Ads 468x60px

.

සිවුර ගලවා සරමක්‌ අන්දවා විහාරාධිපති හිමිට ගසා බස්‌ පොළක බැඳ දැමූ කට්‌ටිය

පන්විල, හාතලේ රෝහණ මුණසිංහාරාම විහාරස්‌ථානයට පෙරේදා (28දා) කඩාවැදුණු 28 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ එහි විහාරාධිපති වැලිගම සුමේධ හිමියන්ට පහරදී උන්වහන්සේ ගේ සිවුරු ගලවා සරමක්‌ අන්දවා බස්‌ නැවතුම ක ගැටගසා ඇතැයි පන්විල පොලිසිය පවසනවා. 

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ පන්විල පොලිසිය ඊට සම්බන්ධ පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ 14 දෙනෙක්‌ද පිරිමි 14 දෙනෙක්‌ද සිටිනවා. පසුගිය මාස කීපය තුළ ගමේ ඇතැම් පිරිස්‌ හා විහාරාධිපති හිමියන් අතර පවතින බහින්බස්‌වීම්

අසල්වැසි කත දුන් බිස්‌කට්‌ කෑ දරුවා මිය යයි - පස්‌හැවිරිදි අක්‌කාත් රෝහලේ

අසල්වැසි කාන්තාවක්‌ විසින් දෙන ලද බව කියන විස්‌කෝතුවක්‌ කෑමෙන් පසුව පන්විල තවලන් තැන්න ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක්‌ පමණ වූ පිරිමි දරුවකු මිය යැමේ සිද්ධියක්‌ පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

අදාළ අසල්වැසි කාන්තාව පන්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් බ්‍රහස්‌පතින්දා පස්‌වරුවේ කේ. ජී. දිල්ෂාන් නමැති මේ පිරිමි දරුවා රෝගාතුර වීමෙන් පසුව මඩොල්කැලේ

දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියා වේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති. 

දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරී වන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ.

එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත. එළඹෙන මාසයේ අත්හදා බැලීමට නියමිත මෙම නව

නැන්දම්මාගේ කුම්මැහිකම්වලින් අඳුරුව ගිය අනුෂ්කාගේ දීගය

අනුෂ්කා ඇගේ පවු‍ලේ එකම දරුවා. අනුෂ්කා ගෙ තාත්තා වෙද මහත්තයෙක්. කවදා හරි ඉගෙන ගෙන වෛද්‍යවරියක වීමේ සිහිනයක් අනුෂ්කාගේ හිතෙත් තිබුණා. 

ඒත් අනුෂ්කාගෙ තාත්තා ඇය රැකියාවක් කරනවට අකමැති වුණා විතරක් නෙමේ විශ්වවිද්‍යාලයට යවන්නවත් කැමැත්තක් දැක්වූයේ නෑ. 

ඒ නිසා වෛද්‍යවරියක වීමේ සිහිනය සිත ඇතුළේ බොඳවෙලා යද්දී අනුෂ්කා උසස් පෙළින් පස්සෙ ගෙදර නතර වුණා. තමන්ගෙ දියණියට දෙන්න සෑහෙන වත්කම් අනුෂ්කාගෙ තාත්තාට තිබුණා. ඔවුන් ඒ වන විට පදිංචිව සිටියේ පැරණි තාලෙට හදපු ලොකු ගෙදරක. ගෙදර වටා ඉඩම අක්කර දහයක්. මුළු ඉඩමෙම ‍පොල් වගේම ගම්මිරිස්, කරාබු වැනි විවිධ වාණිජ බෝග වර්ගත් වගා කරල තිබුණ.

මේවායින් ඔවුන්ට හොඳ ආදායමක් ලැබුණා. වත්තෙ වැඩ කරන්න වෙන මම ද්‍රවිඩ ජාතික සේවකයෙක් හිටියා. මේ වගේ කිසිම අගහිඟයක් නැතිව හැදෙන තමන්ගේ එකම දරුවා රස්සාවල්වලට යවමින් මහ මග රස්තියාදු

බිරින්ඳට ආදරේ පෙන්වන්න රහස් පෙදෙසට ගිනි තියාගත් සැමියා

රහස් ප්‍රදේශයට ගිණි තබාගෙන බිරිඳට ආදරය පෙන්වීම සඳහා උත්සහා පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. 

මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට කිසියම් කාන්තාවක් විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන්ඔහුත් බිරිඳත් යම් බහින් බස් වීවමක් සිදු වී ඇත. 

ඒ අවස්ථාවේ සැමියා විසින් බිරිඳට පවසා ඇත්තේ එය වැරදුනු දුරකථන ඇමතුමක් බවයි. එහෙත් එය පිළිනොගත් බිරිඳ තමන් හට ආදරේ ඇත්නම් එය සනාථ කිරීම සඳහා රහස් ප්‍රදේශයට ගිනි තබාගන්නා ලෙස ඉල්ලීමක්

පොලිස්‌ සුනඛයා ව්‍යාපාරිකයා ළඟ නතර වෙලා

පෙට්‍රල් බෝම්බයක්‌ පිපිරීමෙන් පෙරේදා (24 වැනිදා) රාත්‍රි බේරුවල අඹේපිටිය හන්දියේ වෙළෙඳසලක ගබඩාවක්‌ ගිනි ගැනීම කඩා කප්පල්කාරී ක්‍රියාවක්‌ නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්‌ බවට සැක මතු වී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

අඹේපිටිය සිංහල ව්‍යාපාරිකයකුට අයත් මෙම වෙළෙඳසල මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට බදු දී තිබූ අතර, එම වෙළෙඳසල පවත්වා ගෙන යන මුස්‌ලිම් ව්‍යාපාරිකයා වන මොහොමඩ් සිද්දික්‌ මොහොමඩ් අලී මහතා පෙරේදා රාත්‍රි 10.10 ට පමණ තම වෙළෙඳසල ගිනි ගන්නා බවට දැනුම්දීම මත පරීක්‍ෂණ පැවැත්විණි.

පරීක්‍ෂණ සඳහා ගිය 'ග්‍රේරෝ' නමැති පොලිස්‌ සුනඛයා වෙළෙඳසල පරීක්‍ෂා කිරීමෙන් පසු පැමිණිලිකාර ව්‍යාපාරිකයා ළඟ නතර වූ බව ද එම

වටරැක විජිත හිමියන් කළ බොරු රංගනය ඉවරයි - රෝහලෙන් යනකොටම පොලිසියෙන් අල්ලයි.


ඥතියෙක් සියලු 
විස්තර කියයි.

තමන් විසින්ම තම සිරුර තුවාල කරගෙන පසුව කිසියම් පිරිසක්‌ විසින් තමා පැහැර ගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී වද හිංසා කළ බවට බොරු රඟපෑමක්‌ කළ ජාතික බලසේනා සංවිධානයේ සභාපති වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (25 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ දින 07 ක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබමින් සිටි විජිත හිමි ඊයේ දහවල් 1.00 ට පමණ රෝහලෙන් පිටව යැමට සූදානම් වෙද්දී පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්‌වූ බව කියමින් වටරැක විජිත හිමියන් ඉකුත් 18 වැනිදා පෙරවරුවේ පානදුර හිරණ ප්‍රදේශයේ වැටී

ලෝව වටිනාම රෝස මල ෂෙරිල්ගේ පස්ස පැත්තේ කොටලා

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙ‍සේ ෂෙරිල් විසින් සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක් කොටාගෙන තිබේ.

ඒ සඳහා වැය කර ඇති මුදලින්  මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයි.


