Ads 468x60px

.

කසාද බඳිනවැයි කියා පෙම්වතාගේ ගෙදර නවතා ගත් දැරිය අමානුෂික ලෙස මරා දමලා

කාලයක්‌ තිස්‌සේ අඹුසැමියන් ලෙසත් ඉඳලා

නරක්‌ වූ මළ සිරුර ලඳු කැලෑවකින් හමුවෙයි


ඉකුත් 2012 වසරේ දෙසැම්බර් මස අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ තරුණයෙකු සමග හොර රහසේ පැනගොස්‌ දෙවසරකට ආසන්න කාලයක්‌ ඔහු සමග ජීවත්ව සිටියදී අභිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌ව ඉකුත් 5 දා එම දැරියගේ නරක්‌වී කුණුවී ගිය මළ සිරුර ලඳු කැලෑවකින් සොයා ගැනීමට දැරියගේ ඥතීන්ට හැකිවී ඇත.

මෙසේ ඉතා අවාසනාවන්ත අන්දමින් ඝාතනයට ලක්‌ව ඇත්තේ ඇල්පිටියේ ඇල්ල ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලැබූ ඇල්පිටියේ ඇල්ල, පුවක්‌දොඩැල්ල ප්‍රදේශයේ පදිංචි කැටීපෙආරච්චි සඳුනි කාංචනා (18) නමැති දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය සමග දෙවසරකට ආසන්න කාලයක්‌ අඹු සැමියන් ලෙස ජීවත් වූ දැරියගේ ප්‍රේමවන්තයා ඔහුගේ පියා මව සහ

ප්‍රතිකාර ගන්න රෝහලට ආ පස්‌ හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි

මාතලේ මූලික රෝහලේ බාහිර රෝගී අංශයට සිය මව සමග ප්‍රතිකාර ගැනීමට පැමිණි පස්‌ හැවිරිදි දරුවකුට එහි වෛද්‍ය වරයකු පහරදීමේ සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර ඇත. 

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී කයිකාවල ඉකිරිගොල්ල පදිංචි නිමල් තාරක දරුවා සිය මව සමග බාහිර රෝගී අංශයට ගිය අවස්‌ථාවේ එහි පෝළිමේ රැඳී සිටියදී එක්‌වරම වෛද්‍යවරයා පැමිණ කුඩා දරුවාගේ අතින් ඇදගෙන ගොස්‌ පා පහරක්‌ එල්ල කර ඇති අතර ඉන් දරුවා බිම වැටී ඇති බවත් ප්‍රකාශ වෙයි.

පසුව සිද්ධිය පිළිබඳව දරුවාගේ මව වන සුනේත්‍රා මාලනී මහත්මිය පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සියසින් දුටු මානලේ මන්දන්ඩාරව පදිංචි සමන් විතානගේ මහතා මෙසේ කීය. 


මේ දරුවා මට ඉදිරියෙන් මව සමග පෝළිමේ සිටියා. වෛද්‍යවරයාගේ කාමරයේ දොරට හෙමින් තට්‌ටු කරමින් දරුවා සිටියේ. එක්‌වරම

සාමවිනිසුරු විෂය පුහුණුවට සාමදාන විනිශ්චයකාර වරුනට ආරාධනා!

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ මෙහෙයවීමෙන්, සාමදාන විනිශ්චය කාරවරුන් ඔව්න් ගේ විෂයට අදාළ ව පුහුණු කරන සාමවිනිසුරු පුහුණු වැඩමුළුවක්  2014.04.20 දින ගම්පහ දී  පැවැත්වේ. මෙය නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩමුළුවකි.

එම සාමවිනිසුරු පුහුණු වැඩමුළුවට සහභාගී වීමට කැමති ගම්පහ දිසාවේ අධිකරණයක දිව්රුම්/ප්‍රතිඥා දුන් සාමවිනිසුරුවරු වෙතොත්, පහත සදහන් තොරතුරු සම්පූර්ණකර samavinisuru.masika2013@ gmail.com දරන e - mail ලිපිනයට එවීමෙන් ඒ සදහා ආරාධනා ලිපියක් ලබාගත හැකිය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි, නමුත් සාමවිනිසුරු පුහුණුව ලබා ගැනීමට උනන්දුවන, දිවයිනේ කවර ප්‍රදේශයක වුව ද අධිකරණයක