Ads 468x60px

.

සිහි නැති වූ විට මා හට ලිංගික අතවර කළේ කවුද කියා දන්නේ නැහැ - රුසියානු තරුණිය කියයි

"තංගල් "ද නේචර්" හෝටල යේ ආපනශාලාවට මගේ පෙම්වතා සමග ගමන් කළ අයුරු, අපේ අනාගත සිහින ගැන ඔහු සමග කතා කළ අයුරු, ජීවිතේ තියෙනතුරා අමතක වන්නේ නෑ..." 

යෑයි එම හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය ඊයේ (27 වැනිදා) කොළඹ මහාධිකරණ යේදී කඳුළු පිරි දැසින් කියා සිටියා.

2012 දෙසැම්බර් 25 හෝ ඊට ආසන්න දිනයක තංගල්ල මැඩිල්ල පාරේ පිහිටි "ද නේචර්" නමැති හෝටලයේ කළමනාකාර රයන් අකලංක නමැත්තාට පහරදී තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එදින එම හෝටලයේ පැවැති නත්තල් සාදයකට පැමිණ සිටි කුරාම් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහර දී බෝතල් කටුවලින් කපා මරා දැමීම සහ

සාක්‌කි දෙන අතර සිය පෙම්වතා සිහිපත්ව රුසියානු පෙම්වතිය උසාවියේ හඬා වැටේ...

පෙම්වතා සහ මා අතර විශාල ප්‍රේමණීය බැඳීමක්‌ තිබුණා. ඒත් එදා රෑ මා ඔහුව දුටුවේ මගේ ජීවිත කාලයේ අන්තිම වතාවට යෑයි කියමින් තංගල්ල 'ද නේචර්" හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය සාක්‌කි කූඩුවේ සිට හඬමින් පැවසුවා.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා මේ අවස්‌ථාවේදී සාක්‌කිකාරියගෙන් හරස්‌ ප්‍රශ්න අසමින් සිටියා

සාක්‌කිකාරිය හඬන්නට වූයෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම ජනාධිපති නීතිඥවරයා මඳකට නතර කළේය. ඉන්පසු ඇය ලේන්සුවක්‌ ගෙන කඳුළු පිස දැමුවාය. ඉන් පසු