෙන කාලයක්‌ ගුවන් යානා තුළත් ආකාසයේත් කාලය ගත කර ඇති මේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන්වරයා විශ්‍රාම යැමෙන් පසුව සිංගප්පූරු ආයතනයකට සම්බන් ධවී ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කාර්යභාරයක දැන් යෙදී සිටීති.

මැලේසියානු ගුවන්යානය පිළිබඳ කපිතාන් ජයවර්ධන මෙසේ කියයි.

"අපි දැනට දන්නේ මේ ගුවන් යානය අතුරුදන්වී ඇති බව පමණයි. වරින්වර නොයෙක්‌ අදහස්‌ විවිධ රටවල්වලින් පළවූවත් ඒ එකක්‌වත් ස්‌ථිර එකක්‌ නෙවි.

"ගුවන් නියමුවකු මොන දේකට බිය නැතිවුණත් තමන් පදවන යානයේ "ගින්නක්‌ ඇති වූවොත්" යන්න ගැන නිතරම විමසිල්ලෙන් සිටින්නට ඕන. ඉලෙක්‌ටි්‍රක්‌ සර්කිට්‌වලින් මෙම ගිනි ඇති වෙන්න පුළුවන්."

"මේ ගුවන් යානයත් රේඩාර් එකෙන් නොපෙනී ගියාට පසුව තවත් පැය 4 ක්‌ 5 ක්‌ ගමන් කළ බව කියනවා. එක්‌වරක්‌ යානය ආපසු හැරුණු

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි

නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​.

බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලා වට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක් වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය.   

නලීන් ද සිල්වා හැදෙන වැෙඩන කාලයේ ලංකාවේ හාල් හිඞයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. 


එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝශණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ශණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.

නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස්

පින්තූරයක කතාව...

ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවට  එරෙහිව පන්දහසක් පමණ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරට එක්‍ රැස්ව දැවන්ත උද්ඝෝෂණයක් පැවත්වූහ. ඉතාලියෙන් පමණක් බස් 50කින් ශ්‍රී ලංකිකයෝ එහි ගියහ. 

මේ පිරිස  ශ්‍රී ලංකාවේ සමගියට හා සංහිඳිවාට බාධා නොකරන ලෙස ඉල්ලන පෙත්සමක් ද එක්සත් ජාතින්ගේ සංවිධානයට බාරදුන්හ​. 

මොවුන් සියලුදෙනාම දේශප්‍රේමීන් ද ? දේශප්‍රේමය යනු කුමක්ද ? හැකියාවක් තිබේ නම් මේ උද්ඝෝෂණයේ සිටින දේශප්‍රේමීන් ගේ වීසා ඉතිහාසය සොයා බලන්න​. 

මෙතන සිටින බොහෝ දෙනෙකු බෝට්ටු වලින් යුරෝපයට පළා ගොස් ලංකාණ්ඩුවෙන් තමාගේ ජීවිතයට මරණ තර්ජන ඇති බව කියා සුද්දන්ව

ලොවම පුදුම කර සැඟවුණු ගුවන් යානයේ අබිරහස

මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච්. 370 මගී යානය අභිරහස් ලෙස අතුරුදන් වූයේ ඉකුත් 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම රාති‍්‍ර 12.21 ට පමණය

ඒ අවස්ථාවේදී යානය චීනයේ බීජීං නුවර බලා පියාසර කරමින් තිබුණේය. අතුරුදන් වූ යානය පැහැර ගැනීමකට ලක් වන්නට ඇති බවත්, අතුරුදන් වී පැය හතරකට පසු යානයේ ඇන්ජින් කි‍්‍රයාත්මක වූ බවට තමන්ට සාක්ෂි ලැබී ඇති බවත් ඇමෙරිකාව කියයි. 

ඇමෙරිකන් ත‍්‍රස්ත මර්දන පරීක්ෂකයන් මේ බව කියා සිටියේ අතුරුදන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් චීන චන්ද්‍රිකා ඡුායාරූපවල සටහන් වූ බවත්, සෝදිසි මෙහෙයුම් පසු ඒවා යානයේ සුන්බුන් නොවන බවට පසුව තහවුරු වීමත් සමඟය.

රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වූයේ, යානයේ නියමුවා හෝ එහි සිටි වෙනත් කෙනකු හෝ යානයේ කි‍්‍රයාත්මක වෙමින් තිබුණු ‘හසුකර ගැනීමේ’ උපකරණ කි‍්‍රයා විරහිත කරවීම නිසා යැයි ඇමෙරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙති. 


යානයේ ඇත්තේ රෝල් රොයිස් වර්ගයේ ඇන්ජින්ය. ඒවා පණ ගන්වා තිබියදී සං\ නිකුත් වෙයි. ඉකුත් 8 වැනිදා යානය රේඩාර් තිරයෙන්

යානය අතුරුදන් වීමට පිටසක්වල ඡීවින්ගේ අනිවාර්ය සම්බන්ධතාවයක් තිබෙනවා

මලයාසියානු අග‍්‍රාමාත්‍ය වරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබුවත් අතුරුදහන් වූ යානය අතුරුදන් වීමට පෙර පිටසක්වල ඡීවින්ගේ අනිවාර්ය සම්බන්ධතාවයක් තිබෙන්නට ඇති බවත් පිටසක්වල ඡීවීන් පෘතුවිය තුල විවිධ පර්යේෂණ වල නිරතවන බැවින් මෙය පිටසක්වල ඡීවින්ගේ වැඩක් යැයි කිව හැකියි. 

පිටසක්වල ඡීවීන් මීට පෙරත් විවිධ අවස්ථාවල ගුවන්යානා වලට බලපෑම්කර තිබෙනවා. ඒ බවට විවිධ සාධක ලොවපුරා සිදුවීම්වලින් දැක්වීමට පුලුවන්... එවැනි සිදුවීම් කිහිපයක් කියවන්නන්ගේ දැනගැනීම සඳහා පහත දක්වමි. 

පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම්

මොකක්‌ද මේ වැඩකට නැති කිඹුල් හූනු ජරමරේ?

කොතලහිඹුටු, සුදු හඳුන්, වල්ලපට්‌ටා වලින් පසු දැන් කිඹුල් හූනන් ජාවාරමක්‌ ගැන අසන්නට ලැබේ. එසේ කිඹුල් හූනන් දෙදෙනකු ළඟ තබාගෙන මෙම හූනන් රුපියල් ලක්‍ෂ 12 බැගින් අලෙවි කිරීමට තැත්කළ දෙදෙනකුද ඉකුත් දා වනජීවී විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දොම්පේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස ලබා ඇත. කොතලහිඹුටු, සුදු හඳුන් වැනි දැ ඖෂධ වශයෙන් භාවිතයට ගන්නා අතර හඳුන් මෙන්ම වල්ලපට්‌ටාද සුවඳ විලවුන් කර්මාන්තයේ වැදගත් අමුද්‍රව්‍යයක්‌ සේ භාවිතයට ගනී. එබැවින් එම ජාවාරම් සිදුවන්නේ කුමකටද යන්න අපට පැහැදිලිය.

