Ads 468x60px

.

බිරිඳ අනියම් සැමියන් සොයා යන හේතුව හෙළිවෙයි


බිරිඳ වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසා බව බොහෝ දෙනාගේ අනුමානයයි. 

එය බොහෝවිට ලිංගික හෝ ආර්ථික ප්‍රශ්න ,අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බව බහුතර මතය වේ. එම මතය සත්‍ය නොවන බව ඇමරිකාවේ ලිංග විද්‍යාත්මක සංගමය ( American Sexological Association ) කරන ලද නවතම සමීක්ෂණකින් සනාත වී තිබෙනවා.

මෙම සමීක්ෂණය සදහා අවුරුදු 35-45ත් අතර විවාහක කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුත් නියැදියක් යොදා ගෙන තිබෙනවා. ඒ සියලු දෙනාම නව සහකරුවන්/සහකාරියන් හදුනා ගැනීමේ වෙබ් අඩවියක

ලංකාවේ ප්‍රථම වතාවට පෙට්‍රල් දන්සලක්


වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්‍රල් දන්සලකි.

ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැලෙන් මේ වන විට පෙට්‍රල් ලීටර් 500ක් යතුරු පැදි

ජැකලින්ට දවස් දෙකකට කෝටි 4ක්


ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්.... ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලොව පුරාම මෙන්ම බොලිවුඩ් සිනාමේ ජනප්‍රියම නිළියක්. එම ජනප්‍රියත්මව නිසා ජැකලින්ගේ ගණන් නම් ටිකක් සැරයි. මොකද පසුගිය කාලයේ ජැකලින්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි අවන්හලේ ආප්පයක මිල ඔබට මතක ඇතිනේ.

එහෙත් අද අපි කියන්නේ එවැනි කාරණාවක් සම්බන්ධයෙන් නෙවෙයි. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජැකලින් යනු ඉතා ඉහළ

19 වැනි සංශෝධනය මේ තරමින් හෝ ජය ගැනීම යනු ඡේ. ආර්. පරදවා මෛත්‍රී සහ රනිල් ජයගැනීමකි


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව එම ක්‍රමයේ පීතෘවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ සිටම කියන ලද නමුදු දේශපාලන සටන් පාඨයක්‌ ලෙස එය ඉස්‌මතු කෙරුණු මුල් අවස්‌ථාව 1994 වසරේ ජනාධිපතිවරණය ය. 

එයින් පසුද එම සටන විටින් විට ඉදිරියට ගෙන එන ලද නමුදු යුද්ධය ඇතුළු වෙනත් හේතු මත යටපත් විය. ඉන් පසු මේ පත්තු නො කළ

ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් - නහය ඇස්දෙකේ.. ඇස් නළලේ...

තලවාකැලේ  ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් ඉකුත් 18 වෙනි දින සිදුවූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් අබේරත්න මහතා පවසනවා.

ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ නෝනා වතුයායේ වතුකම්කරු පවුලක තුන්වන ගැහැණු දරුවා වශයෙන් බිහිකළ මෙම සිඟිත්තියගේ නාස් කන් සහ ඇස් අසාමාන්‍ය විදිහට පිහිටා තිබූ බවත් සිඟිතිය ප්‍රසූතවීමෙන් පසු පැයක් ඇතුලත මියගිය බවත් වෛද්‍යවරයා පැවසුවා.

මෙම අසාමාන්‍ය දරු උපත පිළිබඳව සායන වලදී තමන් දැන සිටි බවත් එම මව විසින් නියමිත ශක්ති වඩන ඖෂධ ලබානොගැනීම හෝ වැරදි

වෙසක් එකට වයිෆයි දන්සල්!


වෙසක් දිනයේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන දන්සල් දෙකක් කොළඹ සහ මාතරදී පැවැත්වීමට ජාතික තොරතුරු තාක්ෂණ

මේ කතාව හිටපු චණ්‌ඩීන්ට සහ ඉන්නා චණ්‌ඩීන්ටයි

ඉන්නා අයගේ චණ්‌ඩිකම් වලට වඩා "හිටපු" අයගේ චණ්‌ඩිකම් වැඩිය. ඒ ඉන්නා අයත් සමාජයේ ගැවසෙන අනිත් අයත් ගැන "හිටපු" අය තුළ හට ගන්නා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සහ තමන් තුළම හටගන්නා "හීන මානය" නිසාය. 

හිටපු අය තුළ හටගන්නා මේ "හීනමානය" තරමක්‌ භයානකය. ඊට හේතුව එවැනි අයෙකුගේ 'චණ්‌ඩිකම්' තරමක්‌ බරපතළ විය හැකි නිසාය.

පසුගිය දවසක කළුබෝවිල මහරෝහලේදී එහි ආරක්‍ෂක නිලධාරිනියකට පහර කන්නට සිදුවූයේ මෙවැනි හිටපු චණ්‌ඩියෙක්‌ අතිනි. වටින් ගොඩින් කීවා මිස කතාව කීවේ නැත. කතාව මෙබඳුය. 


යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු සිය පුත්‍රයා සමග කළුබෝවිල මහ රෝහලට උදෑසන 5.30 ට පමණ පැමිණ ඇත්තේ සිය ලේලියගේ අලුත උපන් දරුවා බැලීමටය. එහෙත් ආරක්‍ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගීන් හමුවට යැමට ඇති වේලාව වන්නේ උදෑසන 6.00 ට නිසා

සැමියා මියගිය බිරිඳගේ සිරුර දින තුනක්‌ තුරුළු කරන් ඉඳලා...


මියගිය තම බිරිඳට ආදරේ නිසා දින 03 ක්‌ මෘත ශරීරය තුරුළු කරගෙන සිටි සැමියකු පිළිබඳ පුවතක් කිණිවිට පිලපිටිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්‍ෂණයේදී මෙසේ මියගොස්‌ ඇත්තේ කිණිවිට පිලපිටිය පදිංචි කන්දේලාගේ මානෙල් විජයන්ති මාලි නම් 42 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇයගේ සැමියා නෙලුම්දෙණියලාගේ නිමල් (46) හැවිරිදි අයෙකි. ඔහු අධි මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර දරුවන්ද නැත. විවාහ

''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.''

ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක්‌ ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.

බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය බිම තබා ඇති අයුරු හේ දුටුවේය. එම අසුනේ උස මහත මැදිවියේ කාන්තාවක්‌ වාඩිවී බුලත් විටක්‌ සපමින් සිටියාය

''මම ඔය සීට්‌ එක බුක්‌ කරලයි බැස්‌සෙ ඇයි මේ බෑග් එක බිම තිබ්බේ?'' තරුණයා මඳක්‌ කෝපයෙන් ඇසීය. ''බිම තිබ්බෙ මට වාඩි වෙන්න' කාන්තාව ගොරෝසු හඬකින් අවඥසහගතව කීවාය.

''සීට්‌ එක ගත්තට කමක්‌ නෑ. ඇයි මේ බෑග් එක බිම තිබ්බේ'' තරුණයා ඇසීය. ''බෑග් එක සීට්‌ එක උඩ තියෙද්දි වාඩි වෙන්න බැහැනෙ ඒකයි බිම තිබ්බේ.'' කාන්තාව පෙරට වඩා උස්‌ හඬින් කීවාය.

''මේ බෑග් එක බොහොම වටිනා එකක්‌'' තරුණයා එහි තිබූ දූවිලි තම ලේන්සුවෙන් පිස දමමින් කීවේය. ''කීයක්‌ විතර වටිනවද මහත්තයා?''

චාර්ල්ස්ගේ ශුක්‍රානු වලින් ඉපදුණු රහසිගත දියණිය


බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක් විසින් හෙළිකොට තිබේ.

චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළල යක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා

“උදාවන සෑම දිනකම මම දූෂණය වෙනව‍ා” වීඩියෝවක් පිටවෙයි


”ම‍ගේ පවුලේ අය මාව දුෂණය කරනවා….හැම දවසකම වාගේ මම  දුෂණයට ලක්වෙනවා.”  යන ප්‍රකාශයන් ඇතුළත් කරමින් අන්තර් ජාලයට මුදාහැර ඇති වීඩියෝවක් මේ වන විට ලොව පුරා ආන්දෝලන යකට තුඩු දී  තිබෙනවා. එම වීඩියෝවේ සිටින කාන්තාව පවසන්නේ උදාවන සෑම දිනකම වගේ ඇය නිරන්තරයෙන් දූෂණයට ලක්වන බවයි. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

වෙනස්ම මගක යන සුරූපී ප්ලේ බෝයි නිරූපිකාව (පින්තුර)


ලෝක ප්‍රසිද්ධ ප්ලේබෝයි නිරුපිකාවක් වන අනායිස් සනෝටි ප්ලේ බෝයි නිර්පන ශිල්පිනියකට වඩා ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඇගේ ත්‍රාසජනක විනෝදාංශය හේතුවෙනි. 

සිය විනෝදාංශය වෙනුවෙන් නිරූපන රැකියාවෙන් පූර්ණකාලීනව ඉවත්වූ ස්නෝටි ගුවනේ කිමිදීම ඇගේ රැකියාව බවට පත්කරගෙන ඇත. මියාමි නගරයේ ජීවත්වන ස්නෝටිගේ වයස අවුරුදු 30 කි.

ඇයගේ සරාගී පින්තුර කිහිපයක් පහතින්.

නේපාලයේ භූමිකම්පාව සතියකට පෙර හෙළි කරලා

නේපාලයේ විශාල භූමිකම්පාවන් සිදුවන බව සතියකට පෙර කත්මන්දු නුවර විමර්ශනයක්‌ සිදු කළ භූවිද්‍යාඥයන් පනස්‌ දෙනකු විසින් හෙළිකර තිබෙනවා. 

"භූ චලනය සිදුවූ ප්‍රදේශයේ මා සතියකට පෙර සැරිසැරුවා. එකී ප්‍රදේශය විපතට පත්වන බව මට අවබෝධ වුණා" යෑයි බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිඡ් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ප්‍රධානි ඡේම්ස්‌ ජාන්සන් ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත කියා සිටී.

