Ads 468x60px

.

විමල් වීරවංස මහතාගේ ‍ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම 61.8%කින් බැහැලා


විමල් වීරවංස මහතාගේ ‍ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම (Like) ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් පවතින අතර මේ සතිය තුළ පමණක් එයට කැමැත්ත පළ කිරීම (Like)61.8%කින් අඩු වී තිබේ.

සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා "බටහිර විරෝධීභාවය" නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංස මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ වැඩිම කැමැත්ත පළ කිරීම් (likes) ප්‍රමාණයක්

වික්ටෝරියා වාන් දොරටු ඇරෙන හැටි (පින්තුර)


පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් පවතිනවා. වි‍ක්ටෝරියා ජලාශයේද වාන් දොරටු 8ම මේ වනවිට විවෘතවී තිබෙන අතර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම මෙම

වරෙන්තු කළ මුතුහෙට්ටිගම කතා කරයි (වීඩියෝ)


නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බද්දේගම මහේස්ත්‍රාත් වරයා විසින් පෙරේදා දිනයේ (24) නියෝග කරනු ලැබුවා. 

දුටු තැන අල්ලන ලෙස වරෙන්තු ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම සමගින් කළ සංවාදයක් පහතින්.

ඔබතුමාට වරෙන්තු නිකුත් කරලා තියෙනවා සහ පොලිස් අත්අඩංගුවට ගන්න කියල නිවේදනය කරලා තියෙනවා?

එහෙම ආරංචියක් තියෙනවා.. මම දැනුවත් වෙලා නැහැ.. මගේ නීතිඥ මහත්වරුන් කිව්වේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා.. වරෙන්තුව

කෙල්ලන්ට කොල්ලන්ට මුත්‍රා යන තුරු පහර දුන් පොලිසිය සිරිකොත ගැන කියන්නේ කුමක්‌ද?


නත්තලට පෙර දිනයේ එනම් 24 වැනිදා කෝට්‌ටේ එජාප පක්‍ෂ මූලස්‌ථානය වන සිරිකොත ඉදිරිපිට විශාල ගැටුමක්‌ ඇතිවිණි. 

ඊට මුල් වූයේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද "රනිල් - මෛත්‍රී රට බෙදන හොර ගිවිසුම හෙළා දකිමු" යන මැයෙන් යුත් විරෝධතාවකි. විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ මතුවූ උණුසුම්කාරී තත්ත්වයක්‌ හමුවේ ජාතික සංවිධාන එකමුතුවේ හා එජාප පාක්‍ෂික පිරිස්‌ අතර ගැටුමක්‌ හටගෙන ඇත.

ගල් මුල් ප්‍රහාර, ගුටිකෙළි, කළුතෙල් ප්‍රහාර ආදී ශ්‍රී ලාංකීය දේශපාලන ගැටුම්වලදී හුරුපුරුදු සියලු දේ සිද්ධිය තුළ දක්‌නට ලැබිණි. කෙසේ හෝ මෑතක සිට නිරන්තරයෙන්ම සිදුවන ආකාරයට, පොලිසියට ගැටුම

සනත් ගුණතිලක "රජ වැඩකාරයෝ" පෙන්නන්න ගිහින් රෝහල් ගතවෙයි.


ප්‍රවීණ නළු සනත් ගුණතිලක රෝගී වී මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මීට වසර ගණනාවකට පෙර, විජය කුමාරතුංගයන් සමග "රජ වැඩකාරයෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්‌ථාවේ සටන් ජවනිකාවකදී කොන්දේ ඇති වූ

වසර දහයකට පෙර මෙරට සිදු වූ ඒ සුනාමි විපත ගැන අමතක කළ නොහැකි හේතුව


බිහිසුණු සුනාමි විපත සිදුවී අදට (26 දාට) දස වසරක්‌ ගතවේ. 2004 දී ඉන්දුනීසියානු මුහුදු කලාපයේ සිදුවූ භූකම්පාවක්‌ බිහිසුණු සුනාමියක්‌ බවට පත්වී ඉන්දීය සාගරයේ වෙරළාසන්න රටවල් රැසකට මහත් ව්‍යසනයක්‌ ඇති කළේය. සුනාමියෙන් ශ්‍රී ලංකා වාසීහු 30196 ක්‌ මියගිය බවට තහවුරු විය. 

සුනාමියක්‌ කෙරේ ශ්‍රී ලංකාවාසීන් තුළ අත්දැකීමක්‌ නොතිබීම නිසා විශාල පිරිසක්‌ ඊට ගොදුරු විය. මේ සුනාමි විපතට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට මාතර බලා යමින් තිබූ දුම්රිය ද ගොදුරු විය. සුනාමි අනතුරු ඇඟවීමක්‌ වාර්තා වුවත් ඒ වනවිට දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්‌ථානයෙන් පිටත්වී තිබිණි.

2004 දෙසැම්බර් 26 දා පෙරවරු 9.30 ට මීටර් 30 ක්‌ උසැති දැවැන්ත රළ මාලාවන් පැරෑලිය වෙරළට කඩාවැදුණි. මේ රළ මාලාවෙන් පසුව තවත් විශාල රළ මාලාවක්‌ද දුම්රිය මාර්ගය ගිල ගත්තේය. දුම්රියේ