Ads 468x60px

.

සිසුවාට ග්‍රාමසේවා නිලධාරිනිය සමග අඹු සැමියන් ලෙස හැසිරෙනන්ට අණකළ ග්‍රාම සේවා නිලධාරියා


හැඟීම් ඇවිස්සී හුන් 
නිලධාරිනියත් 
බල කරලා

ජාතික ළමා ආරක්ෂක අධිකාරි යේ දුරකථන අංක 1929 ළමා උපකාරක සේවාවට ඉකුත් 11 වෙනිදා පෙරවරුවේ නිර්නාමික දුරකථන ඇමතුමක් දෙමින් කාන්තාවක් දැනුම් දෙන්නේ සීදූව පැත්තේ ග්‍රාමසේවා නිලධාරියෙකු වසර තුනක් තිස්සේ පිරිමි ළමයෙකු සම්බන්ධ යෙන් කරනු ලබන ලිංගික අපයෝජනයක් ගැනය.  අපයෝජනයට ලක්වන පිරිමි ළමයා ගැනත්, ග්‍රාමසේවා නිලධාරියා ගැනත් සියලු විස්තරද ඇය හෙළිදරව් කළාය.

මෙවන් නිර්නාමික පැමිණිල්ලක් 1929 ළමා උපකාරක සේවා මැදිරියට ලැබුණු සැණින් ජාතික ළමා අධිකාරිය ඒ ගැන සොයා බැලීමේ මූලික වගකීම පවරන්නේ ‍පොලීසියටය. එකී තොරතුරට අනුව ළමා අපයෝජන ය සිදුවන බව සඳහන් වූයේ සීදූව පැත්තේ බැවින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය ඒ ගැන සොයා බැලීමේ වගකීම පවරන්නේ සීදූව ‍පොලීසියටය. 


ඒ වනවිට සීදූව ‍පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටින්නේ ‍පොලිස් පරීක්ෂක අයි.ආර්.එම්.එස්.රණසිංහ මහතාය. පැමිණිල්ල ගැන සොයාබැලීමේ කටයුත්ත එහිදී ඔහු පවරන්නේ

අඹතැන්නට කඳුළු ගෙනා කතරගම ඛේදවාචකය


වෑන් එක වැවට වැටුණා 
කියා පාරේ ආපු මාමා 
කෙනකුට කීවා

මම නිදාගෙන සිටියේ පොඩි අක්‌කා ළඟයි. එක පාරම ශබ්දයක්‌ ඇසුණා. ඒ සමගම මාව වතුරට වැටුණා. මම කළුවරේම වතුරෙන් ගොඩට ආවා. ගොඩට ඇවිත් කළුවරේම පාරේ ඇවිදගෙන යන කොට මාමා කෙනෙක්‌ හමුවුණා. මම ඒ මාමාට කිව්වා වාහනේ වතුරේ වැටුණා කියලා. 

ඊට පස්‌සේ පොලිසියේ මාමල ඇවිත් මාව රෝහලට අරන් ගියා යෑයි දෙටගමුව වැවට වෑන් රියක්‌ පෙරළීමෙන් සිදුවූ අනතුරින් දිවි ගලවා ගත් ජනිත චාතිකර දාබරේ නමැති නව හැවිරිදි දරුවා පැවසුවේය.

දෙහිඅත්තකණ්‌ඩිය වැලිකන්ද නෑගම් ගිය 10 දෙනෙකු නෑගම් යමින් සිටියදී ඇළකට වැටී මියගිය සිද්ධියේ දොaංකාරය මැකී යන්නටත් පෙර එවැනිම අයුරින් කතරගම දෙටගමුව වැවට පෙරළී තවත් ජීවිත පහක්‌ (5) පෙරේදා 19 වැනි දින අලුයම අහිමි විය.

මුල්ලේගම අඹතැන්න අංක 34 සේනානි නිවසේ පදිංචි තිදෙනකු හා තවත් පවුලක සැමියා හා බිරිඳ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූහ. මෙම පිරිස කොළඹ කඩුවෙල ප්‍රදේශයේ නෑගම් ගොස්‌ කතරගම වන්දනා කිරීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. 


සිද්ධියෙන් දිවි ගලවා ගත් ජනිත චාතිකර දාබරේ 9 හැවිරිදි පිරිමි දරුවා රිය පෙරළීමේදී වැවට වැටී ඇති අතර ඔහු වැවෙන් පීනා විත් මාර්ගයේ

ට්‍රැක්‌ටරයේ රේසරයක්‌ ගැලවුණාම බාධයි කියා හැරී යමු කීවත් එය හදාගෙන යළි පිටත් වුණා

දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර සිට සෙවන පිටියට අත් ට්‍රැක්‌ටරයේ ටේ්‍රලරයට පොලුවලින් වහලයක්‌ සකස්‌ කරගෙන කළාලයක්‌ උඩට දමා අවුරුදු නෑගම් ගිය එකම පවුලේ දූ දරුවන් සමග ඥතීන් 23 දෙනකු ගමන්ගත් අත් ට්‍රැක්‌ටරය අරලගංවිල අලුත් ඔය පාලම අසලින් ඉසඩ් ඩී. ඇළට වැටීමෙන් 10 දෙනකු මිය යැම නිසා විඡේපුර ගම්මානයට මැති ඇමැතිවරුන් ඇතුළු මහජන ගංගාවක්‌ මේ වන විට පැමිණෙමින් සිටිති.

මෙම ෙ€දවාචකය නිසා මේ වන විට දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර ගම්මානයම ශෝකාන්තයක්‌ වී තිබේ. ඥතීන් පමණක්‌ නොව ගම්වාසීන් ඇතුළු ජනතාව මහත් සංවේගයකට පත් වී සිටිති.

18 වැනිදා ප.ව. 3.00 ට අලුත් ඔය ඉසඩ් ඩී ඇළ අසලට මා යන විට ද 5000 ක පමණ ජනකායක්‌ රැස්‌ වී සිටි අතර අරලගංවිල පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී 232 බලසේනාධිපති කර්නල් ඩයස්‌, පොලිස්‌, හමුදා නිලධාරි සහ අලුත් ඔය ජනතාව මහත් කලබලයෙන් අතුරුදන්වූවන් සොයමින් සිටියා.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් මහවැලි බී කලාපයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකක ගොවි පවුල් 20000 කට දියවර සැපයීමට ඉසෙඩ් ඩී ඇළ නිර්මාණය කළ අතර මෙහි ගැඹුර මීටර් 10 ක්‌ පමණ වේ. හරිම භයානක අනතුරුදායක මහවැලි ඇළක්‌ ලෙස