නේපාලයේ භූ චලනයක්‌ සිදුවන බව දැන සිටියේ යෑයි ඇමරිකානු භූ විද්‍යා විමර්ශන අංශයේ ඩේවිඩ් වෝල්ට්‌ ද ප්‍රකාශ කර ඇත. 1934

'නාමල්ගේ ආරක්‍ෂකයා ළඟ තිබුණේ වතුර බෝතලයක්‌ලු'


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණකොළපැලැස්‌ස ශ්‍රීලනිප සමුළුවට තම ආරක්‍ෂක නිලධාරියකු පිස්‌තෝලක්‌ සහිතව සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගත් බව දැනගත්තේ මාධ්‍ය මගින් බවත් තම ආරක්‍ෂක නිලධාරීන් කිසිම විටෙකත් ජනාධිපතිවරයකු සහභාගි වන

නේපාලයට පොලව කම්පා වුනේ මේ බිහිසුණු සත්ව ඝාතනයෙන්ද..? (පින්තුර)


පසුගිය සෙනසුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති භුමි කම්පාවකින් සිදුවූ ජීවිත හානිය මේවනවිට 3000 කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර දේපල වලට හා රටේ සම්පත්වලටද බරපතල ලෙස හානි වී තිබුණි. මෙම ව්‍යවසනය මෙසේ තිබියදී අන්තර්ජාලය තුල මේවනවිට කතාබහට ලක්වන්නේ නේපාලයේ "ගොධිමාල්" බිලි පූජාව පිලිබඳවය.

මෙම බිලි පූජාවේදී ගවයන් 250,000 කට අධික පිරිසක් දෙවින් උදෙසා නේපාල වැසියන් විසින් බිලිදෙනු ලබයි. ගොධිමාල් දෙවොලේ

පෙම් යුවළ දියළුම ඇල්ලෙන් පැනීමට මොහතකට පෙර ලබාගත් ඡායාරූප


ප්‍රේම සබඳතාවයකට දෙමාපියන් විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් තරුණ පෙම් යුවළක්‌ පසුගිය 19 වනදා පස්‌වරුවේ හපුතලේ දියලුම ඇල්ලෙන් පහළට පැන සිය දිවි නසාගෙන තිබෙනවා.

මෙම තරුණ යුවළ ඊයේ (19 දා) පස්‌වරුවේ දියලුම ඇල්ල වෙත පැමිණ ඔවුන් හිතවතකුට දුරකථන ඇමතුමක්‌ දී තමන් ඇල්ලෙන් පැන සිය දිවි

ප්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් සමුගනී


පසුගියදා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා.


පසුගිය දිනෙක සන්ධ්‍යා කාලයක සිය නිවස ඉදිරිපසදී ති්‍රරෝද රථ අනතුරකට ලක්වූ දයා අල්විස් මහතාට ශාරීරික තුවාල පෙන්නුම් නොකර තිබීම නිසා ඔහු රෝහලට මුලින් ඇතුළත්ව සිටියේ නැත. නමුත් එම අනතුර නිසා ඔහුගේ හිස තැලී අභ්‍යන්තර රුධිර වහනය ඇතිව තිබෙනවා.



ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොළයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් සහිතව අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව වාර්තා වී තිබුණා. 


සිදු කරන ලද ශල්‍යකර්මවලින් එම ලේ ගැලීම් නැවතීමට සමත් වුවද ඔහුගේ ජීවිතය රැකුනේ යන්ත්‍රවල බලයෙන් පමණි. ඊයේ උදෑසන සිට

කඳු නගින්න ගිය ගුගුල් ලොක්කෙකුත් මැරුණු නේපාල භූමි කම්පනය


මියගිය ගණන 2200 කට ආසන්නයි 

පෙරේදා උදෑසන නේපාලයේ කත්මන්ඩු නුවරට බටහිර දෙසින් සිදු වූ භූ කම්පනයෙන් මේ වනවිට 2200කට ආසන්න පුද්ගලයින් පිරිසක් මිය ගොස් ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලත් පිරිස 6500 ක් පමණ වෙයි.අතුරුදන් පිරිස ඊටත් වැඩිය.

රික්ටර් මාපකයේ ඒකක 7.8 ක කම්පනයක් ලෙස හා ගැඹුර කි.මී 15 ක් ලෙස සටහන්වූ මෙම භූ කම්පනය වඩාත් ජීවිත හානි ඇතිකරවූයේ කඳුකර භූමි කලාපයක් ආසන්නයේ සිදුවීම නිසාය. නේපාලයේ

ජනතාව බලාපොරොත්තු වන වෙනස


ආණ්‌ඩුවේ දින සියය අවසන්ව තිබේ. ජනතාවට සහන සලසන්නට වත්මන් ආණ්‌ඩුව ගත් විවිධාකාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසු විපරමක්‌ ආණ්‌ඩුව විසින්ම දැන් කළ යුතුව තිබේ. ඉදිරි මහමැතිවරණය ළඟ එන බැවින් එවැනි පසුවිපරමක්‌ සිදුකිරීමද කාලෝචිතය.

