Ads 468x60px

.

කාමුක හැඟීම් පරීක්‍ෂා කර එම හැඟීම් දුර්වල කිරීමට මැෂිමක්


මාස 6කට වරක් 
පරීක්‍ෂණයට

ලිංගික අපචාර වැරැදි සඳහා බන්ධනාගාර ගත වී සිට නිදහස ලැබ පිටවීමට පෙර ඔවුන් යන්ත්‍රයක් මඟින් විශේෂ පරීක්‍ෂණයට ලක් කිරීමට බි්‍රතාන්‍යයේ අධිකරණ අමාත්‍යංශය ක්‍රියා කරගෙන යයි. මෙහි අරමුණ මොවුන් නිදහස ලැබ ගිය පසුව එවැනිම වැරැදි ක්‍රියා කළහොත් අත්අඩංගුවට ගැනීමේ පහසුවය. 

"පොලිග්‍රාෆ් මෙෂීන්" යනුවෙන් හැඳින්වෙන මෙම යන්ත්‍රය මඟින් අදාළ පුද්ගලයාගේ කාමුක හැඟීම් පරීක්‍ෂා කර එම හැඟීම් දුර්වල කිරීමට ඔෟෂධද දෙයි. ඊට අමතරව ඔවුන්ගේ අතෙහි කුඩා උපකරණයක්ද සවි කරනු

කිසිම ගැහැනියක්‌ සිය කැමැත්තෙන් මුදලට ඇඟ විකුණන්නේ නැ

ශ්‍රී ලංකාව තුළ ඉතාම පහසුවෙන් දැමිය හැකි කඩ වර්ග තුනක්‌ තිබේ. එයින් පළමුවැන්න පෞද්ගලික පාසල් නමැති කඩ ය. 

දෙවැන්න චීන හෝටල් නමැති කඩ ය. තුන්වැන්න මසාඡ් ක්‌ලීනික්‌ නමැති කඩ ය.

 ඒ තුනටම අවශ්‍ය වන්නේ සමාගම් මැඳුරේ හෝ පළාත් සභාවේ වෙළෙඳ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි වී වැඩ පටන් ගැනීම ය. පෞද්ගලික පාසලක්‌ පටන් ගැනීමට ශාලාවක්‌ සහ ඩෙස්‌ බංකු කිහිපයක්‌ අවශ්‍ය ය. 

චීන හෝටලයක්‌ පටන් ගැනීමට බට පැලැල්ලක්‌ සහ රතු තීන්ත ටින් එකක්‌ සහ කහ තීන්ත අවශ්‍ය ය. බට පැලැල්ලේ රතු තීන්තෙන් විශාල

දොරවල් සියල්ල වසා කටට පුළුන් ඔබා දියණිය දූෂණය කළ තාත්තා...

සිය බාලවයස්‌කාර දියණිය දූෂණය කළේ යෑයි අධිචෝදනා ලබා සිටි පියෙකු 2000 ඔක්‌තෝබර් 13 දිනත් 2001 ඔක්‌තෝබර් 12 ත් අතරදී වයස අවුරුදු 16 ට අඩු දැරියක දූෂණය කර තිබෙනවා.  

සිද්ධිය වන විට සිය දරු පවුල සමග පල්ලම කටුපොත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මෙම සිද්ධිය වන විට ඇයගේ වයස අවුරුදු 6 ක්‌ 7 ක්‌ පමණය. දෙවන පන්තියේ ඉගෙන ගනිමින් සිටියදී මෙම සිදු වීමට මුහුණ පා තිබේ. ඇයගේ සොහොයුරන් සිව්දෙනාම සසුන්ගතවී ඇති අතර මව විදේශ ගතව සිට තිබේ. නිවසෙහි සිට ඇත්තේ ඇය සහ පියාවන විත්තිකරු පමණි.

තමන් සිද්ධිය වූ දින පාසල් ගොස්‌ නිවසට පැමිණ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී විත්තිකරු තමන්ට ගේ තුළට පැමිණෙන ලෙසට කතා කළ බවත් තමන් ගේ තුළට ගිය විට දොරවල් සියල්ල වසා කටට පුළුන්

‘සීයලාගේ කාලයේ‘ ‘ගඩොල් බාගේ‘ ජංගම දුරකථනය යළි උපදී

අධි තාක්ෂණික ‘ස්මාට් ෆෝන්‘ ජංගම දුරකථන භාවිතය අතහැර ක්‍රමයෙන් අතීතයේ භාවිතා කළ ‘ගඩොල් භාග‘ ජංගම දුරකථන භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේයැයි අන්තර්ජාතික වෙළදපොළ නිරීක්ෂකයෝ කියති.

අන්තර්ජාලයේ මේ දිනවල පැරණි ජංගම දුරකථන අලෙවි වෙමින් තිඛෙණුයේ උණු කැවුම් මෙනි.ඇතැම් අවස්ථාවන්හි එවන් පැරණි ජංගම දුරකථනයක් ඩොලර් 1000 ක් (රුපියල් 132000) වැනි ඉහළ මිල ගණන් වලට පවා අලෙවි වී ඇති අවස්ථා වාර්තා වේ.

නොකියා,මෝටරොල්ලා හා සෝනි එරික්සන් සමාගම් එදවස නිපදවූ පැරණි ජංගම දුරකථනයන්ට ඉහළ ඉල්ලූමක් ඇති බව සදහන්ය. මෙම

ඩෙංගු උණ වැළඳීමෙන් ගමක්‌ හඬවා දැයෙන් සමුගත් විනුමි දින්සදී දැරිය

ඩෙංගු මදුරුවා ගිලගත් කවුඩානේ දුලත්මාගේ දුක්‌බර කතාව

මගේ සුද්දිට ගමේ හැමෝම ආදරෙයි. ඒ නිසා තමයි, හැමෝම අඬන්නේ. මීට පස්‌සේ මම වැඩට ගිහින් එන කොට මා ළඟට ඇවිත් හුරතල් වචන කිය කියා අතින් අල්ල ගෙන ගෙදරට එන්න කෙනෙක්‌ නැහැ. 

මට හිතෙන්නේ නැහැ මහත්තයෝ මගේ සුද්දි මැරිල කියලා" යෑයි ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය දෙහිවල කවුඩාන පාර, පොකුණ පාර ගම ඇතිගේ දොන් දුලත්මා විනුමි දින්සදී දැරියගේ පියා වන ගමඇතිගේ දොන් සරත් මහතා දැඩි වේදනාවකින් යුතුව පැවැසීය.

සරත් මහතා අප හා කතාබහ කරමින් සිටින අතරතුර දෙහිවල ගල්කිස්‌ස නගර සබාවට අයත් ට්‍රැක්‌ටරයක්‌ හා සේවකයන් පැමිණ අවට තිබූ කැළි කසළ පිරිසිදු කරමින් සිටිනු දැකිය හැකි විය.

ඒ දෙස බලා සිටි ප්‍රදේශවාසියකු පැවසුවේ "බලන්නකො මහත්තය අපි ඊයේ ඉඳල කොච්චර නගර සභාවට කිව්වද මේව අස්‌කර දෙන්න කියලා. පැත්ත පළාතේ ආවේ නැහැ. දරුව නැතිවුණාට පස්‌සේ ඇවිත් බොරුවට

සුදර්මා නෙත්තිකුමාර සමන් දිල්රුක්‍ෂිගෙන් ගත්තු රුපියල් පනස්‌ ලක්‍ෂය දුන්නේ නැතිවාට නඩු...

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ගෙන විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත විභාග වන නඩුවකට ඉදිරිපත් නොවී අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කොළඹ වංචා විමර්ශන ඒකකයට නියෝග කරමින් කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28 දා) එම වරෙන්තුව නිකුත් කළේය.

සමන් දිල්රුක්‍ෂි නමැති ව්‍යාපාරිකයා ඉකුත් වසරේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අංක බී 1171/2013 යටතේ කොළඹ වංචා විමර්ශන ඒකකය මගින් ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරට විරුද්ධව

එයා මගේ කෑල්ලවත්, බඩුවවත් නෙවෙයි, එයා මගේ Sweety...