ඇයි  සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින් කියා සිටියේ “ජීවිතය කෙටියි ඒ කෙටි ජීවිතය තුළ  පමණයි මේ සියලූ  දෙය” යනුවෙනි. ෂෙරිල්ගේ එම පස්ස පැත්තේ පච්ච වල පින්තුර කිහිපයක් පහතින්

වෙබ් අඩවිවල පළවන මංගල දැන්වීම්වලින් මුදල් ගරන කල්ලියක්

වෙබ් අඩවිවල ශ්‍රී ලාංකික තරුණියන් මංගල දැන්වීම් පළ කිරීමෙන් පසු එම තරුණියන් සමඟ සම්බන්ධ වී විවාහ වන බවට පොරොන්දු ලබා දෙමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකළ සංවිධා නාත්මක කල්ලියක් සම්බන්ධ යෙන් දිවයිනේ විවිධ පළාත්වල පොලිස් ස්ථානවලට පැමිණිලි 15ක් පමණ ලැබී ඇතැයි මාතර කොට්ඨාසය බුද්ධි අංශය පැවැසීය.

අන්තර්ජාලය ඔස්සේ පළ කරන මේ මංගල දැන්වීම්වලට අදාළ තරුණිය න් සමඟ ස්කයිප් හා ඊ-මේල් ලිපිනයන් ඔස්සේ සම්බන්ධ වී අනතුරුව දුරකතන අංකද ලබා ගනිමින් ඒවා ඔස්සේ සබඳතා පවත්වා මෙලෙස මුදල් වංචා කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

මේ සංවිධානාත්මක කල්ලිය විසින් මේ වනවිට රුපියල් කෝටියක පමණ මුදලක් වංචාකර ඇති බවටත් මේ ජාවාරමේ මහ මොළකරු

හොරුන්ට හසුවී අතේ ඇති සතේ මෙන්ම පිරිසිදු කමද නැතිකර ගන්නා කෙල්ලන්ට සිදුවන දේ...

අන්තර්ජාලය යනු අප ඉදිරිපිට පවතින නිදහස්‌ සුන්දර ලෝකයකි. මුදලට ලබාගත හැකි සියලු සැපසම්පත් මේ ලෝකය තුළ තිබේ. ආදරය මිලට ගත හැකිද? අන්තර්ජාලයේ තිබෙන පරිදි ආදරය මිලට ගත හැකිය. 

රාගය මිලට ගත හැකිද? අන්තර්ජාලයේ තිබෙන පරිදි රාගය සිල්ලරට පමණක්‌ නොව හෝල් සේල් ද මිලට ගත හැකිය. යුරෝපයේ Sex Market යනුවෙන් වෙළෙඳපොළක්‌ තිබේ. කාම භෝගී මනුෂ්‍යයකුගේ ලිංගික ජීවිතයට අවශ්‍ය 'අමතර කළමනා'' සියල්ලම පාහේ මේ Sex Market එක තුළ ඇත. 

එහෙත් පසුගිය අවුරුදු 15 ක පමණ කාලයක පටන් අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් නොමිලේ Blue Film ලබා ගැනීමට හැකිවූ නිසා ද විවිධ

ගෑණු ළමයි කකුල් පෙන්නන එකට විනූ උදානි වොයිස් කට් කරයි

ෆැෂන් කිව්වම දැන් තියෙනවා එක එක ෆැෂන්. ගොඩක් වෙලාවට අලුත් අලුත් ෆැෂන් වලට කැමැත්ත ක් දක්වන්නෙ ගෑණු ළමයි.
සමහර අය කොටට අඳිනවා, සමහර අය දිගට අදිනවා. දැන් පාරට බැස්සොත් කැතයි කියන්න ගෑණු ළමයෙක් නැති තරම්. 

ඉතිං මේ තියෙන ෆැෂන් ගැන කතා කරන්න ලංකාවේ මේ දවස්වල ජනප්‍රිය නිළි විනූ උදානි හොඳයි කියලා වොයිස් කට් එකට හිතුණා. මේ තියෙන්නේ විනූ අපි එක්ක ෆැෂන් ගැන දක්වපු අදහස්.

අද තියෙන ෆැෂනුයි ඉස්සර තිබ්බ ෆැෂනුයි ගැන ඔයාට මොකද හිතෙන්නෙ?

ඒ කාලේ තිබ්බ ෆැෂන් අපිට ගොඩක් වේලාවට චිත්‍රපටි හරහා තමයි බලාගන්න පුළුවන්. ඒ ගැන මම අධ්‍යයනයේ යෙදිල නෑ. නමුත් දැකපු දෙයක් තමයි ඒ කාලේ ෆැෂන් ඒ කාලය නියෝජනය කරනවා කියන එක. අනිත් එක තමයි අදටත් ඒ ෆැෂන් වලින් සමහරක් ඒවා ගැළපෙනවා කියලා මට හිතෙනවා.

පොඩ්ඩක් කොටට ඇඳලා ගෑණු ළමයි කකුල් පෙන්නන එකට ඔයා කැමතිද?

මර්වින් සිල්වාගේ "දේවදත්ත නිවන් ගියා වගේ" කතාව

කිසිම ජගතකුට මාව ඉවත් කරන්න බැහැ. මම අභියෝග කරනවා පුළුවන්නම් මාව ඉවත් කරන්න කියලා. 

මට එපා නම් මම පක්‍ෂයෙන් ඉවත්ව යනවා යෑයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ ක තිබෙනවා .

ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (22 දා) කැලණිය කොහල්විල ප්‍රදේශයේ ශ්‍රීලනිප ශාඛා කමිටු පිහිටුවීමේ අවස්‌ථාව කට එක්‌වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කලා.

මහජන පක්‍ෂයේ අපේක්‍ෂකයකුට කැලණියේ ශ්‍රීලනිප සංවිධායක වෙන්න බැහැ. ඡන්ද 1650 ක්‌ ගත්තු කෙනෙක්‌ කොහොමද කැලණීය සංවිධායක කරන්නේ. ඒ කතාව හරියට දේවදත්ත නිවන් ගියා වගේ නැත්නම්

ඇත්තටම වටරැක හිමියන්ට මොකද වුණේ?

මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසුනක්‌ හිමි, ජාතික බලසේනා සංවිධානයේ කැඳවුම්කරු ද වන වටරැක විජිත හිමියන් කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ සිවුරු ගලවා අත්පා බැඳ පහරදී තුවාල සිදුකර තිබියදී පසුගිය 19 වැනිදා සොයා ගන්නා ලදී. 

මෙසේ අත් පා බැඳ පහරදී මහ මග දමාගිය කිසියම් පුද්ගලයකු පානදුර හිරණ පාලම ආසන්නයේ පාළු පෙදෙසක සිටින බව ඒ ආසන්නයේ පොලිස්‌ මුර පොළක සේවය කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට ප්‍රදේශවාසීන් විසින් දන්වා තිබේ. 

අනතුරුව එහි ගිය පොලිසිය එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තමන් කවුරුන්ද යන වග විමසා සිටියත් තම අනන්‍යතාවය තහවුරු කිරීමට තරම් නිරවුල් මතකයක්‌ ඔහුට එම අවස්‌ථාවේදී තිබී

බොදු බල සේනාවට එරෙහිව පැරිසියේ විරෝධතා (පින්තුර)

බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින්, ජාතිවාදය අවුස්සමින් සිටින ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස රාජපක්ෂ ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් ඊයේ (22) සවස පැරිසියේදී පැවැත්විණි. 

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව සංවිධානය කරනු ලැබූ මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට මුස්ලිම් ජනයාට අමතරව ප්‍රංශයට සංක්‍රමණය වූ දෙමල හා සිංහල ජනයාද එක්විය. 