වර්තමාන ආණ්‌ඩුව අතුරු අයවැය මගින් ගෑස්‌, කිරිපිටි, සීනි, තිරිඟු පිටි ආදී භාණ්‌ඩ 13 ක මිල අඩු කරන ලදී. එහෙත් ඒ මිල අඩුකිරීම් වලින් ඍජුව ලැබුණු වාසිය හැර අනෙකුත් භාණ්‌ඩ හා සේවාවන්හි මිල අඩුවීමක්‌ සිදුනොවීය. එනම් රජය විසින් සත්භාවයෙන් ජනතාව වෙත ලබාදුන් සහන ව්‍යාපාරිකයන් විසින් ජනතාවට ලබා නොදෙන ලදී.

ආණ්‌ඩුව ඉන්ධන මිලෙහි ද විශාල අඩු කිරීමක්‌ සිදුකරන ලදී. එහෙත් ඊට සාපේක්‍ෂව ත්‍රිරෝද රථ ගාස්‌තු හෝ පාසල් වෑන් රථ ගාස්‌තු අඩුවූයේ නැත. ඒ මදිවාට ත්‍රිරෝද රථ රැසක මීටර් වෙනස්‌ කර ඇති බවට ද

මුද්දරගම කුකුල් චාලි සමග යහ පාළනය​ට

දැඩි මරාවාදියෙක් වූ ස්ත්‍රී දූෂක මුද්දරගම කුකුල් චාලි  (J.D.C ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ) රාජ්‍ය භාෂා කොමසාරිස් වන්නේ වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ පිහිට මගිනි.

ආචාර්ය නන්දදේව විජේසේකර වැනි ගෞරවනිය උගතුන් හෙබවූ මෙම  ධුරයට ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර පිලිබඳ චෝදනා ලබා සිටින සුරා ධුර්තයෙකු පත් කිරීම පිළිබඳව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දිගින් දිගටම අප්‍රසාදය පළ කොට තිබුනද

දයාසිරි නැමුණු නැමිල්ල…(වීඩියෝ)


පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති  අපේක්ෂක ලෙස  කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  සැමවිටම පාහේ භාවිතා කරන “හිටං“ වචනය යොදාගෙන වැඩි වශයෙන්ම එවකට අවලාද නැඟූවන් අතර ඉදිරියෙන්ම සිටින ලද්දේ වයඹ මහ ඇමති දයාසිරි  ජයසේකර මහතාය.

ඒ කෙසේ වෙතත්  මේ විට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී සිටින අතර එවකට අවලාද නැඟු දයාසිරි ජයසේකර මහතාට ඒ

සෙම් අමාරුව සෑදී දින දෙකක් නිවසට වී සිටි විට ජනපති මරන්න හදන වෙබ් අඩවි


තමන් සෙම් අමාරුව සෑදී දින දෙකක් නිවසට වී සිටි විට සමහර වෙබ් අඩවි වලින් තමන් මැරෙන්නට යන බව පල කර තිබූ බව, ජනාධිපති

ගිහින් වැඩ කරන්න ඔයගොල්ලන්ව මාරු කරලා දායි - අපිව ගෙදර යෑව්වත් කමක්‌ නැහැ අපි සර්ගාව ඉන්නවා යෑයි රෝහල් සේවකයෝ කියලා


''දේශපාලන වශයෙන් මොන තීන්දු ගත්තත් රාජපක්‍ෂවරු හොරු නොවෙයි. ඒක පැහැදිළිව කියන්න ඕන. බැසිල්ට විරුද්ධව තියෙන්නේ දේශපාලන චෝදනා. දේශපාලනඥයන් ක්‍රියාත්මක කරන්නේ කැබිනට්‌ මණ්‌ඩලය ගන්න තීන්දු. ඒ අනුව පේනවා මේ ඔක්‌කොම පළිගැනීමට

අලුත් ජනපතිගේ අලුත්ම කොඩිය


ඊයේ (23) දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයක් සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබීය. එම කතාවෙන් අනතුරුව ජනපතිවරයාගේ පිටුපස ජාතික කොඩියට අමතරව තිබූ අනෙක් කොඩිය සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවිවල මේවනවිට කතාබහක් ඇතිවී තිබේ. 

පෙර ජනපතිවරයා විසින් එවන් කොඩියක් භාවිතා නොකළ බවත් මෛත්‍රිපාල ජනපතිවරයා විසින් මෙවන් කොඩියක් භාවිතා කිරීමේ

Youtube වෙත එක්වූ මුල්ම වීඩියෝව බලන්න


ලෝක ප්‍රකට යූ ටියුබ් වෙබ් අඩවියට නිළ වශයෙන් පළමු විඩියෝ පටය එක් කර වසර 10ක් සම්පූර්ණ වී තිබෙනවා. යූ ටියුබ් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඞ් කරීම් විසින් එම විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ 2005 වසරේදීයි.

