Ads 468x60px

.

මියගිය වැලි රාජුගේ මරණය සම්බන්ධයෙන් චූදිතයාගේ පවුලට ඇති ලොකුම සැනසීම


රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනය කළේ යෑයි කියන "පොඩි ලැසී" කළුතර උසාවියට භාර වී යෑයි දැන ගන්නට තිබේ. ලැසී පොඩි වේවා ලොකු වේවා මිනිසකු මරා ඇත්නම් එය ක්‍රිමිනල් කේස්‌ එකකි. 

ලැසීට කලින් පොළොන්නරුවේ වැලි රාජු නමැත්තා සිය හොඳම මිතුරාගෙන් පොරෝ පාර කා මළේය. මියගිය වැලි රාජුගේ මරණය සම්බන්ධයෙන් චූදිතයාගේ පවුලට ඇති ලොකුම සැනසීම වූ කලී මිනී
මැරීමට යොදාගත් වෙනත් ආයුධ පෙන්වීමට පොලිසිය ඔහු මේ දක්‌වා රැගෙන නොයැමය. 

වැලි රාජුගේ හිස දෙපලු කළ පොරව දැනටමත් සොයාගෙන තිබේ. එබැවින් සිද්ධියට සම්බන්ධ වෙනත් ආයුධ සෙවීමට පොලිසිය මහන්සි වීම හෝ චූදිතයා මහන්සි කරවීම වැඩක්‌ නැත. සමහර විට පොඩි ලැසී ද කෙළින්ම උසාවියට ඉදිරිපත් වුණේ ආයුධ පෙන්වීමට යැම සඳහා වූ අකැමැත්ත නිසාය. 

ජනපති, අගමැති වෙනස්‌ වූව ද, ආණ්‌ඩුව වෙනස්‌ වූව ද, මේ රටේ තිබෙන ත්‍රාඩ සංස්‌කෘතිය ස්‌වල්පයකින්වත් වෙනස්‌ වන බවක්‌ නොපෙනේ. හැම තැනකම වෙනදා මෙන් මිනීමරණ සොරකම් කරන අය බහුලය. කුඩුවල ද කිසි අඩුපාඩුවක්‌ නැත. 

දැනට අඩු පාඩුවකට ඇත්තේ සුදු වෑන් ප්‍රපංචය පමණි. මේ තිබෙන තත්ත්වය යටතේ කොයි වෙලාවක හෝ සුදු වෑන් පාට මාරු කරගෙන සබයට පැමිණීමට ඉඩ තිබේ. අපි ත්‍රාසජනක සමාජ නාටකයක්‌ හෙවත් Social Drama එකක්‌ නරඹමින් සිටිමු. 

මෙයට දින හැට හැත්තෑවකට පෙර මේ නාට්‍යය පෙන්වන ලද්දේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව යටතේය. අද ඒ නාට්‍යය ශ්‍රී ල.නි.ප, එ.ජා.ප. එකමුතුවක්‌ වූ ජාතික ආණ්‌ඩුවක්‌ යෑයි කියන, එහෙත් එසේ නොවන නමක්‌ නැති සභාග ආණ්‌ඩුවක්‌ යටතේ නැරඹීමට අපට සිදුව තිබේ. 

ගිය ආණ්‌ඩුවේ සිටි හොරුන්ගෙන් භාගයකටත් වඩා අද මේ ආණ්‌ඩුවේ සිටිති. ඒ හොර නඩය එහෙමම ලබන ආණ්‌ඩුවේ ද සිටිනු ඇත. මේ රටේ ආණ්‌ඩු කරණය යනු හොරුන්ට නිරුපද්‍රිතව ගමන් කිරීම සඳහා පිහිටුවන ලද සේද මාවතකි. මේ මාවතේ ගමන් කරන්නෝ එකම සොරු කැළකි.

ශ්‍රී ලංකාව තුළ කවදත් අපරාධ රැලි තිබිණ. හාරලක්‍ෂයේ මංකොල්ලය, දැදුරුඔය මිනීමැරුම, සීරියල් මිනීමරුවකු හෙවත් දිගටම මිනීමරණ මිනිසකු වූ දොස්‌තර ඇල්ෆ්‍රඩ් සොයිසා යනාදි වශයෙන් මේ රටේ පොදු ජන සමාජය තුළ ලේ පැල්ලම් කිහිපයක්‌ විය. 


එකී ලේ පැල්ලම් තාවකාලික වූ අතර මතුවූ වහාම සෝදා හැරීමට හැකි තාවකාලික ඒවාය. එහෙත් 1970 ගණන්වල අග භාගයේදී ප්‍රභාකරන් විසින් සිය ප්‍රචණ්‌ඩ ව්‍යාපාරය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමගම මිනී මැරීම, බැංකු කැඩීම, රත්තරන් බඩු සාප්පු කොල්ල කෑම, කප්පම් සඳහා මිනිසුන් පැහැරගෙන යැම යනාදිය සිවිල් සමාජයට අනුගත විය. 

ටික කලකින් රටේ සෙසු අපරාධ එසේම සිදු වෙමින් පැවැතෙද්දී ඒවාට ලැබෙන ප්‍රසිද්ධිය යටගොස්‌ ප්‍රභාකරන්ගේ අපරාධ පමණක්‌ ඉස්‌මතු වී පෙනෙන්නට විය. මෙකී අපරාධ සංඛ්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ මට්‌ටමක පැවැතියේ ය. 1983 න් පසු රට පුරා තැන තැන බෝම්බ පිපිරී මිනිස්‌සු සිය දහස්‌ ගණන් මළහ. සටනේදී සොල්දාදුවෝ මිය ගියහ. 

තවත් පිරිසක්‌ අත පය නැති සොල්දාදුවන් බවට පත් වූහ. යුද්ධය නිමාවීමෙන් පසු රට පුරා සාමය තහවුරු වී ඇතැයි කියන ලද නමුදු, එතෙක්‌ කලක්‌ යුද්ධයෙන් යටපත් ව තිබූ ප්‍රභාකරන්ට සම්බන්ධ නැති අපරාධ යළි ප්‍රකටව පෙනෙන්නට විය. අප මේ දකින්නේ ඒ චිත්‍රයයි. 

ඒ අනුව 1980 න් පසු බලයට පත් වූ කිසිදු ආණ්‌ඩුවකට රටේ සිවිල් අපරාධ මර්දනය කිරීමට හැකිව නැත.
 
Related Posts with Thumbnails