“මම තව කෑල්ලක් කරනවයි කියලා මගේ අනිත් කෑල්ල දැනගත්තොත් ඉවරයි”

“මම අලුත් බඩුවක් සෙට් කරගත්තා මචං”
“මම අද කෑල්ල බලන්න යනවා”


“අර කෑල්ලක් එක්ක තිබ්බ සීන් එක මගේ බඩුවට මාට්ටු වුණානේ!” “වයිපරේව ෂේප් කරගන්න එක තමයි ලොකුම අවුල” “අරූ මාර කෑල්ලක්නෙ දාගෙන ඉන්නෙ”

“මගේ බඩුවත් එක්ක මම ෆිල්ම් එකක් බලන්න යනවා”
“උඹ තාම කරන්නේ පරණ කෑල්ලද?”


“මගේ වයිපරේ එක්ක කිසි දෙයක් කරන්න බෑ”
“මගේ පරණ කෑල්ලගේ සීන් එක වයිපරේට මාට්ටු වුණානෙ”


ඔන්න මචංලා අදත් අපි පටන්ගමු පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර පිස්සුව LOVE SICK!!. මම පහුගිය සතියක කිව්වනේ ‘ක්ලාස් එකට යං’ වැඩේට මමත් එනවා කියලා. 


ඒක කිව්වා විතරයි fb එකෙන් මට මැසේජ් කරන අයයි Gmail එකෙන් මට මේල් එවන අයයි වැඩිපුරම කිව්වේ මම අවුරුදු 7ක් තිස්සේ එකම කෙල්ලෙක් එක්ක ලව් එකක් කරගෙන හිටපු විදිය ගැන ‘ක්ලාස් එකට

ජීවිතයට අර්ථයක්‌ දුන්න රත්තරන් පුතා මේ විදිහට අපිව දාලා ගියේ ඇයි - තරිඳු දිල්හාර පුතුගේ මව

අපිට දරු සෙනෙහස දීපූ, ජීවිතයට අර්ථයක්‌ දුන්න රත්තරන් පුතා මේ විදිහට අපිව දාලා යයි කියලා අපි හීනෙන්වත් හිතුවේ නෑ. 

මගේ රත්තරන් පුතාව දෙවියන් අපෙන් මෙච්චර ඉක්‌මනට උදුර ගනියි කියලා හිතුවේ නැතැයි කඳාන ද මැසනඩ් විදුහලේ රථ ගාලේ රථයකට යටවී මියගිය තරිඳු දිල්හාර පුතුගේ මව වන චින්තා රුද්‍රිගෝ මහත්මිය හැඬු කඳුළින් පැවැසුවා.

කඳාන, මැසනඩ් විදුහලේ රථ ගාලේදී සිදුවූ මෙම අනතුරෙන් මියගොස්‌ සිටින තරිඳුට අමතරව තවත් ශිෂ්‍යයින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට නිසි පරිදි ආරක්‍ෂක රැකවරණ පහසුකම් සලසා නැති බව කියමින් දෙමව්පියන් පිරිසක්‌ විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ.

මැසනඩ් විද්‍යාලය මේ වන විට එකම මළ ගමක්‌ බවට පත්ව ඇත. තරිඳු අධ්‍යාපනය ලැබූ තුන්වැනි පන්තියේ දරුවන්ට මේ සිද්ධිය ප්‍රබල කම්පනයක්‌ ඇතිකර ඇත. කටේ කිරි සුවඳ යන්නට මත්තෙන් පාසලේ

දැවැන්ත වැල් අලයක්‌

උස අඩි හයකින් හා බරින් කිලෝ ග්‍රෑම් 27 කින් යුත් කිඹුලෙකුගේ හැඩය ගත් මෙය දැවැන්ත වැල් අලයකි. 

මීගහකිවුල "දිවයින" පුවත්පත් අලෙවි නියෝජිත ජී. එච්. ආරියදාස මහතාගේ ගෙවත්තේ මෙම වැල්අලය හටගෙන තිබිණි.

සර් මේ අයගෙන් කැමැති කෙනෙක් තෝරගන්න. රුපියල් 1500 යි...

මේ කතාමාලාව අප පටිගත කළේ පසුගියදා අනුරාධපුර පොළොන්නරු සීමා මායිමේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුළතදී සේවා ලබා ගැනීමට පැමිණි අයකුට සේවා ලබාදෙන කාන්තාවක් කළ ප‍්‍රකාශයකිනි.

අප හිතවත් අයකු දිනක් අප සමග විශේෂ හෙළිකිරීමක් කළේය. තමන්ට නොසිතූ දෙයක් සිදුවූ බවත් දැන් තමන්ට මත්කුඩු පානය කළ අයකු මෙන් මනස විකෘතිවී ජීවිතයේ පරාජය හිමිවී ඇති බවත් ඔහු කීවේය.

”මහත්තයෝ මම දින කීපයක් ගියා සම්බාහන මධ්‍යස්ථානයකට. ප‍්‍රතිකාරයක් ගත්තා. එතන ඉන්න කාන්තාවන් ඉතා ලස්සනයි. ඒ වගේම මගේ ජීවිතයත් සල්ලිත් ඉවර කළා. ඒක සූදුවක්. අනේ මහත්තයෝ මේ තැන්වල සිද්ධවෙන්නේ අමුතුම දෙයක්. 


මම බොරු කියනවානම් ගිහිල්ලා බලන්න. මේ රටේ තවත් ගොඩක් පිරිමි මේ ජාවාරමෙන් විනාශ වෙනවා. මට මේක කියන්න කෙනෙක්

ඉන්දියාවේ අලුත් අගමැතිවරයාගේ නම "මෝඩි" ද, එහෙමත් නැත්නම් "මෝදි" ද

ඉන්දියාවේ අලුත් අගමැතිවරයාගේ නම "මෝඩි" ද, එහෙමත් නැත්නම් "මෝදි" ද යන ප්‍රශ්නය පසුගියදා මතු විය. ඔහුගේ නම මෝදි බව පසුව කියන ලදි. මෝදි යන්න ඉංගී්‍රසියෙන් ලියන්නේ Modi ලෙසය. එවිට එන උච්ඡාරණය මෝඩිය. 

එහෙත් හින්දු භාෂාවේ "ඩ" ශබ්දය ගෙන දෙන "ගාඩි "අක්‍ෂර නැත. එහි ඇත්තේ "ද" ශබ්දය දෙන කෝමළ අක්‍ෂර පමණි. ඒ නිසා හින්දියෙහි "මෝදි" මිස "මෝඩි" නැත. එහෙත් ලොව පුරා සිටින ඉන්දියානු නොවන ජනයා මේ විස්‌තරය දන්නේ නැත. 

ඒ නිසා ඉංගී්‍රසියෙන් ලියන Modi එසේම උච්ඡාරණය කෙරෙයි. අනෙක්‌ අතට, ආගන්තුක බසක නාම පද සහ සර්ව නාම පමණක්‌ මවුබසට

පාසල් සිසුවකුට තමා සමග ලිංගික ඇසුරකට එන්නැයි යෝජනා කළ විදුහල්පති...

මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්‌ථානයක ධර්මශාලාවකදී දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට තමා සමග ලිංගික ඇසුරකට එන්නැයි යෝජනා කළ බව කියන මැදවච්චිය සංගිලි කනදරාව ප්‍රදේශයේ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු මැදවච්චිය පොලිසිය විසින් පෙරේදා (25 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මිහින්තලේ, මහකනදරාව, වම්ඉවුර ප්‍රදේශයේ පදිංචි පනස්‌ එක්‌ හැවිරිදි අවිවාහක අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චිය නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා ඉකුත් 24 වැනිදා දිවා කාලයේ ගිය සිසුවා පන්තිය ආරම්භවීමට කාලය ඇති නිසා විවේකීව ගත කිරීමට අසල පිහිටි

ඇත්තටම මේ මෝදි මොන වගේ මිනිහෙක්‌ද..?

