Ads 468x60px

.

ඒ වැඩෙන් පස්සේ එයා මට මූණ දෙන්න බැරුවයි ඉන්නේ - මහේෂි

එකට වැඩ කරද්දී 
ඔහොම වෙනවා.

මහේෂි මධුසංකා ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් ගතවෙලා නැහැ. ඒත් ඒ ටික කාලෙදි ඇය ජනප්‍රියත්වය පැත්තෙන් ලොකු ගමනක් ගිහින්. 

ඇයට කැමැති ගොඩක් දෙනාට ඈ හිතන පතන විදිය දැන ගන්නට පුළුවන් පුංචි අවස්ථාවක් දෙන්නයි අපි මේ ඉඩ වෙන් කළේ.

කොහොමද ජීවිතේ?
වැඩත් එක්ක ගෙවීගෙන යනවා

මොනවද මේ දවස්වල තියෙන වැඩ?
අලුත් නාට්‍යය දෙකක වැඩ කරගෙන යනවා. රූ රැජන තරගයක නිවේදනයටත් දායක වෙලා ඉන්නවා.

නිවේදනය රඟපෑමට වඩා ‍ලේසිද?
මොන දේ වුණත් කරන්න පටන් ගන්න කලින් හිතෙන්නේ හරි ‍ලේසියි කියලා. ඒත් ඒ වැඩේ කරගෙන යද්දී තමයි අමාරුකම තේරෙන්නේ.

ඩෙනිමක් වෙනුවෙන් තම සිරුර නිරුවත් කල ඩිල්ෂාන්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා මංජුලා තිලිණි විසින් රාජගිරියේ පවත්වාගෙන යනු ලබන Dil Step නම් ඔවුන්ගේම ඇදුම් සාප්පුවේ ප‍්‍රවර්ධන කටයුත්තක් සදහා දිල්ෂාන්ම පෙනීසිට තිබෙනවා. 

ඒ ඔවුන්ගේ නිල ලාංජනයෙන් මසා නිමකල නවතම ඩෙනිම් වර්ගයක් වෙනුවෙන් මෙම ඡායාරූප පෙල ලබාගෙන ඇති අතර එය නම්කොට ඇත්තේ Dil Scoop ලෙසයි. මෙහි ඇති විශේෂත්වය නම් ඇතැම් ඡායාරූප සදහා දිල්ෂාන් පෙනී සිට ඇත්තේ උඩුකය නිරුවත්ව වීමයි.

එම ඡායාරූප පහතින්.

ඇමැති ටී.බී.ගේ අඩි ගැලවුණු සපත්තු යුගලට කෝටි 13,000ක ලංසුවක්

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය අතරවාරයේ කෙරුණු ගිවිසුම් අත්සන් කිරීමකදී සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. එ්කනායක මහතා පැළඳ සිටි පාවහන් යුගල ඉකුත් දින බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා. 

එම පාවහන් යුගලයේ අඩිය ගැලවී පාදයෙන් කොටසක් පොලව හා ස්පර්ශ වීම ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් ඡායාරූපයක්ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ පළ වුණා. 

අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසන්නේ අදාළ පාවහන් යුගල දැන් ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක්ව ඇති බවයි. එ් අනුව එය අලෙවි

ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රථිපල මෙන්න - වැඩිම මනාප හරීන්ට දෙවැනියා ශෂින්ද්‍ර

ඌව පළාත් සභා මැතිවරණයෙන් මෙවර වාර්තාගත වැඩිම මනාප සංඛ්‍යාවක්‌ ලබාගෙන ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදුණු හරීන් ප්‍රනාන්දු මහතායි.

ඔහු මනාප ඡන්ද 1,73,993 ක්‌ ලබාගෙන ඇති අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කළ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 96,619 ක්‌ ලබාගෙන තිබෙනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මොනරාගල දිස්‌ත්‍රික්‌කයට තරග කළ කුමාරසිරි රත්නායක මහතා මනාප ඡන්ද 59,285 ක්‌ ලබාගෙන ඇති අතර එම පක්‍ෂයෙන්ම තරග කළ උදාර විජයමුණි සොයිසා මහතා