Ads 468x60px

.

පෙම් යුවළ දියළුම ඇල්ලෙන් පැනීමට මොහතකට පෙර ලබාගත් ඡායාරූප


ප්‍රේම සබඳතාවයකට දෙමාපියන් විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් තරුණ පෙම් යුවළක්‌ පසුගිය 19 වනදා පස්‌වරුවේ හපුතලේ දියලුම ඇල්ලෙන් පහළට පැන සිය දිවි නසාගෙන තිබෙනවා.

මෙම තරුණ යුවළ ඊයේ (19 දා) පස්‌වරුවේ දියලුම ඇල්ල වෙත පැමිණ ඔවුන් හිතවතකුට දුරකථන ඇමතුමක්‌ දී තමන් ඇල්ලෙන් පැන සිය දිවි

නසාගන්නා බව පවසා මෙලෙස දිවි හානිකරගෙන ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා

අදාළ දුරකථන ඇමතුමෙන් පසුව පොලිසිය හා හා ඥාතින් ඉදිරිපිට ඔවුන් දෙදෙනා දියළුම ඇල්ලෙන් පහලට පැන තිබෙනවා. ඔවුන් දෙදෙනා දියළුම ඇල්ලෙන් පහලට පැනීමට මොහතකට පෙර ලබාගත් ඡායාරූපයක් බලන්න පහතින්. 


දියළුම ඇල්ල හැදිලා තියෙන්නෙත් පෙම් යුවළක් නිසා

දියළුම දිය ඇල්ලෙන් පහලට පැනලා පෙම්වතුන් දෙන්නෙක් සියදිවි හානි කරගත්තා. මේක ඛේදජනක කථාවක්. සෙල්වරාජ් සහ සකුන්තලා එහෙම සියදිවි නසාගත්ත කථාව ගැන හැමෝම කම්පාවට පත් වෙනවා. 

ඒත් හැමෝම නොදන්න කථාවක් තියෙනවා. ඒ තමයි ජනප්‍රවාද වල එන විදිහට ඔය දියලුම ඇල්ල වැටෙන්නෙත් ආදරය නිසා කියන එක. ඌවේ ජනප්‍රවාද වල ඒ කථාව එන්නේ මේ විදහට.

“අතීතයේ පහතරට ගෝත්‍රික කුමාරයෙක්, තමන් ගේ ගෝත්‍රයට අඩු කුලයක කාන්තාවක් එක්ක ආලයෙන් බැඳිලා. ඒ සුරූපී කාන්තාව විවාහ කර ගෙන තියෙනවා. කුමාරයා විවාහ වුණු කත අඩු කුලයේ බව දැනගත්තු කුමාරයා ගේ ගෝත්‍රයේ අනෙක් පිරිස මොකද කළේ…, 


මේ දෙන්නම තම ගෝත්‍රයෙන්, රැහෙන් පන්නලා දැම්මලු. ඉතින් කුමාරයා තමන්ගේ පෙම්වතියත් එක්ක කන්ද උඩ රටට ගිහින් හුදෙකලාව ජීවත් වෙන්ට හිතාගෙන ගමන ආරම්භ කළාලු. කන්ද උඩරටට යන්ට කුමාරයා තෝර ගෙන තියෙන්නේ පූනාගල කඳු පන්තිය හරහායි.

ඉතින් කුමරියත් එක්ක මේ පර්වතය පාමුලට ඇවිත්. මේ පර්වතයෙන් එගොඩට යන්ට ක්‍රමයක් නැතිව ළතැවෙමින් ඉන්න අතරේ කුමාරයාට උපායක් පහළ වුණා. පළමුවෙන්ම තමන් කන්ද තරණය කරන්නටත්, දෙවනුව තම පෙම්වතිය වැලක ආධාරයෙන් පර්වතය මුදුනතට ගැනීමට දිග වැල් පොටක් හොයාගෙන පළමුවෙන් ම කුමාරයා අසීරුවෙන් මේ පර්වතය තරණය කළා. පස්සේ පර්වතයේ මුදුනේ ගහක වැල ගැට ගහලා තමනුත් කඹය තරයේ ම අල්ලාගෙන අනෙක් පොට පර්වතයෙන් පහළට දැම්මා.

කුමරියක් වැල් පොට ඇඟේ දවට ගෙන, කුමාරයා ගේ උදව්වෙනුත් පර්වතය තරණය කරන්ට පටන් ගත්තා. ඇයට ටික දුරයි තරණය කරන්ට හැකි වුණේ. අවාසනාවන්ත ආකාරයට ඒ වෙලාවෙම මහා හුළඟක් හමන්නට විය. කුමරිය වැල් පොටේ පැටලෙමින් ම එහාටත් – මෙහාටත් පැද්දෙන්නට වුණා. ඇයගේ බෙල්ල වැල් පටේ එතුණා, පැටලුණා. බෙල්ල හිරවෙලා කුමාරිය ම්යැදුණා. කුමරියට ආලය කරපු කුමාරයත් දිවි තොර කරගත්තා.

ආදරය නිසා තමන්ගේ ගෝත්‍රයත් – තනතුරත් අතෑරපු කුමාරයාට දෛවය කරපු මහා සරදම බලාන උන්නු දෙවි කෙනෙක් මේ සිද්ධිය අහලා බොහෝම දුකට පත් වුණා. ඉතින් මේ කනගාටුදායක සිද්ධියට මුල් වුණු පර්වතයට එදා ඉඳන් ම අඬන්න අණ කළාලු.

ඒ අණකිරීමෙන් පස්සේ පුනාගල ඔය දියළුම ඇල්ල විදිහට පහලට වැටෙන්න ගත්තා කියලා තමයි මේ ජනප්‍රවාද කියන්නේ.මේ ඇල්ලට නම වැටිලා තියෙන්නෙත් “දිය හැළුම” කියන වචනේ කෙටි වෙලා ඒක “දියළුම” වෙලා.

මීටර 171 ක් පමණ උසකින් යුත් ලංකාවේ තුන්වන උස ම දියඇල්ල වන මෙය, කොස්ලන්ද සානුවේ සිට පහළ ප‍්‍රපාතයට ඇදෙන්නේ සුදු සේලයක් විදිහට. පූනගල ඔයෙන් ඇරැඹෙන දිය කඳ මේ ඇල්ල නිර්මාණය කරන අතර, එහි ජලය කුඩා ඔයට එකතු වී පසු ව කිරිඳිඔයට එක්වෙමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් සයුරට එක් වෙනවා.

බලංගොඩ නගරයේ සිට බෙරගල මාර්ගයේ ගමන් ගන්නා ඔබට කොස්ලන්ද නගරයේ සිට කි.මී. හයක් පමණ දුරින් මේ සුන්දර ඇලි ලලනාව දැකගත හැකි ය. වැල්ලවායේ සිට කොස්ලන්ද දෙසට කි.මී. 13 ක් විතර ගිහිල්ලා මේ ඇල්ලට ළඟා වෙන්න පුළුවන්.
 
Related Posts with Thumbnails