Ads 468x60px

.

තවත් අහිංසක ජීවිතයක්‌ රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය විසින් බිලි ගැනීම නවතාලීමට නම්

රූපලාවන්‍ය සැත්කමකට (කොස්‌මටික්‌ ස(ර්)ජර්) ලක්‌ වීමට ගොස්‌ බම්බලපිටියේ විශාකා මාවතෙහි පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය සැත්කම් ආයතනයකදී (කොස්‌මටික්‌ ස(ර්)ජර් ක්‌ලිනික්‌) විදින ලද එන්නතක්‌ විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධිය පසුගිය දිනවල රට තුළ මහත් ආන්දොලනයකට තුඩු දුන් සිදුවීමක්‌ විය.

මෙහිදී මරණයට පත් වූ වෛද්‍යවරිය බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයේ වෛද්‍යවරියක බවත් ඇයට එන්නත ලබා දුන් වෛද්‍යවරයා රූපලාවන්‍ය සැත්කම් පිළිබඳ කිසිදු පුහුණුවක්‌ හෝ පශ්චාත් උපාධියක්‌ නොමැති බොරු ප්‍රචාරයන්ගෙන් මහජනතාව රැවටූ සාමාන්‍ය එම්.බී.බී.එස්‌. වෛද්‍යවරයකු බව මේ වන විට රටට හෙළිදරව් වී අවසානය.

ඉහත කී වෛද්‍යවරයා වන නිමල් ගමගේ 1982 වසරේදී කොළඹ වෛද්‍ය පීඨයෙන් පිටවූ එම්.බී.බී.එස්‌. උපාධිධාරි වෛද්‍යවරයකු බවත් ඔහු මෙරට බොහෝ මාධ්‍යයන් හරහා ප්‍රචාරය කළ පරිදි ඇමරිකා එක්‌සත් ජනපදයේ කිසිදු රූපලාවන්‍ය සැත්කම්වලට අදාළ පාඨමාලාවක්‌ හෝ