වීරයා:          ස්‌වාමි විවේකානන්
අදහන්නේ:   කාලි මාතාව
ලග්නය:       වෘශ්චික
නිතරම: 1    හිස පීරනවා
නිතරම: 2    කණ්‌ණාඩියෙන් බලනවා
යාළුවෝ:      විශේෂ කවුරුත් නෑ


මෝදිගේ සම්පූර්ණ නම නරේන්ද්‍ර ද මෝදර් දාස්‌ මුල්චාන්ද් මෝදිය. මෝගල් අධිරාජ්‍යයකු වන අක්‌බාර් දුර්බාර්ගේ පාලනයට යටත්ව පැවැති ගුජරාටි ප්‍රාන්තයේ වද්නගර් මෝදිගේ උපන් ගමය. හින්දු සහ බෞද්ධාගම මිශ්‍රව පවතින වද්නගර් භාරතයේ ජනප්‍රිය ගායක යුවළක්‌ වූ දුමිතානා සහ රිරීගේ උපන් ගමද වේ. 


මෝදි උපන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදාය. ඔහුට සහෝදරයන් හතරදෙනකු සහ සහෝදරියක සිටී. මෝදි විවාහ වූයේ ජසෝදබෙන් චන්මෙන්ලාල් සමඟය. නමුත් ඔවුන් විවාහයෙන් පසු වෙන්විය.

මෝදි ඉතා පිරිසිදුව පිළිවෙළට ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන්නෙකි. තැලුණු පොඩිවුණු ඇඳුම් ඇඳීමට ඔහු අකමැතිය. ඉතා දිළිඳු පවුලක උපන් මෝදි තරුණ වියේදී තම ඇඳුම් මැදගැනීම සිදුකළේ පිත්තල සෙම්බුවකට උණු වතුර පුරවා එහි උණුසුමිනි.

මෝදි ලස්‌සනට ඇඳුම් ඇඳීමට කොතරම් ප්‍රිය කරන්නේ ද කියා වටහාගත හැක්‌කේ ගෙවුණු වසර දෙක තුළ ඔහු සියයකට අධික කුර්තා ප්‍රමාණයක්‌ මිලදී ගෙන තිබීමෙනි. ඔහු මහජනයා අතරට යන්නට පෙර තමා අඳින්නේ කුමන වර්ගයේ කුර්තාවක්‌ ද එහි වර්ණය කුමක්‌ විය යුතුද කියා

ඔන්න තමුසෙගේ සල්ලි මගේ සම්බන්ධය නවත් වන්න තමුසෙට බෑ - විශ්ව විද්‍යාල ශිෂ්‍යාව කියලා

අලුත් සම්බන්ධය නතර කරන්නේ නෑ කීවා...

දුක වේදනාව සමග ඇතිවූ කෝපයට පිහියෙන් ඇන්නා... 

- ඝාතනය කළ පෙම්වතා පාපොච්චාරණය කරයි..


ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. ඇය ඒ සම්බන්ධය නතර කරන්නේ නැහැ කියලා කීවා. මට දැනුණු කෝපය නිසා මම ඩිමාෂාට පිහියෙන් ඇන මරා දැම්මා. පසුව මට ඇය ගැන දුක සිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා"

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ තල්ගස්‌වල, නියාගම, ජය සුදම් නිවසේ පදිංචිව සිටි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමානට (22) පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ

දැන්වත් හමුදා සෙබළුන් පුනරුත්ථාපනය කරනු

හමුදා සෙබලෙකු විසින් කොළඹ සෞන්දර්‍යය විශ්ව විද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යාවක් ඇල්පිටියේදී කපා කොටා ඝාතනය කොට තිබේ.

වාර්තා වන පරිදි යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය බ්‍රිගේඩියර් කමල් සුමනපාල නම් අදූරදර්ශී නිලධාරියා විසින් වසා දැමීමෙන් පසුව මෙවැනි මානසික ව්‍යාකුලතාවයන්ට පත් වූ සොල්දාදුවන් විසින් විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදු කොට ඇත.

යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් ද පුනරුත්ථාපනය කළ යුතුව තිබිණි. එහෙත්, ඒ වෙනුවට කෙරුණේ  දිගින් දිගට ම ඔවුන් බොරු වීරාභිනන්ද නයකට ලක් කරමින් හමුදා සෙබලුන්ට රැවටීමට ලක් කිරීමය​. 

යතුරු කැරැල්ල ගන්න කියා රූමත් තරුණ ගුරුවරියගේ උදර ප්‍රදේශය ෆොටෝ අරන්

රූමත් පාසල් ගුරුවරියන්ගේ උදර ප්‍රදේශ සහ නාභිය ජංගම දුරකතන කැමරාවකින් ඡායාරූපගත කරන  අධ්‍යාපනය භාර උසස් නිලධාරියකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ (22) අනුරාධපුර කොට්ටාශයේ උසස් පොලිස් නිලධාරියකු වෙත ලැබී ඇත.

එම පැමිණිල්ල අනුව සිද්ධිය පිළිබඳ වහාම තවත් පැමිණිල්ලක් අනුරාධපුර කොට්ටාශ ළමා හා කාන්තා කාර්‍යංශයට ඉදිරිපත් කරන ලෙසට පොලිස් නිලධාරියා විසින් සිද්ධියට භාජනය වූ තරුණ පාසල් ගුරුවරියට උපදෙස් ලබා දී තිබේ.

සිද්ධියට ලක් වූ මෙම පාසල් ගුරුවරිය අනුරාධපුර ප්‍රදේශයේ වාසය කරන 28 හැවිරිදි අතිශය රූමත් තරුණියකි. ඇය අනුරාධපුර‍ය ප්‍රදේශයේ පාසලක සේවය කරන්නියකි. ඊයේ (22) උදේ මෙම පාසලට අධ්‍යාපනය භාර උසස් නිලධාරියකු පැමිණ ඇත. 


විදුහල්පතිවරයාගේ කාමරයේ දී මෙම නිලධාරියා රූමත් ගුරුවරිය කැඳවා බිත්තියේ ඉහළ එල්ලා තිබෙන යතුරු කැරැල්ලක් ගෙන තමන් අතට දෙන ලෙස කියා තිබේ. ගුරුවරිය යතුරු කැරැල්ල ගන්නට අත ඉහළට ඔසවද්දී

විසිනව හැවිරිදි හැඩකාර සෞදි ගෘහ සේවිකාවකගේ තවත් අනුවේදනීය කතාවක්‌...


බාබ මගේ කට ඇරවලා 
වස බෙහෙත් බීපං කිව්වා

මාස කීපයකට ඉහතදී ගෘහ සේවිකාවක්‌ වශයෙන් සෞදි අරාබිය කරාගිය විසිනව හැවිරිදි හැඩකාර දෙදරු මවක්‌ වන ඩබ්ලිව්. අමිතා කුමාරිට ඒ රටේ බාබ විසින් වස වර්ගයක්‌ පොවා රෝහල් ගතකර මාස එකහමාරකට පසුව ශ්‍රී ලංකාවට එවා ඇත. මේ වනවිට ඇය ආහාර ලබාගන්නේ කටින් නම් නොව උදරයට සවිකරගත් පුනීලයකිනි. 

 දියර ආහාර වලින් පමණක්‌ දිවි රැකගන්න ඇය දැනට මාස 3 ක සිට වගකිවයුතු කිසිවෙකු මේ දක්‌වා ඇයගැන සොයා බැලීමට හෝ ප්‍රතිකාර යක්‌ ලබාදීමට ඉදිරිපත් වී නැත. නාත්තන්ඩිය ආසනයට අයත් ඉරණවිල ප්‍රදේශය ඇය උපන් බිමයි. 

එම ප්‍රදේශයේම පදිංචිව සිටින සුළු ධීවර රැකියාවක්‌ කරන ඒ. චාලක සුජීව පෙරේරා සමග 2001 වර්ෂයේදී විවාහවී වයස අවු. 12 ක හා 6 ක දරුවන් දෙදෙනකුද සිටී. 