ඔහු විසින් සත්ව උද්‍යානයක සිට පටිගත කරන ලද විඩියෝ පටයක් එලෙස මුදාහැර තිබුණා. එදා සිට ආරම්භ වූ යූ ටියුබ් වෙබ් අඩවිය අද වනවිට ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මේ වනවිට

මහත්තයාගෙන් වෙන කරදර උහුලන්න බැරි නිසා එයාව මරන්න කොන්ත්‍රාත්තුව දුන්නා


මගේ මහත්තය දරුවො දෙන්නටයි මටයි පුළුවන් තරම් වධ දුන්නා. අපට හරියට කන්න අඳින්නවත් දුන්නෙ නැහැ. මහත්තයගෙන් අපට සිද්ධ වෙන කරදර හිරිහැර උහුලගන්න බැරි තැන මම එයාව මරන්න රුපියල්

බැසිල් හිරේ ගියාට කමක්‌ නෑ - මහින්ද රාජපක්‍ෂ


ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහන 23 වැනිදා අවසන්. බැසිල් අත් අඩංගුවට ගත්තා. හිර ගෙට යෑව්වා. දේශපාලනඥයෙකු වශයෙන් බැසිල් රාජපක්‍ෂ හිරේ ගියාට කමක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

ප්‍රසිද්ධියේ නිරුවත් වූ මන්ත්‍රීවරිය - වීඩියෝ සහිතයි


මන්ත්‍රීවරියක් විසින් රටේ ජනතාවට අධික බදුගෙවීමට සිදුවීම නිසාවෙන් අත්වී ඇති ඉරණම පෙන්නුම් කිරීමට අමුතුම ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක්කර තිබෙනවා.

ඇය මේ මඟින් පෙන්වා දෙන්නට යන්නේ රටේ මිනිසුන් හට ඇඳුමක් ඇඳීමටවත් බදු හේතුවෙන් නොහැකි වී ඇති බවයි. චෙක් රාජ්‍යයේ මන්ත්‍රීවරියක් වන ඇය එරට ආණ්ඩුව ගෙන ඇති නොමනා තීරණයන්ට එරෙහිව නිරුවතින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කර ඇති

දින සියයේදී කළ හා නොකළ දේ


ඉකුත් ජනාධිපතිවරණයේදී රජය පොරොන්දු වූ ප්‍රකාර ජනතාවට ඉක්‌මන් සහන ලබාදීමට ක්‍රියාත්මක කරනු ලැබූ 'දින 100' වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, විශ්‍රාමිකයන්ට රුපියල් 3,500 ක දීමනාවක්‌ ලබාදීම, සමෘද්ධි දීමනාව 200% කින් වැඩි කිරීම, ඉන්ධන, ගෑස්‌ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ 16 ක මිල විශාල වශයෙන් අඩු කිරීම, මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 දක්‌වා වැඩි කිරීම, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක්‌ ලබා දීම ඇතුළු දින 100 වැඩපිළිවෙළේ යෝජනා 85 ක්‌ මේ වනවිට අවසන් කොට ඇත.

දින 100 වැඩපිළිවෙළේ ඉතිරි යෝජනා 15 ද මේ වනවිට ක්‍රියාත්මක අදියරේ පවතින බවක්‌ පෙනේ.

මේ අනුව දින 100 ඇතුළත නිමා කළ යෝජනා 85 අතර රාජ්‍ය බැංකුවල තිබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවල පළමු ලක්‍ෂ 10 සඳහා ගෙවන පොලිය 15% දක්‌වා ඉහළ දැමීම, වී කිලෝවක්‌ සඳහා රුපියල් 50 ක සහතික මිලක්‌ද, අර්තාපල් කිලෝවක්‌ සඳහා රුපියල් 80 ක

වෙලේ සුදා ගැන අපට කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක්‌ නෑ - සේමිණි කියයි


මත්කුඩු ජාවාරම්කරුවකු සම්බන්ධ කරගෙන ජනප්‍රිය නිළියන්ට එරෙහිව කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක්‌ නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පවසනවා. 

අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි හරහා නිළියන් කිහිප දෙනෙකුට එරෙහිව ගෙන යන අසත්‍ය චෝදනාවලට පිළිතුර දීම සඳහා ඊයේ (22 වැනිදා) රාජගිරිය සවරින් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇය එසේ පැවසුවා.

මාධ්‍ය මගින් නිළියන් සම්බන්ධ කරගෙන සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රචාර හරහා සිදුවන්නේ සමස්‌ත නිළියන්ටම කරන බපරතළ හානියක්‌. කිසිම සත්‍ය අසත්‍යතාවක්‌ සොයා බලන්නේ නැතිව කරන මෙවැනි

විධායක ජනාධිපති ක්‍රමය තබා එයට අයත් මයිල් ගහක්‌වත් අහෝසි කිරීමට කාටවත් අවශ්‍ය නැති බව


දින සියය අදින් අවසන්ය. මේ ලෝක ධාතුව මත අවසන් වූ පළමුවන දින සියය මෙයද? නැත. මෙබඳු දින සියයවල් කෝටි ගණනක්‌ ලෝකය පටන්ගත් කාලයේ පටන් අද දක්‌වා ගෙවී අවසන් විය. එසේ නම් අදින් අවසන් වන දින සියය වැදගත් වන්නේ කොහොමද? 

එසේ වන්නේ මෛත්‍රී පාලනය පටන් ගෙන අදට දින 100 ක්‌ සම්පූර්ණ වන නිසාය. මෛත්‍රී ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මාකට්‌ කරන ලද්දේ දින 100 ඉස්‌සරහට දමාගෙනය. 