දෙසීයකට වැඩි පිරිසක් එක්ව සිටි මෙම උද්ඝෝෂණය පැවතියේ   අයිපල් කුළුණ සමීපයේ පිහිටි තොකදරෝ පීඨිකාවේදීය. මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අලුත්ගමදී එල්ලවූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ජනාධිපති රාජපක්ෂ වෙත සන්දේශයක් භාරදෙන බවද සංවිධායකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

එහි පින්තුර කිහිපයක් පහතින්.

ඥානසාරලා බිහි වෙන්නේ මෙහෙමයි

ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගී ලක්‍ෂණයකි. ගලගොඩඅත්තේ ඥානසාර  යනු රෝගය යැයි සිතාගෙන සිටින්නෝ මුලාවී සිටිති. රෝගය වෙනුවට රෝගී ලක්‍ෂණයට පිළියම් කරති.

ගලගොඩඅත්තේ ඥානසාර ඇතුලු සිවුරුකාරයන් තුල මහා පොදු සාධකයක් තිබේ. ඔවුන් දෙස විපරමින් බලන්න​. ඔවුන් කොපමණ කෝපයකින් වෛරයකින් පෙලේද ? මේ වෛරය  ඔවුන් තුල ජනිත වූයේ කෙසේද​? ඔවුන්ට අවශ්‍ය සුලු හේතුවක් පමණි. ඉන්පසු ගිණි කන්දකින් ලෝදිය ගලන්නාක් මෙන් වෛරය පිට කරති.

ඥානසාර ඇතුලු සිවුරුකාරයන් ගේ ලමා විය ගැන බලන්න​. මොවුන් දුෂ්කෘති (dysfunctional) පවුල් වලින් පැමිනියෝ වෙති. දරිද්‍රතාව පියා අතහැරයාම , පියාගේ බීමත්කම වැනි හේතු නිසා මවට මොවුන්ට

තරුණියක් නානවා බලා පොලිසියට හසුවූ එක්‌දරු පියා

තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක කටඋත්තරයක්‌ ලියා ගනිමින් සිටියදී පොලිසියේ තාප්ප යෙන් පැන පලාගිය පුද්ගලයෙකු ගේ මළ සිරුරක්‌ බත්තරමුල්ල අකුරේගොඩ වැව අසල කැලෑ රොදක වූ කැන්ද ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙම
පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ කාන්තාවක නාන කාමරයේ නාමින් සිටියදී නිවසට ඇතුළු වී එය බැලුවැයි ඇය විසින් ඔහුට පහර දී තිබෙනවා. එහිදී එම පුද්ගලයාද ඇයට පහරදී යතුරුපැදියේ නැග පලාගොස්‌ තිබිණි. මේ අවස්‌ථාවේ යතුරුපැදි

දඹුල්ලේ එළවළු මිල සියයට 100 කින් නගී


පතෝල කිලෝව 90 යි:

ගෝවා කිලෝව රු.100 ට 

ගිය පළමු අවස්‌ථාව

එළවළු තොග මිල (19 වැනිදා) සියයට සියයකින් ඉහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ලේකම් අයි. ජී. විඡේනන්ද මහතා පැවසුවා. එළවළු තොග ඉල්ලුමට සාපේක්‌ෂව වෙළෙඳපොළට නොලැබීම නිසා දිවයින පුරාම එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යැම වැළැක්‌විය නොහැකි යෑයිද ඒ මහතා කියයි.

බීට්‌ අස්‌වනු ඉතාම අඩුවෙන් ලැබුණු බවත්, කරවිල තොග විකුණුම් මිල කිලෝවක්‌ රු. 160 දක්‌වා ඉහළ ගිය බවත් ඒ මහතා පැවැසීය. දිග රාබු කිලෝව මිල රුපියල් 140 ක්‌, බෝංචි කිලෝවක්‌ රුපියල් 150 ක්‌,

වටරැක විජිත හිමියන්ට පහරදීම මාර විදිහට ගුප්තයිලු

ජාතික බලසේනාවේ කැඳවුම්කරු වටරැක විජිත හිමියන්ට පහර දී හිරිහැර කිරීමේ සිද්ධිය පසුපස යම්කිසි ගුප්ත බවක්‌ පෙනෙන්නට තිබෙන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌පතිවරයාගේ නියෝගය පරිදි දැනටමත් පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ම යොදවා ඇතැයි ද පොලිස්‌ ප්‍රකාශකවරයා සඳහන් කලා. මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වටරැක විජිත හිමියන්ගෙන් පොලිසිය ඊයේ කටඋත්තර සටහන් කරගෙන ඇත.


කැපුම් තුවාල සහිතව ප්‍රහාරයට ලක්ව බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල දමා සිටියදී හමු වූ ජාතික බල සේනාවේ පූජ්‍ය වටරැක විජිත හිමියන් පැහැර ගත් පිරිස ඔහුට වධ දී ඇත්තේ සිහිසුන් කිරීමෙන් පසුව බව විජිත හිමියෝ පවසා තිබෙනවා.

තමා මුහුණ දුන් බිහිසුනු සිදුවීම ගැන විස්තර කළ එහිමියන් පවසන පරිදි ඔහු මහියංගනයේ සිට කොළඹ පැමිණ ඇත්තේ පසුගිය 16 වෙනිද පාන්දර ය. කොළඹ සිට ගෙන්වා ගත් කුලී රියක මහියංගනයේ සිට

ඓශ්චර්යාට වන්දි නඩුවක් පවරා දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට පොරොන්දු වූ මාමා


බෑනාට යනඑන මං 
නැතිකළ මාමෙක්

ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිට එරෙහිව වන්දි නඩුවක් පවරා රුපියල් දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට මාමාට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් දස ලක්ෂයක් වංචා කළැයි කියන බෑනා ‍පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉන්දියා නිළි ඓශ්චර්යා රායි සමඟ විවාහ වීමේ අදහසින් ඇයට ආදරය කළ බව කියන නිරෝෂන් දේවප්‍රිය ඊයේ තායිවානේ සිට පැමිණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටි බවයි.

ඉන්දියා නිළිය ඉන්දියා නළුවකු සමඟ විවාහ වීමෙන් තම බලාපොරොත්තු සුන් වීමෙන් සිදු වු මානසික පීඩාවට වන්දි නඩුවක් පවරා වන්දි ලබා ගත හැකි බව රොෂාන් අජිත් නම් බෑනා  ඔහුට කියා

ලොවපුරා ෆේස්බුක් තාවකාලිකව නැවතිලා දැන් හරි


ලොව පුරාම 
සාකච්ඡා
ඇරඹීලා

ලෝකයේ වැඩිම දෙනෙකුම නරඹන වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලය අද(19) දහවල් කාලයේ ලෝකයේ රටවල් ගණනාවක දර්ශනය නොවී පැවති බව වාර්තා වනවා.

මෙයට සාමාන්‍ය පරිගණකවලින් හා ජංගම දුරකථන ඔස්සේ නරඹන අය සියල්ල ඇතුළත් විය. එහෙත් එම කාර්මික දෝෂය ටික වේලාවකින් පසු හරිගස්සා ඇති අතර ඒ දෝෂය පැවති මිනිත්තු කිහිපය තුළ පමණක්

ෆේස්බුක් හුටපටයකින් අම්මාට පතිවතත් නැත. දියණියත් නැත.


