Ads 468x60px

.

මියගිය ඥාතීන් භූතයන් වී අපේ සිරුරට ඇතුළු වන්නේ මෙහෙමයි

දේවාරූඪය-දේවාරූඪයෙන් සාත්තර කීම අද එදාටත් වඩා ප්‍රචලිත වී ඇත. අතීත ගැමි සමාජයේ පමණක් දකින්නට තිබූ මෙබඳු අභිචාර අද වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නාගරික සමාජයේ වීමද විශේෂයකි. 

සමාජය වේගයෙන් නාගරීකරණය වීමත් සමග එදා ගමට සීමා වී තිබූ බොහෝ දේ නගරයටද පැමිණ තිබේ. 

ශ්‍රී ලාංකේය ‍පොදු ජන ව්‍යවහාරයේ දැකිය හැකි අපේ අංජනම්, ජ්‍යොතිෂය වැනි ගුප්ත අභිචාරී භාවිතාවන්ට වඩා ජනකාන්ත වූ දේවාරූඪයෙන්  සාස්තර කීම කුඩා කුඩා දේවාල රාශියක් බිහි වීමත්, ඒ ආශ්‍රිත වූ වත් පිළිවෙත් යාතු කර්ම රැසක් මගින් ජනතාව ගුප්ත ප්‍රතිකාර පිළිවෙත් කරා බැඳ ගැනීමත්, සිදු කරනු ලැබූවක් වීම විශේෂයකි. 

භද්‍රකාලී, සූනියම් දැඩි  මුණ්ඩ ආදී ප්‍රකට දෙවි දේවතාවන් නියෝජනය කරමින් කෙළින්ම ඔවුන් සමග සම්බන්ධ වන සේවා දායක පිරිසකුත් අතරමැදි වාහකයන් හෝ වාහිකාවන් පිරිසකුත් මෙහිදී හඳුනාගැනීමට