මෙයට ඉස්‌සර කවදාවත් කවුරුවත් දින 100 ක්‌ තුළ මේ මේ දේවල් ඉටුකර දෙනවා යයි කියමින් දේශපාලන ව්‍යාපාර දියත් කර නැත. එබැවින්, අතීතයේ පටන් දින සියයවල් කොපමණ ගෙවුණත් අදින්

වෙලේ සුදාගේ සම්බන්ධය ගැන කියන නිළියන්


සේමිණී ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු කළා ශිල්පිනියන් රැසක් මේවනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටින සිටින බව වාර්තා වේ. ඔවුන් මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ වෙලේ සුදා හෙළි කර ඇති තොරතුරු අනුව වෙලේ සුදා

චෝදනාවක් ගොනුවී ඇත්නම් කළ යුත්තේ ඊට සාක්ෂියක් ලබාදී චෝදනාවලින් නිදහස් වීමයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම ගැන විරෝධයක් මතු වී ඇත. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උපවාසයක් ද පැවැති අතර මන්ත්‍රීවරුන් 113කගේ අත්සනින් යුතුව අල්ලස් කොමිසම වෙත පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ. 

පෙත්සමෙන් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණවීම අත්හිටවිය යුතු බව ය. නැතහොත් ඉවත් කර ගත යුතු බව ය. අප දන්නා කරුණුවලට අනුව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. එම

පියුමි පෙම්වතියක් - විවාහය ලගදීම


පියුමි බොතේජු පෙම්වතියක් වෙලා. ආරංචියේ අනුව පියුමීගේ පෙම්වතා දේශපාලනඥයෙක් ලු. හැබැයි තාම ඔහු පාර්ලිමේන්තුව නම් නියෝජන

අපේ ජනයාගේ රුචිකත්වය සහ උත්තර නැති ප්‍රශ්න


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීම වළක්‌වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනෙක්‌ පාර්ලිමේන්තු සභා ගැබෙහි ආරම්භ කරන ලද උපවාසය නිමාවට පත්විය. 

හිටපු ජනාධිපතිතුමා අල්ලස්‌ කොමිසමට කැඳවීම ප්‍රශ්නයක්‌ නම් එයට එරෙහිව උසාවි ගොස්‌ තීන්දුවක්‌ ලබා ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසම ඉදිරියට ගෙන එන්නේ ජනාධිපතිවරණයට ආසන්නව තිබියදී තිස්‌ස

දින සියයේ වැඩසටහන හෙටින් (23 දා) අවසන්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ "වෙනසකට එක්‌වෙමු - මෛත්‍රී පාලනයක්‌ සිය දිනකින් අලුත් රටක්‌" නමැති දින සියයේ වැඩසටහන හෙටින් 23දා අවසන් වේ.

මෙම දින සියයේ වැඩසටහන පසුගිය ජනවාරි මස 10 වැනිදා සිට ආරම්භ වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීම එහි ප්‍රථම පියවර විය. අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීම නව

මගුලට අත්සන් කර පැමිණ මහින්දගේ සහයට අත්සන් කළ මන්ත්‍රීවරිය


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම වළකන ලෙස බලකරමින් කතානායක වරයාට භාර දීමට සූදානම් කළ ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරියක් ඊට පෙර අත්සන් තබා ඇත්තේ විවාහ මංගල උත්සවයක සාක්ෂිකාරිණියක ලෙස බව වාර්තා වනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවැද ජය ගැනීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමග

දියලුම ඇල්ලෙන් පෙම් යුවල පනින හැටි ඇසින් දුටුවන් කියන කතා - වීඩියෝ


දෙන්නා බදාගෙන කකුල් දෙක නවාගෙන පැන්නේ.
පැන්නට පස්සේ ළඟට යනකොටත් දෙන්නා බදාගෙන හිටියේ

ඊයේ පස්වරුවේ දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් තරුණයාගේ සිරුරද අද පෙරවරුවේ සොයා ගැණුනා. ඊයේ පස්වරු 4ට පමණ මෙම තරුණ යුවල දියලුම ඇල්ලෙන් පහළට පනින වීඩියෝ දර්ශනයක් එවා තිබුණා.

සිද්ධියෙන් මියගියේ හපුතලේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි යෝගරාජා නැමති තරුණයෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි සකුන්තලා උදයංගි නැමති තරුණියක්. දිය ඇල්ලෙන් පැනීමට පෙර
අදාළ තරුණිය ඥාතියෙකුට ඒ බව පවසා ඇති අතර පසුව ඥාතීන්

'සිල් රෙදි' සඳහා වැයකර ඇත්තේ මහජන මුදල් බව වටිනාපහ හිමි දැනගත්තා නම්


2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණය 'අල්ලස' රජ කළ මැතිවරණයකි. උදලු, ඔරලෝසු, සිල් රෙදි, නිවාස ණය, රුපියල් 5,000, සාරි ඇතුළු කී නොකී බොහෝ දෑ ත්‍යාග හා ආධාර ලෙස ඡන්ද දායකයන් ට හිමිවිය. 'මාධ්‍ය' යොදාගෙන ඡන්ද දායකයන්ට 'මානසික' අල්ලස් ලබාදීමද ජයටම කෙරිණි.