තම ස්‌වාමි පුරුෂයාගේ එදිනෙදා ධීවර රැකියාව දිනෙන් දිනම අභාවයට යාම නිසා තම දරුවන් දෙදෙනාගේ අනාගතය සරුකර ගැනීම සඳහා කති කාවකින් පසු අමිතා කුමාරි කොළඹ ප්‍රදේශයේ පිළිගත් විදේශ රැකියා

ඔබටත් ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාවක් මෙන්න

පිලිපීනයේ සෙබු නගර සත්ත්වෝද්‍යානය වෙත යන්නෙකුට ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාව ඇත.

සේවා සැපැයීමට ඉදිරිපත්ව සිටින්නේ මිශෙල්,වෝල්ටර්,ඊජේ සහ ඩැනියෙල් යන පිඹුරන් සිව්දෙනාය.

අත්හදා බැලීමට කැමති සංචාරකයෙකුවේ නම් ඔහු මුලින් බිම දිගා කරවන සත්ත්වෝද්‍යාන සේවකයෝ ඔහුගේ ඇග මත පිඹුරන් එකා පිට එකා තබති.

පිඹුරන් එහා මෙහා ඇදෙද්දී ඔවුන්ට යටව සිටින්නාගේ සිරුර ‘‘සම්භාහනය‘‘ වේ. බොහේ සංචාරකයින් මෙම සම්භාහන විදිය අත්හදා බැලීමට කැමැති බව සදහන්ය. එය අත්හදා බැලූවවුන් පවසන්නේ සැබෑ

අතේ බුදුරුවේ පච්චය තිබූ බ්‍රිතාන්‍ය කත කෝටියක්‌ වන්දි ඉල්ලයි

බුදුරජාණන් වහන්සේගේ රූපය මනාව ප්‍රදර්ශනය වන ආකාරයට අතේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටු පොළේදී අත්අඩංගුවට පත්වූ නයෝමා කොලිමාන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දින දෙකක්‌ රඳවාගෙන සිටීම නිසා ඇයට මුහුණ පාන්නට සිදුවූ අමානුෂික හිරිහැරයට හා මානසික පීඩාවට වගකිව යුතු පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරියාගෙන් රුපියල් කෝටියක වන්දියක්‌ ඉල්ලා නීතිඥයෙකු මගින් අදාළ කාන්තාව ඊයේ (22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළාය.

නීතිපති, කටුනායක පොලිසියේ පොලිස්‌ සැරයන් උපසේන, පොලිස්‌ පරීක්‍ෂක සුරවීර, මීගමුව බන්ධනාගාරය භාර ප්‍රධාන නිලධාරි, පොලිස්‌පති සහ ආගමන හා විගමන පාලක චූලානන්ද සිල්වා යන අය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් කියා සිටියේ තමා මීට පෙර දෙවතාවක්‌ම එලෙස බුදුරුව සිරුරේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ දී ගෙල වැලලා මිය ගිය ගුරුවරයාගේ කඳුළු කතාව

ඉකුත් දා බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ක්‍රීඩා කාමරයක ගෙල වැල ලැගෙන සිය දිවි හානි කරගත්තා යෑයි කියන 37 හැවිරිදි ෆ්රෑන්සිස්‌ කැමිලස්‌ නමැති එම විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භාර ගුරුවරයාගේ බිරිඳ වූ නාත්තන්ඩිය ලූර්දු විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භාර ආචාරිනී ගල්පොල පදිංචි 35 හැවිරිදි ඊ. ඒ. මහේෂා එදිරිසිංහ මහත්මිය පවසන්නේ "බම්බලපිටිය හින්දු විද්‍යාලයේ කාමරයක ගෙල වැලලා මියගියා යෑයි කියන මාගේ ස්‌වාමියාගේ මරණය සම්බන්ධව මට සැක කටයුතු බවයි ".

මිය ගිය ෆ්රෑන්සිස්‌ කැමිලස්‌ යන අය මන්නාරම පහන් කට්‌ටුකොඩ්ඩු ප්‍රදේශයේ උපත ලබා මන්නාරම සාන්ත ක්‍ෂේවියර් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමකොට වව්නියාව විද්‍යාපීඨයෙන් 2002-2004 වසර වල වැඩිදුර අධ්‍යාපනය ලබා 2005 වසරේ දී ගුරු වෘත්තියට ඇතුළත් වී ඇත.

ඉන්පසු ඊ. ඒ. මහේෂා එදිරිසිංහ යන අය සමඟ විවාහ දිවියට එළැඹි කැමිලස්‌ මහතා හත් හැවිරිදි ගල්පොල විද්‍යාලයේ ඉගෙනුම ලබන මලීශා

උපත් පාලන පෙති දෙමින් දැරියක්‌ සමග ඇසුරක්‌ පැවැත්වූ පොලී මුදලාලි

14 වසර වියෑති බාලවයස්‌කාර දැරියක සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇය මවගෙන් බැහැර කර වසර තුනක පමණ කාලයක්‌ එම දැරියට උපත් පාලන පෙති දෙමින් කාලයක්‌ තිස්‌සේ ඇසුරක්‌ පැවැත්වූ 35 හැවිරිදි අයෙකුට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම සැකකරු මැයි මස 28 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඇප ප්‍රතික්‌ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වූ සැකකරු රැකියාව වශයෙන් මුදල් පොලියට ලබා දෙන අයෙක්‌ වන අතර මෙම සැකකරු අධිකරණය හමුවට පැමිණ වූ ජාඇල පොලිසියේ නඩු මෙහෙයුම් නිලධාරී උප පොලිස්‌ පරීක්‍ෂක රංජිත් ප්‍රේමසිරි මහතා විසින් ගොනුකළ පැමිණිල්ල අනුව දැරියගේ පියා නොමැත. ඇය තම මව සමග ජීවත් වේ.

මෙම දැරිය ඉතා අකීකරු දඩබ්බර හෙයින් මවට නොදන්වා නිතර නිවසින් පිටව යන බවත් එබැවින් දැරිය පාලනය කරදෙන ලෙසට

මොහොතක් බැලුවත් බඩුමුට්ටු ගිනි තියන්න පුළුවන් දැරියක්

මිනිසා ගින්දර තම ප‍්‍රයෝජනයට ගැනීමට පුරුදු වී ශතවර්ෂ ගණනාවක් ගතවී තිබේ. එසේ වුව ද ගින්දර තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාලනය කිරීමට කිසිදු හැකියාවක් නැත. 

ගිනි දැල්වීමට නම් යම් මාධ්‍යයක් උපයෝගී කැර ගත යුතුය. එහෙත් කිසිදු මාධ්‍යයක් නොමැතිව යමක් දෙස බලා සිටීමෙන් එය දවා හළු කළ හැකි දැරියක් වියට්නාමයේ ජීවත් වන්නීය.

ඇය තවමත් 12 වැනි වයසේ පසුවන්නියකි. ලොව පුරා භෞතිකවාදී
න් ගේ සහ මනෝ විද්‍යාඥයන්ගේ අවධානය ඇය කෙරෙහි යොමු වී පර්යේෂණ ගණනාවක් සිදු වුව ද තවමත් ඇයගේ හැකියාව පිළිබද නිශ්චිත තීරණය කට එළඹීමට හැකි වී නැත. ඇතැම් මනෝ විද්‍යාඥයන් පවසන්නේ එය ඉතා දුර්ලභ මානසික රෝගයක් බවයි.

වියට්නාමයේ හෝ චි මිං නගරයේ ජීවත් වන ඇයට දහස් ගණනක පිරිසක් බලා සිටිය දී  ඕනෑම වස්තුවක් ගිනිදැල් වලින් වසා පුළුස්සා

අත්තම්මා වස දැමූ බත් කෑ සිසුවිය මරු සමඟ සටනේ

පඬුවස්නුවර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසැල් සිසුවියකට වස ලබා දී ඝාතනය කිරීමට කටයුතු කළ කාන්තාවක පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. සිය පුතාගේ බිරිය සමඟ කළක සිටම පවතින ආරවුල් හේතුවෙන් මෙම සැකකාර කාන්තාව දැරියට බත් සමඟ මුසුකළ වස ලබාදී ඇතැයි පැවසේ.

වස සහිත බත් ආහාරයට ගත් දැරියමේ වනවිට බරපතල තත්ත්වයෙන් පසුවන අතර කුරුණෑගල මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම කාන්තාව මීට පෙරද මෙලෙස සිය පුතාගේ දරුවන්ට වස දී මරාදැමීමට කටයුතු

ගුටිකෙලියට මුල දුම්රියේ රියෑදුරා පෙර දැනුම් දීමක්‌ නැතිවම දුම්රිය ඇද්දවූ නිසාලු...

දුම්රිය රියෑදුරෝත් දුම්රිය මගීනුත් මේ දිනවල ඉවක්‌ බවක්‌ නැතිව ගුටි කෙළ ගනිති. දුම්රිය පමා කර ධාවනය කරවී යෑයි මගීහු රියෑදුරන්ට පහර දෙති. 

අරගලය සමාදාන වී යළි ගමන් අරඹන දුම්රිය මරදානට පැමිණි පසු දුම්රිය රියෑදුරෝ මගීන්ට පහර දෙති. ඊළඟට ගුටි කෑමට ලක්‌වූ මගීන් පොලිසියට ගෙන යනු ලැබේ. 

ඔවුන් රැගෙන යන මරදාන පොලිසියේ රාළහාමිලාගේ මූඩ් එක හොඳ නම් පොලිස්‌ කූඩුවෙන් පමණක්‌ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිය. රාළහාමිලාගේ මූඩ් එක අවුල්නම් දෙවන වතාවටත් ගුටි කන්නට මගීන්ට සිදුවේ. 

රජයේ සේවකයන්ට පහර දීමට සිවිල් වැසියන්ට අයිතිවාසිකමක්‌ නැත. එසේම සිවිල් වැසියන්ට පහර දීමට රජයේ සේවකයන්ටද අයිතියක්‌ නැත. මෙහිදී නිතර දෙවේලේ සිවිල් වැසියන්ට පහරදෙන පොලිසිය

හින්දු විදුහලේ ගුරුවරයා නේවාසිකාගාරයේ දිවි නසා ගනී...

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ කාමරයක නේවාසිකව සිටි එම විදුහලේ ක්‍රීඩා ගුරුවරයකු ඊයේ (21 වැනිදා) ගෙල වැලලාගෙන අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි. මෙසේ මියගොස්‌ ඇත්තේ කුලියාපිටිය ගල්පොල, මැදගම, ඉලුක්‌හේන ප්‍රදේශයේ පදිංචි ප්‍රැන්සිස්‌ කැමිලස්‌ නැමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය ගුරුවරයාට වයස අවුරුදු 06 ක දියණියක්‌ සහ අවුරුදු 02 ක පුතෙක්‌ සිටිති. ඔහුගේ බිරිඳ කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා භාර ගුරුවරියක්‌ ලෙස සේවය කරයි. තම ස්‌වාමියා ඉකුත් 19 දා රාත්‍රී තමාට දුරකථනයෙන් කථා නොකළ බව ඇය හින්දු විද්‍යාලයේ ගුරුවරයකුට පවසා ඇත.

එම ගුරුවරයා පාසලේ ආරක්‍ෂක නිලධාරියකු සමඟ මියගිය ගුරුවරයා නේවාසිකව රැඳීසිටි ක්‍රීඩා උපකරණ තිබූ කාමරයට ගොස්‌ බැලීමේදී එය

මියගියත් දියණිය දමා නොගිය තාත්තාගේ කතාව

තවත් එක් සත්‍ය කතාවක් තුළින් අද ඔබව මම ගෙන එන්නේ වසර 17 මුළුල්‍ලේ නොයෙක් රෝග පීඩාවන්ට ලක් වී සිටි කාන්තාවක් “මෛත්‍රී සෙවණ” ආරාමයේ අප මෑණියන් විසින් සුවපත් කළ ආකාරයයි.

වෙනදා වගේම අදත් සුදුවතින් සැරසුණු සැදැහැවතුන් ලහි ලහියේ සැරසෙන්නේ අනන්ත වූ බුදුගුණ බලයෙන් තම ගත සිත සනසා ගන්නටයි. ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට පෙළ ගැසී ත්‍රිවිධ ෙචෙත්‍යයන් උදෙසා පූජාවන් තැන්පත් කිරීමෙන් අනතුරුව මෑණියන් විසින් සම්බුද්ධ පූජාවත්, බෝධි පූජාවත් පවත්වා පැමිණ සිටි සියලුම දෙනාගේ හදවත් ශ්‍රද්ධාවෙන් පුරවන ලදී.

සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා කර සියලු දෙනාගේ ගෙලට පිරිත් නූල් පැලඳවීමෙන් අනතුරුව මෑණියන් විහාර මන්දිරයෙන් නික්ම යන ලදී. දැන් සියලු දෙනාම පුන පුනා බලා

ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණි ජපන් තරුණියගේ හෝටල් කාමරයට පැන්න පොලිස් කාරයා..

ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණ සිටි විදේශීය කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමක්‌ පිළිබඳව සැකපිට නල්ල තන්නිය පොලිසියේ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස්‌ නිලධාරියෙකු නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපන් ජාතික කාන්තාවක්‌ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණ නල්ල තන්නිය ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටින විට ඇයට අතවර කිරීමට තැත් කිරීමක්‌ පිළිබඳව ඇය විසින් 17 වැනි දින නල්ලතන්නිය පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර ඒ අනුව අදාළ පොලිස්‌ නිලධාරියා මෙසේ අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

මේ පිළිබඳ කරන ලද විමසීමකදී නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි ජපන් ජාතික තරුණියක්‌ නල්ලතන්නිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක්‌ තුළ ලැගුම් ගෙන සිටින විටදී මෙම පොලිස්‌ නිලධාරියා එම හෝටලයේ කාන්තාව සිටි කාමරයට

දෙවියන්ගේ කැමැත්ත ඉටුකිරීමට මෙලොවට ආ 'ඉන්රි ක්‍රිස්ටෝ’


තමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නැවත ඉපදීමක් බව කියා ගන්නා අපූරු පුද්ගලයෙක් 

විවිධ පුද්ගලයන්ට විවිධ කාලවලදී විවිධ උන්මාදයන් වැළඳෙන අතර එවැනි ඇතැමුන් තදින්ම විශ්වාස කරන්නේ තමන්ගේ විශ්වාසය, අන්‍යයන් කවරක් පැවසුවද, තිර ලෙසම සත්‍යය බවයි. බ්‍රසීලයේ වෙසෙන හැටහය හැවිරිදි ‘ඉන්රි ක්‍රිස්ටෝද’ එවැනි අසාමාන්‍ය අන්දමේ දැඩි විශ්වාසයක එල්බ ගත් පුද්ගලයෙකි. 

තමා ක්‍රිස්තුන් වහන්සේගේ නැවත ඉපදීමක් බව තරයේම විශ්වාස කරන ඔහුට බ්‍රිතාන්‍යය, එක්සත් රාජධානිය, ප්‍රංශය යනාදී ලොව විවිධ රටවල් නියෝජනය කරනු ලබන අනුගාමිකන් සිය ගණනක්ද සිටින අතර මින්

කොස්‌තාපල්ගේ ඝාතකයන් මෙහෙයවූයේ මීගමු හිරේ ඉඳගෙනලු

කුරුණෑගල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ එක්‌ අයකු ඝාතනය කිරීමට සම්බන්ධ කොල්ල කණ්‌ඩායම මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙය වනු ලැබූ චාමිර ප්‍රියදර්ශන නමැති සිරකරු ළඟ තිබූ ජංගම දුරකථන පහක්‌ රහස්‌ පොලිසිය සොයා ගෙන ඇත. මේ සඳහා රහස්‌ පොලිසියට බන්ධනාගාර නිලධාරීන් ගේ ද සහාය ලැබී තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිරකරු මත්කුඩු පිළිබඳව බන්ධනාගාරගතව සිටී. මෙම සිරකරු ජංගම දුරකථන උපයෝගී කරගෙන මෙම කොල්ල කල්ලිය සංවිධානය කිරීමට මුල් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය. මෙම කල්ලියට සම්බන්ධ දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ද පොලිසියට අවශ්‍ය වී සිටියි.


කුරුණෑගලදී රාත්‍රි මුර සේවයෙහි (නිරායුධව) යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ දරුණු වධ දී ඉන් එක්‌ අයකුට වෙඩි තබා මරා දැමූ මිනීමරුවන්ගේ නායකයා පොලිස්‌ වෙඩි පහරින්

අවුරුදු 7 යි මාස 2 යි ජීවත්වීමට කිරිපිටි පමණයි...

දැනට වයස අවුරුදු 7 යි, මාස 2 ක්‌ වන නමුත් තවමත් ජීවත්වීමට කිසිම ඝන අහරක්‌ ගැනීමට වාසනාව නැති ළදරුවෙකුට මෙන් කිරිපිටි පොවා ජීවත් කරවන අහිංසක ගැහැනු දරුවකු ගැන ඉතාමත් දුක්‌බර කතාවක්‌ අපට අසන්නට ලැබුණේ පසුගිය දිනක වග, කහහේන ප්‍රධාන තැපැල් කාර්යාලයට මහජනාධාර ලබා ගැනීමට පැමිණ සිටි කාන්තාවක ගෙනි.

ඇගේ තුරුලේ සිටි එම දරුවාගේ පෙනුම අවුරුදු දෙකක පමණ ළදරුවෙකුගේ සිරුරට සමානය. 2007 පෙබරවාරි මස 22 දා මෙම දැරිය උපත ලබන විටත් මොළයේ ආබාධිත තත්ත්වයක්‌ නිසා ඉණෙන් පහළ අප්‍රාණිකව පැවති බව කියයි. ආබාධිත බවින් මෙලොව එළිය දුටු හසිනි චමල්කා දැරියට 2008 වසරේ දී ඇයට ජීවය දිමට සිටි පියාද අහිමි වී ඇත. ඒ හදිසියේ වැළඳුණු රෝගාබාධයකිනි.

රෝගී දියණිය සමග මෙලොව තනිවූ ඇල්. ඒ. රම්‍යලතා නමැති මේ අසරණ දියණියගේ මවද අද වන විට මානසික රෝගියෙකු බවට පත්වී ඇත. කිරි දියරෙන් පමණක්‌ ජීවත්වෙන අසරණ දැරියට අද වන විට

පොලිස්‌ නිලධාරියා ඝාතනය කල පොලිස්‌ මාරයා 'ගූගල් තාක්‍ෂණයෙන්' අල්ල ගත්තු හැටි..


පොලිස්‌ මාරයා 
පොලිස්‌ වෙඩි 
කා මැරේ...

කුරුණෑගල නගරයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල් වරුන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ ඉන් එක්‌ අයකු වෙඩි තබා ඝාතනය කර අනෙක්‌ නිලධාරියාට කෲර වද හිංසා පැමිණවූ සංවිධානාත්මක කණ්‌ඩායමේ ප්‍රධාන සැකකරු පොලිස්‌ වෙඩි පහරින් ඊයේ (18 වැනිදා) අලුයම උඩුදුම්බර ප්‍රදේශයේදී මරුමුවට පත්විය.

තාරුක දිලාන් නමැති මෙම පුද්ගලයා උඩුදුම්බර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ අවි ආයුධ කිහිපයක්‌ පෙන්වීමට රැගෙන යද්දී ටී 56 ගිනි අවියකින් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

ඒ අවස්‌ථාවේදී සිදු වූ වෙඩි හුවමාරුවේදී ප්‍රධාන සැකකරු මියගිය අතර පොලිස්‌ නිලධාරීන් තිදෙනකුට ද තුවාල සිදුවී ඇත. තුවාල ලැබූ නිලධාරීහු තිදෙනා උඩුදුම්බර රෝහලට ඇතුළත් කර සිටිති.

පොලිස්‌ නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැක කරුවන් දෙදෙනෙක්‌ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටිති.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරු මාතර ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටී.

මීට සති කිහිපයකට උඩදී මිනුවන්ගොඩ නගරයේ ස්‌වර්ණාභරණ වෙළෙඳ සලකට කඩා වැදී රුපියල් කෝටි ගණනක්‌ වටිනා ආභරණ කොල්ලකෑම, සීදුවේ කොමර්ෂල් බැංකුවට ඇතුළු වී එහි කළමනාකරුට

සාමවිනිසුරු පුහුණු වැඩමුළු දෙකක් 24 හා 25 දිනවල ගාල්ලේ දී හා පිළියන්දල දී

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ මෙහෙයවීමෙන්, සාමදාන විනිශ්චයකාරවරුන් ඔව්න් ගේ විෂයට අදාළ ව පුහුණු කරන සාමවිනිසුරු පුහුණු වැඩමුළු දෙකක්  2014.05.24 දින ගාල්ලේ දී හා 2014.05.25 දින පිළින්දල දී ද පැවැත්වේ. මේවා නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩමුළු ය.

මේ සදහා දැනටමත් සාමවිනිසුරුවරුනට ආරාධනාපත්‍ර තැපැල් කොට යවා ඇත. එම සාමවිනිසුරු පුහුණු වැඩමුළුවලට සහභාගී වීමට කැමති ගාල්ල හා කොළඹ දිසාවල අධිකරණවල දිව්රුම්/ප්‍රතිඥා දුන් සාමවිනිසුරු වරු වෙතොත්, පහත සදහන් තොරතුරු සම්පූර්ණකර

යෝනියේ මාංශ පේශී හැකිලීම නිසා බලෙන් කායිකව එකතු වන්නට ගිය තරුනියට වෙච්චි දේ


මධුසමය පවා 
එපා වෙයි

ධම්මිකායි ප්‍රභාතුයි විවාහ වුණේ මාස අටකට විතර කලින්. ඔවුන් දෙදෙනා හමුවුණේ වැඩිහිටියන් ගෙනා යෝජනාවකින්.

ධම්මිකා පිටිසර ගමක හැදී වැඩුණු යුවතියක්. රැකියාවක් කළේත් නෑ. ප්‍රභාත් ආරක්ෂක හමුදාවේ සෙබළෙක්. විවාහයෙන් පස්සේ ධම්මිකාට ගම අත හැරලා ප්‍රභාත්ගෙ මහ ගෙදර පදිංචියට යන්න සිද්ධ වුණා. ඒ ගෙදර ප්‍රභාත්ගේ දෙමාපියො වගේම අවිවාහක නැගණියත් හිටියා.


ධම්මිකා ගෙදර සියලුම වැඩවලට මවට උදව් කරමින් ඔවුන් සමග ලොකු සුහදතාවයකින් ජීවත් වුණා. ප්‍රභාත් හිටියෙ දුර පළාතක කඳවුරක. ඒ නිසා ඔහුට ගෙදර එන්න ලැබුණේ මාස දෙක තුනකට වතාවක් පමණයි.


මේ විදියට ඔවුන් විවාහ වෙලා අවුරුද්දක් පිරෙන්නත් ආසන්න වුණා. ධම්මිකාට තවම දරු ගැබක් හට ගත්තේ නැති එක ගැන ප්‍රභාත්ගෙ මව

වෙසක්‌ කලාප නරඹන්න යනකොට බබාලාගේ සාක්‌කුවට 'Phone නම්බර්' එක දමන්න


දරුවන් මඟහැරී ගියොත්
පොලිස්‌ මාමලා 
හම්බවෙන්න

කොළඹ ගංගාරාම, දියවන්නා, බෞද්ධාලෝක මාවත ඇතුළු අනෙකුත් වෙසක්‌ කලාප නැරඹීමට පැමිණීමේදී තම දරුවන් ගැන වැඩි අවධානයක්‌ යොමු කරන ලෙස පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහන මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.

