Ads 468x60px

.

නවක වදය තවත් බිල්ලක් ගනියි...


ලාංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි.

අපගේ විශ්ව විද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත.

නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙන බව රහසක් නොවේ. හේතුව නම් ඔවුන්ද මේ තිරිසන් ක්‍රමයේ නිෂ්පාදනයන් වීමය. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට
ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු.

මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක නොමැත​.

සත්‍ය වශයෙන් බලන විට අද ලංකාවේ විශ්ව විද්‍යාලවල උගතුන් නැත. අන්තර්ජාතිකව පිළිගැනීමකට ලක් වී තිබෙන උගතෙකු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සෙවීමකි. 


තමන් බුද්ධිමතුන් යැයි සිතන ආචාර්ය මහාචාර්යවරු බොහොමයක් විදේශීය විශ්ව විද්‍යාල වල රැකියා අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වූ වනපොත් කිරීම තුලින් විභාග සමත් වී කිසිම නිර්මාණශිලිතාවක් නව දැක්මක් නැති අනුන් සමග සහ තමන් සමග තරහවී සිටින කුහක ඉර්ෂියාව සහ ආත්මාර්ථය මත කටයුතු කරන පිරිසකි. මොවුන්ට නවක වදයවත් නැවැත්වීමට දැක්මක් නැත​.

නවක වදය විසින් තවත් ජීවිතයක් බිළි ගෙන තිබේ.  සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් වන එස්.එස්. අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය නවක වදය ඉවසාගත නොහැකිව පන්නිපිටියේ පිහිටි සිය නිවසේ දී පසුගිය දා ගෙල වැලලා ගෙන මියගොස් තිබේ. 


පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිටි ඇය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්ව විද්‍යාලයට තේරී පත්ව ඇත. නවක වදය ඉවසාගත නොහැකිව ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණි පසු නැවත විශ්ව විද්‍යාලයට ගොස් නැත්තේ දැඩි මානසික පීඩාව හේතුවෙනි. 

ඇය ගෙල වැලලා ගැනීමට පෙර ලිපියක් ලියා ඇති අතර එහි සඳහන් වන්නේ ” මගේ මරණය වු පසුව අවසන් කටයුතු සරලව මාගේ ආදර මා ඉගෙනගත් පාසල වන දේවි බාලිකා විදුහල අසල ඇති කොළඔ කනත්තේ ආදාහනය කරන ලෙසත් මගේ අවසන් කටයුතු වලට සබරගමුව විශ්ව විද්‍යලයේ කිසිම සිසු සිසුවියකට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙසත්ය.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාව යක් නොමැත​.  අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැද ගතුන් යන්නේ නැත​. 


උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​.   ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත්  අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති. හිඟන්නාට කෙලින්නේ තවත්  හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. 

අන්තරය ,  මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන්ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණ යන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති. 

නමුත් මේ හීනමාන  හිඟන්නන් ධනවත් පවුල් වල ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එඞලන්තයේ  , කැනඩාවේ විශ්ව විද්‍යාල වලට යන බේබිලා දුටු විට මෝල් ගස්  අකුලා ගනිති. බේබිලා දකින විට මොවුන්ට සුළු දිය පහවේ.

ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් මෙසේ පවසන්නීය ” මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි. 


ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත. 

ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. 

ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ. බටහිර විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව ලංකාවේ විශ්ව විද්‍යාල යනු වනචාරී මෙන්ම අධ්‍යාපනික මෙන්ම සදාචාරාත්මක අතින් ද නොදියුණු ආයතන වේ. 

මේවා නියැන්ඩතාල් මානවයන් ඒකරාශී වන ස්ථාන ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බව මට සිතෙන්නේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුය.
ලංකාව වැනි දුප්පත් රටකට විශ්ව විද්‍යාල අවශ්‍යද යන්න මට සමහර විට සිතේ. අපේ රටේ විශ්ව විද්‍යාල අහෝසි කොට ඒවා කාර්මික පාසල් බවට පරිවර්තනය කලොත් සමාජයට වඩාත් වැඩදායි ප්‍රයෝජනවත් ශ්‍රමිකයන් බිහි කර ගත හැක.

- අමිල ගුණරත්න .

අපගේ පෙර පුවත් පහතින්.

"මඟ බලාගෙන ඉන්නවා ඔයාව මුණ ගැහෙනකම්" නවක වදය නිසා ගෙළ වැළලාගත් තරුණියගේ පෙම්වතා ෆේස්බුක් වෙත එක්කල සංවේදී සටහන

මගේ මරණයටවත් සබරගමුව සරසවියේ කාටවත් එන්න ඉඩ දෙන්න එපා යනුවෙන් ලිපියක් ලියා අවසන් ගමන් ගිය සරසවි දියණිය...
 
Related Posts with Thumbnails