ශ්‍රී ලනිපයේ සභාපති ධුරය දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, හදිසි ජනාධිපතිවරණයක් කැඳවූයේ ඔහුගේ පාලන කාලයෙන් දෙවසරක් ඉතිරිව තිබියදීය. මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් දරමින් සිටියදීය. 

ඒ වන විට ශ්‍රී ලනිපයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළේද සිරිසේන මහතාය. තවත් අපේක්ෂකයන් කිහිපදෙනකු ඉදිරිපත්ව සිටියද ජනාධිපතිවරණය මහින්ද-මෛත්‍රි දෙදෙනා අතර කෙරුණු ගල උඩ

ලබන මැයි 01දා සිට නියම ප්‍රමිතියෙන් යුතු පාන්


පාරිභෝගික සේවා අධිකාරිය ලබන මැයි 01දා සිට නියම ප්‍රමිතියෙන් යුතු පාන් හා බනිස් ලබා දෙන්නට යයි. අධිකාරිය එම තීන්දුවට පැමිණ ඇත්තේ පාරිභෝගිකයන් වෙතින් ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාවක් සලකා බැලීමෙන් පසුව බව ද දැනගන්නට ලැබේ. 

අධිකාරියේ මේ තීන්දුවට අනුව පාන් හා බනිස් අලෙවි කරන සියලු ම වෙළෙඳ ස්ථානවල තරාදියක් තිබිය යුතු ය. එම තරාදිය ද ආණ්ඩුවේ අනුමැතිය ලද තරාදියක් විය යුතු ය. තරාදියක් තිබිය යුත්තේ පාරිභෝගික යාට සැකයක් ඇති වුවහොත් පාන් ගෙඩියේ බර කිරා බැලීමට ය.

අද විකිණීමට ඇති සාමාන්‍ය පාන් ගෙඩියක මිල විය යුත්තේ රුපියල් පනස් හතරකි. එහි බර විය යුත්තේ ග්‍රෑම් 450කි. සාමාන්‍ය පාන් ගෙඩිය කට මිල පිළිබඳ ප්‍රශ්නයක් නැති බව අපගේ වැටහීම ය. සාමාන්‍ය පාන්

'වැරදි' පිළිගැනීමට සූදානම් බවක්‌ නොපෙනෙන නිසා 'අර්බුදය' දිගටම


සෝමවංශ අමරසිංහ ජනතා විමුක්‌ති පෙරමුණ හැර යැමෙන් පසු ප්‍රශ්න කිහිපයක්‌ හටගෙන තිබේ. වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඔහු පිහිටුවන්නට යන අලුත් පක්‍ෂයට සම්බන්ධ වීම සඳහා ජ.වි.පෙන් කැඩී තව කීදෙනෙක්‌ යන්නේද යන කාරණය ය. 

දෙවනුව එසේ කැඩී යන අය අතර ජ.වි.පෙ. ප්‍රධානීන් කී දෙනෙක්‌ සිටින්නේ ද යන කාරණය ය. තෙවනුව ජ.වි.පෙ. කඩන ලද්දේ කවර බලවේගයක්‌ ද යන කාරණය ය. මහින්ද රාජපක්‍ෂ බලයේ සිටියා නම්

මහේෂි ව්‍යාපාරිකයෙක්ට ප්‍රේමය පුදලා


මහේෂි මධුෂංකා ජනප්‍රිය නිලියක්.. මේ වන විට ජනප්‍රිය නිලි ගොන්නේ ඉදිරියෙන්ම ඉන්න ඇයට ප්‍රේමාරාධනාවලිනුත් අඩුවක් නැතිලු. මේ වන විටත් ඇගේ ප්‍රේමය දිනා ගන්න කෙනෙක් සමත් වෙලාලු. පසුගිය කාලේ හිටපු ඇමති කෙනෙක්ටත් මහේෂි ගැන හිත ගිහින්, උපන්දිනේට

මේ අපූරු විදුලි සංඥා පුවරුව ඔබත් දුටුවාද?


මහා මාර්ගයේ විදුලි සංඥා සවිකොට ඇත්තේ රියැදුරන්ට ගමන් කිරීමට සහ වාහනය නවතා වෙනත් පසෙකට යන වාහන සඳහා ගමන් කිරීමට ඉඩ සැලසීමට බව නොදන්නා කෙනෙකු සිටිය නොහැක. රතු පැහැති

හොර රහසේ පිටව ගිය බැසිල් හෙට දිවයිනට ?