මගේ හස්බන්ගෙන් 
දික්කසාද වෙලා 
මම තනිවෙලා 
ඉන්නේ

ෆේස්බුක් ගිණුමක් හරහා දිගු කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වූ 17 හැවිරිදි තරුණියක් 63 හැවිරිදි නාකි පොරක් සමඟ පැන ගොස් මොරටුව ප්‍රදේශයේ ජීවත්වන බව මවුපියන්ට දැනගන්නට ලැබී ඇත. අවුරුදු 14 වයසේදී මේ කෙල්ල සමඟ මිත්‍ර වූ වියපත් බඹරා පසුව ඇය හා පැනගොස් ඇත.

දැන් ඉන්න කෙල්ලන් පුදුම අයය. මිනිහා නාකි වුණාට කම් නැත. සල්ලි බාගේ තිබේ නම් එය හොඳටම ප්‍රමාණවත්ය. මේ කෙල්ල මේ නාකිරාල සමඟ පැන යන්නට ඇත්තේ සල්ලි බලාගෙන විය හැකිය.

අපේ රටේ සමහර නාකි පොරවල් හොඳ මනමාලයෝය. ඔවුන්ට අත්දැකීමෙන් ගැහැනුන් වසඟ කරගැනීමේ හැකියාවක් තිබේ. ගැහැනු මෙවැනි නාකින්ට කැමැති ඔවුන් ස්ත්‍රීන් වසඟ කරගැනීමේ කාම ශාස්ත්‍රය හොඳහැටි දන්නා නිසා විය හැකිය.

ඒ කාලේ ගාල්ලේ කොල්ලෙක් ළඟ මොබයිල් ෆෝනයක් තිබුණේය. එයට ගැහැනියක් කතා කළාය. "කවුද කතා කරන්නේ" කොල්ලා විමසීය."මම මේ අම්බලන්ගොඩින් රම්‍යා කතා කරන්නේ." "මගේ

වෛද්‍යවරයාගේ කම්මුලට ගැසූ ගෑනුත් නැති පිරිමිත් නැති අපුරු තරුණයා...


ආර්.එම්.බී. එකේ 
ජරමරයක්‌

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්ත මේන්තුවට අයත් වේරහැර රියෑදුරු බලපත් නිකුත් කරන ආයතනයට රියෑදුරු බලපත්‍රයක්‌ ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය නිකුත් කරන අංශයට පසුගියදා අපූරු තරුණයෙක්‌ පැමිණියේය.

කොණ්‌ඩය පාට කර කාන්තාවකගේ හා සමාන ප්‍රමාණයට කොණ්‌ඩය කොටට කපා කොයි මොහොතේ කඩා වැටේදො යයි සැක සිතෙන ඉනෙන් පහළට වැටුණු කලිසමක්‌ ඇඳ සිටි මෙම තරුණයාගේ කථා බහද කාන්තාවකගේ හා සමානය.

මෙම තරුණයාගේ හැසිරීම සහ විලාසිතා දුටු එහි සිටි කාටත් විනෝද ජනක විය. ඔහුගේ පසුපසින් ආරක්‍ෂක අංශයේ යෑයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනකුද සිටියේ පෞද්ගලික ආරක්‍ෂකයන් මෙනි.

තම වාරය පැමිණි පසු මෙම සුකොමල තරුණයා වෛද්‍ය පරීක්‍ෂාව සඳහා වෛද්‍යවරයාගේ කාමරයට ගියේය. මොහු දුටු වෛද්‍යවරයා ඔයා පිරිමි

දැන් හයි ස්පීඩ් ගියාට පොලිසියෙන් අල්ලන්නේ නැතිලු...


වේගයෙන් යන 
රියදුරන් 
අල්ලන්න 
එපා
- වයඹ පොලිස්පති

අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් කිසිම විටෙක රියදුරන් නීතියේ රැහැනට හසුකර නොගන්නා ලෙසට වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ සියළුම පොලිස් ස්ථානවලට ලිඛිත නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

අධික වේගයෙන් රිය ධාවනය පරීක්‍ෂාකරනඋපකරණ පොලිස් ස්ථාන යෙන් පිටතට රැගෙන නොයන ලෙසත් යම් නිලධාරියෙක් මෙම නියෝගය පැහැර හැරිය හොත් විනයානුකූල පියවර ගන්නා බවත් ජගත් අබේසිරි ගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත්කර ඇතැයි පැවසෙන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් අධික වේගයෙන් රියපැදවීම සම්බන්ධයෙන් රියදුරන් කොටු

මංජුලා අදි මදි කරනවනම් මං ඩිල්ෂාන්ගේ පෙම්වතිය වෙන්න කැමතියි - සමිතා කියයි...


මංජුලාට දැන් දරුවෝ 
තුන්දෙනක් ඉන්නවනේ

සමිතා පසුගියදා එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ට ඇයගේ රූප රචනාවක රඟපාන්න ආරාධනා කරලා තිබුණු පුවතක් අපට වාර්තා වුණා.

අපට දැනගන්නට ලැබුණු විදිහට ඩිල්ෂානුයි, මංජුලායි දෙන්නම
සමිතාගෙ හොඳම යාළුවෝ හින්දා ඇය ඒ වැඩසටහනේදී නිකමට වගේ කියපු කතාවක් කියලයි ඇය කියන්නේ. ඒත් ඩිල්ෂාන්ට සමිතා සැබෑවටම ආරාධනා කළ බවයි බොහෝ අය හිතන්නේ..ඒ ගැන අපි කෙලින්ම සමිතාගෙන් ඇහුවා. ඇය ඒ ගැන උත්තර දුන්නේ මේ විදිහටයි.  

නිකමට කතාකළා කිව්වට මම ඇත්තටම කැමතියි ඩිල්ෂාන් මගේ විෂුවල් එකක රඟපානවට.

ඔබේ ඒ ආරාධනය ඩිල්ෂාන් පිළිගත්තද?
දැනට නම් පිළිතුරක් ලැබුණෙ නැහැ.


ඩිල්ෂාන් ඔබේ රූප රචනයට එකතු වෙනවට ඔබ කැමතියිනේ...?
ගොඩක් ආසයි.


ඔබ එදා කළ යෝජනාව ඩිල්ෂාන් සැබෑවටම පිළිගත්තොත්...?

අක්‌කට අසනීප බව කියා පාසලෙන් අරගෙන ගිහින් බිරිඳගේ නංගීට අතවර කළ මස්‌සිනා...

පාසලේ ඉගෙන ගනිමින් සිටි දැරියක්‌ සොයා හදිසියේ පාසලට පැමිණ ඇති ඇයගේ මස්‌සිනා අක්‌කාට අමාරුයි කියා ඇයව පාසලෙන් කැඳවා ගෙන ගොස්‌ අපහරණය කර දූෂණය කරන පුවතක් අක්‌කරවේලිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අධි චෝදනා ලබා සිටි මස්‌සිනා එම චෝදනා දෙකටම වරදකරු කළ හලාවත මහාධිකරණය බරවැඩ සහිත වසර 27 ක සිරදඬුවමක්‌ පසුගිය දා නියම කර ඇති බවයි.

සුප්පන් චන්ද්‍ර මෝහන් නොහොත් සුප්පන් සන්දීර් මෝහන් චූදිත වන හෙතෙම සිද්ධිය වනවිට මුන්දලම අක්‌කරවේලිය ප්‍රදේශයේ පදිංචිව
ඇත.

2003 ජුලි 11 දින හෝ ඊට ආසන්න දිනයක මුන්දලම අක්‌කරවේලියදී වයස අවුරුදු 16 ට අඩු දැරියක අපහරණය කිරීම, එම දින වැල්ලම්පිටියදී

පෙම්වතාගේ මතක බණ දවසේ ලිපියක් ලියා බෙල්ලේ වැල දා ගත් ශිෂ්‍යාව...

