Ads 468x60px

.

චාර්ල්ස් කුමරුගේ කුකුල් කොටුවට කඩා වැදුණු නරි රංචුව...


කුමරා බිත්තර 
විකිණීම 
නවතා දමයි 

එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු සතු කුකුල් ගොවිපොළක් වෙත කඩා වැදුණු නරි රංචුවක් එහි සිටි කිකිළියන් 24 දෙනකු මරා දැමීම හේතුවෙන් චාර්ල්ස් බිත්තර විකිණීම නවතා දමා ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

දිවි බේරා ගැනීමට සමත් වූ කිකිළියන් සියල්ලම නරින්ට ලඟා විය නොහැකි ලෙස සැකසූ කූඩු වෙත යැවීමට කුමරු කටයුතු කැර ඇත. මේ ගොවිපල ටෙට්බරී හි පිහිටා ඇත. 

එහි බිත්තර අළෙවි කරන වෙළඳසැල් වෙත පැමිණෙන පාරිභෝගික යන්ට දැකගත හැකි පරිදි නරි පැන කිකිළියන් මරා දැමීම සම්බන්ධ දැන්වීමක්ද
අලවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි

එම දැන්විමේ මෙසේ සඳහන් වේ.

"හිතවත් පාරිභෝගිකයිනි, නරින් විසින් අපගේ කිකිළියන් 24 දෙනෙකු මරා දමා ඇත. ඉතිරිව ඇති කිකිළියන් ආරක්ෂිත ස්ථානයකට ගෙනයාමට තීරණය කරන ලදී. එහි අරුත වන්නේ තවදුරටත් මෙහි බිත්තර නොමැති බවයි. ‍එමනිසා කාරැණාකර සමාවන්න." 


 
Related Posts with Thumbnails