ඒ සඳහා විශාල මුදල් ගනුදෙනුවක්‌ද සිදුකෙරේ. එහෙත් මෙතරම් විශාල මුදලක්‌ වැයකර කිඹුල් හූනන් මිලදී ගන්නට යමකු උත්සාහ දරන්නේ

අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයෙන් අවසන් කරයි..

ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග‍්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා.

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂ ණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා.


එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවත්, ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. 

යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු

නතාෂා මේ දවස්‌වල හොරෙන්ම පෙම් කරනවා කියන්නේ ඇත්තද.?

වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් - නතාෂා

මීට දශකයකට කලින් මෙහෙම කියපු පුංචි කෙල්ල දැන් නව යොවුන් වියේ පසුවන තරුණියක්‌. පිරිපුන් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී යන ඇය නතාෂා පෙරේරාය. 

නතාෂත් දැන් පෙම්වතියක්‌ කියලා අපිට පුංචි ආරංචියක්‌ ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ඇය අපිට කිව්වේ මෙන්න මේ විදිහට.

නතාෂා කොහොමද මේ දිනවල කාලය ගෙවෙන්නේ ?

දැන් මම නීතිවේදිනියක්‌. ලංකාවේ නීතිඥවරියක්‌ වෙන්න කලින් දිවුරුම් දෙන්න තියෙන අවසාන විභාගවලට මුහුණදෙන්න සූදානමින් ඉන්නේ.

ආපහු රඟපාන්න අදහසක්‌ නැතිද?

සමහරු ස්‌පීකර් ෆෝන් එක දාලා මාත් එක්‌ක අර හෝටලයේ හිටියා මතකද කියලා අහනවා - සේමිණී

මගේ රතු කට්‌ට පන්නපු කීප දෙනෙක්‌ට අම්මා අප්පා මතක්‌වෙන්න දඬුවම් දුන්නා

"ඉවසලා ඉවසලා දැන් මට ඇතිවෙලා", කෙනෙක්‌ එහෙම කියන කොට තව කෙනෙක්‌ කියන්නේ "ඒත් ඉවසන්න" කියලයි. කොහොම වුණත් කාගෙත් ඉවසීමට සීමාවක්‌ තියෙනවා. සමහරුන්ගේ ඉවසීමේ සීමාව අඩියක්‌ වෙන්න පුළුවන්. සමහරු කිලෝ මීටර් හතක්‌ අටක්‌ ඉවසනවා.

මේ, ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය තැන කරන කතා බහක්‌. ඒකයි, මේ විශේෂාංගයට රතු කට්‌ට පැනපු තැන කියන්නේ.

රතු කට්‌ට පැනපු තැන ගැන මුලින්ම කතා බහට අපි එකතු කරගත්තේ, ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩයි.

කොහොමද සේමිණී....

හොඳින් ඉන්නවා....

කතාවක්‌ තියෙනවා, ඔයාට නිතරම කේන්ති යනවා කියලා....

කවුද කියන්නේ..... 

ගුවන් යානාවට මොකද වුණේ?‍ ජ්‍යොතිෂවේදීන් කියන කතා

දේශාංශ 52ත් 92ත් කලාපයේ යානය තිබෙනවා..

ප්‍රවීණ ‍ජ්‍යොතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා


නැති වුණ යමක් සොයා ගැනීමට ඇතිවන ආශාව මිනිස් සමාජයේ දුරාතීතයේ සිට පැවතෙන්නකි. ගැමියෙකුගේ බුලත් මල්‍ලේ සිට රටකට අයත් ගුවන් යානයක් වුවද නැති වූ පසු සොයා ගැනීමේ වුවමනාව එක ලෙසම බලපායි. මිනිසුන් එවැනි අවස්ථාවල ජ්‍යොතිෂය නිමිති අංජනම් පේන වැනි දේවල පිහිට පැතීමට පෙළඹී තිබේ.


‍ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ගුවන් යානය යනු වායු යානයකි. නැව මුහුදු යානයක් ලෙසත්, අශ්ව කරත්ත ජීවියෙකු සහිත ගොඩබිම  යානයක් ලෙසත් හැඳින්වෙයි. ගුවන් යානය වායු යානයක් වන බැවින් ඉන් සංකේත වනුයේ සෙනසුරුයි. රාශි 12 හේ ඇති මිථුන, තුලා, කුම්භ රාශි වායු රාශින්ය.


මලයාසියාවේ ක්වලාලාම්පූර් සිට මෙම යානය පිටත්ව ඇත්තේ 2014 මාර්තු 8 දා අලුයම 1.20ට ආසන්නවය. ඒ වන විට අක්ෂාංශ හා දේශාංශ සොයා ඊට අදාළ ලග්නය සොයා බලන කල යානය පිටත්ව ඇත්තේ

අපේ ගුවන් යානා ගිලගන්නේ පිටසක්වල ජීවීන්ද?

කුරුලු සකලයන්ට උරුමව තිබූ අහසේ ආධිපත්‍යය තමුන් නතුකර ගනිමින් මිනිසා ගුවන් යානා තනා තවමත් ගෙවී ඇත්තේ සියවසකට මඳක් වැඩි කාලයකි.

පහසු සහ ඉක්මන් ප්‍රවාහන මාධ්‍යයක් වූ ගුවන් යානය ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජන ජීවිතයේද සුවිශාල වෙනසක් සිදු කළ අතර පසුගිය සියවසේ ඇති වූ ලෝක යුද්ධ දෙකේදීත් ගුවන් යානය තීරණාත්මක මෙහෙයක් ඉටු කළේය. 


මෑත ඉතිහාසයේ කිසි දිනෙක නොකරන ලද තරමට වර්තමානයේදී අපි ගුවන් යානා ගැන විමසිලිමත් වන්නෙමු. එයට ආසන්නම හේතුව මගීන් 239 දෙනකු සමග පසුගියදා (මාර්ගු 08 වැනිදා) අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ ඉරණම බව නොරහසකි.

නිදන කාමරයේ සිට ඈත විශ්වයේ ග්‍රහ තාරකා දැකගත හැකි තරමට දියුණු ලෝකයක දැවැන්ත ගුවන් යානයක් දෙසතියක් පුරා ඉඳිකටුවක් ලෙසින් සැඟව ඇත්තේ කොතනදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. 


එහෙත් ගුවන් ගමන් ඉතිහාසය විමසා බැලීමේදී අබිරහස් ලෙස අතුරුදන් වූ එකම ගුවන් යානය මෙකී මලයාසියා ගුවන් යානය නොවන බව පැහැදිලි වෙයි. ලෝකයේ අවධානය දිනාගත් එවැනි සිදුවීම් සහ ඒවායේ ඇති අපූරු සමානකම් පිළිබඳ කෙරෙන විමසා බැලීමකි මේ.

වර්ෂ 1937 දී ඇමෙරිකාවෙන් වාර්තා වෙන අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානයක් පිළිබඳ මේ පුවත ලෝපුරා ජනප්‍රිය එකකි. ඇමෙරිකානු ජාතික අමෙලියා එර්හාට් 1937 ජූලි මස 02 දින ලොව වටා ගුවනින් ගිය

උඹලා බය වුණා මේ පොඩි ළමයට. ඒ නිසා උඹලා මේ පොඩි ළමයව මරලා දැම්මා – ධර්මසිරි බණ්ඩාරනායක

ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය ග්‍රීසියේ යුරිපිඩීස් (Euripides) කියන නාට්‍ය කරුව විසින් ලියන ලද නාට්‍ය අතර ලෝකයේ යුද්ධය පැවති රටවල්වල රඟ දැක්වීම සඳහා කලාකරුවන් විසින් තෝරාගත් නාට්‍යයක්. 

කොසෝවා යුද්ධය වෙලාවෙ පීඩනයට ලක්වුණු කාන්තාවන් එකතු කරගෙන මේ නාට්‍යය නිෂ්පාදනය කරල තිබුණා. 

1990 දශකයෙ අපි මේ කතා කරන මොහොතේ සිරියාවෙ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වුණු කාන්තාවන් එකතුවෙල මේ නාට්‍යය නැවත රඟ දක්වනව. 

යුද්ධෙකදි හැමවෙලේම ස්ත්‍රී පාර්ශවය තමයි වැඩිම පීඩිතයා බවට පත්වෙන්නෙ. ට්‍රෝජන් කාන්තාවො නාට්‍යය නිෂ්පාදනය කරන්න මම මහන්සි වෙච්ච මොහොත ලංකාවෙ යුද්ධෙ කිසියම් තීරණාත්මක අවස්ථාවක්. 

යුද්ධය නතර කිරීම සඳහා සාම සාකච්ඡා පවත්වල යුද්ධයෙ අනෙක් පාර්ශවකරුවන්ගේ ගිවිසුම් ගත කරගැනීමට යොමුවුණ මොහොතක්. ඒ වගේ ක්‍රියාවලියක් ඇතුලෙ තමයි මේ නාට්‍යය නිර්මාණය කිරීමට පසුබිම ගොඩනැගෙන්නෙ. 

නමුත් මම නාට්‍යය නිෂ්පාදනය කරන්න පටන්ගත්තම ලංකාවේ දකුණ මුල් කරගෙන අන්තවාදීන් සහ ජාතිවාදී කොටස් මේ නාට්‍යය මොකටද

පාලංකඩ හීනා අපරාධකාරයෙකු වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ වරදින්...

අරුණ ගමගේ සුගත් චාමින්ද නොහොත් පාලංකඩ හීනා ගේ උපන්ගම වනුයේ දික්වැල්ල පොලිස් වසමේ මුල්කිරිගල පාලංකඩය. 

ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් පහක් සම්මාන තුනක් සමග සමත්ව ඇත. ජීවිකාව ලෙස ඔහු කර ඇත්තේ ගොවිතැන් හා කුලී වැඩයි.

මේ කාලයේ ඔහුගේ සොහොයුරිය ප්‍රදේශයේ දාමරිකයෙකු විසින් දූෂනය කොට තිබේ. මෙම අතවරය ගැන පොලිසියට පැමිණිලි කලද ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ මැදිහත් වීම නිසා පොලිසිය විසින් එම පැමිණිල්ල යට ගසා ඇත​. 

මේ නිසා අවසානයේදී  නීතිය අතට ගත් පාලංකඩ හීනා  තම සොහොයුරි යට අතවර කල දූෂකයා මරා දැමීමට හවුල් වී අපරාධ ලෝකයට එකතු වේ. ඔහු විසින් කරන ලද  මිනී මැරුම් සංඛ්‍යාව 15ක් වන අතර කොල්ලකෑම් සංඛ්‍යාව 25 කි.

මේ සියල්ලම ඇරඹෙන්නේ පොලිසියේ අසමත්භාවය සහ දේශපාලක යන්ට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අත් හිටවීම මතය​.

මේ ගැන පාලංකඩ හීනා පවසනේ මෙසේය (උපුටා ගැනීම ලංකාදීප පුවත්පත​) මගේ අක්කා ගාර්මන්ට් එකක වැඩට ගියා. අක්කා වැඩ ඇරිලා ගෙදර එද්දී මැදකොරටුවේ කළුවා නමැත්තා අක්කාව කැළෑවකට

ගුරා ගෝලයාගෙන් කාම යක්‌ෂයා එළවන්න තරුණ කාන්තාව රාත්‍රියේ දේවාලේට ගෙන්වාගෙන

ශාරීරික අසනීපයකට සෙත් ශාන්තියක්‌ කර ගැන්මට දිවුලපිටිය ප්‍රදේශයේ දේවාල යකට පැමිණි තරුණ කාන්තා වකට ශරීරයට කාම යක්‌ෂයා ආරූඪ වී ඇතැයි බියවද්දා හා රවටා දින ගණනක්‌ තිස්‌සේ සිය ගෝලයා ලවා අමානුෂික අතවර සිදු කරවූ පුවතක් අප වෙත වාර්තා වෙනවා

කපුවකු හා එකී ගෝලයා අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර දැනට මෙම කපුවාත් ගෝලයාත් ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසනවා.

පිටරට සේවයක නිරතව සිට මෙරටට පැමිණි තරුණ කාන්තාවක විසින් සීදුව පොලිසිය හරහා දිවුලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක ට අනුව මෙසේ පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්ව
නවා.

මෙම තරුණියත් ඇගේ මවත් පිටරට සේවයක නිරතව සිට මෙරටට පැමිණීමෙන් පසු එම තරුණියට වැළඳී ඇති ආබාධයක්‌ ගැන මිතුරියකට දන්වා සිටීමෙන් පසු ආබාධය සඳහා ගුරුකමක්‌ කර ගැනීම පිණිස එම

බටහිර අධිරාජ්‍යවාදීන් ජාන තාක්‍ෂණය මගින් දේශ ප්‍රේමීයන් ගොදුරු කර ගන්නා හූනෙක් බිහි කරවන තැතක්.

බටහිර අධිරාජ්‍යවාදීන් ජාන තාක්‍ෂණය මගින් දේශප්‍රේ-මීයන් ගොදුරු කර ගන්නා හූනෙක් බිහි කරවන තැතක් පිලිබඳව උපාලි ද සේරම්  දිවයින පුවත් පත මගින් හෙලි කරයි.  

ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති හූනු වර්ග 42 අතරින් (බටුවිට හා පෙතියාගොඩ 2007 සමීක්‍ෂණයට අනුව) මෙම කිඹුල් හූනා මේ තරම් වටින්නේ ඇයි දැයි කියා අප කාටත් ඇති ගැටලුවකි.


