Ads 468x60px

.

ගංගාරාමයේ ඇතාට කැත විදිහට සලකන වීඩියෝව නිසා ගංගාට අලුත් ඇත්ගොව්වෙක්


කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වෙසෙන ගංගා නැමැති අලි  පැටවාට ඇත්ගොව්වා විසින් පහරදෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝවක්  අප වෙබ් අඩවිය වෙතින් පළ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් එම විහාර ස්ථානයේ දායක සභාව අප වෙත පැහැදිළි කිරීමක් එවා තිබෙනවා.

මේ පිළිබඳව තවදුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඒ අදාළ වීඩියෝවේ සඳහන් වූ පරිදි අලියාට අකාරුණික ලෙස පහරදුන් එම ඇත්ගොව්වා සේවයෙන් ඉවත් කළ බවයි.

එසේම අලියාගේ සේවය සඳහා මීට පෙර සිටි පළ පුරුදු ඇත්ගොව්වෙකු (නවම් රාජා නැමැති ඇතාගේ ඇත්ගොව්වා – ඇතා මීට ඉහත මියගොස් ඇත) යළි සේවයට ගෙන්වා ගත්  බවද ගංගාරාම විහාරයේ දායක සභාව
පවසනවා.

කෙසේ වුවද අලියාට පහරදෙන අයුරු දැක්වෙන මෙවැනි වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැරීම ගැන කණගාටුවන බවත්, එසේ කළ පුද්ගලයා එය පෞද්ගලිකවම දායක සභාව දැනුවත් කළා නම් වඩාත් සුදුසු බවත්, ඔවුන් පෙන්වා දෙනවා.

සමාජ ජාල වෙබ් අඩවි මගින් එවැන්නක් ප්‍රදර්ශනය කිරීමෙන් විහාර ස්ථානයේ කීර්ති නාමයට හානියක් වීම ඊට හේතුව බවද ගංගාරාම විහාරස්ථ දායක සභාව වැඩිදුරටත් එම නිවේදනය මගින් සඳහන් කරනවා.


ඒ ‍පිලිබඳ අපගේ පෙර පුවත පහතින් 
ගංගාරාමයේ ඇතාට සලකන හැටි මෙන්න (වීඩියෝ)
 
Related Posts with Thumbnails