කොටදෙණියාව, වරාදල ප්‍රදේශයේ පාසල් සිසුවියක්‌ ගෙල වැළලාගෙන මියගොස්‌ තිබෙනවා. 16 වැනිදා අලුයම 1.00 ට පමණ තම නිවසේ ඉදිරිපස ඇති ගසක එල්ලී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවකි. මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුද, බාල සහෝදරයෙක්‌ හා සහෝදරියක්‌ද ඇත. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා විවාහ වී වෙනම ජීවත්ව ඇත.

බාල සහෝදරයා සහ සහෝදරියත්, පියාත් සමග මියගිය සිසුවිය වරාදල නිවසේ ජීවත්ව ඇත. මෙම පවුලේ මව විදේශගතවී ඇත. නිවස ආසන්න යේ තරුණයෙකු සමග මෙම ශිෂ්‍යාව ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගෙන

ටයිල් වැඩ කරද්දී ආදර සිතක්‌ පහළ වුනු තරුණිය, වැව්බැම්ම උඩට ගෙනිහින් දූෂණය කල ටයිල් බාස්‌


එයාගේ සෙක්සි 
ඇඟ දැක්කම මට 
මොකද්ද වුණා. 
- ටයිල් බාස්‌ පාපොච්චාරණය කරයි 

අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරයක්‌ පවත්වා ගෙන ගිය මීට මාස තුනකට පමණ ඉහතදී 56 වියෑති විවාහක කාන්තාවක මිහින්තලේ වෙල්ලාර ගම ප්‍රදේශයේ දී දූෂණය කොට ගෙල සිරකර මරා දැමූ සිද්ධියේ සැඟවී සිටි ටයිල් බාස්‌ පසුගිය 3 වැනිදා සවස පානදුර මොරවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබු පුවත අප වෙත වාර්තා වුණා.

පසුගිය මාර්තු මස 11 වැනිදා අනුරාධපුර නගරයේ තුන්වැනි පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක දෙදරු මවක වූ ප්ලොරිඩා බ්‍රිජට්‌ වින්සන් ඕපාත නමැති කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ටයිල් බාස්‌ එසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ටයිල් බාස්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පුළුල් විමර්ශනයක්‌ සිදුකළ අතර ටයිල් බාස්‌ විසින් සිය මිතුරකුට

රියැදුරු හා මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු අතර සුළු ආරවුලක් කල මහා විනාශය

අළුයට තිබුණු ගිනි පුපුරු දැල්වී තිබේ. අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනයා සතු කඩ සාප්පු, නිවාස, හා වාහන රැසක් ගිනිබත් වී ඇත. පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත. සිංහල හා මුස්ලිම් ජාතිකයෝ රැසක් තුවාල ලබා රෝහල්ගතව සිටිති.

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක ගමන්ගත් රථයක රියැදුරු හා යතුරුපැදියක ගමන්ගත් මුස්ලිම් ජාතික යන් දෙදෙනකු අතර ඇතිවූ සුළු ආරවුලක් මේ විනාශයට මුල්වී තිබේ. 


ජාතීන් දෙකක් අතර විරසකයක් ඇති වන ආකාරයට මේ අහඹු සිද්ධිය යොදා ගැනීමට අවස්ථාවාදීන් පිරිසක් මුල් වූ බවට චෝදනා එල්ල වී ඇත. කුඩා දරුවකු අපයෝජනය කළ බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයකුගේ

රෝගියාට අවශ්‍ය සේවය රෝහලින් ඉටු වෙනවාද...

රෝහලක ප්‍රධාන භූමිකාව රෝගියාය. රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර - රෝහලින් නොලැබෙන විට ඔහුට දොස්‌තර කඩ සොයා යාමට සිදු වේ. 

එයින් ගම්‍ය වන්නේද රෝගියාට අවශ්‍ය සේවය රෝහලින් ඉටු නොවන බවයි. එසේ නම් මේ ආයතන පවත්වාගෙන යන්නේ පුද්ගලයන්ට රැකියා අවස්‌ථා ලබාදීම සඳහා පමණක්‌ද?

රෝහලේ සියලු කාර්ය මණ්‌ඩලවලට වැටුප් ගෙවන්නේ මහජනතාවයි. මහජනයා එසේ ගෙවනු ලබන වැටුපට සාධාරණ සේවයක්‌ ඔවුන්ගෙන් ඉටු නොවන්නේ නම් ඊළඟට කළ යුත්තේ ඔවුන් රැකියා වලින් දොට්‌ට

සති ගණනක්‌ නිවසට නොපැමිණෙන සෙබළ සැමියා නොමැතිකමේ උපරිම වාසි ගත් බිරිඳට සිදුවූ දේ...

වැලිමඩ ප්‍රදේශයේ උපන් චම්පිකා ජීවන්ති පාසල් වියේදීම කෙළිලොල් දිවියකට හුරු පුරුදු වූයේ ජීවිතය විඳවීමට නොව විඳීමට අවශ්‍ය බව පවසමිනි. 

පාසල් අධ්‍යාපනයෙන් පසු අනුරාධ පුර ප්‍රදේශයේ පදිංචි හමුදා සේවයේ නියුතු අයකු හා විවාහ වූ ඇය එම ප්‍රදේශයේ පදිංචියට ගියාය.

රණවිරු නිවසකට උරුමකම් කී චම්පිකාගේ ස්‌වාමිපුරුෂයා හා ඇය ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ එම නිවසේ පදිංචිකරුවන් වූවෝය. මෙම විවාහයෙන් දියණියන් දෙදෙනකු ලද ජීවන්ති වසර ගණනක්‌ හොඳ පවුල් ජීවිතයක්‌ ගත කළාය.


නමුත් දෙදරු මවක වූ ඇයට එම යහපත් පවුල් දිවිය දිගටම පවත්වාගෙන යැමට නොහැකි වූවාය. ප්‍රදේශයේ තරුණයකු හා සම්බන්ධකමක්‌ පවත්වාගත් ඇය රැකියාවට ගොස්‌ සති ගණනක්‌ නිවසට නොපැමිණෙන සැමියා නොමැතිකමේ උපරිම වාසි ගත්තාය.

සෙබළ සැමියාට මේ පිළිබඳව කන වැකීම නිසා ඇයට මේ පිළිබඳව කළ අවවාදයේ ප්‍රතිඵලය වී ඇත්තේ දෙදෙනා අතර පවුල් ආරවුල් හට ගැනීමය. මෙම සිද්ධියත් සමඟ සැමියාගෙන් පළි ගැනීම අරමුණු කරගත්

අලුත්ගම ගැටුමෙන් "භික්‌ෂූන්වහන්සේනමක්‌ අපවත්වූ කතාව බොරුලු" - පොලිස්‌පති කියයි

අලුත්ගම ගැටුම පිළිබඳව රහස්‌ පොලිසිය (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව) කොළඹ අපරාධ කොට්‌ඨාශය හා කළුතර පොලිස්‌ කොට්‌ඨාශයෙන් තෝරාගත් කණ්‌ඩායමක්‌ කණ්‌ඩායම් තුනක්‌ වශයෙන් වෙන වෙනම පරීක්‍ෂණ පවත්වන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඊයේ (16 දා) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවා.

කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයේදී පැවැත්වූ දාර්ගා නගරයේදී ඉකුත් 15 වැනිදා සිදුවූ ගැටුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මේ සාකච්ඡාව පැවැත්වුනා.