කිඹුල් හූනා ශ්‍රී ලංකාවට ආවේණික නිසා ඔවුන් පිටරට පටවා ජාන සොරාගෙන දියුණු තත්ත්වයේ හූනු වර්ගයක්‌ බිහිකිරීමට බටහිර රටවල් උත්සාහ ගත හැකිය. හූනා කටුස්‌සාගේ (saurian) ප්‍රාථමික අවධිය ලෙස

අතුරුදන් වූ යානයේ නියමුවා අවසන් වචන කියා ඇත්තේ සන්නිවේදන උපකරණ ක්‍රියාවිරහිත කරලා


නියමුවා කීවේ 
''සියල්ල හොදින්, 
සුබ රාත්‍රියක්" 
යන්න පමණි.

අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි දැන් දැන් උණුසුම් පුවත් හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වන අප වෙත වාර්තා වෙමින් පවතිනවා. ඇමෙරිකා වේ රහස් ඔත්තු සේවයේ පරීක්ෂකයෝ ඇතුළු මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිනවා.

මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී තිබෙනවා.

මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ

යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී.. ලෝකයට සදාකාලික අභිරහසක් වෙයිද.?

මැ‍ලේසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන බෝයිං 777 වර්ගයේ ජෙට් ගුවන් යානය ක්වාලාලම්පුර් සිට චීනයේ බිජිං බලා යන අතරතුර ගුවනේදී අතුරුදන්වී දැන් සතියක් ගෙවී ඇත. 

පසුගිය 8 වෙනි සෙනසුරාදා අළුයම 12.21ට ක්වාලාලම්පුර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙම යානය ගුවන් ගත වූයේ රටවල් 15කට අයත් මගීන් 227 දෙනකුද නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය 12 දෙනකු සමගිනි. 

යානය ගුවන් ගතවී පැයක් පමණ ගත වන තුරු ක්වාලාලම්පුර් ගුවන් තොටේ රේඩාර් පද්ධතිය හා සම්බන්ධව තිබූ බව පවසන අතර අළුයම 1.20 පමණ වන විට එය වියට්නාමයට නොදුරෙන් දකුණු චීන මුහුද මතින් ගමන් කරමින් තිබි ඇත.

නියමිත වේලාවට ගුවන් ගත වූ යානය මේ මොහොත වන විට වියට්නාමයට ඇතුළු වී සිටිය යුතු මුත් ඊට නාවික සැතපුම් 100ක් පමණ දුරින් සිටීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැත.


මැ‍ලේසියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක අහමඩ් යා මහතාද මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ යානය මේ මොහොතේ

මර්සි එදිරිසිංහ සඳහටම දෙනෙත් පියා ගනි


වසර ගණනාවක්‌  ශ්‍රී ලාංකික රසික ප්‍රජාව හාස්‍යයෙන්, ප්‍රහසනයෙන් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ රංග ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය ඊයේ (17වැනිදා) පෙරවරුවේ සඳහටම දෙනෙත් පියා ගත්තාය.

කලක්‌ රෝගාතුරුව ගම්පහ සෙත්මා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි මර්සි එදිරිසිංහ මහත්මිය මියයන විට 68 වැනි වියෙහි පසුවුවාය.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නවක මඬල වැඩසටහනට 1964 දී එක්‌වූ මර්සි එදිරිසිංහ මහත්මිය 1966 දී වැලිකල රත්නගේ "උගුරට හොරා බෙහෙත්" නාට්‍යය ඔස්‌සේ ප්‍රසිද්ධ වේදිකාවට එක්‌වූවාය. එතැන් පටන් වේදිකා

දරුවන් මහණ කිරීම, ළමා අයිතිවාසකම් සහ ශාසනයේ පිරිහීම

නීත්‍යානුකූලව හිමි වරණ බලය ලැබීමට පෙර වයසකදී දරුවකු සඟ සසුනට පූජා කිරීම මම දකින්නේ ළමා අපචාරයක් ලෙසයි. 

ඊට හේතු රැසක් තිබෙනවා.  

අතීතයේදී ලංකාවේ ඕනෑම කෙනෙකුට අධ්‍යාපනයක් ලබාගැනීමට හොඳම මාර්ගය පිරිවෙන් ක්‍රමය. නමුත් අද පවතින පිරිවෙන් ක්‍රමය සාමාන්‍ය පුරවැසියෙකුගේ අධ්‍යාපනය සඳහා සුදුසු නෑ. 


රාජ්‍ය අධ්‍යාපනයට විකල්පයක් ලෙස අපි පිරිවෙන් ක්‍රමය පිළිගත්තොත්, ශරියා සහ කුරාන අධ්‍යාපනය සපයන ඉස්ලාමීය පාසල්ද අපිට ලාංකික පුරවැසියෙකුගේ විකල්ප අධ්‍යාපන ආයතන හැටියට පිළිගන්න වෙනවා.

දෙවනුව, සාමනේර වරුන්ට සාමාන්‍ය පෙළ මට්ටම වන තුරු විද්‍යාව, ගණිතය සහ සමාජ අධ්‍යනය වැනි විෂයයන් හැදෑරීමට අවකාශ තිබෙන්නේ සමහර පිරිවෙන් වල විතරයි. 


සාමාන්‍ය පෙළ දක්වා නිදහස් අධ්‍යාපනය හදාරණ දරුවෙකුට යාපනයේදී, කොළඹදී හෝ මොණරාගලදී උගන්වන්නේ එකම විෂය නිර්දේශයයි. නමුත් සාමාන්‍ය පාසල් අධ්‍යාපන ක්‍රමය මෙන් නොව,

අහේනි කාලේ එරියස් ජනතාවගේ මුදලින් ගෙවීම

ඇත්ත නම වීර සංගිලි පනික්කියාගේ විමලසේනය​. පියාගේ රැකියාව උත්සව වල බෙර ගැසීමය​. දරිද්‍රතාව නිසා නිසා කුඩා කාලයේ මන්ද පෝෂණයෙන් ද පෙලුනේය. 

බයිසිකලයක් මිලදී ගැනීමට වත් වත්කමක් තිබුනේ නැත​. ගෙදර අඳුර දුරුලෑවේ කුප්පි ලාම්පුවේ පිහිට මගිනි. ඉගන ගත්තේ පාසලේ නව වන ශ්‍රේනිය දක්වා පමණි. 

ඉන්පසු පීඩිත පන්තියේ ජනතාවට විමුක්තිය ලබා දෙන්නම් කියා ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය කලේය​. 1988 -89 බස් ගිනි තැබුවේය​. ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවා දැමුවේය​. ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු ප්‍රජා නායකයන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා හවුල් වූයේය​. 

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු අනුගාමිකයන් බොහෝ දෙනෙකුට ටයර් මත යාම සඳහා මාර්ගය පෙන්නුවේය​. හිරු පුවත් පතේ වැඩ කරන කාලයේ

මියගිය ඥාතීන් භූතයන් වී අපේ සිරුරට ඇතුළු වන්නේ මෙහෙමයි

දේවාරූඪය-දේවාරූඪයෙන් සාත්තර කීම අද එදාටත් වඩා ප්‍රචලිත වී ඇත. අතීත ගැමි සමාජයේ පමණක් දකින්නට තිබූ මෙබඳු අභිචාර අද වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නාගරික සමාජයේ වීමද විශේෂයකි. 

