ලොව පුරා ජනප්‍රිය සමාජජාල වෙඩ් අඩවියක් වන ෆේස්බුක් හි මේ වන විට හදිසි බිඳවැටීමක් සිදුව ඇති බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වලට මේ වන විට එයට පිවිසීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
තමන්ට ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසිය නොහැකි බවට එහි පරිශිලකයින් රැසක් ට්විටර් ඔස්සේ පණිවුඩ පලකර තිබුනා.
කෙසේ නමුත් මෙය යථාතත්වයට පත්කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.
මේ වන විට ෆේස්බුක් වෙත පිවිසෙන අයට දක්නට ලැබෙන පණිවුඩය.