Ads 468x60px

.

මලයාසියානු ගුවන් යානයේ ඉරණම සදාකාලික අබිරහසක් වෙයිද.?

මලයාසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන ගුවන් යානය අතුරුදන් වී අප්‍රේල් මස අට වෙනිදාට මසක් සපිරේ. 

මෙම යානය ඕස්ට්‍රේලියාවට ආසන්න ඉන්දීය සාගරයේ දක්ෂිණ කොටසට කඩා වැටී ඇති බව මැ‍ලේසියානු අගමැති නජීබ් රසාක් මීට දෙසතියකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළෝය. 

ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙළඹී ඇත්තේ යානයේ සුන්බුන් හෝ මගීන්ගේ සිරුරු කොටස් හමුවීමෙන් නොව චන්ද්‍රිකා ඡායාරූපය විශ්‍ලේෂණය කිරීමෙන් බව පවසන යානාවේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මලයාසියාව සත්‍ය සඟවන බවට යළි යළිත් චෝදනා  නගන්නට විය.

අගමැතිවරයාගේ ප්‍රකාශයට සමගාමීව මලයාසියානු ගුවන් සේවයද යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයකින් වාර්තා කර ඇත්තේ යානය විනාශ වූ බවත් කිසිවෙකුත් දිවි රැකගෙන නැති බවත්ය. 


ඒත් මේ කිසිම ප්‍රකාශයක් පිළිගැනීමට යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් සූදානම්  නැති බව පෙනෙන්නට තිබේ. චීනයේ මලයාසියා

දිරිය දියණියක්‌! සෞඛ්‍යාරක්‌ෂිත නවතම නිපැයුමක්‌ ඉදිරිපත් කරයි


මදුරුවන් පලවා හරින සුවඳ කූරක්‌ 
ඖෂධීය වාෂ්ප තෛලයක්‌

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්කර ඩෙංගු මදුරුවන් පලවා හැරීම සඳහා නවතම වාෂ්ප තෛලයක්‌ නිෂ්පාදනය කර ඇති දිරිය දියණියක්‌ කෑගල්ලේ ඔලගමදී අපට හමු විය.

ඇය නමින් මධුෂානි විඡේතිලකය. ඇය දේවාලේගම මලියදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස්‌ පෙළ සඳහා කෑගල්ල බාලිකා මහා විද්‍යාලයට ඇතුළත්ව උසස්‌ පෙළ සාමාර්ථයෙන් පසු කැලණි විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධිය සඳහා පෙනී සිටියි. 


ඒ අතරම ඇය කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නි වේදන පිළිබඳ ඩිප්ලෝමා වක්‌ද, කොළඹ විශ්ව විද්‍යාලයේ කුඩා කර්මාන්ත කළමනාකරණය සම්බන්ධ ඩිප්ලෝමාවක්‌ද හදාරා ඇත. 

මෙම කළමනාකරණ ඩිප්ලෝමාව උපයෝගි කරගෙන හා විදාතා මධ්‍යස්‌ථානයෙන් ලබාගත් පුහුණුවද සමඟ මෙම මදුරු මර්දනය සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන ඇත.

ඇය පළමුවෙන්ම සුවඳ සඳුන්කූරු නිෂ්පාදනය කර පසුව මදුරුවන් පලවා හරින සුවඳ කූරක්‌ නිෂ්පාදනයකර ඇත. මෙම සුවඳ කූර පැය දෙකක්‌

ක්‍රිකට්‌ ඔට්‌ටුව පැරදී ගම්පහ ව්‍යාපාරිකයකුට 'හාට්‌ ට්‍රබල්'

විස්‌සයි විස්‌ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්‌ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස්‌ බුකියට වී ක්‍රිකට්‌ තරගය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැතිවී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

ඔහුගේ බිරිය සාක්‌කි දෙමින් පැවැසුවේ මීට පෙර ඔහුට රෝගයක්‌ නොතිබුණු බවයි. හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මියගොස්‌ ඇතැයි මරණ පරීක්‍ෂණයේදී නිගමනය විය.

ඉන්දියාව දිනනවා කියා 20 - 20 ක්‍රිකට්‌ මැච් එකට මිය ගිය සැමියා රේස්‌ බයි එකෙන් තුණ්‌ඩුවක්‌ දමා තිබුණා. ශ්‍රී ලංකාව ජයග්‍රහණයත් සමග සිහිසුන්ව සිටි ඔහුව ගම්පහ මහ රෝහලට රැගෙන ගියත් ඒ වන විට ඔහු