සමාජය වේගයෙන් නාගරීකරණය වීමත් සමග එදා ගමට සීමා වී තිබූ බොහෝ දේ නගරයටද පැමිණ තිබේ. 

ශ්‍රී ලාංකේය ‍පොදු ජන ව්‍යවහාරයේ දැකිය හැකි අපේ අංජනම්, ජ්‍යොතිෂය වැනි ගුප්ත අභිචාරී භාවිතාවන්ට වඩා ජනකාන්ත වූ දේවාරූඪයෙන්  සාස්තර කීම කුඩා කුඩා දේවාල රාශියක් බිහි වීමත්, ඒ ආශ්‍රිත වූ වත් පිළිවෙත් යාතු කර්ම රැසක් මගින් ජනතාව ගුප්ත ප්‍රතිකාර පිළිවෙත් කරා බැඳ ගැනීමත්, සිදු කරනු ලැබූවක් වීම විශේෂයකි. 

භද්‍රකාලී, සූනියම් දැඩි  මුණ්ඩ ආදී ප්‍රකට දෙවි දේවතාවන් නියෝජනය කරමින් කෙළින්ම ඔවුන් සමග සම්බන්ධ වන සේවා දායක පිරිසකුත් අතරමැදි වාහකයන් හෝ වාහිකාවන් පිරිසකුත් මෙහිදී හඳුනාගැනීමට

හිටපු ගුවන් හමුදාපතිවරයා දැඩි මාධ්‍ය විරෝධී නිලධාරියකු බව සිරිමෙවන් කස්‌තුරිආරච්චි කියයි.

හිටපු ගුවන් හමුදාපතිවරයා දැඩි මාධ්‍ය විරෝධී නිලධාරියකු බව සිරිමෙවන් කස්‌තුරිආරච්චි දිවයින පුවත් පතට ලිපියක් ලියමින් පවසයි.

ඔහුගේ ලිපිය මෙසේය.

යුද හා නාවික හමුදාපතිවරුන් මාධ්‍ය සමග සුහදව කටයුතු කරන අයුරු හා සැසඳීමේදී ගුවන් හමුදාව සහ ජනමාධ්‍ය අතර පවතිනුයේ විශාල දුරස්‌ වීමක්‌ බව පැහැදිලිය. 


හිටපු ගුවන් හමුදාපතිවරයාගේ මාධ්‍ය විරෝධී ප්‍රතිපත්තියට අදාළ අයුරින් කටයුතු කළ ගුවන් හමුදා මාධ්‍ය අංශය වත්මන් ගුවන් හමුදාපතිවරයා යටතේ ද එලෙසම මාධ්‍ය විරෝධී ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

ජනමාධ්‍යයෙහි ඇති අගය හා අවශ්‍යතාවය පිළිබඳ කිසිදු අවබෝධයක්‌ සහ මාධ්‍ය සමග සුහදව සමීපව කටයුතු කිරීමේ හැකියාවක්‌ නොමැති ගුවන් හමුදා මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නව ගුවන්

සමාජය මෝහය කරා ගෙන අපගේ ජාතික පුවත්පත්

මිත්‍යාව සහ බොරුව විකුණාගෙන කමින් ජනතාව තවදුරටත් ගොනාට ඇන්දීම සඳහා ලංකාවේ පුවතපත් කරන සේවය අති විශාලය​.

සක්විතිගේ සිට රුවන්වැල්ලේ සෝභිත දක්වා කපටීන් ජනතාව රැවටුවේ අපගේ ජාතික පුවතපත් උපකාරයෙනි. 

මේ නිසා අපගේ පුවත්පත් යනු බොරුව මිත්‍යාව ජනතාවට පිදුරු සේ කවන හෝටල් ලෙස නම් කලාට වරදක් නොමැත​. මව්බිම පුවත්පතේ මළවුන්ගේ ඉරණම යනුවෙන් සතිපතා ලිපියක් පළවේ. එම ලිපියට අනුව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක කසුන් නාගොඩවිතාන පුද්ගලයෙකු ශක්ති කිරණ එල්ල කිරීම  මගින් පෙරේතයන් එලවයි.  

මේ කිරණ ගැන බයිලාව ලියන්නේ මෙසේය​. 

පද්මාගේ සිත්තම් දැක්ම පැරිසියේදී

ශ්‍රී ලංකික චිත්‍ර ශිල්පිනි පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ.

ප්‍රංශයේදී චිත්‍රකලාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරු ඇය වාර්ෂිකව චිත්‍ර ප්‍රදර්ශනයක් පැරිසියේදී පවත්වනු ලබයි. 

නග්න මිනිස් රූ සිතුවම් කෙරුණු ඇගේ ප්‍රදර්ශණය මාර්තු 15 සහ 16 දෙදින තුළ පැරිසියේ අංක 53, Rue Erlanger හිදී පැවැත්වේ.පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී ද පසුගිය දා පැවැත්විණි.

එහි පින්තුර කීපයක් පහතින්.

පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට දුන් සුරූපී තරුණිය

තම දිවියේ පිරිමියෙකු ට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තා වක ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.

හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් තම සුරතලා වූ ෂීබා සමග විවාහ දිවියට එළැඹියාය. පිරිමින් සමග වාසය තිත්ත වීම නිසා මෙම තීරණයට එළැඹි බව ඇය කියන්නීය.

‘‘මම ගත්තේ හොද තීරණයක්. මම වරක් විවාහ වී හිටපු කෙනෙක්. මගේ සැමියා මට ජීවිතය එපා කෙරෙව්වා. ඒ කාලයේ ඉදන්ම මගේ දුකට සැපට ළඟ හිටියේ ෂීබා. ඉතින් දික්කසාද වුණාට පස්සේ මම හිතුවා ෂීබා විවාහ කර ගන්න. මොකද සහකරුවෙකුගෙන් මම අපේක්ෂා කරන දේ ෂීබා මට ලබාදෙනවා‘‘ ඇය පවසන්නීය.

ඇමැන්ඩා තම හිතමිතුරන් රැසක් සහභාගී වී සිටි මංගල උත්සවයේදී දණින් වැටී විවාහ වීමට ෂීබාගෙන් කැමැත්ත ඉල්ලූ අතර ෂීබා නඟුට

පේනය බලන්න තරුණියක් නිරුවත් කරන්න හැදූ කපුවා වැඩ වරදියි

තමන්ට ඇති අසනීපයක් සම්බන්ධයෙන් පේනයක් බැලීමට දේවාලයකට පැමිණි තරුණියක් නිරුවත් කිරීමට උත්සහ කළ බව කියන කපුවෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. පසුගියා 12 වැනිදා මෙම සිද්ධිය සිදුවී තිබෙනවා. 

අත්අඩංගුවට ගෙන ඇති කපුවා ආණමඩුව නගරයට ආසන්නයෙන් දේවාලයක් පවත්වා ගෙනගොස් තිබෙනවා. ඔහු ආණමඩුව - දසනායකපුර පදිංචි 49 හැවිරිදි අයෙකි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

සුව නොවන රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම දේවාලයට 12 වැනිදා තරුණියක් පැමිණ
තිබෙනවා. ඇය නිකවරටියේ පදිංචි 27 හැවිරිදි අයෙකි. රෝග නිධානය සම්බන්ධයෙන් පේනය බැලීමට නම් නිරුවත් විය යුතු බව දේවාලයේ සිටි කපුවා

කොට්ට මෙට්ට සහිත ඇඳකුත් තිබූ විදුහල්පතිගේ අබිරහස් කාමරය පාවිච්චි කල හේතුව...

විදුහල්පතිවරයාගේ අමානුෂික බැණ වැදීම් හමුවේ මානසික කෲරත්වයට පත්ව සිය දිවි හානි කරගත් බව පැවසෙන කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දිගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල අවසානයක් තවමත් දක්නට නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායකගේ උපදෙසින් එහි ‍පොලිස් ඒකකයේ ස්ථානාධි පති ‍පොලිස් පරීක්ෂක බන්දුජීව බෝපිටිගොඩ ඇතුළු නිලධාරීන් පසුගිය දින කිහිපයේම රැඳී සිටියේ සර් ජෝන් කොතලාවල විදුහල තුළමය. 


ඒ වෙනූෂාගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් තවත් බොහෝ කාරණා එක්රැස් කරමිනි. ඒ අතර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් තවත් කරුණු රැස් කර ගැනීමටද එම නිලධාරීන් සමත්ව සිටියේය.

විදුහල්පතිවරයාගේ කාර්යාල කාමරය තුළ පවත්වාගෙන යන ‘අබිරහස් කාමරයක්’ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු දැන ගන්නට ලැබෙන්නේ එහිදීය. මෙරට කිසිදු පාසලක විදුහල්පති

ගුරුවරිය ගිනි තබා ගත්තේ පවුලේ සියලු දෙනා ලෙඩ වු නිසාද..?

සිය මව, පියා, සැමියා හා දරුවා එකවරම අසනීප වීම දරා ගත නොහැකිව පාසල් ගුරුවරියක වූ තරුණ මවක්‌ නිවසේ සියල්ලන් නිදාගත් පසු එළියට පැමිණ සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන මිය යැමේ පුවතක්‌ ඊයේ (11 දා) කුලියාපිටිය තලහිටිමුල්ල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වුණා.

මියගොස්‌ ඇත්තේ තලහිටිමුල්ල අලලුව පදිංචි යමුනා ප්‍රියදර්ශනී අත්තනායක නමැති 35 හැවිරිදි එක්‌දරු මවක්. උපාධිධාරිනි යක වූ ඇය මියයන විට කුලියාපිටියේ විද්‍යාලයක පුස්‌තකාලයාධිපතිනිය ලෙස සේවය කරමින් සිට ඇත.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මියගිය කතගේ සැමියා වන ඒ. එම්. කීර්තිරත්න මහතා නවගත්තේගම ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්‌තව මානව සම්පත් කළමනාකාරවරයකු ලෙස

තරුණ ගුරුවරියගේ අඩ නිරුවත් ඡායාරූප වලින් ෆේස්බුක් පිටුව හදා කප්පම් ඉල්ලූ සිසුවාගේ කතාව

ලොව අංක එකේ සමාජ ජාල වබේ අඩවිය වන ෆේස්බුක් ගැන මේ දිනවල වැඩියෙන්ම කතාබහ කරන රට විය යුත්තේ ශ්‍රී ලංකාවය. 

ඒ ෆේස්බුක් මුල්කරගත් සිද්ධීන් කිහිපයකින් පාසල් සිසුවියන් තිදෙනෙකුම එක දිගට, මසක් ඇතුළත සියදිවි හානිකර ගත් බැවිනි. ඇතැම් විට ෆේස්බුක් මුල්කර ගනිමින් කෙටි කාලයක් තුළ එතරම් පිරිසක් සියදිවි හානිකර ගත් එකම රට ශ්‍රී ලංකාව වන්නටද පුළුවන.

හොඳට මෙන්ම නරකටද එක හා සමානව යොදා ගැනීමට හැකි ෆේස්බුක් ගැන රටම අවදියෙන් සිටින මෙවන් කාලයක තවත් ෆේස්බුක් අපරාධයක් වාර්තා වන්නේ නාවලපිටිය පැත්තෙනි. 


ඒ තරුණ පාසල් ගුරුවරියකගේ අඩ නිරුවත් ඡායාරූප සහිත ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් විවෘත කොට, ඒ සම්බන්ධයෙන් අර ගුරුවරියගෙන් කප්පම් ඉල්ලා සිටීමකි. එසේ කප්පම් ඉල්ලා ඇත්තේ එම ෆේස්බුක් ගිණුම වසා දැමීමත්, ඇගේ තවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමත් සඳහාය.

ඉල්ලා ඇති කප්පම රුපියල් ලක්ෂ තුනකි. යමෙකුට මෙය ඉතා සුළු මුදලක් යැයි සිතෙන්නට පුළුවන. මුදල සුළු වූවාට මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ කප්පම ඉල්ලන්නේ පාසල් සිසුවෙකු වීමය. මෙහි ඇති භයානකකම වන්නේ පාසල් සිසුවෙකු ගුරුවරියකගේ නමින් ව්‍යාජ

සිව්දෙනකු එලොව යවමින් බිරිය සමග ආරවුලකට ගෙට ගිනි තැබූ සැමියා...

ඉඩම් සහ පවුල් ආරවුලක්‌ දුරදිග යැමෙන් පසු තම බිරිඳට පහරදී නිවසට ගිනි තැබීමෙන් පසු නිවෙස්‌ හිමියා ඇතුළු සිව්දෙනකු මියගොස්‌ තවත් දෙදෙනකු බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා තිබෙන පුවතක් පෙරේදා (09 වැනිදා) කතරගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තම බිරිඳ සමග කාලයක්‌ තිස්‌සේ පැවති ඉඩම් ආරවුලක්‌ සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක්‌ දුරදිග යැමෙන් අධික ලෙස බීමතින් පැමිණි නිවෙස්‌ හිමියා තම බිරිඳට පිහියෙන් ඇන පහරදී පෙට්‍රල් දමා නිවසට ගිනි තබා ඇති බවයි.