විශේෂයෙන් තම දරුවන් වෙසක්‌ සිරි නරඹන අතරේ මඟ හැරී ගියහොත් එම ස්‌ථානයන්හි ආරක්‍ෂාවට යොදවා සිටින පොලිස්‌ නිලධාරි මහත්වරුන් හමුවන ලෙසට උපදෙස්‌ ලබා දෙන්නැයි ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.

"වෙසක්‌ කලාප නරඹන්න යනකොට අවරුදු 5, 6 වයසේ පසුවන දරුවන්ගේ කලිසම් සාක්‌කුවලට තමන්ගේ දුරකථන අංකය ලියූ

දන්සලේ බත් මුලේ ගෙම්බෙක්‌


කෑමට සූදානම් වූ 
අයට වමනයත් ගිහින්

වෙසක්‌ පොහොය වෙනුවෙන් පොහෝ දින හා ඊට පසු දින හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ පැවැත්වූ බත් දන්සලකින් ගෙන ගිය බත් පාර්සලය කින් ගෙම්බකු හමුවීමේ සිදුවීමක්‌ හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ අදාළ දන්සලෙන් සිය නිවසේ අයට රැගෙන ගිය බත් පාර්සල් රාත්‍රියේදී කෑමට සූදානම්වී දිගහැර

තොටළඟ තොරණේ අතීත කතා වස්තුව - ලංකාවේ පැරණිම තොරණ පිළිබඳ විස්තරයක්

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ඉදිවෙන වෙසක් සැරසිලි අතර වෙසක් තොරණට හිමිවන්නේ සුවිශේෂ තැනකි. මෙවරත් කොළඹ හා තදාසන්න නගරවල වෙසක් තොරණ රැසක් ඉදිවෙමින් තිබේ.

තොරණ ඉතිහාසය ගැන විපරම් කර බැලූ විට ශ්‍රී ලංකාවේ පැරණිම තොරණ ලෙස සැලකෙන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ඉදිකරන වෙසක් තොරණටය. එය මුලින්ම ඉදිවූයේ 1955 වසරේදීය.


එදා තොටළඟ ඉදිවූ මෙම තොරණින් පිළිබිඹු වූයේ මහා භද්‍ර කල්ප කතාවස්තුවයි. එම තොරණ ඉදිකෙරුනේ එවකට තොටළඟ ප්‍රසිද්ධ

වෙසක්‌ බලන්නට කොළඹ ඇතුළු නගරවලට ජන ගඟක්‌

වෙසක්‌ සිරි නැරඹීම සඳහා අති විශාල ජනකායක්‌ පෙරේදා (14 වැනිදා) පස්‌වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන්න නගරවලට පැමිණි බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ඒ අනුව පෙරේදා පස්‌වරුවේ සිට ඊයේ (15 වැනිදා) අලුයම දක්‌වා බොහෝ මාර්ගවල දැඩි රථවාහන තදබදයක්‌ පැවැති බවද වාර්තා විය.

කොළඹ බෞද්ධාලෝක මාවත, දියවන්නා වටරවුම, ගංගාරාමය, දෙහිවල ගල්කිස්‌ස, රත්මලාන, නුගේගොඩ, දෙල්කඳ, මහරගම, පෑලියගොඩ, කොට්‌ටාව, කිරිබත්ගොඩ, මහර යන ප්‍රදේශවල පිහිටි වෙසක්‌ කලාප නැරඹීම සඳහා අතිවිශාල ජනකායක්‌ පැමිණ සිටිනු දැකගත හැකි විය.

මෙවර වෙසක්‌ උත්සවය වෙනුවෙන් කොළඹ හා තදාසන්න නගරාශ්‍රිතව තොරණ 40 ක්‌ ප්‍රදර්ශනය කෙරේ. ඊට අමතරව කොළඹ නගරය ආශ්‍රිතව

අවුරුදු 15ක දියණිය ධනවත් සල්ලාලයන්ට විකිණූූූූ මව ගැන ඇදහිය නොහැකි කතාව...

මේ කතාව  මවක සිය දියණියව ගණිකාවක ලෙස පිරිමින්ට විකිණීමක් සම්බන්ධ කතාවකි. එය වඩාත් අනුවේදනීය මෙන්ම අමානුෂික වන්නේ  මෙම මව පිරිමින්ට විකුණන්නේ තවමත් පාසල් යන පහළොස් වියැති නව යොවුන් දියණියක වීම නිසාය. මෙම ම්‍ලේච්ඡ ක්‍රියාවට ඇය සිය දියණියව ඇද දමන්නේ මෙයට වසර දෙකකට පෙරය. එකල ඇයගේ වයස අවුරුදු දහතුනකි.

මෙහි ඇති තවත් ඇදහිය නොහැකි පැතිකඩක් වන්නේ ගණිකාවක ලෙස පිරිමින්ට අලෙවි කළ ඒ දියණියගේ පියා එම කාන්තාවගේද පියා වීම නිසාය. ඒ අතින් බලන කල මෙය අහස ‍පොළොව නුහුලන අපරාධයකි.


කාලයක් තිස්සේ සැඟව තිබුණු මෙම අපරාධය නිරාවරණය වන්නේ බක්මහේ අවුරුදු උදාවත් සමග හුරුබුහුටි ලස්සන ගැහැනු දරුවෙකු සමග

ගුරුතුමිය දණගැස්‌සවීමේ නඩු තීන්දුව - ගුරුතුමියට ලක්‍ෂ තුනක වන්දියක්‌...

නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණගැස්‌සවීමේ සිද්ධිය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම වසර හතකට අත්හිටුවීමටත් රු. 50,000 ක දඩ මුදලක්‌ ගෙවන ලෙස හා අගතියට පත් ගුරුවරියට රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක්‌ ගෙවන ලෙසත් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

රුපියල් 50,000 ක දඩ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව මාස 6 ක ද වන්දි මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වසරක සිර දඬුවම් ද වැඩිදුරටත් නියම කෙරිණි.

2013 වර්ෂයේ ජුලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලිහා දැමීමේ සිද්ධිය සම්බන්ධව එම මන්ත්‍රීවරයා විසින් මෙම

ගහක්‌ ගලක්‌ වගේ හිටිය මේ දරුව මරල දැම්මේ පොලීසිය කියල මම බය නැතිව කියනව


මට පොලිසිය හොඳටම ගැහුවා. 
මගේ පපුව රිදෙනවා. 
මට අමාරුයි.

ගහක්‌ ගලක්‌ වගේ හිටිය දරුවා මරලා දැම්මේ පොලිසියයි. එදා මහ රෑ අපි පොලිසියට යන කොට පුතාවයි අනිත් අයවයි කූඩුවේ දාලා හිටියා. මම කූඩුව ළඟට ගිහින් පුතාට කතා කළා. ඒ වෙලාවේ පුතා අඬ අඬා මට කිව්වා අම්මේ මට පොලිසිය හොඳටම ගැහුවා. මගේ පපුව රිදෙනවා. මට අමාරුයි කියල.

කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ කළ බව කියන අමානුෂික පහරදීමකින් පසු රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මියගිය සඳුන් මාලිංග නමැති තරුණයාගේ මව තම පුතුගේ වියෝව දරාගත නොහැකිව හැඬූ කඳුළින් යුතුව එසේ පැවසුවාය.



මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ මීගහකිවුල අකුරුකඩුව කොස්‌මෝ ෆාම් හි පදිංචි පෙරුමහේවා සඳුන් මාලිංග නැමැති 18 හැවිරිදි අවිවාහක තරුණයෙකු වන අතර ඔහු සමග සිටි ඔහුගේ සොහොයුරෙකු ඇතුළු සිව්දෙනෙකු මේ වන විට රක්‌ෂිත බන්ධනාගාරයට ඇතුළත් කර ඇත.

මීගහකිවුල බෝගහපතන ප්‍රදේශයේදී රක්‌ෂිතයකට ඇතුල් වී එහි නිධානයක්‌ හෑරූ බවට චෝදනා කරමින් පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ මෙම මියගිය තරුණයා ඇතුළු පස්‌දෙනෙකු ත්‍රීරෝද රථයක ගමන්

ඇඳුම් ගලවා අත්පා බැඳ විශාල බැරලයකට දමා නාගයා ලවා දෂ්ට කරවීමට සලස්‌වලා...

ඉඩම් ආරවුලක්‌ සම්බන්ධයෙන් පැවැති කෝන්තරයක්‌ මත නාගයකු ලවා දෂ්ට කරවා තම විරුද්ධවාදියා මරණයට පත්කිරීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ සිද්ධියක්‌ ගැන සෙවනගල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මෙහිදී නාගයකු දෂ්ට කළ හතළිස්‌ හැවිරිදි දෙදරු පියකු වන ගමගේ දොන් ධම්මික නිශාන්ත මහතා ඇඹිලිපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඉකුත් 9 දා සවස 4.30 ට පමණ ධම්මික නිශාන්ත මහතා තම හේනට යමින් සිටියදී අතරමග රැක සිටි ඔහුගේ විරුද්ධවාදියකු වන සෙවනගල මකුළුගම පදිංචි නෙල්ලවපිටියගේ සිසිල් චමින්ද නොහොත් ලොක්‌කා නමැති අය සහ තවත් නාඳුනන අයෙක්‌ ධම්මික ශාන්තව අල්ලාගෙන ඇඳුම් ගලවා අත්පා බැඳ විශාල බැරලයකට දමා ඇති බව පොලිසිය කියයි. 


එම බැරලයේ නාගයකුද සිටි අතර නාගයා එළියට ඇදී යද්දී ලොක්‌කා නැමැත්තා කෝටුවකින් නාගයාට පහරදී ඌ කෝපාවිශ්ඨ කොට ශාන්තට දෂ්ට කරවීමට සලස්‌වා ඇත. නාගයා ශාන්තගේ ශරීරයේ

පෙම්වතියගේ ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වූ ඔහුගේ කතාව

මීට අවුරුදු හත අටකට ඉස්සර දී තමයි නුවන් අපට මුලින්ම හමුවුණේ. ඒ වෙද්දි නුවන් හිටියේ දෑස් අන්ධ තරුණයෙක් විදියටයි.

එදා නුවන් අම්මත් එක්ක ඇවිත් අපෙන් පුංචි ඉල්ලීමක් කළා. ඒ තමන්ගේ නොපෙනෙන ඇස්දෙක සුව කරගන්න උදව් කරන්න කියලයි.

එදා නුවන්ගේ පෙනීම ලබා ගත හැකි ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබුණා. ඒ ඉන්දියාවේ සංකර නේත්‍රාලය රෝහලින්. මේ රෝහල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවරයි.


කෙසේ හෝ අවසානයේදී නුවන් ප්‍රසාද් ගැන අප අනුවේදනීය සටහනක් තැබුවා. එයින් පසුව නුවන්ට මේ ශල්‍යකර්මය සිදුකරගන්න අවස්ථාව ලැබුණා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරාවි නුවන්ගේ ඇස් අන්ධ

මියගිය සිය සැමියා කුස්සියේ පොළොව යට රත්රන් පෙට්‌ටියක්‌ තියෙනවා කියලා...

මීට වසර කීපයකට පෙර මියගිය සිය සැමියා විසින් තම නිවස තුළ භූමියේ නිධානයක්‌ ඇති බවට සිහිනෙන් කළ ප්‍රකාශයකට අනුව එහි පොළොව කැණීම් කර නිධන් සෙවූ ගෙහිමි කාන්තාවක්‌ සහ අසල්වැසි පුද්ගලයෙක්‌ අනුරාධපුර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (08 දා) සවස අනුරාධපුර ගෝනෑව, පණ්‌ඩුකාභයපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

අනුරාධපුර කොට්‌ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදුකොට ඇත.

මියගිය තම සැමියා මීට සති කිපයකට පමණ පෙර තමා නිදා සිටියදී සිහිනෙන් පැමිණ නිවසේ මුළුතැන්ගේ අසල පොළොව යට රත්රන් පෙට්‌ටියක්‌ ඇති බවට පැවසු නිසා එය සොයා ගොඩ ගැනීමට මෙසේ

මාමාට අයිෂ්වර්යා කසාද බන්දලා දෙනවා කියා රුපියල් 17 ලක්ෂයක් වංචා කල බෑනා

ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි  සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හා විවාහ වීම නිසා තමාට නීති මාර්ගයෙන් සහනයක් ලබා දෙන බව කියූ තම බෑනා රුපියල් 17 ලක්ෂයක් වංචා කළැයි තායිවානයේ වාසය කරන ශ්‍රී ලාංකික යෙක් කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබූ බව කොටුව උසාවියේ දී අද කියැවිණි.

නිරෝෂණ දේවප්‍රිය නම් මෙම තැනැත්තා පොලිසියට පවසා ඇත්තේ අභිෂේක් සමඟ අයිෂ්වර්යා විවාහ වීම නිසා තමා මානසික අසහනයකට පත් වූ බවයි.

එසේ තමාට වූ මානසික පීඩාවට වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට   පානදුරේ රොෂාන් අජිත් නම් තම බෑනා රුපියල් 17 ලක්ෂයක් තමා

චාර්ල්ස් කුමරුගේ කුකුල් කොටුවට කඩා වැදුණු නරි රංචුව...


කුමරා බිත්තර 
විකිණීම 
නවතා දමයි 

එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු සතු කුකුල් ගොවිපොළක් වෙත කඩා වැදුණු නරි රංචුවක් එහි සිටි කිකිළියන් 24 දෙනකු මරා දැමීම හේතුවෙන් චාර්ල්ස් බිත්තර විකිණීම නවතා දමා ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

දිවි බේරා ගැනීමට සමත් වූ කිකිළියන් සියල්ලම නරින්ට ලඟා විය නොහැකි ලෙස සැකසූ කූඩු වෙත යැවීමට කුමරු කටයුතු කැර ඇත. මේ ගොවිපල ටෙට්බරී හි පිහිටා ඇත. 

එහි බිත්තර අළෙවි කරන වෙළඳසැල් වෙත පැමිණෙන පාරිභෝගික යන්ට දැකගත හැකි පරිදි නරි පැන කිකිළියන් මරා දැමීම සම්බන්ධ දැන්වීමක්ද

පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගේ නිල ඇඳුම් පමණක්‌ නොව යට ඇඳුම් පවා ගලවාගෙන කරපු දේ...


දිවි ගලවාගත් පොලිස්‌ නිලධාරියා 
ආවේ සරමක්‌ ඉල්ලාගෙන ඇඳගෙන

කුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඊයේ (6 වැනිදා) අලුයම පැහැරගෙන ගොස්‌ වැල්ලවදී ඔවුන්ට අමානුෂික ලෙස පහර දී නිරුවත් කර එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර අනෙක්‌ නිලධාරියාට බරපතළ තුවාල සිදුකර පලා ගිය සන්නද්ධ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි කොස්‌තාපල් (41497) සම්පත් සිසිර බණ්‌ඩාර මහතාය. සන්නද්ධ කොල්ල කණ්‌ඩායම සමඟ සටන් කර ඔවුන් සමඟ පොර බදා ජීවිතය බේරාගෙන ඇත්තේ කොස්‌තාපල් (34097) වීරසූරිය මහතාය.

සන්නද්ධ පිරිසගේ පහරකෑමට ලක්‌ව බරපතළ තවාල ලැබූ වීරසූරිය මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැහැරගෙන යැමට හේතුව ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගැට්‌ටුවාන හන්දියේ රාජකාරි කරමින් සිටියදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනා මෙම සිද්ධියට මුහුණපා ඇත.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ධාවනය වන වාහන පරීක්‍ෂා කිරීමට සහ මාර්ග නීති කඩකරන රියෑදුරන් නීතියේ රැහැනට නතුකර ගැනීම සඳහා