Ads 468x60px

.

මාව බලෙන්ම වාහනයකට ඇදලා දාගෙන ගිහින් දූෂණය කළා


තරහව, වෛරය හා කේ‍රා්ධය බුර බුරා නැඟෙන ගින්නක් මෙනි. හද සන්තානය නිතර දවාලන ගින්නකි. යමකු කෙරෙහි වෛරයෙන් සිටින පුද්ගලයෝ පළිගැනීමේ චේතනා චිත්ත සන්තානයේ පුරවාගෙන දැවි දැවී සිටිති. අනුන් දවාලීමට තරම් වෛරයකින් සිටින පුද්ගලයා ඒ වෛරයේ තමාම දැවෙන බව නොදනී. මෝහය විසින් ඒ බව වසා ගනු ලැබ ඇත.

රංගන වාද්දුවේ පදිංචි හෝටල් සේවකයෙකි. තිස් හය හැවිරිදි ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. දැනට අවුරුදු හතරක සිට රංගන වරින් වර සිහිසුන්ව වැටෙන්නට විය. මේ නිසාම රැකියාවද අහිමි වී ගියේය.


ඔහුට බිරිය පිළිකුල් විය. දැනට අවුරුදු එකහමාරක් තුළ ඔහු බිරියගේ අතින්වත් අල්ලා නැත. දිවා රාත්‍රි දෙකේම නින්දට පුරුදුව සිටින ඔහු අවදි වී සිටින සෑම විටම බර කල්පනාවක නිමග්නව සිටී. ලිංගික ප්‍රදේශ රේසර් තලවලින් කපාගෙන තුවාල කරගෙන ඇත. 

ඔහුට පිරිමි ළමයින් පෙනෙන්නට නොහැකිය. වහකදුරු සේය. දුටු තැන ගල් මුල්වලින් ගසා පහර දී එළවා දමයි. නිතරම ද්වේෂයෙන් රණ්ඩු කරන, පහර දෙන නිසා බිරිය වෙනම ජීවත් වෙයි. දැන් රංගන ජීවත්
වන්නේ මවුපියන් සමඟය.

මොහු මේ තත්ත්වයෙන් මුදා ගන්න මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළත් ලැබුණු සුවයක් නම් නොවීය. වෙනත් අභිචාර විධිවලින්ද වැඩක් වූයේ නැත. ඥාතියකුගේ උපදෙස් මත රංගනගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඔහු රැගෙන ගියහ.

ආධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා වෙත රංගන ඉදිරිපත් කිරීමෙන් පසුව පරීක්ෂාවට ලක් කළේය. හය මාසයක් තිස්සේ මුහුණ කට සේදීමක් හෝ දිය නා පිරිසුදු වීමක් කර නොමැති බැවින් ප්‍රතිකාර කාමරය පුරා දුර්ගන්ධයක් පැතිර ගියේය. හිස කෙස්, රැවුල් නොකපා කාලයක් සිටි බැවින් රෝගියා බැල්මටම ඉතාම අප්‍රසන්න විය.


දින දහහතරක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව මවුපියන් ඔහු ඉතා අපහසුවෙන් පන්සලට ගෙන ගොස් තිබිණි. දින හතරක් බෝධි පූජා පවත්වන විට ඔහු මුහුණ සෝදන්නටත්, නාන්නටත් පටන් ගෙන ඇත.

ඊළඟ දිනයේ පැමිණෙන විට රැවුල සහ කොණ්ඩය කපා තිබිණි. රණ්ඩු දබර කිරීම නතර කොට ඇති බව මවුපියෝ පැවැසූහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට රංගන අඬන්නට විය. ඉන් එහා විශේෂ දෙයක් මතු නොවූ බැවින් තවත් දින විසි එකක් ගෙදර බුදු කුටියේ මල් පහන් පුදා උදේ හවස තෙරුවන් වඳින ලෙස නියම කළේය. 


දිනපතා උදේ හවස එම වන්දනා කටයුත්තට පැයක් පමණ ගත කරන ලෙසද පුතා සමඟ තෙරුවන් වන්දනා කොට සජ්¿ධායනා කිරීමට සූත්‍ර කිහිපයක්ද නියම කොට ඒ කාලය තුළ ශ්‍රද්ධාව වැඩෙන ලෙස කටයුතු කරන්නැයි මවට උපදෙස් දුන්නේය. 

අවශ්‍ය දේ සපයා දී ඇති සෑම අවස්ථාවකම ඊට සහභාගි වෙන්නැයි පියාටද නියම කළේය. ඊළඟට පැමිණෙන දිනයේදී රංගනගේ බිරිය කැඳවාගෙන එන්නැයි උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ ගවේෂකවරයා රංගන සමඟ කතා කළේය. ඇඟ රිදෙන බව රංගන කීවේය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට රෝගියා දෑස් ලොකු කර හිස දෙපසට වනා 'මම යන්නේ නෑ. මම යන්නේ තොපි ඔක්කොම මරාගෙන' යැයි මහා භයංකර හඬකින් කෑ ගැසුවේය. 


ඒ හඬ කෙතරම් බියකරුද යත් ඔහුගේ මවුපිය දෙදෙනා පවා බියට පත්ව ප්‍රතිකාර කාමරයෙන් පිටතට පැන දිවූහ. ගවේෂකවරයා රෝගියා පාලනය කොට ප්‍රශ්න කළේය. 'කවුද මේ කෑ ගහන්නේ?' 'මට මතක නෑ. මම මුන්ගෙ හත්මුතු පරම්පරාවෙන්ම පළි ගන්නවා.'

'තමුන් ඉන්නේ මහත් දුකකින් බව මට පෙනෙනවා. තමුන්ට ඕනෑ පළිගන්නද? ඔය දුකෙන් සුවපත් වෙන්නද?' 'සුවපත් වෙන්න මහත්තයෝ සුවපත් වෙන්න' යි අඬන්නට විය. 'තමුන්ට මොනවද වුණේ?' 'මාව මැරුවා මහත්තයෝ තිරිසන්නු මාව මැරුවා.'

'කවුද මැරුවේ?' 'කට්ටියක්. මම උන්ව අඳුනන්නෙ නෑ. මම වැඩ ඇරිලා එනකොට උන් මාව බලෙන්ම වාහනයකට ඇදලා දාගෙන ගිහින් දූෂණය කළා. මම වැඳලා කිව්වා අනේ ඔය අපරාධය කරන්න එපා කියලා. 


උන් බීලා හිටියේ. උන් ඔක්කොම මාව දූෂණය කරලා මගේ බෙල්ල මිරිකලා මරලා ගඟට දැම්මා.' 'ඊට පස්සේ?' 'ඊට පස්සේ මම මුහුද අයිනට වෙලා හිටියා. මට යන්න එන්න තැනක් මතක් වුණේ නෑ.'

'අම්මා, තාත්තා, ගෙදර මතකද?' 'නෑ. පිරිමි එක්ක වෛරයමයි හිතේ තියෙන්නේ, වෙන කිසි දෙයක් මතකයට එන්නේ නෑ. උන් කරපු අපරාධය නිසා පළිගැනීමේ වෛරයෙන් තමයි නිතර හිත වසාගෙන තියෙන්නේ.'


'ඉතින් මේ රංගනගෙ ඇඟට රිංගුවේ කොහොමද?' 'මෙයා යාළුවොත් එක්ක මුහුද අයිනේ අරක්කු බිව්වා. මස් බැදගෙන කෑවා. මෙයා බැදපු මස් කනකොට ඒ බැදුම් සුවඳත් එක්ක රිංගුවා.'

'මොකටද රිංගුවේ?' 'පළිගන්න, පිරිමි සංහතියෙන්ම පළිගන්න චේතනාව හිත තුළ තිබුණා. අවස්ථාව ආවා. රිංගුවා.'


ගවේෂකවරයා රංගනට ප්‍රකෘති සිහිය ලබා දී මෙවැනි සිද්ධියක් මතක දැයි ඇසීය. 'ඔව්. දවසක් යාළුවකුගේ උපන් දිනයකට මුහුදු වෙරළෙදි මස් බැදගෙන කකා අරක්කු බිව්වා මතකයි' යැයි ඔහු කීවේය. නැවැතත් භූතාත්මය රංගනගේ ශරීරයට ගෙන්වා ගවේෂකවරයා කතා කළේය.


'කීපදෙනෙක් ඔබට අපරාධයක් කර මරා දාපු එක වරදක් බව අපිත් පිළිගන්නවා. ඔබ තුළ ඇතිවුණු තදබල වෛරයේ දරුණුකම නිසා ඒ අය කවුද කියාවත් ඔබට මතක නෑ. අඩු ගණනේ තමන්ගේ නම ගමවත් මතක නැත්තේ වෛරයේ දරුණුකම නිසා. 


ඉතින් කීපදෙනෙක් කරපු වරදකට මුළු පිරිමි සංහතියෙන්ම පළිගන්න වෛර කරන එක නම් සාධාරණ නෑ. මේ රංගනත් ඒ වරදට සම්බන්ධ නැති නිසා ඔහුට කරදර හිරිහැර කරන එකත් වැරැදියි. දැන් ඔබ නිසා රංගනට රස්සාවත් නෑ. විවාහයත් අවුල් වෙලා. ඒ කාරණය අනුව ඔබ පාපකර්මයක් සිද්ධ කර ගන්නවා.'

'ජීවිතය කියන්නේ සිතුම් පැතුම් සමඟ දෝලනය වන ක්‍රියාවලියක්. එහි පවතින සත්‍ය අසත්‍ය සාධාරණ අසාධාරණකම් තියෙන්නේ ඔය මතකය තුළ. සිත තුළ. ඔබට දැන් හරි මතකයක් නෑ. සිදුවුණු දෙයත් වෛරයත් අතර වෙන කිසිදෙයක් මතක නෑ. හොඳට හිතන්න. කල්පනා කරන්න.


ඔබේ ඔය වෛරී මතකය මහා ගින්නක්. තමුන්ට වුණාද නැද්ද කියලවත් හරියට මතක නෑ. දැන් ඔබ එදා සිටිය තරුණිය නෙවෙයි. දුගතිගාමී අමනුෂ්‍යයෙක්. ඒ තුළ ඉඳගෙන දැවි දැවී ඉන්නවා. තැවෙනවා. ඔය තැවිල්ල තවත් අවුරුදු දස දහස් ගණනක් පවතීවි. ඒක දුකක්. මහා දුකක්.

ඔබට අපරාධයක් කළ අයට දැන් ස්වභාවධර්මයෙන් දඬුවම්, විපාක දීලා ඇති. ඒ අයත් නිරයේ ඉපිද දැවෙනවා ඇති. දැන් ඔබ රංගනට කරන හිරිහැරය බාහිර පාපයක්. ඔහුට කරන හිරිහැරය වරදක්. ඔබ තවත් දුක්වෙන්න අවශ්‍ය නෑ. ඔබේ තැවීම බොරු වැඩක්. 

ඔය ආත්ම භාවයෙන් මිදී සුගතියට යන්න. දෙවි කෙනෙක් වෙන්න. මේ පාපකාරී මිනිසුන්ගෙන් අෑත් වෙලා දෙව්ලොවට යන්න. දිව්‍යාංගනාවක් වෙන්න. සුරංගනාවියක් වෙන්න.'

'සුරංගනාවියක් වෙන්න. ඒකට මම මොනවද කරන්න ඕනෑ' යි ප්‍රේතිය ඇසුවාය. 'ඒකට මේ රංගනගේ ශරීරයෙන් පිටවෙලා හොඳ තැනකට යන්න. පින් දහම් කරන සිද්ධස්ථානයකට යන්න. එතැන සිද්ධ වෙන පින්දහම්වලට මනසින් දායක වෙලා පින් අනුමෝදන් වෙන්න.'


'අනේ මහත්තයා මට තේරෙන්නේ නෑ. මට උදවු කරන්න.' ගවේෂකවරයා සුදු නෙලුම් මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට කළුතර බෝධියට යැව්වේය. මේ කටයුතුවලට මෙතෙක් වෙන්ව සිටි රංගනගේ බිරියද පැමිණ සමඟියෙන් සහභාගි වූවාය.


- මහින්ද විජේතිලක
 
Related Posts with Thumbnails