එම අවස්‌ථාවේ නිවසේ සිටි නිවෙස්‌ හිමියාගේ බිරිඳ එස්‌. පී. සබීතා බිරිඳගේ මව වන හේවාරත්න ජුලිගේ ලීලාවතී හා නිවෙස්‌ හිමියා වන කීර්ති සුරවීර හා දියණිය වන රන්දිමා මෙසේ මියගොස්‌ තිබෙනවා. බිරිඳගේ පියා වන එස්‌. පී. කරනේරිස්‌ හා බිරිඳගේ සහෝදරිය වන දර්ශනී

පැරිසියේ නිරුවත් කාන්තා උද්ඝෝෂණය

මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල කාන්තාවන්ගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් සහාය පල කරන නිරුවත් උද්ඝෝෂණයක් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්විණි. පැරිස් නුවර ජාත්‍යන්තර ලුවර් කෞතුකාගාර චතුරශ්‍රයේදී (8) පැවති මේ නිරුවත් උද්ඝෝෂණයට එක්ව සිටියේ අරාබි ලෝකය නියෝජනය කරනු ලබන කලා හා කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකි.

අමිනා ස්බෝයි, අලියා මග්දා එල් මහදි, සොල්මාස් වකිල්පොර්, සෆියා ලේබ්දී, මේරියම් රසල්, මරියම් නමාසි ඇතුළු පිරිස කියා සිටියේ

ලාංකිකයන්ට ඇෆ්ගන් රැකියා දොර ඇරේ

ඇෆ්ගනිස්තානය යනු තලිබාන්කාරයන් ගේ බෝම්බ පිපිරෙන මිනිසුන් ගල්ගුහා වැනි ගෙවල් වල ජීවත් වන ඒක පුද්ගල ආදායම අඩු ගෝත්‍රික රටකි. එහෙව් රටක රැකියා නැති බව හොඳටම දැනගෙනත් දේශ පාලකයෝ මෙරට නූගත් ජනතාව රවටති. 

ලංකාවේ ජනතාව හරක් බව මොවුන් විශ්වාස කරන නිසාදෝ මේ ඇන්ඳීම් කිසි චකිතයක් නැතුව කරන බව පෙනී යයි. දේශපාලුවන් විසින් උලාකන ලද මේ කූජිත දේශයෙන් පිටමංවී ඕනෑම තූත්තුකුඩියකට යාමට සිහින දල්වාගෙන සිටින තරුණයන්ට සීනි බෝල දෙන මේ බයිලාව

පාසල් දැරිය හෝටලයකට ගෙනගොස්‌ නිරුවත් පිංතූර ගෙන මිතුරන්ට පෙන්වූ පෙම්වතා

පහළොස්‌ හැවිරිදි පාසල් දැරියක්‌ ඇගේ පෙම්වතා විසින් වැල්ල දේවාලය අසල පිහිටි හෝටලය කට රැගෙන ගොස්‌ දැරිය අමානු ෂික ලෙස ලිංගික අතවර කර ජංගම දුරකථනයෙන් ඇගේ නිරුවත් ඡායාරූප ගෙන තිබෙන පුවතක් උණවටුන ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ දූෂණයට ලක්‌කොට ඇත්තේ හබරාදුව පොලිස්‌බල ප්‍රදේශයට අයත් හල්ගස්‌මුල්ල ප්‍රදේශයේ පාසල්
දැරියක්‌ බවයි. පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. විහාරස්‌ථානයකදී මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේ පළමු වරට මෙම දැරිය පෙම්වතා අතින් දූෂණයට ලක්‌වී
තිබෙන අතර එහිදී පෙම්වතා දැරිය නිරුවත් කොට

රාත්‍රී ගමන් ගිය ගැහැණු ළමයි දෙදෙනා

කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව ලංකාදීප පුවත් පත පවසයි. 

එසේම මේ දැරියන් දෙදෙනා නොගැල පෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි යැයි ලංකාදීප පුවත් පත තව දුරටත් වාර්තා කරයි. 

මේ වාර්තාවෙන් කියෙවෙන්නෙ කුමක්ද ? ලංකාව පසුගාමී ගෝත්‍රික දේශයක් බව නොවේද ? ඇෆ්ගනිස්තානය, යේමනය, සුඩානය වැනි නොදියුණු ගෝත්‍රික රටවල කාන්තාවන් තනිපංගලමේ යන විට කස පහර දෙති. ලංකාවද එවනි තත්වයක් තිබිය යුතු බව මේ වර්තා අනියම් ලෙසින් පවසයි. 


අදාල පාසල් දැරියන් දෙදෙනා නොගැලපෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි. මේ සඳහා නිර්නායක මොනවාද ? සාරියක් ඇඳ සිටියත් බඩ පේන නිසා

මගේ පෙම්වතා මටත් වඩා මගේ කකුල් වලට කැමති හේතුව...

කාන්තා යට ඇඳුම් 
සොරකමේ සිට 
පවතින අර්චන 
කාමය

විසිතුන් හැවිරිදි තරුණියක වන මගේ පෙම්වතාගේ වයස අවුරුදු තිහකි. අප රටේ ප්‍රධානතම සමාගමක අලෙවි විධායක තනතුරක් දරන ඔහු නිහඬ අහිංසක ජීවිතයක් ගත කරන්නෙකි. 

නමුත් අප නිදහසේ ගත කරන අවස්ථාවල ඔහු මගේ දෙපාවල වළලුකරෙන් පහළ කොටස කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. මගේ දෙපාවල එම කොටස ස්පර්ශ කිරීමට, සේම සිප ගැනීමට පවා ඔහු

කවුරු බැන්දත් මාසෙකට එක දවසක් හරි මාත් එක්කත් ඉඳලා යන්න - තරුණියගෙන් ආයාචනයක්


මෙයා මට 
දෙන සහනය 
දන්නෙ මං විතරයි

“කමක් නැහැ සර් මෙයාට මම එපාම නම් ඕනෑ කෙනෙක් බැදගන්න කියන්න. ඒක මගේ ෙදෙවය කියලා මං හිතාගන්නම්. කවුරු බැන්දත් මාසෙකට එකම එක දවසක් හරි ඇවිත් මාත් එක්කත් ඉඳලා යන්න කියන්න” මේ තරුණියක් කළ ආයාචනයකි. 

ආයාචනය කළේ කුරුණෑගල හිටපු මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඩී.පී. සිරිවර්ධන මහතාගෙන්ය.

වැලිදූවිලි නාගෙන කෝම්පිට්ටු හැදුව, ඉදුන කහපාට කොස් කොළවලට ඉරටු ගහලා හදාගත්ත රත්තරන් ඔටුනු පැළඳගෙන රජවුණ සුන්දර අතීතයක් චන්ද්‍රරත්නටත්, ප්‍රියංකරටත් තිබුණා.


කාලය විටෙක ගෙවුණේ ඉබිගමනින්. විටෙක අධිවේගයෙන්. ප්‍රියංකර කුරුණෑගල සිට කටුනායක පදිංචියට ගියේය. චන්ද්‍රරත්න දවසක් ප්‍රියංකර

'ෆේස්‌ බුක්‌' නිවැරැදිව භාවිත කිරීම හා මුහුණු පොතෙන් වැඩ ගැනීම..!

කලින් කල විවිධ නව තාක්‍ෂණික භාවිතයන් ලෝකයට පැමිණෙයි. ලෝකය එම නව තාක්‍ෂණයත් සමග ඉදිරියට ගමන් කරයි. මෙම නව තාක්‍ෂණික සොයා ගැනීම්වල හොඳ සහ නරක දෙකම තිබෙනවා විය හැකිය.

