Ads 468x60px

.

ටෙම්පරි වැඩ හොයාගෙන එන නන්නාඳුනන දවස්‌ කුළීකාරයන් ගෙන් ප්‍රවේසම් වෙනු


වරුවයි බොරුවයි දෙකට අමතරව අතවර

නාදුනන දවස්‌ කුළී කාරයන් සමග වැඩ කරද්දී අප ඉතා ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් දිවා කල තනියම නිවෙස්‌වල ඉන්නා මැදි වයසට ආසන්න බවලත් අය මෙවන් කුළීකරුවන්ගේ ඉලක්‌ක වුණු අවස්‌ථා රැසක්‌ම අපි දනිමු. 

තම සැමියාට වැඩිහිටියකුට කියන්නට හෝ පොලිසියට පැමිණිලි කරන්නට නොගොස්‌ තමන්ට වුණු අතවර කරදර නිහඬව හොර රහසේම දරා ගත් තරුණ සහ තාරුණ්‍ය ඉක්‌මවූ නෝනා මහත්වරුන් කීප දෙනෙක්‌ ගැනම අප දනිමු. ඔවුන් තමන්ට වූ මූල්‍යමය පාඩු මානසික හිංසා මෙන්ම
ලිංගික අතවර ගැන අපට කරුණු කියා ඇත.

ඒ සියල්ලම වූයේ වැඩ ඉල්ලාගෙන ගෙදරට ආ දවස්‌ කුළී කාරයන්ගේ දුක අසා ඔවුන්ට අනුකම්පාකොට වැඩි සෙනේ පෙන්වන්නටත් හොඳින් සලකන්නටත් යැම නිසා බව දැන් ඔවුන්ම පිළිගනී.

ගෙදර වැඩට සිටින ඇබට්‌ එක (ආයා බිට්‌ එක) හෙවත් තරුණ මෙහෙකාරියම ඉලක්‌ක කොට ගෙන වැඩ ඉල්ලං එන කාම ලෙඩ්ඩුද අද සමාජයේ එමටය. එසේම ගෙදරට නාකි වෙන තරුණ ලමිස්‌සියන් සහ මානසික දුබලතා ඇති කාන්තාවන් මුන් ඉලක්‌ක කරන තවත් ගොදුරුය.

"ඇත්තටම එදා මං ඒ බංගලාවට ගියේ වැඩක්‌ පලක්‌ කරල කීයක්‌ හරි හොයා ගෙන හවසට අම්මගෙ අතට ගාණක්‌ දීල ඇඟේ අමාරුවට ගංජා උගුරක්‌ දෙකක්‌ ඇදල ආතල් එකක්‌ ගන්නයි. ඒත් වැඩ කරන් ඉන්න කොට ඉතිං ගෙදර නෝනගෙ ක්‍රියා කලාපෙ නිසා මං මෝල් උනා මටම මාව කොන්ට්‍රොල් නැති උනා."

මෙසේ මා සමග පැවසුවේ කොහුවල පැත්තේ ධනවත් වැදගත් නිවසක වැඩට ගොස්‌ සිටිද්දී නිවසේ ස්‌වාමි දුවට අතවර කරන්නට යාම නිසා නිවැසියන් විසින් පොලීසියට අල්ලා දුන් මතට යොමුව සිටි තරුණයෙකි.


ඔහු කලක්‌ මාගේ මිතුරු සෙවනේ නේවාසිකව සිට පුනරුත්ථාපනය සම්පූර්ණ නොකර පිටව ගොස්‌ යළි මත් ද්‍රව්‍ය පානයට යොමු වූ අයෙකි. ඔහු යළි පුනරුත්ථාපනය සඳහා නිසි බලධාරීන් විසින් අප වෙත යොමු කළ කල්හි ඔහු අප සමග මෙසේ බොහෝ දේ බෙදා ගති.

"එදත් මම උදේම ගංජා ටිකක්‌ බීලයි වැඩට ගියේ. තේ වෙලාව වෙනකොට මම වත්ත හොඳට උදලු ගාල ගහක අතු ටිකක්‌ කපල හොඳටම දාඩිය පෙරාගෙනයි හිටියෙ මගේ ඇඟ හොඳටම පෝම් වෙලා "වැඩ කන්න" පුලුවන් සයිස්‌ එකක්‌ තිබුණා. 


ඊට පස්‌සෙ මම නෝන කිව්ව නිසා ගැරෙජ් එකට ගියා ඒකෙ තිබ්බ ටයර් ගොඩ එළියට අදින්න, ටික වෙලාවකින් නෝනා තේ අරන් ආවා ගැරෙජ් එක ඇතුළටම එයා ඇඳන් හිටියෙ එහා මෙහා පෙනෙන නයිටියක්‌ හොඳ ලස්‌සන පිරිච්ච ඇඟ පත. එයා තේ එක දීල යන්නැතිව එතන ඉඳන් මට වැඩ කියනව. මගේ හැඟීම් හොඳටම ඇවිස්‌සුනා. 

මම නෝනාව බදාගෙන බිම පෙරළගත්තා. එයා මර ලතෝනි දීල කෑ ගැහුවා. විනාඩි කීපයකින් ගෙදර හිටපු කීප දෙනෙක්‌ එතනට ආවා. මට මතක එච්චරයි. සිහිය එද්දි මම පොලිස්‌ කූඩුවෙ මට අම්බානක නෙලලත් තිබ්බ."

මෙය එක්‌තරා හුදකලා සිදුවීමක්‌ පමණකැයි යමෙකුට සිතෙන්නට පුලුවන. නමුත් මා දකින අන්දමට මෙම කතාව තුළ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ.

මෙයට වසර කීපයකට පෙර මීගමුව පැත්තේ තවත් ධනවත් නිවසක මැදි වයසේ කාන්තාවක්‌ දූෂණය කොට ඉන්පසු උදැල්ලකින් හිසට පහර දී මරා දමන ලද ප්‍රවෘත්තිය දැන් බොහෝ දෙනෙකුට මතක නැතිව ඇතැයි සිතමි. 


එම පාපතර ක්‍රියාව කළ අධමයාව ඊට වසර කීපයකට පසුව මට සිර ගෙයක්‌ තුළදී හමුවී ඔහු සමග කතා කරන්නට අවස්‌ථාව උදා විය. ඔහු කියා සිටියේත් එදා එම කාන්තාවගේ ඇඳුම හැසිරීම් රටාව සහ කතා බහ ඔහුව හැඟීම් පාලනයෙන් තොර කළ බවයි. 

මොහුත් එදා එම නිවසට ගොස්‌ ඇත්තේ තනිකඩව සිටි එම කාන්තාවගේ නිවසේ පොළවේ ටයිල් සුද්ධ කර දොර ජනෙල් පිරිසිදු කිරීමටයි.

තවත් මෙවැනි සිද්ධින් ගෙනහැර දක්‌වමින් කියවන්නා බය කර හෝ අන්දමන්ද කර වරුවයි බොරුවයි දෙකට අමතරව අතවර සහ හිංසන කරන ලද බොහෝ චරිත ගැන කතා කළ හැක. 


නමුත් එය මාතෘකාවෙන් පිට යනවා සේම ඉඩකඩ මදිවීමටත් හේතුවෙයි. එහෙයින් ටෙම්පරි වැඩ හොයාගෙන එන නන්නාඳුනන දවස්‌ කුළීකාරයන් ගෙන් ප්‍රවේසම් වෙනු යන සංඥව දෙමින් අදට නවතිමු.
 
Related Posts with Thumbnails