ඉකුත් 12 වැනිදා පොසොන් පොහෝ දින ධර්ම දේශනයකට වැඩම කළ දාර්ගා නගරය කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන්ට පතිරන්ගොඩ ප්‍රදේශයේදී මුස්‌ලිම් තරුණයන් තිදෙනකුගෙන් එක්‌ අයකු පහරදී ඇතැයි ද මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද ඔහු
පැවසුවා.

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ හිමියන් 15 වැනිදා රෝහලින් පිටවී ආගමික උත්සවයකට සහභාගි වී පන්සලට වැඩම කරමින් සිටියදී

පාසල් ඇඳුම පිටින්ම දුම්රියට පැන්න සෙව්මිණි අපේක්ෂා අවසන් වරට ලියා තිබූ ලිපිය...

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ශිෂ්‍යාවක ගෙල වැලලා ගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය මීට මාස කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට ලක්වුණු සිදුවීමකි. 

ඒ සම්බන්ධයෙන් එම විදුහ‍ලේ විදුහල්පතිවරයාටද බරපතළ චෝදනා එල්ල විය.  ඊට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවා මැදිහත් වෙමින් විදුහල් පතිවරයා අත්අඩංගුවට ගෙන ටික කාලයක් බන්ධනාගාරගත කිරීමටද කටයුතු සැලැස්සුවේය. එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදුහල්පතිවරයාට එරෙහිව යොදා ගනු ලැබුවේ මානසික කෲරත්වය පිළිබඳ චෝදනාවය. 

ඒ එම දැරිය සිය දිවි හානිකර ගැනීමට මුල්වූ කරුණු කාරණා සම්බන්ධ යෙන් ලියා තබන ලද ලිපියක්ද මුල්කරගෙනය. මේ වනවිට විදුහල්පති වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතී.

නැවතත් ඒ සිදුවීම මෙසේ ආවර්ජනය කරන්නට සිදුවන්නේ එදා සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ සිසුවියට සිය දිවි හානිකර ගැනීමට බලපෑ හේතුවට සමාන ආකාරයේ ක්‍රියාවලියක් හේතුවෙන් තවත් පාසල්

අයගම සමිත හිමියන්ට තුන් දෙනෙක් ගුටි දුන්නාට බේරුවලට පොලිස් ඇඳිරි නීතිය...

අලුත්ගම නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අලුත්ගම සහ බේරුවල ‍පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ ‍පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව ‍අප වෙත වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් කඩසාප්පු රැසකට ගිනිතබා ඇති අතර පහරදීම්වලින් සැලකිය යුතු පිරිසක් සුළු තුවාල ලබා ඇති බවත්
වාර්තා වෙනවා.


මෙම ගැටුමට හේතුවූයේ ‍පොසොන් ‍පොහොය දින ධර්ම දේශනයකට වැඩම කරමින් සිටි කුරුඳුවත්ත විද්‍යාරාමාධිකාරී අයගම සමිත හිමියන්ට

නවක වධයට සූදානම් වන්නේ නම් බෙල්ලෙන් අල්ලා පස්‌ස පැත්තට පයින් ගැසීම ප්‍රමාණවත්ද...

රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය ඉතාම නීච මට්‌ටමේ නවක වධ තිප්පොලක්‌ බවට පත්වී තිබෙන බව සෙනසුරාදා (14 දා) දිවයිනේ පළවිය. වධකයෝ රාත්‍රි කාලයේදී නවක සිසුන් නිරුවත් කර විද්‍යායතනයේ නේවාසිකාගාරය වටා දුවවති. ලිංගික හිංසා කරති. 

එකම කරාමයක්‌ ඇති නාන කාමරයකට සිසුන් හතර දෙනා බැගින් දමා විනාඩි 2 ක්‌ නෑමට සළස්‌වා වහා එළියට ඇද දමති. උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පසුගිය දවසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බූරුවා, බල්ලා, පිස්‌සා නරියා යනාදී වශයෙන් පරිභව කරන ලදැයි මේ දිනවල විශාල කලබලයක්‌ පවතී. 

එස්‌. බී. එම වචන යොදන ලද්දේ කවරකු උදෙසාද යන්න අපි නොදනිමු. මෙහිදී බල්ලා යන පදයට අවමානයක්‌ වී ඇති බවද අපි දනිමු. කෙසේ

සම්භාහන මධ්‍යස්‌ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය අනුරපුරේ ගණිකා තිප්පොළ


අයිතිකාර කෝටිපති 
ව්‍යාපාරිකයා මිසින්

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය මුදලට ගණිකාවන් අලෙවි කිරීමේ ස්‌ථානයක්‌ වැටලූ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් එහි කළමනාකාරවරිය සහ ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකකරන තරුණ කාන්තාවෝ සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබූවා.

පොලිස්‌ නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදවා ගණිකා සේවයේ යෙදීම සඳහා මුදලට කාන්තාවක ලබා ගනිමින් සිටියදී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකොට ඇත.

එම සම්භාහන මධ්‍යස්‌ථානය ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇතත්, පොලිසිය එය වටලන අවස්‌ථාවේ කිසිදු

කොහොමද උක්‌කුං මොළේ...?

තංගල්ල අධිකරණය අසලදී ආමි අමිලට වෙඩි තබා කොන්දොස්‌තර කෙනකු මරා දැමූ පාතාල උක්‌කුවා හෙවත් තංගල්ලේ නිලූෂ නමැති බියකරු දාමරිකයා සහ සගයන් තිදෙනකු තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව 07 වැනිදා වාර්තා විය. 

මේ දවස්‌වල පොල් ගෙඩියක්‌ හොරෙන් කැඩූ අය පවා ආයුධ පෙන්වීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක්‌ ගෙන යන නමුත් පාතාල උක්‌කුවා ඇතුළු පිරිස එම සංචාරයට ඇතුළත් කරගෙන නැත. එයට හේතුව මෙය විය යුතු බව අපි උපකල්පනය කළෙමු. 

ආයුධ පෙන්වීම සඳහා යන ගමන් වලදී පොලිසියට මහන්සි දැනෙන බවත් ජීප් රථයේ ඩීසල් පිච්චීමෙන් ආණ්‌ඩුවට පාඩුවක්‌ වන බවත්

දුම්රියට පැන්න සිසුවියගේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියන්ට මාරු, විදුහල්පතිටත් මාරු : විදුහලත් වසයි

කඳාන, හපුගොඩ සාන්ත මරියා විද්‍යාලයේ පසුගිය (06 දා) දුම්රියට පැන සියදිවි හානිකරගත් 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සෙව්මිණි අපේක්‍ෂා ශිෂ්‍යාව සම්බන්ධව චෝදනා එල්ල වූ විනය කමිටුව භාර ගුරුතුමියන් දෙපළ මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයට මාරුකර යෑවීමට පළාත් අධ්‍යාපන කාර්යාලය ඊයේ (10 දා) දින සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී තීරණය කළ බව පැවසෙනවා.

