Ads 468x60px

.

හරක් ගාලක ශෝකාන්තය

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාව යක් නොමැත​.

අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැද ගතුන් යන්නේ නැත​. උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​. 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත්  අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති. හිඟන්නාට කෙලින්නේ තවත්  හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. 

අන්තරය ,  මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන්ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණයන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති.