Ads 468x60px

.

ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්ත වසන්ත අබේසිරි යළිත් හොරකමේ

ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තයෙකු වන වසන්ත අබේසිරි නැමැති පුද්ගලයා විසින් ටොරන්ටෝ විහාරයට , බ්‍රැම්ටන් බෞද්ධ පන්සලට හා මිසිසාගා පන්සලට ආධාර පිණිස කියමින් වංචනිකව ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබෙන බවට වාර්තා වේ.

මීට ඉහතදීද මෙම පුද්ගලයා විසින් ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී තිබුණු බවට හිටපු කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරීක්‍ෂණයක්ද පවත්වා තිබුණි. වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්‍රියල් බැංකුවේ  Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙන් බව හෙලිවී ඇත​.

මොහු  කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ අත්සන ඇතුළු අනෙකුත් විහාරාධිපති

හිමිවරුන් ගේ අත්සන් හොරට යොදා ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබේ. 

අප විසින් මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් ගෙන් මෙන්ම බ්‍රැම්ටන් බෞද්ධ පන්සලේ හා මිසිසාගා පන්සලේ විහාරාධිපති හිමිවරුන් ගෙන් විමසීමක් කළ අතර මෙම පන්සල් වලට ආධාර සඳහා වසන්ත අබේසිරි නම් පුද්ගලයාට කිසිදු බලයක් ලබා නොදී තිබෙන බව එකී හිමිවරුන් පෙන්වා දුන්හ​. 

තවද මෙම වංචනික වසන්ත අබේසිරි නැමැත්තා අබෞද්ධයෙකු බවද කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙති.    

- ජානකී පෙරේරා 
 
Related Posts with Thumbnails