ඒ අතර, එහි විදුහල්පතිවද විමර්ශන කටයුතු අවසාන වූ වහාම මාරු කිරීමට තීරණය කර ඇතැයි මීගමුව අධ්‍යාපන කලාප කාර්යාල ආරංචි මාර්ග පවසනවා. බස්‌නාහිර පළාත් අධ්‍යාපන ලේකම් හා මීගමුව

කුලියට කාමර දෙන තැනකට අරගෙන ගිහින් දුවව දූෂණය කල මවගේ අනියම් සැමියා


සුදු පාට වෑන් 
රථයකට නංවාගෙන

තිස්‌සමහරාම දෙබරවැව නගරයේ උපකාරක පන්තියකට ගොස්‌ ආපසු ගෙදර යැමට බස්‌ නැවැතුමේ සිටි දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ රවටාගෙන නවාතැන් පොළකට රැගෙන ගොස්‌ දූෂණය කළ හතළිස්‌ හය හැවිරිදි පුද්ගලයකු සහ ඊට අනුබල දුන් නවාතැන් පොළ පවත්වා ගෙන ගිය හිමිකරු තිස්‌සමහරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිස්‌සමහරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වන දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කළේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන තිස්‌සමහරාම පන්නගමුව වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ තොන්ඩිලගේ බෙනට්‌ නන්දන යන අය සහ තිස්‌සමහරාම පන්නගමුව ප්‍රදේශයෙහි

ගෙදරට ඇවිත් ගුරුවරියන් දෙදෙනෙක් දරුවට බනිමින් “චිප්” එකක් ඉල්ලුවා - සෙව්මිණීගේ මාමා

වල්‍පොල දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන සියදිවි නසාගත් පාසල් ශිෂ්‍යාවගේ මරණයට වග කිව යුතු සිසුවිය අධ්‍යාපනය ලැබූ විදුහල්පති වරයා ඇතුළු ගුරු මණ්ඩලයේ ගුරුවරියන් දෙදෙනකු බව පවසමින් දෙමාපියන් දෙදහසකට ආසන්න පිරිසක් විදුහල් පරිශ්‍රයට පැමිණ ඊයේ (09දා) විරෝධතා ව්‍යාපාරයකට එක්වී සිටියහ. මේ උද්ඝෝෂණය අතරතුර කඳාන හා රාගම යන ‍පොලිස් ස්ථාන වල නිලධාරීන් සියයක ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

පාස‍ලේ ගුරු මහත්මීන් දෙදෙනකුගේ යම් ක්‍රියාවක් කිසියම් පුද්ගලයකු ඡායාරූප ගතකර පාස‍ලේ සිසුන් වෙත ලබාදී ඇති බවත් එය පාස‍ලේ ප්‍රචාරය කර ඇත්තේ මියගිය ශිෂ්‍යාව බවට බොරු චෝදනා නගමින් ඇයව පීඩාවට පත් කිරීම නිසා එම ශිෂ්‍යාව සියදිවි හානිකර ගැනීමට දුම්රියට පැන තිබූ බවත්, උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස ප්‍රකාශ කළහ.


දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබුණේ අංක 415 ‍පොඩිකුඹුර, රාගම යන ලිපිනයේ පදිංචිව සිටි පහළොස් හැවිරිදි දහය වසර ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි. උද්ඝෝෂණයට එක්වී සිටි මියගිය ශිෂ්‍යාවගේ ඥාති සොයුරියක් වූ පී්‍රතිමා ඩිල්රුක්ෂි අප හා තොරතුරු හෙළිකර සිටියේ මේ අයුරිනි.


“ගිය සිකුරාදා දහවල් 11.30ට විතර සෙව්මිණීව අරගෙන ගුරුවරියන් දෙදෙනකු එයාගේ නිවසට පැමිණ තිබුණා. හයියෙන් හයියෙන් කතා කරන නිසා මම සෙව්මිණිලාගේ නිවස වෙත ගියා. එතකොට අර

වෙබ් අඩවි, සමාජයට වින කරන පිළිලයක් - ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

මහනායක නාහිමිවරුන් ඇතුළු සමාජයේ අති ගෞරවනීය බොහෝ පිරිසකට අසභ්‍ය වෙබ් අඩවි මඟින් පදනම් විරහිතව මඩ ගසන විට එම වෙබ් අඩවි සාධාරණීකරණ කැර ආරක්ෂා කිරීමට එජාපයේ තිස්ස අත්තනායක, මංගල සමරවීර මන්ත්‍රී වරුන් පෙනී සිටින බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

රටට සමාජයට විනයක් කරන පිළිලයක් වී තිබෙන මෙවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය යම් තීරණයක් ගැනීමට යාමේ දී ඒවා ආරක්ෂා කරමින් විපක්ෂය කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද ඇමැතිවරයා
පවසනවා.

මහනුවර පිහිටි ඇමැතිවරයාගේ කාර්යාලයේ දී ඊයේ (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම මේ බැව් පැවැසීය.

ඇතැම් වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ කොහි සිට දැයි කිසිදු තොරතුරක් නොමැති බවත් මෙරට සමාජයට පුද්ගලයන්ට පදනම් විරහිතව මඩගසන සමහර අසභ්‍ය වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ අමෙරිකාව, එංගලන්තය

බණ පොත වෙනස් කළ ඇමැති එස්.බී.

දස ආකේ‍රා්ෂ වස්තු හෙවත් බැනුම් පද දහයක් ගැන “බණ පොතේ” සඳහන් වේ. හොරා, බාලයා, මෝඩයා, ඔටුවා, හරකා, බූරුවා, නිරිසතා, තිරිසනා, නොදකින් හා නොදෝමකින් ඒ දහයයි. උසස් අධ්‍යාපන ඇමැති ධුරය හොබවන එස්. බී. දිසානායක මේ බණ පොතද වෙනස් කිරීමේ සමතෙක් වී සිටී. 

සම සෞඛ්‍ය උපාධි පාඨමාලා ප්‍රශ්නයට ජනාධිපතිගේ මැදිහත් වීමෙන් ලබාදුන් විසඳුම ලිඛිතව අවශ්‍ය බව කී සම සෞඛ්‍ය සිසුන් ප්‍රමුඛ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සිසුන්ට ඇමැති එස්. බී. දිසානායක ප්‍රසිද්ධියේ බැනවැදුණේ නරියා, උෟරා, පිස්සා හා කාලකණ්ණියා යන පද හතර අලුතෙන් බණ පොතට එකතු කරමිනි.

“දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතුය” කීවා සේ මේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමැති ධුරය දැරීමට තමන්ට ඕනෑවටත් වැඩිය සුදුසුකම්

දුම්බර මිටියාවතේ "අඩියක්‌ ගසා" පිස්‌සු කෙළින්නට යන අයට කියන වග නම්...


අමු නිර්වස්‌ත්‍රයෙන්
දිය කෙලින්නට 
යන්න එපා...

දුම්බර මිටියාවතේ සොඳුරුම ගම් පෙදෙස මීමුරේ, අසංවර සංචාරකයාට ගොදුරුව ඇති පුවත අපි අනේක වාරයක්‌ මාධ්‍ය මගින් පෙන්වා දී ඇත්තෙමු. බුරුතු පිටින් එහි ඇදී යන කණ්‌ඩායම් වල වැඩි කොටස මේ අද්විතීය දුම්බර වන අඩවියට හානිදායක ලෙස හැසිරෙමින් මෙහි පැමිණෙන්නේම "අඩියක්‌ ගසා" පිස්‌සු කෙළින්නටය. 

මෙනිසාම කලක පටන් මීමුරේ යන පාරේ මඟදී හමුවන "හීන් ගඟ" එකම පිස්‌සු ලෝකයක්‌ බවට පත්වී තිබේ. වසර සිය දහස්‌ ගණනක්‌ පැරැණි ඔවුන්ටම ආවේණික සංස්‌කෘතික උරුමයක්‌ සමග ජීවත් වූ මීමුරේ වැසියාට ලඡ්ජා බය නැති වුන්ගේ සරදමට ලක්‌වන්නට සිදුවීම සැබැවින්ම අභාග්‍යයකි. 

හීං ගඟ ඉවුරේම "බෝතලය" කඩා ගන්නා එහි යන තරුණ මහලු පිරිමි කොටස්‌ අවසානයේ නැගිටින්නේ කටු සී සීකඩ යන ලෙස බෝතලේද

පෙම්වතා වෙත යන්නට ගිය 14 හැවිරිදි දැරිය හෝටලයකට රැගෙන ගොස් දූෂණය කල කතාව.

