Ads 468x60px

.

ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ගොන් කතා...

උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැමිණියහොත් ගසා පන්නන බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී ප්‍රකාශ කල බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි. මෙම  බසයට එන සිසුන්ගෙන් පැයකට රුපියල් 300ක් අය කර ඇති බවත් ඔහු කියයි.

මෙවැනි අපචාරී කටයුතු වලට එරෙහිව ක්‍රියා කිරීමට පොලිසියක් තිබේ.  එම නිසා රටක පවත්නා නීතිය අනුව මේ අපචාර වලට එරෙහිව කටයුතු කරනවා මිස කැමති කෙනෙකුට පහර දීමට ඇමතිවරුන් හෝ උන් ගේ පාන් වාටි කන එවුන්ට ඉඩ දීම යනු ජනතාවම ඉල්ලාගෙන කෑමකි.

සිරිසේනලා හා රංජිනීලා...

ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන කොලඹ හතේ ඉපිද කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍යවරියක වී පොලොන්නරුවේ හද්දා පිටිසර මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට ගියාය. මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවේ ඉපිදී අසීරුවෙන් ජීවිතය ගැටගහගෙන ගමේ ඉස්කෝලේ ඉගන ගෙන ග්‍රාම නිලධාරියෙකු වී පසුව දේශපාලනය හරහා කොලඹ ආවේය​. 

රංජනී ගුණවර්ධන අද දෙහි අත්තකණ්‌ඩිය කජුවත්ත ප්‍රදේශයේ මහවැලි සංවර්ධන මණ්‌ඩලයට අයත් අතහැර දමන ලද ගබඩාවක ජීවත් වෙන්නීය. රංජිනී දුප්පත්ය. හම්බ කරගත් දෙයක් නැත.