Ads 468x60px

.

"අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්‌සනයි... ප්‍රවේශම් කර ගනිං."

අමරසිරිගේ හිතේ කහටක්‌ විය. සිය බිරියගේ ක්‍ෂය නොවන තරුණකම ගැනය. 

එය, අවිශ්වාසයක්‌ද සැකයක්‌ද විය. සැකය ඔහුගේ හිත තුළට කාවද්දා තිබුණේ හවස හවස කණ්‌ඩායම් ගතවූ මත් මිතුරන් විසිනි.

මා එවකට සේවය කරමින් සිටියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ මැතිවරණ කොට්‌ඨාසයේ පාසලකය. විදුහලේ "හිස" ලෙසය. ගම්බද ගුරුවරුන් වැඩි දෙනකුගෙන් පිරී තිබුණු ගුරු මණ්‌ඩලයේ එක්‌ වැඩිහිටි ගුරුවරියක්‌, දින ගණනාවක්‌ මා වෙත පැමිණිල්ලක්‌ ගෙන ආවාය.

"සර්.... මගෙ පංතියෙ ඉන්න දක්‌ෂම කෙල්ල... ඉස්‌කෝලෙ එන්න හොරයි සර්... අපි ටිකක්‌ හොයලා බලමුද... දිගටම ආවොත් කවදහරි දක්‌ෂ ළමයෙක්‌ වෙනව සර්."

ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා - චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. 

මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා විසිනි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිබේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ.

එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. 

දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි.