Ads 468x60px

.

කාන්තා වැසිකිළියේ කැමරා සවිකළ දොස්‌තර ලෙඩා...

දොස්‌තරලා ඉන්නේ ලෙඩ්ඩු හොද කරන්නටය. ඒ නිසා දොස්‌තර ලෙඩෙක්‌ නොවන බවට වන පූර්ව විනිශ්චයක්‌ සමාජය තුළ තිබේ. 

එහෙත් දොස්‌තරලා ලෙඩ්ඩු වනවිට, නිකම් ලෙඩ්ඩු නොව, පට්‌ට ලෙඩ්ඩු වනවිට සමාජය තිගැස්‌සෙන්නේය. එසේ සමාජය තිගැස්‌සුන අවස්‌ථා දෙකක්‌ පසුගිය දෙසතියේ දී පෙනුනේය.

එකක්‌ දොස්‌තරට බැණ තර්ජනය කළා යෑයි කියමින් බදුරලිය රෝහලේ ලෙඩ්ඩුන් අහල පහල රෝහල් වලට මාරුකර යවා දොස්‌තරලා රෝහල වසා දැමීමය. 

බදුරලිය රෝහලට යළි තමන් හෝ ඕනෑම වෛද්‍යවරයෙක්‌ ගෙන්වා ගන්නට තමන්ට බැන්නා යෑයි කියනා මිනිසුන් ලවා පොලීසියේ දී තමන්ගේ දෙකකුල් අල්ලා වන්දවා ගන්නට බැණුම් ඇසු දොස්‌තර කටයුතු කළේය. 

ඒ ලෙඩේ තරම ගැන මිනිස්‌සු කතා කරමින් සිටිනා විට තවත් දොස්‌තර ලෙඩෙක්‌ ගැන අනුරාධපුර රෝහලෙන් ඇසෙන්නේය. වාර්තා වන ආකාරයට මේ ලෙඩා සිටින්නේ බරපතල තත්ත්වයකය. ඔහු ගැන කියෑවෙන්නේත් අමුතු කතාවකි. 

හෙතෙම අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ වූ කාන්තා වැසිකිළියේ ක්‌ලෝස්‌ හැන්ගර් වර්ගයේ රහසිගත කැමරාවක්‌ සවිකර තිබුණේය. ඒ කාන්තාවන් ශරීර කෘත්‍ය කරනා ආකාරය වීඩියෝගත කර නැරඹීමේ අභිලාෂයෙනි.

පොලිසියට වාර්තා වන ආකාරයට කතාව මෙසේය.

දිනය පසුගිය 20 වැනිදාය. අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ කාන්තා පරිපාලන ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළියට යන කළමනාකාර සහකාර තරුණියක්‌ වැසිකිළියේ රහසේ සවිකර ඇති කුඩා උපකරණයක්‌ දකින්නීය.