Ads 468x60px

.

තරුණියකගේ මෙන් වයස 13දී පියයුරු වර්ධනය වූ පිරිමි ළමයා

Charlie Edgeworth කියන තරුණයා ජීවත්වුනේ පෝලන්තයේ. ඔහුට වෙනත් පිරිමි අයට නැති විදියේ අසාමාන්‍ය විදියකට පියයුරු වැඩෙන්න ගත්තා. ඒත් මෙහි විශේෂත්වය වන්නේ මේ සිදුවීමට ඔහුට මුහුණ දෙන්න වුනේ වයස 13දී වුනු එක.

මේ විදියට පියයුරු වැඩෙන්න හේතුව gynaecomastia කියන රෝගී තත්වය කියලා තමයි වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙන්නේ. 


මෙයින් සිද්දවෙන්නේ අසාමාන්‍ය විදිය පිරිමි අයගේ පපු ප්‍රදේශය වර්ධනය වීමයි. ඊට හේතුවෙලා තියෙන්නේ පපු ප්‍රදේශය වර්ධනයට බලපාන හෝමෝන වැඩි වශයෙන් ක්‍රියාකාරී වීමයි.

Charlie ගේ මේ විදියට පියයුරු වර්ධනය වීම නිසා උඩුකය නිරාවරණය කිරීමත් නතර කරලා වගේම උෂ්ණ අධික කාලවල පවා ඇඳුම් වලින්

ශරීරය වසාගෙන ඉන්නට ඔහු පුරුදුවෙලා තියෙනවා.

කොහොම නමුත් මේ විදියට ඉන්නකොට නොසිතූ ලෙස ඔහුගේ ශරීරයේ බර මෙන්ම තරබාරු බවද අඩු වෙන්න පටන් අරන්. ඒ නිසාම ඔහුගේ අසාමාන්‍ය ආකාරයෙන් වර්ධනය වුනු පියයුරු වැඩි වශයෙන් පෙනෙන්නටත් පටන් අරන්.

මේ නිසාම ඔහුට පෙම්වතියක් හිටියේ නෑ වගේම යාලුවන් අතරේ කොන් වෙන්න පවා සිදුවුනා. කොහොම නමුත් තමන්ගේ තිබුණු කාර්එක විකුණලා සැත්කමක් මඟින් මේ පියයුරු ඉවත් කරගන්න ඔහු සමත් වුනා. මෙහිදී ඔහුගේ මේදය 200ml ඉවත් කල අතර වර්ධනය වුනු පියයුරු වලින් ග්‍රන්ථිමය කොටස් ඉවත් කරන්නටත් වෛද්‍යවරු සමත් වුනා.

සැත්කමෙන් පසු හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන මොහු ඉදිරියේදී පෙම්වතෙක් වෙන්නටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි වැඩිදුරටත් වාර්තාවන්නේ.







 
Related Posts with Thumbnails