Ads 468x60px

.

ඇත්තටම වටරැක හිමියන්ට මොකද වුණේ?

මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසුනක්‌ හිමි, ජාතික බලසේනා සංවිධානයේ කැඳවුම්කරු ද වන වටරැක විජිත හිමියන් කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ සිවුරු ගලවා අත්පා බැඳ පහරදී තුවාල සිදුකර තිබියදී පසුගිය 19 වැනිදා සොයා ගන්නා ලදී. 

මෙසේ අත් පා බැඳ පහරදී මහ මග දමාගිය කිසියම් පුද්ගලයකු පානදුර හිරණ පාලම ආසන්නයේ පාළු පෙදෙසක සිටින බව ඒ ආසන්නයේ පොලිස්‌ මුර පොළක සේවය කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට ප්‍රදේශවාසීන් විසින් දන්වා තිබේ. 

අනතුරුව එහි ගිය පොලිසිය එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තමන් කවුරුන්ද යන වග විමසා සිටියත් තම අනන්‍යතාවය තහවුරු කිරීමට තරම් නිරවුල් මතකයක්‌ ඔහුට එම අවස්‌ථාවේදී තිබී

බොදු බල සේනාවට එරෙහිව පැරිසියේ විරෝධතා (පින්තුර)

බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින්, ජාතිවාදය අවුස්සමින් සිටින ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස රාජපක්ෂ ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් ඊයේ (22) සවස පැරිසියේදී පැවැත්විණි. 

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව සංවිධානය කරනු ලැබූ මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට මුස්ලිම් ජනයාට අමතරව ප්‍රංශයට සංක්‍රමණය වූ දෙමල හා සිංහල ජනයාද එක්විය. 

දෙසීයකට වැඩි පිරිසක් එක්ව සිටි මෙම උද්ඝෝෂණය පැවතියේ   අයිපල් කුළුණ සමීපයේ පිහිටි තොකදරෝ පීඨිකාවේදීය. මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අලුත්ගමදී එල්ලවූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ජනාධිපති රාජපක්ෂ වෙත සන්දේශයක් භාරදෙන බවද සංවිධායකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

එහි පින්තුර කිහිපයක් පහතින්.

ඥානසාරලා බිහි වෙන්නේ මෙහෙමයි

ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගී ලක්‍ෂණයකි. ගලගොඩඅත්තේ ඥානසාර  යනු රෝගය යැයි සිතාගෙන සිටින්නෝ මුලාවී සිටිති. රෝගය වෙනුවට රෝගී ලක්‍ෂණයට පිළියම් කරති.

ගලගොඩඅත්තේ ඥානසාර ඇතුලු සිවුරුකාරයන් තුල මහා පොදු සාධකයක් තිබේ. ඔවුන් දෙස විපරමින් බලන්න​. ඔවුන් කොපමණ කෝපයකින් වෛරයකින් පෙලේද ? මේ වෛරය  ඔවුන් තුල ජනිත වූයේ කෙසේද​? ඔවුන්ට අවශ්‍ය සුලු හේතුවක් පමණි. ඉන්පසු ගිණි කන්දකින් ලෝදිය ගලන්නාක් මෙන් වෛරය පිට කරති.

ඥානසාර ඇතුලු සිවුරුකාරයන් ගේ ලමා විය ගැන බලන්න​. මොවුන් දුෂ්කෘති (dysfunctional) පවුල් වලින් පැමිනියෝ වෙති. දරිද්‍රතාව පියා අතහැරයාම , පියාගේ බීමත්කම වැනි හේතු නිසා මවට මොවුන්ට