Ads 468x60px

.

පෙම් ජවනිකා සැබෑවටම රඟපාන්න ගියාම අනියම් සම්බන්ධතා ඇති වෙනවා - (ඕළු) මංජුලා කුමාරි


මංජුලා කුමාරි කියනවාට වඩා ඇයව ගොඩක් දෙනා දන්නේ ඕළු නමින්. 

එදා වගේම තාමත් ජනප්‍රිය මංජුලාගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

කොහොමද මංජුලා ?
ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.


ඇයි ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් ඈත් වුණේ?
නිෂ්පාදන කටයුතු එක්ක දීර්ඝ කාලයක් කැප කරන්න වෙනවා. ඒ වගේම ගොඩක් කාර්ය බහුල වෙන්න කැමති නැති නිසා නිෂ්පාදන කටයුතු නැවැත්වුවා.

අද කලා ක්ෂේත්‍රයේ අනියම් සම්බන්ධතා වැඩිවෙලා තියෙනවා කීවොත්?
මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමේ අද සමාජයේ අනියම් සම්බන්ධතා වැඩිවෙලා තියෙනවා. කැමරාව ඉස්සරහ රංගනයෙන් දායකවන පෙම්

ජවනිකා සැබෑවටම රඟපාන්න ගියාම අනියම් සම්බන්ධතා ඇතිවෙනවා. මම නම් ඒ දේ අනුමත කරන්නේ නෑ.

නිරුවතින් රඟපෑම කියන දේ ඔබ අනුමත කරනවාද?
නෑ. මම හිතන්නේ ඒ දේ අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ කියලා හැමෝම ඒ දේ අනුකරණය කරන්න ගියොත් ගෑනු ළමයි ඔක්කොම කාන්තාවෝ වේවි.

 
මංජුලාට එදා තිබුණු ජනප්‍රියත්වය තාමත් තියෙනවාද?
සීයට සීයක් ජනප්‍රියත්වය නැති වුණත් තාමත් මිනිසුන්ගේ ආදරය ලැබෙනවා.

රිදී තිරයේ වැඩිය දකින්නේ නැත්තේ ඇයි?
ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. ඒත් තෝරාබේරා ගැනීමේ ගැටලුවක් ආව නිසා චිත්‍රපට භාරගත්තේ නෑ.

රංගනයේදී තමන්ට ගෑලපෙන පෙම්වතා කව්ද?
මම හිතන්නේ බිමල්, සුරාජ්, බාහිර රූපෙන් රංගනයේදී මට ගැළපෙනවා කියලා.

කොහොමද සැමියාගෙන් වැඩකටයුතුවලට ලැබෙන සහයෝගය ?
ඇත්තටම අරවින්දගෙන් ලැබෙන සහයෝගය මිල කරන්න බෑ.

ඔහුගෙන් ලැබුණු හොඳම තෑග්ග මොකක්ද?
එහෙම එකක් කියලා විශේෂ නෑ. එයා දීපු හැම තැග්ගක්ම මට ගොඩක් විශේෂයි.

සැමියාගෙන් දකින්න අකැමැතිම දේ ?
එයාට ටිකක් කේන්ති යනවාට මම අකැමැතියි. මගේ ඉවසීම නිසා මම දැන් ඒ දේ පුරුදු වෙලා.

විවාහයෙන් පස්සේ වගකීම් වැඩිවුණා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතෙනවා. විවාහයෙන් පස්සේ එකට ජීවත් වෙද්දී අපි එයාගේ රටාවට යොමුවෙන්න ඕන.

පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ගත්ත තීරණ ගැන ආපස්සට බලද්දී පසුතැවෙනවාද?
එහෙම පසුතැවීමක් නෑ. අපට සීයට සීයක් ගැළපෙන කෙනා ජීවිතේට ලැබෙනවා අඩුයි. මට සතුටු වෙන්න පුළුවන් විදියට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.

පාළුව, විරහව කියන දේ දැනිලා තියෙනවාද?
විරහව දැනිලා නැතත් පාළුව කියන දේ දැනිලා තියෙනවා.

ඒ වගේ වෙලාවට මොකද කරන්නේ?
මගෙ අම්මට කතා කරනවා.

ගෙදර ඉන්නකොට වැඩියෙන්ම ඉන්න කැමති?
මගේ කාමරේට වෙලා ඉන්න.

විලාසිතා, රූපලාවණ්‍ය කටයුතුවලට කොච්චර වියදම් කරනවාද?
ඇඳුම් එහෙම මම දකින දකින දේ මිලට ගන්නේ නෑ. මට අවශ්‍යනම් විතරයි මම ගන්නේ. රූපලාවණ්‍ය කටයුතු මමයි තනියම කරගන්නේ. ඒ නිසා මම විලාසිතා රූපලාවණ්‍ය කටයුතුවලට අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කරන්නේ නෑ.
 
Related Posts with Thumbnails