Ads 468x60px

.

මර්වින්ගේ පුංචි කක්‌ක බාල්දි වලට නොදෙවනි මාලකගේ කක්‌කුස්‌සි වලවල්.

බම්බලපිටියේ 'නයිට්‌ ක්‌ලබ්' එකකදී ස්‌කොට්‌ ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට පහරදී තුවාල සිදුකළ බව කියන මාලක සිල්වා වැලිකඩ මහ උළුගෙදරට ගාල් කිරීමේ පුවත ඇසූ අප තුළ මාලකගේ පියා වන මර්වින් සිල්වා ඇමැතිතුමා ගැන ලොකු දුකක්‌ ඇතිවිය. 

ඉතා හොඳ සිංහල බෞද්ධයකු වන, රට වෙනුවෙන් මරාගෙන මැරීමට සූදානම් මර්වින් සිල්වාගේ මේ පුතා සිය පියාගේ නම ක්‍රමානුකූල ලෙස විනාශ කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කරන්නට දැයි වහාම සෙවිය යුතුය. 

සිය දේශපාලන ජීවිතයේදී බොහෝ දුක්‌ විඳ තැනකට පැමිණි මර්වින් සිල්වා ඇමැතිතුමා ඒ ගමනේ අතරමගදී පුංචි පුංචි කක්‌ක බාල්දිවලට කර ගැසුවද මාලක මේ කෙටි කාලයට කරගැසූ කක්‌කුස්‌සි වලවල් තරම් අවුලක්‌ කර ගත්තේ නැත. තරුණ මාලකට නයිට්‌ ක්‌ලබ් සම්බන්ධයෙන් අසාත්මිකතාවක්‌ තිබෙන බව පෙනෙයි. 

නයිට්‌ ක්‌ලබ්වල සිදුවන ගුටි කෙළිවලට ඔහුගේ නම සම්බන්ධ විය. ඔහු නිතරම 'නයිට්‌ ක්‌ලබ්' යන්නේ ආරක්‍ෂකයන් පිරිවරාගෙනය. ජනාධිපති පුත්‍රයා වන නාමල් රාජපක්‍ෂටවත් ඔහුට තරම් ආරක්‍ෂකයන් නැත. 

වතාවකදී මාලක නයිට්‌ ක්‌ලබ් එකක "බර්ත්ඩේ පාටියක්‌" සමරන්නට ගොස්‌ එතැන සිටි සෙසු අයට පහර දුන්නේය. ඊළඟ වතාවේදී ඔහු ජයික

'හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස්' පුවතින් පසු වසා දැමූණු අනුරාධපුර සමාජ ශාලාව මෙන්න.


'හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ' වන අප විසින් පසුගියදා "බුදුන් වැඩි රටේ ජය ශ්‍රී මහා බෝධිය ලඟත් NIGHT CLUB" යනුවෙන් හෙළිදරව් කරණ ලද පුවතට අනුව අනුරාධපුර පූජා නගරයට ආශ්‍රිත ප්‍රදේශයක පවත්වා ගෙන ගිය රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා තිබෙන බව අපට දැන ගන්නට ලැබුනා.

එම සමාජශාලාව මීට වසර එකහමාරකට පෙර සිට පවත්වාගෙන ගොස්‌ තිබූ අතර ''හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ' වන අප විසින් ඒ පිළිබඳව පසුගිය 26 වැනිදා හෙළිදරව් කරනු ලැබුවා.

එම හෙළිදරව්වත් සමග එහි හිමිකරු පොලිස්‌ අධිකාරි කාර්යාලය වෙත පැමිණ එම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙන යැම පිළිබඳ විවාදාත්මක

එංගලන්ත ජාතික තරුණියට අමානුෂික අන්දමින් පහර දුන් මාලක සිල්වා සී. සී. ටී. වී. කැමරාවේ


බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රී සමාජ ශාලාවේදී විදේශික යුවළකට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත් අඩංගුවට ගෙන ඇති පුවත අප ඊයේ දිනයේ ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මාලක සිල්වාගේ ආරක්‌ෂකයන් සී. සී. ටී. වී. කැමරා ඔස්‌සේ කළ