ඒ නිසා අප කළ යුතු වන්නේ එම හොඳ පැත්තෙන් අපටත්, සමාජයටත් ප්‍රයෝජන ගත හැකි ආකාරයට එම නව තාක්‍ෂණික භාවිතයන් යොදා ගැනීමයි. අන්තර්ජාලය හරහා ගොඩනැගෙ න සම්බන්ධතා හේතුවෙන් අද ලෝකය එක්‌ යායක්‌ බවට පත් වෙමින් තිබේ.

අන්තර්ජාලය භාවිතා කිරීමේ අහිතකර බලපෑම් තිබෙනවාය කියා එය භාවිත නොකොට, අපට ජන සමාජයක්‌ ලෙස ලෝකයෙන් හුදකලා වීමට පුළුවන්කමක්‌ නැත. මේ කරුණු කාරණා අප සඳහන් කළේ 'ෆේස්‌ බුක්‌' සම්බන්ධයෙන් මේ දිනවල විශාල සමාජ කතිකාවක්‌ නිර්මාණය වී ඇති නිසාය. 

මේ කතිකාව තුළ ෆේස්‌ බුක්‌ ප්‍රශ්නය දෙස සරල මතුපිටින් බලා කරන කතාබහ මෙන්ම වඩාත් ගැඹුරින් සිදුවන කතාබහද අපට දක්‌නට ලැබේ. මේ පසුබිම තුළ අපගේ අවධානය යොමු වන්නේ 'ෆේස්‌ බුක්‌' භාවිතයේ හොඳ නරක සහ එය ප්‍රයෝජනවත් මෙවලමක්‌ බවට පත් කර ගැනීමෙන් අපට ලබා ගත හැකිව තිබෙන ප්‍රතිලාභ පිළිබඳවයි.

'ෆේස්‌ බුක්‌' හෙවත් මුහුණු පොත සම්බන්ධයෙන් විශාල සමාජ කතිකා වක්‌ ඇති වූයේ පසුගියදා ෆේස්‌ බුක්‌ හා සම්බන්ධ සිද්ධියක්‌ නිසා කුරුණෑ ගල සර් ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂා නම් පාසල් දැරිය සිය දිවි නසා ගැනීමත් සමඟය. පසුව ෆේස්‌ බුක්‌ සම්බන්ධ පෙම් පළහිලව්වක්‌

ගුරුවරියගේ පියයුරු පරීක්ෂාවට ගත් නිරුවත් පින්තුර ෆේස් බුක් දමා තර්ජනය කල තරුණයා


මෙමරි කාඩ් එකෙන් 
බ්ලු ෆොටෝස් 
හොරකම් කරලා

පාසල් ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරිනවා යැයි බිය කර රුපියල් ලක්ෂ 3ක කප්පම් මුදලක් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙකු පිලිබඳ පුවතක් නාවලපිටිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. සිද්ධියට මුහුණ පා ඇත්තේ නාවලපිටිය නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක අවිවාහක තරුණ ගුරුවරියකි.

ඇගේ ඡායාරූප අඩංගු දත්ත කොපියක් (මෙමරි කාඩ් එකක්) මීට මාස 3කට පෙර අත් බෑගයේ තිබියදී නැති වී ඇති අතර කිසියම් අයෙකු එහි තිබූ ඡායාරූප යොදා මුහුණු ‍පොතේ (ෆේස් බුක්) ගිණුමක් අරඹා තිබුණේ අසභ්‍ය ලිපියක්ද යොදමිණි.


මින් කලබල වී සිටි ඇයට ලැබි ඇති දුරකථන ඇමැතුමකින් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 3ක් නුදුන්නොත් ඇගේ අනෙක් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවය.


මේ අතර ඇගේ පියයුරේ තිබූ ගැටිත්තක් හේතු කොට ගෙන පියයුරු පිළිකා පරීක්ෂාවක් සඳහා ඇය විසින් ලබාගත් ඡායාරූප කිහිපයක්ද එම

නූගත් ග්‍රාමීය පසුගාමීත්ව සපිරි ලංකාවේ විශ්ව විද්‍යාල

නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්. ඩබ් කන්නංගර යන් විසින් ලංකාවේ ග්‍රාමීය ජනයාටද උසස් අධ්‍යාපනය දොර විවර කලේ ඔවුන් පසුගාමී ග්‍රාමීයත්ව යෙන් මිදී දියුණු සංස්කෘතිය සමග අනුගත වී එම දියුණුව තම ගම් බිම් කරා ගෙනයයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය​.

නිදහස් අධ්‍යාපනය තුලින් සමාජ සංවර්ධනය ඔහුගේ අපේක්‍ෂාව විය​. මේ අනුව ගස් බඩගෑ ගම් බයියන් විශ්ව විද්‍යාල වලට ගෙන්වාගෙන මොවුන්ට හැන්දෙන් ගෑරැප්පුවෙන් කෑමේ සිට ශිෂ්ට සමාජයක හැසිරෙන අන්දම අයිවෝ ජෙනිග්ස් වැනි සුද්දන් මගින් උගන්වනු ලැබීය​.

නමුත් සී ඩබ්. ඩබ් කන්නංගර විශ්වාස කල ලෙසට වැඩ කටයුතු සිදු වූයේ නැත​. විශ්ව විද්‍යාල වලට පැමිනි ගම් බයියන් ශිෂ්ට වෙනවා වෙනුවට

Facebook මාරකයක්ද..? තරුණ සිසු සිසුවියෝ මෙසේ කියයි

වැරැද්ද Facebook නොවෙයි. පරිහරණය නොදන්නාකමයි
- මෙත්සරණි ලොකුගේ 
කොළඹ දේවි බාලිකා විද්‍යාලය

Facebook මුල්කරගෙන පාසල් ශිෂ්‍යාවන් තිදෙනෙකු මිය යෑම ඉතා කනගාටුදායක සිද්ධියක්. ඒත් ඒ දේවල් සිද්ධ වුණේ Facebook වල වැරැද්දෙන් නමෛයි. 

එය පරිහරණය කිරීමට නොදන්නා කමින් . Facebook කියන මාධ්‍යය හොඳ දෙයක්. Facebookමාධ්‍යය හරහා මිත්‍රත්වය, විනෝදය, දැනුම, අලෙවිකරණය, තොරතුරු ලබාගැනීම වැනි ගොඩක් කාර්යයන් සිද්ධ වෙනවා. අපි ෆේස් බුක්වලින් ලබා  ගත යුත්තේ හොඳ දේවල්. අපි මෙය හොඳ විදිහට භාවිත කළ යුතුයි.

ඕනෑම දෙයක හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තිබෙනවා. ඒ නිසා ඒ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. අද පුවත්පත් වලින්, රූපවාහිනි වැනි

වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි
තිබෙනවා. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා (03) පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස්
තිබෙනවා.

කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද