Ads 468x60px

.

ඕන ජරාවක් කන සතුන්ගේ මස් කද්දී - මිනිසුන්ගේ මස් නොකන්නේ ඇයි...?

පෑන කොළය මත තියා අකුරු කරන්න යන අන්තිම මොහොතේදී මේ ලියැවිල්ල ගැන මගේ හිත මට කියන්නේ සත්‍ය වශයෙන්ම මගේ ඇස්දෙකින් දැක්ක දෙයක් වුණාට මේ කතාව තව කෙනෙක් පිළිගනියිද කියන ප්‍රශ්නය. 

අවුරුදු ගණනකට කලින් ලබපු අත්දැකීමක්. හිතු හිතූ තැන්වල නවතමින් හිතු හිතූ පළාත්වල ඇවිද යන්න හොඳ තරුණ ජවයක් තිබුණ වෙලාවක ලබපු අත්දැකීමක්. අනෙක් එක මෙවැනි දෙයක් දැන් සිදුවෙනවාද කියලා හොයාගෙන පත්තරයට ලියන එකත් වැදගත්, අතීතයෙ මෙහෙම වුණා කියනවට වැඩිය.

සමාජය දැනුම්වත් විය යුතු වැදගත් පණිවුඩයක් නිසා බොහොම අමාරුවෙන් හිතවතුන් වැලකගේ ආධාරයෙන් හොයාගත්ත “පාඨක” ඉන්න තැන. පාඨක කියන්නේ මේ කතාවේ කතානායකයා.