ඉකුත් ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ භාර්යාව සමඟ හොර රහසේම ඇමරිකාව බලා පිටත්ව ගියා.  ඒ ඉකුත් ජනවාරි 11 වැනිදායි. බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට හෙට ශ්‍රී ලංකාවට

Facebook මැසෙන්ජර් දැන් ඔබේ පරිගණකයටත්


ස්මාර්ට්ෆෝන් වල ෆේස්බුක් මිතුරන් අතර චැට් කිරීමට බාවිතා කරන මැසේන්ජර් ඇප් එක දැන් ඕනෑම පරිගණකයද බාවිතා කල හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා. දිනපතා අලූත් අප්ඬේට් ගේන ෆේස්බුක් එක මේ මැසේන්ජර් පහසුකම පරිගණක වලට හදුන්වාදෙන්නේ වෙනමම

අම්මලා රට යවා ආච්චිලාට සාරි ඇන්දවීම


තරුණ වැඩිහිටි කව්රුන් වුවද ඇඳුම් ඇඳීමේදී සංවර විය යුතුය. අම්මා සහ දුව වෙන වෙනම හඳුනාගත හැකි වන අයුරින් ඇඳුම් ඇඳීම අපේ සංස්‌කෘති යට ගැලපෙන ශීලාචාර ගුණාංගයකි. පන්සලට පල්ලියට ගැලපෙන පරිදි ඇඳුම් විලාසිතා තෝරා ගැනීම පිළිබඳව ද අප විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ එහෙයිනි.

එසේ වුවද, පාසලක සිසු දෙමාපිය රැස්‌වීම්වලට සහභාගි වන මවුවරුනට සාරි ඇඳගෙන එන්නැයි අනිවාර්ය කිරීම කොතරම් දුරට යුක්‌ති සහගත වන්නේ දැයි අපට තේරුම් ගන්නට අපහසුය. වර්තමානයේ මවුවරු

ජවිපෙ අප්‍රේල් විරු සමරුවේ මහා බොරුව

ජවිපෙ අප්‍රේල් විරු සමරුව එක්තරා ආකාරයක උභතෝකෝටියකි. විරුවන් සහ ද්‍රෝහියන් යන ලේබල් දෙක පමණක් භාවිතා කරන ජවිපෙට මේ නිසා බලවත් ගැටළු ඇති වෙයි.   

71 කැරැල්ල ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් නිසා ආරම්භ වූ බව කියා එහි වගකීම විජේවීර අත් හැරියේය. එම නිසා විජේවීරට අනුව 71 කැරැල්ල කුමන්ත්‍රණයකි. 

මේ තියරිය අනුව කැරැල්ලේ දී මියගිය සනත්, සුසිල්, සරත් විජේසිංහ, සුජාත හඳගම, සුභසිල කොඩිකාරඇතුළු 5000 පමණ තරුණ තරුණියන් ද ද්‍රෝහීන් හෝ කුමන්ත්‍රණකරුවන් වෙති. එසේම නොබියව හමුදාව සමග සටන් කල සහ වසර ගණන් ඝන

සුබ අලුත් අවුරුද්දක් වේවා

අවුරුදු නැකැත් පත්‍රය

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 01.47ට අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 අඟහරුවාදා පූර්ව භාග 07.23ට

පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වන අඟහරුවාදා පෙර අභාග 01.47 සිට අපරභාග 8.01 දක්වා

පිනට ආපු රජය කියලා මාලනීට අපහාස කළැයි කියන සිද්ධිය ගැන මැති ඇමැතිවරු කියන කතා


පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මියට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේදී අපහාස ලෙස බැණ වැදුණේයෑයි කියනු ලබන සිද්ධිය පිළිබඳව මැති ඇමැතිවරියන් කිහිපදෙනෙක්‌ දැක්‌වූ අදහස්‌ මෙසේය.

ළමා සහ කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය -

මාලිනී
ෆොන්සේකා මහත්මියට කවුරුත් ආදරය කරනවා. ඇය කවුරුත් පිළිගන්න දක්‍ෂ ජනප්‍රිය කලා ශිල්පිනියක්‌. පාර්ලිමේන්තුවේ දී මාලනී ෆොන්සේකා මහත්මියට සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා අපහාස වන ආකාරයෙන් බැණ වැදුණ බව මට දැන ගැනීමට ලැබුණා.

ඒත් සුජීව සේනසිංහ මහත්මාගෙන් ඒ ගැන මා විමසූ මොහොතේ ඔහු කියා සිටියේ මාලනී
ෆොන්සේකා මහත්මිය පිනට ආපු රජය කියලා

මෙවන් අග්‍රගණයේ සංඝ පීතෘවරයකුගේ අපවත්වීම රටට, දැයට පුරවාලිය නොහැකි පාඩුවකි


මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක ධුරන්දර අග්ගමහා පණ්‌ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්‌සී රතනපාල බුද්ධරක්‌තාභිදාන මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර බැබළුනු අතිශය විරල ගණයේ බුද්ධ පුත්‍රයකු ලෙසින් කළ අප්‍රමාණ ජාතික, ශාසනික මෙහෙවර නිමවා අපවත්ව සිටිති.

ස්‌වකීය පරමාදර්ශී ජීවිතය දෙස, බස, රැස උදෙසාම කැප කළාවූද ජාතික සංස්‌කෘතික අභිලාෂයන් සුපැහැදිලිව පසක්‌ කර ගනිමින් සියලු තන්හි පැණසරව අති උතුම් ශාසනික සම්ප්‍රදානයන් ඉෂ්ට සිද්ධ කළාවූද අප