ග‍ලේවෙල පැත්තේ පාසලක නවයේ පන්තියේ ඉගෙනුම ලබන, දහ හතර වියැති ඇය ඇහැට කනට පෙනෙන දැරියකි. (අපි ඇයට සමිතා යැයි කියමු) මේ දැරියගේ පියා ගුවන් හමුදාවේය. මව අකාලයේ මියගොසිනි. පවුල් ආරවුලක් මත ඇය ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව පැවසේ.

පවු‍ලේ එකම දරුවා වූ සමිතාට අහිමි වූ මව් සෙනෙහස ලබා දෙන්නටත්, රැකවරණය සැලසීමටත් පියා විසින් භාරකරනුයේ  ඔහුගේ දෙමාපියන්ටය. ඒ හමුදා සේවයේ නිරත ඔහුට උදේ හවා නිවසට එන්න යන්නට විදිහක් නොමැතිකම නිසා මිස ඇයට සෙනෙහසක් රැකවරණයක් ලබා දීමට ඇති නොහැකියාව නිසා නොවේ.


මේ සියල්ල සිදුවන්නේ මෙයට වසර එකහමාරකට පමණ ඉහතදීය. එකල සමිතා දහතුන් වියැති දැරියකි. ඉගෙනුම ලැබුවේ අටේ පන්තියේය.
අටේ පන්තියේ ඉගෙනුම ලබන ළාබාල දැරියක වුවත් ඇයට ඒ වන විට

සරත්චන්ද්‍ර සැමරුමට මනමේ - සිංහබාහු යුනෙස්කෝ වේදිකාවේ.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරය පැරිසියේ යුනෙස්කෝ මුලස්ථානයේදී පැවැත්වේ.

ජුනි 10 වෙනිදා පැවැත්වෙන මෙම සමරු උත්සවය වෙනුවෙන් මහාචාර්ය සරත්චන්ද්‍රගේ නාට්‍ය නිර්මාණයක් වන 'මනමේ' නාට්‍ය වේදිකාගත කෙරේ. 

ජායාරුප ප්‍රදර්ශනයක් සහ මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචිත ග්‍රන්ථ අළෙවි කුටියක් ද මෙහි සංවිධානය කර තිබේ. මහාචාර්ය ජේ.බී. දිසානායක ,මහාචාර්ය සරත් විජේසුරිය , ලලිතා සරත්චන්ද්‍ර ,සහ

ගෙදර පූස්‌ පැටියා මුළු පවුලේම දිවි රැක දුන් හැටි

මේ කතාවේ කතා නායකයා ගෙදර සුරතලයට ඇති කරන පූසා. (බළලා)

එදා ඒ වෙලාවේ ටිකක්‌ රෑ වෙලා... ගෙදර මහත්තයා පොද වැස්‌සේම ගියා රෑට කෑමට පාන් ගෙඩියක්‌ ගෙන එන්නට. ගෙදරට ටිකක්‌ එහාට... වෙන්න තියෙන කඩේකට ගියා.... මහත්තයා කඩේට ගියාට පස්‌සේ ගෙදර හිටියේ නෝනයි, චූටි දුවයි.... ගෙදර පූසයි විතරයි... වැස්‌ස දැන් හොඳටම තද කළා. දරුණු වැස්‌ස...

නන්දසීලි නෝනා බලාගෙන හිටියා මහත්තයා එනකල්... දැන් පැය ගණනක්‌ ගියා. නෝනට නිදිමතයි. නෝනයි දුවයි ගියා... නිදා ගන්න. එයා දැනගත්තා මේ වැස්‌සේ මේ රෑ මහත්තයාට ගෙදර එන්න විදියක්‌ නැහැ කියලා. ඒත් ඒ නෝනාට නින්ද ගියේ නැහැ... 


පුසාගේ වැඩේම ඥාව් ඥාව් කියනවා... කියනවා නෙවි, කෑ ගහනවා... වෙනදා වගේත් නෙවි... අමුතුම සද්දෙකින් තමයි, එදා පූසා කෑ ගැහුවේ...

හැටන් පාසලේ ශිෂ්‍යාවන්ට ඉගැන්වීමට තනි පන්ති කාමරයක්‌ වෙන්කර ගත් ගුරුවරයා...

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවය කරන එක්‌තරා තරුණ ගුරුවරයෙක්‌ එම පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට නිරන්තර සිදුකරන ලිංගික අපයෝජන ක්‍රියා හමුවේ ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව එම විදුහලේ ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරයාට අදාළ විෂය ඉගැන්වීම සඳහා පාසලේ වෙනත් ස්‌ථානයක තනි පන්ති කාමරයක්‌ වෙන්කර ඇති බවත් එම පන්ති කාමරයට තනි තනිව එම විෂය හැදෑරීමට පැමිණෙන ලෙස ගුරුවරයා විසින් උපදෙස්‌ ලබාදී ඇති බවත් තනිව පැමිණෙන ශිෂ්‍යාවන් මෙසේ අපයෝජන ක්‍රියාවන්ට මෙකී ගුරුවරයා විසින් ලක්‌ කිරීම හේතුවෙන් ශිෂ්‍යාවන් අසරණ වී සිටින බවත් පැවසේ.

අපයෝජනයට ලක්‌වු සිසුවියන් තම නිවෙස්‌වලට ගොස්‌ ගුරුවරයාගේ ක්‍රියා පිළිබඳව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව එම දෙමාපියන් පාසලේ විදුහල්පතිවරයාට ලිතව හා වාචිකව පැමිණිලි කර ඇතත්

රන්ජන් රාමනායක පැරිසියේ

වත්මන් දේශපාලන තත්වය පිලිබදව ප්‍රංශයට සංක්‍රමණික එක්සත් ජාතික පක්ෂ සාමාජික යන් දැනුවත් කිරීමේ ජනහමුවක් ජුනි 7 වෙනිදා සවස 3 ට පැරිසියේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය කැඳවනු ලබන මෙම හමුව පැවැත්වෙනුයේ  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී,

ලාංකිකයා යනු නිකම්ම මෝඩයකු නොව වනචර මෝඩයෙක් වන හැටි...

ලිංගික අපහරණ ගණනාවක්‌ ඊයේ (4 දා) අප වෙත වාර්තා වුණා. එයින් පළමුවැන්න බාල වයස්‌කාර සිසුවකුට අතවර කළ තරුණයකු ගැනය. ඒකා මේ නීච ක්‍රියාව කර ඇත්තේ ලිංගික අතවර නඩුවකට පෙනී සිට ආපසු එමින් සිටියදීය. 

තම බිරිඳගේ 83 හැවිරිදි ආච්චිට අතවර කළ 30 හැවිරිදි හමුදා සෙබළකු ගැන එන පුවත දෙවැන්න ය. තුන්වැනි කතාව සිය පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි දැරියක අතින් අත යැම ය. සිවුවන කතාව වූ කලී ආච්චි කෙනෙකුගේ අනියම් පෙම්වතා මිනිබිරියට අතවර කිරීම ය. 

ඉහත සඳහන් පුවත් සතරට අමතරව තවත් ලිංගාශ්‍රිත නීච ක්‍රියා සම්බන්ධ පුවත් තිහ හතළිහක්‌ දිනපතා පුවත්පත් බැලීමෙන් එකතු කර ගත හැකි ය. මෙබඳු ප්‍රවෘත්ති පුවත්පත්වල පළ නොකළ යුතු බවට මෝඩ මතයක්‌